ගෙවත්තේ යමක් වවාගෙන පිළිකාවෙන් අත්මිදෙමු

broccoli_625x350_81422013691

පිළිකාවෙන් මිදෙන්න නම් අපේ ජීවන රටාවන් වෙනස් කළ යුතුයි
ලොව වැඩිම අකල් මරණවලට හේතුව පිළිකා
සුදු ලූනු ලොව ඇති විශිෂ්ටම පිළිකා මර්දන ආහාරයි
සෝයා බෝංචි, කහ, දෙහි හා තක්කාලිවල පිළිකා මර්දන රසායන
ආහාර නිෂ්පාදනයේදී පාරම්පරික ගොවියා ගේ මූලික කියවීම තිබුණේ ස්වභාව ධර්මය තුළය. තවද දේශීය වගාකරුවාගේ ආහාර නිෂ්පාදනයට අදාළ දැනුම නිෂ්පාදනය වුණේ ද ස්වභාවධර්මය කියවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ අනුව අතීත ශිෂ්ටාචාර තුළ සැමවිට ම ස්වභාව ධර්මය කියවීමෙන් නිෂ්පාදනය කරගත් පාරම්පරික මෙන් ම දේශීය දැනුම් පද්ධතියක් දකින්නට හැකි වීම විස්මයට කරුණක් නොවේ.
ලොව අනිත් රටවල් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයේ කිසිදු රටක් ඒ සිහි කැඳවීමෙන් සිහි පරාද වූ සිහිය නැවත කැඳවාගත් බවක් නම් දැනගන්නට නැත.ඒ වෙනුවට ලොව පුරා ඉහළ තාක්ෂණ භාවිතාවෙනුත් ඊට සාපේක්ෂව ප්‍රාථමික මට්ටම්වලිනුත් දකුණු ආසියානු කලාපීය රටවල් ද වස විසැති රසායන ක්‍රමවේද, පළිබෝධ නාශක, රසායන පෝර භාවිතා ඔස්සේ ආහාර නිෂ්පාදනය කිරීම සිය අයිතියක් බවට පත් කරගෙන සිටින්නේ, මුලින් පෙන්වාදුන් ආකාරයට ස්වභාවධර්මය අනුව ගිය පාරම්පරික දැනුම් පද්ධතියක් තමන්ට තිබුණා ද යන්න නොදන්නම ගාණට ය.අද වනවිට ලෝක මට්ටමින් වැඩිම අකල් මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ පිළිකා රෝග ආසාදන හේතු කොට ගෙන ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2008 වසරේ පමණක් ලොව පුරා පිළිකා රෝගයෙන් මියගියවුන් ගේ සංඛ්‍යාව මිලියන 7.6% කි. එම වසරේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාවෙන් එය සියයට 13 ක් තරම් ප්‍රතිශතයක් වීම බරපතළ කරුණකි.විෂ සහිත පාරිසරික පැවැත්මක් සහ මුළුමනින් ම පාරිසරික කෘෂිකර්මයෙන් ඉවත් වූ ආහාර නිෂ්පාදන පසුබිමක් තුළ මේ තත්ත්වයේ තවත් වර්ධනයක් මිසක් පසු බෑමක් බලාපොරොත්තු විය නොහැකි බව ද මෙහිදී ‍මතක තබා ගැනීම වැදගත් ය.
පිළිකාවක් වැලඳුණු රෝගියෙකු ගේ එම රෝග තත්ත්වය පාලනය කිරීමට රසායන චිකිත්සාව, විකිරණ චිකිත්සාව, ශල්‍යකර්ම මෙන් ම ප්‍රතිශක්ති චිකිත්සාව ඔස්සේ වෛද්‍ය ප්‍රතිකර්ම සිදු කළත් ඒ එකදු ක්‍රමයකින්වත් ‍රෝගය සුව කිරීමට අදාළව සෑහීමට පත් විය නොහැක.ඒ වෙනුවට වෙනත් ශරීරයට හානිදායක අතුරු ප්‍රතිඵල ඇති කරන තත්ත්ව කොතෙකුත් නිර්මාණය වී ඇති අයුරු නම් දැකගත හැකි ය. ඒ අනුව අද අවශ්‍යම කාරණාව වන්නේ පිළිකා රෝග ඇති නොවන ආහාර සංස්කෘතියකට ලෝකය හැරවීමයි.ඒ සඳහා සුදුසුම ක්‍රමවේදය ලෙසින් හඳුනාගෙන ඇත්තේ පිළිකා මර්දනය කරන ආහාර වේලක් තමන් වෙනුවෙන් නිෂ්පාදනය කරගැනීමයි. ලෝක මට්ටමින් ද අද වනවිට ඒ ගැන අවධානය යොමු වී තිබේ.මේ සම්බන්ධයෙන් ඇගැයීමට පාත්‍ර විය යුතු ලිපියක් පරිසරවේදී සමර්ථා හරිශ්චන්ද්‍ර හරිත නිර්මාණ පියසට යොමු කොට තිබිණි. ඒ අනුව ලොව මෙතෙක් පිළිකා සම්බන්ධයෙන් සිදු කොට ඇති පර්යේෂණ තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසුව මහාචාර්ය රිචඩ් බෙලිවියෝ සහ ආචාර්ය ඩෙනිස් ජින්ජර් විසින් රචනා කරන්නට යෙදුණු Food Fight Cancer (පිළිකා මර්දනයට ආහාර) නම් ග්‍රන්ථය පිළිකා නසන්නට හේතු වන සහ එය වැළැක්වීමට උපකාරී වන ආහාර පිළිබඳ පුළුල් විස්තරයක් ඉදිරිපත් කොට තිබේ.පිළිකාවක් මානව ශරීරය තුළ හට ගැනීමට දුම් පානය මෙන් ම දුර්වල ආහාර පුරුදු විසින් ද නිර්මාණය කෙරෙන අවදානම ප්‍රතිශතයක් වශයෙන් සියයට 30 ක් යැයි හඳුනාගෙන තිබේ. ප්‍රවේණිගත ව ඇතිවිය හැකි අවදානම සියයට 15 ක් වේ. ඒ අනුව අද වනවිට එය නිදන්ගත රෝගයක තත්ත්වයට පත් වී තිබේ
පිළිකා මර්දන ආහාර අතරට සෝයා බෝංචි, කහ සහ සුදු ලූනු අයත් වන අතර ඒවායේ අඩංගු පිළිකා මර්දන රසායන විශේෂ පිළිවෙළින් ජෙනිස්ටයින්, කර්කියුමින්, ඩයැලීල් සල්ෆයිඩ් නම් වේ.දෙහි ඇතුළු සිට්රස් කුලයේ පළතුරුවල ඇතුළත් ලිමෝනීන් මෙන් ම තක්කාලි සහ මිදිවල එන ලයිකෝෂීන් සහ රෙස්ටෙර‍ටෝල් යන ස්වාභාවික රසායන ද පිළිකා මර්දනයට සමත්කම් පායි.මේ අතර බ්‍රොකෝලි, ගෝවා, බ්ලූ බෙරි, ස්ට්‍රෝ‍බෙරි සහ හරිත තේ වල අන්තර්ගත සල්ෆොරැෆේන්, ඉන්ඩෝල් – 3 – කාබිනෝල්, ඩෙල්ෆිනීන්, ඉලාජික් අම්ලය, එපිගැලො – කැටකීන් – 3 – ගැලේට් යන ස්වභාවික රසායනයන් හමුවේ ද ක්‍රෑර පිළිකාව මර්දනය වන බවට හඳුනාගෙන තිබේ.විශේෂයෙන් ම ගෝවා, මල්ගෝවා සහ බ්‍රොකෙලි අයත් වන කුලයේ ආහාර විශේෂවල් පිළිකා නසන රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගත බවටත්, එ‍නිසා ම මෙවැනි ආහාර පිසීමේදී එම ගුණ විනාශ නොවන අයුරින් සකස් කරගැනීම සුදුසු ය.අ‍ෙප් ආහාර සංස්කෘතියට අයත් ලූනු, සුදු ලූනු, කහ යන රස කාරක පිළිකා පමණක් නොව බොහෝ රෝග කාරකයන් ද නැසීමේලා සමත් බවට ද හඳුනාගෙන තිබේ. ලූනු විශේෂවල රසායනිකයන් විසින් පිළිකා පමණක් නොව බොහෝ රෝග කාරකයන් ද නැසීමේලා සමත් බවට ද හඳුනාගෙන තිබේ.ලූනු විශේෂවල රසායනිකයන් විසින් පිළිකා සෛල මෙන් ම සාමාන්‍ය තත්ත්වය යටතේ ජානවලට හානිවුණු සෛල පවා විනාශ කර දමනු ලබන තත්ත්වයක් (ස්වයං සෛල මරණයක්) ද ඇති කිරීමේලා සමත් බවට නිරීක්ෂණය කොට තිබේ. ඉංග්‍රීසියෙන් Apoptosis යනුවෙන් හැඳින්වෙන්නේ මේ ක්‍රියාවලියයි. විශේෂයෙන්ම නැවුම් ව පොඩි කරගත් සුදුලූනු ලොව ඇති විශිෂ්ට ම පිළිකා නසන කාරකයක් ලෙසින් හඳුන්වා දී තිබේ.රුධිරගත ව පවතින හෝමෝන තත්ත්වය ඉහළ යෑම හේතු කොටගෙන ද මිනිස් සිරුර පිළිකා අවදානමට ගොදුරු වේ. මේ තත්ත්වය මඟ හරවන ආහාර රසායනිකයක් වශයෙන් සෝයා බෝංචි සහ ටෝෆු වැනි සෝයා නිෂ්පාදනයන් හි එන අයිසෝෆ් ලැවෝන ගැනත් සඳහන්ව තිබේ.අද බොහෝ කාන්තාවන් මුහුණපාන පියයුරු පිළිකා අවදානමට සෝයා නිසි ප්‍රතිකර්මයක් වේ. එමඟින් ම පුරස්ථි පිළිකා කාරක ද මර්දනය කළ හැකි යැයි පැවසේ.ඔමෙගා – 3 මේද අම්ලය ද පිළිකා මර්දන හැකියාවෙන් යුක්ත යැයි හඳුනාගෙන තිබේ. ඇතැමුන් එය අතිරේක නිෂ්පාදනයක් වශයෙන් ගත්තත්, වඩාත්ම සුදුසු වන්නේ ස්වාභාවිකව ආහාර වේලට එය අඩංගු කරගැනීම ය. ඇතැම් මත්ස්‍ය විශේෂවල මේ කියන මේද අම්ලය ඍජුවම අඩංගු වන අතර සෝයා සහ කජුවල ද එය හොඳින් ම ඇතුළත් බවට හඳුනාගෙන තිබේ.
පිළිකා සෛල මත පිහිටමින් ඍජුවම ඒවා මර්දනය කරන බයෝෆ්ලැටිනොයිඩ, සිට්රස් කුලයේ පලතුරු වන දෙහි, දොඩම්, මිදි, මැන්ඩරීන්වල අඩංගු වේ. ඒ හැරුණු කල රතු වයින්, ඩාක් චොක්ලට් (මේවා සාමාන්‍ය චොක්ලට්වලින් වෙනස් ය.) පිළිකා අවදානම දුරු කරන පොලිෆිනෝල සහිත ය.මිදිවල පො‍ත්තේ හා ඇටවල රෙස්වෙරටෝල් නම් පොලිෆිනෝල් නම් පිළිකා සෛල නාශකය ඇතුළත් බවටත් හඳුනාගෙන තිබේ. රතු වයින් නිෂ්පාදනය කරන විට සිදුවන පැසීමේදී යට කී ස්වභාවික රසායනය මද්‍යසාරවල දිය වීම නිසා එහි ද එම ගුණාංගය ඇතැයි යන නිගමනය ඇති වී තිබේ.කෙසේ වුව දුම්පානයෙන් අත්මිදීම මෙහිදී අවශ්‍යම ය.‍ කැලරි අඩු ආහාර රටාවකට යොමු වීම ද පිළිකා අවදානම අඩු කරන්නක් වේ. එමෙන් ම රතු පැහැති මස් වර්ග අනුභවය අත්හැරීම, විවෘත දහනයෙන් පිසින ආහාර (බාබක්‍යු වැනි) වලින් අත්මිදීම (ඒවායේ හයිඩ්‍රොකාබන අඩංගු වී තිබිය හැකි ය.) දිනපතා ව්‍යායාම වලට යොමු වීමෙන් (ව්‍යායාම යන්නට මහන්සි වී වැඩ කිරීම ද ඇතුළත් කර ගැනීම වඩාත් ප්‍රතිඵලදායි වෙනු ඇත.) ලොව ඇති අභාග්‍ය සම්පන්නම රෝගය වන පිළිකාවෙන් ඉවත් වීමට ඔබට පුළුල් හැකියාවක් ලබාදෙනු ඇත.ඒ කරුණු ඒ හැටියෙන් ම අවබෝධ කරගත් පමණින් ම ශරීරගත පිළිකා සෛල මර්දනය වෙතැයි මෙහිදී යමෙකු නො සිතිය යුතු ය. මුලින් ම ඒ වෙනුවෙන් සකස් කරගත් ජීවන රටාවක් නිර්මාණය කරගැනීම එහිලා අවශ්‍යය ය. දෙවනුව දෛනිකව ඇතිවන කුමන අවහිරතාවක් හමුවේ වුණත් එම ජීවන රටාව පරාජය නොවන තැනට වග බලාගත යුතු ය.අනිත් අතට රටක් වශයෙන් කටයුතු කිරීමේ දී ඒ වෙනුවෙන් පුළුල් ජාතික වැඩපිළිවෙළකට යා යුතු ය. උද්‍යෝගිමත් අයුරින් ගෙවතු වගාවකට යොමු වීමෙන් නිරෝගී ආහාර වේලක් මෙන් ම නිරෝගී දිවි පැවැත්මක් ද ඇති කර ගැනීමට ඇති හැකියාව ඉතාම රසවත් සහ ආකර්ෂණීය අයුරින් වටහා දීමට ‍රජයකට පුළුවන් විය යුතු ය.දේශපාලනඥයන්ගේ ගොරහැඩි නීරස කතාවලින් මේ වැඩපිළිවෙළ බේරා ගැනීම ඊට අදාළව අවශ්‍යම කොන්දේසියක් වේ. අනිත් අතට පසුගිය කාලයේ දී ඡන්ද ව්‍යාපාර යටතේ දිවි නැගුම වැනි වියදම්කාරී ව්‍යාපෘති හරහා කිසිදා පැළ නොවන බීජ පැකට් නොමිලේ බෙදා දුන් ආකාරයට කටයුතු නොකිරීමට ද වග බලාගත යුතු ය.කොටින් ම කියනවා නම් වස විස නැති ආහාර සංස්කෘතියක් ඇති කළ හැක්කේ ප්‍රදර්ශනවලින් නොවේ. නිවැරැදි ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඊට අවශ්‍ය වේ. අනෙක් අතට වස විස නැති සදාහරිත පැවැත්මක් යනු පුරවැසි අයිතියක් ය යන කාරණය ද මෙහිදී අමතක නොකළ යුත්තකි.
බී.කේ.එම්.එස්. ආරියවංශ
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s