මැද මිදුලේ සාහිත්‍ය කලා විවරණයක්

cz

පසුගියදා සේනාරත්න වීරසිංහ විසින් ලියා පළකරන්නට යෙදුණු ‘මැද මිදුල’ අද්‍යතන සාහිත්‍ය හා කලා ආවර්ජනා කෘතිය සහ පොදු ජන රසිකත්වය නගාසිටුවීම ගැන නව සංවාදයක් ඇතිකිරීමට ගත් ප‍්‍රයත්නයක් යැ’යි සිතීමේ වරදක් නොපෙනේ. ඒ සම්බන්ධයෙන් කළ කෙටි කතාබහකි මේ.

මැද මිදුල’ මොන වාගේ කියවීමක්ද?

img0063.png

පොදුවේ ගත් කල කලාව සාහිත්‍යය සම්බන්ධයෙන් සරල-ශාස්ත‍්‍රීය කියැවීමක් වශයෙන් ගත හැකියි. ජෝර්ජ් ඕවල් එංගලන්ත සාහිත්‍යයේ එන විචාරකයෙක් වගේම නවකතාකරුවෙක්. ‘ ඕවල්’ නමින් ඔහු ගැන පොතක් ලියන රේමන්ඞ් විලියම්ස් නම් මාක්ස්වාදී විචාරකයා, එහි එක පරිච්ෙඡ්දයක්ම වෙන් කරනවා, ඕවල් කියන ලේඛකයා කවුද කියන ප‍්‍රශ්නයට පිළිතුරු සොයන්න. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක මහා බොළඳ ප‍්‍රශ්නයක් කියලාත්. ජෝර්ජ් ඕවල්ගේ ලිවීමේ තියෙන විශේෂත්වය තමයි ඔහු ඉදිරිපත් කරන සරල සංසිද්ධියක පවා අර්ථ නිරූපණාත්මක ඉඩක් තිබීම. ඒ අනුව ඕවල් යම් සංකීර්ණ පැවැත්මක් සහිත ලේඛකයෙක්ය කියල නිගමනය වෙනවා. ඔහු ඉදිරිපත් කරන සරල සංසිද්ධියක පවා තිබෙන විග‍්‍රහයෙන්් සමාජ ඉතිහාසයක් ගොඩනගනවා. එවැනි ලේඛකයකු ගැන ලියන රේමන්්ඞ් විලියම්ස් ද අවසානයේදී සමාජ ඉතිහාසයක් ගොඩනගනවා. ඒ වෙනුවෙන් පාදමක්ද ඉදිරිපත් කරනවා. ඕවල් ගැන විතරක් නෙවෙයි, ලොව බොහෝ ලේඛකයන් ගැන ලියැවුණු එවැනි විචාර කෘති හරහා සමාජයීය වශයෙනුත් ඓතිහාසික වශයෙනුත් පිළිගත් කාර්යභාරයන් ගොඩ නැගිලා තියෙනවා. පොදුවේ එක් කාලයක් තුළ ඇතිවන සමාජ සාහිත්‍ය ගැටලූ ගැන එවැනි කෘති විසින් විවරණ ඉදිරිපත් කරලා තියෙනවා. ජෝර්ජ් ඕවල් මුල් කරගෙන මා තුළ ඇතිවුණු ඒ කියවීම අපේ සමාජයට ගළපා ගැනීමට මා කාලයක් සිතමින් සිටියා. ‘මැද මිදුල’ එහි ප‍්‍රතිඵලයක්.

එවැනි කෘතියක් ඉදිරිපත් කිරීමේදී කුමන ආකාරයේ ආකෘතියක් යොදා ගන්නවාද කියන එකත් ප‍්‍රශ්නයක්.

පොදුවේ ගත්තාම සාහිත්‍ය නිර්මාණ කොටස් දෙකකට බෙදෙනවා. ගද්‍ය නිර්මාණ, පද්‍ය නිර්මාණ වශයෙන්. මේ දෙක අතර තවත් ලිවීමක් තියෙනවා. අපට එය ගද්‍ය රචනා වශයෙන් නම් කළ හැකියි. එතැනදී විචාරයත් ඊට අයත් වෙනවා. ඒ අනුව ක්‍රසඑසජ්ක ෑිි්හ යන වර්ගීකරණයත් ගද්‍ය රචනා තුළටම ඇතුළත් වෙලා තියෙනවා. මෙන්න මේ විශේෂාංගය අපේ සාහිත්‍යයට ඇතුළු කරගන්නේ කොහොමද කියන කාරණය මගේ මේ අලූත් ප‍්‍රයත්නය තුළ තියෙනවා. තෝරාගත් සාහිත්‍ය කලා සංසිද්ධියක් පොදු සමාජ ප‍්‍රවාහයට ඉදිරිපත් කරන්නේ කෙසේද, ඔවුන්ට එය අවබෝධ කරවන්නේ කෙසේද කියන කාරණය අර කියූ අලූත් ප‍්‍රයත්නයට ඒ වාගේම අත්හදා බැලීමට අයිතියි. හැබැයි මෙවැනි උත්සාහයන් මීට පෙර නොතිබුණා නෙවෙයි. එවැනි සාහිත්‍යයක් තිබුණා. ඒත් පසුගිය මෑත කාලයේදී අපට එවැන්නක් දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා මම කල්පනා කළා එහෙම තැනකට යන්න.

උදාහරණයක් හැටියට සංගීතය කියන පොදු විෂය ඇතුළේ අපට ප‍්‍රශ්න තියෙනවා, අපේකම ගැන. අපට අපේය කියලා සංගීතයක් තිබුණාද? එහෙම නැත්නම් අපි අපේ සංගීතය ලෙසින් ගත්තේ ඉන්දියානු සංගීතයේම රූකඩයක්ද? තර්කයක්, විවාදයක් හැටියට මේ ගැන අතීතයේදී සාකච්ඡා කෙරුණා. ‘මැද මිදුලේ’ එන එස්.ඞී. බර්මන්, තාගෝර්, බෙංගාලි සංගීතය, ඒ වගේම අපේ සංගීතය ගැන කරන සාකච්ඡාවේදී ඒ ගැන සාකච්ඡා කෙරෙනවා. බර්මන් කියන්නේ සංගීතඥයෙක් හැටියට අසීමිත කාර්යභාරයක් කළ අයෙක්. ඔහු ගැන කෙරෙන සාකච්ඡාවකදී අපට අවස්ථාවක් ලැබෙනවා, සාම්ප‍්‍රදායික සංගීතය නවීකරණය වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. එය හුදෙක් මතුපිටින් පමණක් සිදුවෙන්නක්ද, නැත්නම් සංගීතයේ ආත්මයත් සමග බැඳුණු ගනුදෙනුවක්ද කියන සාකච්ඡුාව එතැන තියෙනවා. මෙවැනි කියවීමක් අද අවශ්‍යයි.

4

සම්භාව්‍ය සංගීතය නිර්මාණය වෙන්නේ පිළිවෙත්, සම්ප‍්‍රදායන්් එක්කයි. එය හා බැඳුණු සැරසිලි හා න්‍යායන් තියෙනවා. ඒත් ජන සංගීතය එහෙම නෙමෙයි. එයට මූලාශ‍්‍ර වෙන්නේ භූමිය, පරිසරය, ජන ජීවිතය කියන සාධකයි. සම්භාව්‍ය සංගීතය ඇසුරු කළත් බර්මන්ගේ සිත ඇදී ගියේ ඔහු ජීවත් වූ පරිසරයේ වූ ජන සංගීතයටයි. හරියට හීනයක් වගේ තමයි ඒ ජන සංගීතය ඔහුගේ හිතට ඇතුල් වුණේ. ඒත් ඒ ඔස්සේ බිහිවුණු නව්‍ය නිර්මාණ ඉන්දීය මහා සංගීතය පෝෂණය කළා. එහෙම තමයි ඉන්දීය මහා සංගීතය හැදෙන්නේ.

ඊට සාපේක්ෂව අප සිටින තැන ඇසුවොත්?

අපි ඉන්නෙ අර්බුද ගණනාවක් සමගයි. අපට සාහිත්‍යය පිළිබඳව මෙන්ම විචාරය සම්බන්ධයෙන්ද අර්බුද තියෙනවා. එක් කාලයකදී භාෂාව හා විචාරය මුල් කරගෙන පැනනැගුණු හෙළ හවුල වැනි ව්‍යාපාරයක් පොදුවේ කලාකරුවාගේ නිදහසට වැට බැන්දාද කියන කාරණයත් මම මැද මිදුලේදී සාකච්ඡා කරනවා. සාහිත්‍යකරණයේදී අපට වැදගත් වෙනවා ලියන්නේ මොනවාද, ලියන්නේ කාටද, ලියන්නේ කා ගැනද කියන දේවල්. සාහිත්‍යකරුවකුට මේ මතුකිරීම් නොසලකා හරින්න බෑ.

මේ කියන දේවල් බොහෝ දුරට අදටත් අපට ආගන්තුකයි. ඒත් යුරෝපය බොහෝ දියුණුවක් ඒ සම්බන්ධයෙන් අත්කරගත් බවක් දකින්න තියෙනවා. මොකද්ද මේ පසුගාමීත්වය?

මෙතැන වෙලා තියෙන්නේ අපි පාඨකයා කියන අවශ්‍යම පැවැත්ම අමතක කිරීමයි. අපි අපේ පාඨකයාව හරිහැටියට හඳුනාගැනීම කරලා නෑ. අලූතෙන් බිහිවන පාඨක පිරිස්, ඔවුන්ගේ අලූත් වෙනස්කම් මොනවාද, ඔවුන් කොතරම් දුරට මාධ්‍යයට සහ සාහිත්‍යයට අදාළව හැදෑරීම් සිදුකොට තිබෙනවාද කියන කාරණා හරි වැදගත්. ඒත් ඒ සම්බන්ධයෙන් අපි කිසිම සොයා බැලීමක් සිදුකරලා නෑ. අපි පාඨකයාව හඳුනාගෙනම නෑ.

සේනාරත්න වීරසිංහ

එතැනදී එංගලන්තය ඉතා විශිෂ්ට විදියට සිය සමාජ වෙනස්කම් ගැන සොයා බැලූවා. සාහිත්‍යකරුවන් විතරක් නෙමෙයි දේශපාල නඥයොත් මේ කරුණ ගැන උනන්දු වුණා. ඒ ගැන සවිඥානක වුණා.

DSC_0354.jpg

එංගලන්තයේ වික්ටෝරි යානු සමාජයේ වැඩ කරන පන්තියයි, වරප‍්‍රසාද ලත් පන්තියයි අතරේ පැහැදිලි බෙදීමක් දකින්න ලැබුණා. කාලයත් සමගම මේ ගැන සමාජ කතිකාවක් ද ඇතිවුණා. ඒ සඳහා එරට කම්කරු පක්ෂය විසින් ඇති කොට තිබූ සමාජ සමානාත්මතාවාදී අදහස් ද හේතුවුණා. මේ පන්ති බෙදීම පැහැදිලිවම ඒ රටේ සාහිත්‍ය කලා වින්දනයටත් බලපා තිබුණා. ඉහළ කලා රසවින්දනයක් සමග එතැනදී ඉහළ පන්තිය ඉදිරියෙන්ම සිටියා. අලූතින් නැගීඑමින් සිටි සමාජ පන්තිය මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන්න වුණා. ඒ ආකාරයට ධනේශ්වර පැවැත්මේ ඉහළ කලා රසවින්දනය ප‍්‍රශ්න කිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට තමයි එංගලන්තයේ ආර්ට් කවුන්සිල් එක බිහිවෙන්නේ. 1979 එහි වාර්ෂික වාර්තාවෙන් ඔවුන් මේ අයුරින් ගොඩනැගී ඇති සමාජ අර්බුදය හමුවේ කළයුත්තේ කුමක්ද කියන තැනට එනවා. ඊට විසඳුම ඉදිරිපත් කරනවා.

‘යුරෝපය ශ්‍රේෂ්ඨත්වයට බඳුන් කළේයැ’යි පවසන සංස්කෘතික උරුමයන් වූ බීතෝවන්, ශේක්ස්පියර් සහ දාන්තෙ, කොන්ස්ටබල් සහ ටයිටියන්, තවදුරටත් යුරෝපයේ පොදු ජනතාව සමග සංවාදයේ නොයෙදෙන බව අප හොඳින් වටහාගත යුතුය. එම සුළු ධනේශ්වර සංස්කෘතිය එක් පිරිසකගේ පමණක් රසවින්දනයට හේතුවී ඇත්තේය. එහෙත් විසිවන සියවසේ කලාව, පොදු ජනයාට හා ඔවුන්ගේ සංස්කෘතියට ආමන්ත‍්‍රණය කළ යුතුව ඇත. මහා බි‍්‍රතාන්‍යයේ කලා කවුන්සලය පිහිටුවා ඇත්තේ ඒ කාර්යය සාක්ෂාත් කරවීම උදෙසාය.’ මේක හරිම වැදගත් කාරණාවක්. ඒ වගේම පසු කාලයක බලයට පත්වන මාග‍්‍රට් තැචර්ගේ ආණ්ඩුව දක්ෂිණාංශික (කොන්සවැටිව්) ආණ්ඩුවක් වුණත් ඔවුන් මේ කාර්යය තේරුම් නොගෙන සිටීමට තරම් අසමත් මිනිසුන් වුණේ නැහැ.

ඒ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු භාර අමාත්‍යවරයා තරුණ හාදයෙක්. නම විලියම් මයින්රෝ. ඒ වගේම අන්ත දක්ෂිණාංශිකයෙක්ය කීවත් වැරදි නැහැ. ඔහු සිය මිත‍්‍රයකුට ලියනවා මෙන්න මෙහෙම. ‘කිසිදු ආර්ථික අහේනියකින් තොරව ජීවිතය ගෙන යන්න අවස්ථාව මට තියෙනවා. කොහොමටත් පොදු ජනයාය කියන මේ වැඩ කරන මිනිස්සු ගැන මගේ එතරම් කැමැත්තක් නැහැ. කැමැත්තක් දක්වලාත් නෑ. නමුත් යුද්ධය ආවා. එතැනදී මේ පහළ පාන්තික කම්කරු ජනයා දිවි පරදුවට තබා මගේ එංගලන්තය බේරා දෙන්න උදව් වුණා. කවදාවත්ම මට ඒක අමතක කරන්න බැහැ.’ එතකොට මෙන්න මේ මානුෂීය වටහා ගැනීම තමයි, අර කියපු ආර්ට් කවුන්සිල් එක ඇති කරන්නේ. ඒ ආයතනය පැහැදිලිවම සමාජ දේශපාලන සංසිද්ධියක්.

7

ඔබ කියන විදියට එය ආයතනයක් විතරක් නෙවෙයි. සමාජ වෙනසක් හා බැඳුණු කි‍්‍රයාකාරීත්වයක්. ඒ සඳහා බලපෑ පොදු පසුබිම කුමක්ද?

චාල්ස් ඩිකන්ස් වීථි ලාම්පුවක් යටට වෙලා පොත් කියවලා පසුව ලේඛකයෙක් වූ අයෙක්. එංගලන්ත සමාජ ද්‍රරිද්‍රතාවේ rප‍්‍රකට උදාහරණයක්. අධ්‍යාපනය ලබාගැනීමේ පොදු මාවතක් මේ දරිද්‍රතාව හමුවේ තිබුණේ නැහැ. මෙන්න මේ තත්ත්වය නැති කරන්න තමයි අර මුලින් කියපු පොදු රසිකත්වය නගාසිටුවීම නම් වැඩපිළිවෙළට ඉදිරිපත් වුණේ. ඒ අනුව ඔවුන් ඒ පොදු රසිකත්වයට අයාලේ යන්න ඉඩ දුන්නේ නෑ. මම හිතනවා, මෙවැනි ලෝක ආදර්ශ අපි උගත් පාඩම් බවට පත්කරගත යුතුයි. විශේෂයෙන්ම 1948 නිදහස ලබාගැනීමෙන් පසු අපි ඒ අලූත් සමාජ වෙනස හඳුනාගෙන කටයුතු කළ යුතුව තිබුණා. එදා ඇතිවුණු පොදු ජන මනස හා බැඳුණු රසිකත්වය නගා සිටුවා නූතනත්වයට පිවිසෙන්න අප කිසිවක්ම කළේ නැහැ. සාහිත්‍ය කලාකරුවන් ඒ පොදු රසඥතාව වෙනුවෙන් පෙනී සිටියේ නෑ. ඒ නගා සිටුවීම කළේ නෑ.

ඔබ හිතන්නේ නැද්ද තිස් වසරක් පුරා ඇදී ගිය අරාජික යුද වාතාවරණයෙන් පසුත් එවැනිම අවස්ථාවක් අපට ලැබුණාය කියලා. ඇත්ත වශයෙන්ම. ඒ වගේම යුද මානසිකත්වය සමාජගත වීමෙන් වළක්වා ගැනීමේ අවශ්‍යතාවක් වගේම අවස්ථාවකුත් එතැන තිබුණා. එයත් අපට පසුගිය කාලයේදී මගහැරුණා.

මේ වසර මුලදී ආර්ථික, පෞද්ගලික හෝ ජාතිවාදී ඉල්ලීම් නොසලකා හැර සමාජ දේශපාලන ප‍්‍රතිසංස්කරණ මුල්තැන තබා ජයග‍්‍රහණය කළ වෙනස තුළ අපට මේ සංවාදය ඉදිරියට ගත නොහැකිද?

ඒක තමයි වෙන්න ඕනෑ. හැකි ඉක්මනින් එවැනි ආරම්භයකට අප යා යුතුව තිබෙනවා

.මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s