එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත් ඉදිරියේ දී

_89735697_d6f61c06-3e7f-43e7-a1df-4968395d8a72.jpg

ඉදිරියේ දී අප රටටත් දීර්ඝ නියං කාල සහ නොනැවතී වසින වර්ෂා

ගෝලීය උණුසුම පහළ නොගියොත් සාගර ජල මට්ටම මෙතෙක් සිතා සිටියාට වඩා අඩි දෙකකින් ඉහළට

ඉවැසිය නොහැකි හිරු රශ්මියක් ගැන මැසිවිලි කියමින්, මුළු සිරුර ම දනවා යැයි වේදනා බස් දොඩමින් ඇවිද යන මිනිසුන්ට ලෝක පාරිසරික හායනය ගැන කරුණු කීමෙන් ඔවුන් ගේ පීඩාව දුරු කළ නොහැකි ය. එහෙත් පොදුවේ ලෝක පාරිසරික යහ පැවැත්ම ගැන කරුණු කාරණා පහදා දීම සුදුසු ය.

තක්සේරු කොට ඇති ආකාරයට 2010 න් අවසන් වූ ඉකුත් කාල වකවානුව තුළ වායුගෝලයේ උණුසුම 1.4 සිට 5.8 දක්වා අගයකින් ඉහළ නැඟ තිබේ. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අන්තර්ගතය මිලියනයකට කොටස් 370 සිට 540ත් 970ත් අතර ඉහළ අගයක් කරා වැඩි දියුණු වී තිබේ. මෙවැනි පසුබිමක් තුළ අපට ඉහළ උෂ්ණත්වයක් මිසක් සමශීතෝෂ්ණ කාලගුණයක් බලාපොරොත්තු විය නොහැකිය. ග්‍රීෂ්ම කාලයේ දී මීට පෙර කාලවලදී අප අත්විඳි සූර්යතාපයට වඩා වැඩි තාප අගයක් මේ වන විට අත් විඳින්නේ ඒ අනුව ය. මෙවැනි අත්දැකීම් පසුගිය කාලය පුරාම වාර්තා විය. 2003 වර්ෂයේ යුරෝපයට බල පෑ අධික උණුසුම් කාලගුණය එවැන්නකි. ඒ හේතු කොටගෙන ප්‍රංසය, ඉතාලිය, ජර්මනිය යන රටවල මියගිය සංඛ්‍යාව 35,000ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. අතීතයේ දී මිනිසුන් මේ ආකාරයට සමූහ වශයෙන් මිය ගියේ පාලනය කරගත නොහැකි වසංගත රෝග ආසාදන නිසා ය. ඒ ආකාරයට ම 2007 වර්ෂයේ දීත් අධික සූර්යතාපයේ බලපෑමෙන් හංගේරියාවේ දී හයසියයක් පමණ වූ ජනකායක් මිය ගොස් තිබේ.

මේ ආකාරයට අධික සූර්ය තාපයක් නිර්මාණය කරන්නා වූ පාරිසරික හායනයේ ඊළඟ ප්‍රතිඵලය මහා ජල ගැල්ම ය යන්න ද අමතක නො කළ යුතු ය. උදාහරණයක් හැටියට 2007 හංගේරියාව අධික සූර්යතාපයෙන් දැවී යද්දී බ්‍රිතාන්‍යය මහා ජල ගැල්මකින් සේදී ගියේ ය. කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දුන් අන්දමට එය ද ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිඵලයක් විය.

140917-blair-found-01

අන්තර් රාජ්‍ය දේශගුණික වෙනස්වීම් පිළිබඳ සමුළුව (IPCC) පෙන්වා දෙන්නේ ලෝක දේශගුණයේ හටගෙන ඇති මේ විපරීත සහ අවදානම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය 2015 වර්ෂය තීරණාත්මක ‍බව යි. ඒ අනුව එතැන් සිට ඉදිරියට විපරීත දේශගුණ හැසිරීම සීමාවක් දැක්විය නො හැකි අයුරින් ඉහළ යන සූර්ය තාපය, පාලනයකින් තොරව ඇද හැලෙන අකල් වර්ෂා අපේක්ෂා කළ හැකි කාලගුණ තත්ත්ව බවට පත් වනු ඇතැයි කාලගුණ විද්‍යාඥයින් හඳුනාගෙන තිබේ. තවද ඉහළ යන පරිසර උෂ්ණත්වය හමුවේ ස්වාභාවික ජල චක්‍රය ද විපරීත හැසිරීමක් කරා යනු ඇත. විද්‍යා වාර්තාවලට අනුව ඒ ජල චක්‍රයේ එකී වෙනස් වීම් ප්‍රකාශයට පත්වෙනු ඇත්තේ කෙටිකාලීන හා දිගුකාලීන වර්ෂා කාලවලින් මෙන් ම අපේක්ෂා කළ නොහැකි නියං කාල ඔස්සේ ය.

ඉහත කාලගුණික වෙනස්වීම් හරහා පවත්නා ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ දැමීම වැළැක්විය නොහැකි බවට පැහැදිලි වී තිබේ. ඒ තුළ උත්තර දක්ෂිණ ධ්‍රැවවල ග්ලැසියර දියවීමේ වේගය ඉහළ යෑමත්, ඒත් සමඟම සාගර ජල මට්ටම ඉහළ යෑම නව වේගයකින් ඉදිරියට ඒමත් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාඥයින් නව පාදක වර්ෂය වශයෙන් ගෙන ඇත්තේ පසුගිය 2015 වර්ෂය යි. ඒත් සමඟම යුරෝපා භූමියේ ශාක ගහනය සියයට 45 කින් අතරුදහන් වීම මේ වන විටත් ආරම්භ වී ඇති අතර 2080 වර්ෂය වන විට එය සම්පූර්ණ වෙනු ඇත. 2085 වන විට අප්‍රිකානු කලාපයේ වන වැස්ම තවදුරටත් සියයට 25 කින් අතුරුදහන් වීම පවත්නා තත්ත්වය යටතේ වැළැක්විය නොහැකි වෙනු ඇතැයි ද පැවසේ.

පසුගිය දිනවල දී ආචාර්ය ක්‍රිස් තෝමස්, ලීඩ්ස් විශ්ව විද්‍යාලය වෙනුවෙන් නිකුත් කළ පර්යේෂණාත්මක පාරිසරික වාර්තාව සාකච්ඡා කොට තිබුණේ නැගී එන ගෝලීය උණුසුම හමුවේ වන ජීවීන් ට අත්විය හැකි ඉරණම ගැනයි. ඒ අනුව දැනට සිටින ශාක හා සත්ත්ව සංයුතියෙන් සියයට 37ක් මෙලොවින් සදහට සමුගැනිමේ ව්‍යසනය මේ වන විටත් ආරම්භ වී තිබේ. එය මග හැරවිය හැකි හෝ ආපසු හැරවිය හැකි බවට අවම හෝ බලාපොරොත්තු සහගත බවක් යථොක්ත වාර්තාවෙන් ගම්‍ය නොවේ. ලෝකය ගමන් කරමින් සිටින්නේ ප්‍රපාතාකාර අවසානයක් කරාය.

0_13222882771058_news

කෙසේ වුව ගෝලීය උණුසුමට අදාළ බරපතළ ම ‍ඛේදවාචකය නිර්මාණය වන්නේ උත්තර හා දක්ෂිණ අර්ධ ගෝලවල පැවැත්ම අස්ථාවර වීමත් සමඟය. එය ලෝකයට දැනෙන්නට පටන් ගැනීමත් සමඟය. ඊට හේතුව ලෝක පාරිසරික පැවැත්ම සමබර ස්ථාවර ස්ථානගත කිරීමක පවතින්නේ එකී ධ්‍රැවීය හිම කලාපයන් යථා පරිදි පැවතීම හේතු කොටගෙන නිසා ය. වෙනත් ආකාරයකට කියනවා නම් ලෝක පාරිසරික යහ පැවැත්මේ ස්ථාවරත්වයට අදාළව කේන්ද්‍රීය ආරක්ෂාව සැපයෙන්නේ ඇන්ටාර්ටික්, ආක්ටික් හිම පර්වත වෙතින්ය. මේ බව වඩාත් පැහැදිලිව පෙන්වා දෙන උදාහරණය බවට අද ඇලස්කාව පත් වී තිබේ. ඒ අනුව වර්තමාන උෂ්ණත්වය හමුවේ ඇලස්කාව මුහුණ පා ඇති තත්ත්වය අනාගතයේ උතුරු – දකුණු හිම බිම් විනාශයට පත් වන්නේ කෙසේ දැයි පෙන්වා දෙන කදිම උදාහරණයක් වැන්න.1997_el_nino_topex

ඇලස්කාව ගිලා බසින්නට පටන්ගෙන තිබේ. බිඳී යන ඒ අස්ථාවර භූමියේ ඇති නිවෙස් එක්වනම ගිලී යන්නට පටන් ගෙන ඇත. එක්වනම භූමියේ ඇති වන වළවල් ඇලස්කා බිම තවදුරටත් ස්ථාවර බිමක් නොවේ යැයි පවසනවා වැන්න. පැරැණි විශාල ගස් චිත්‍රපටයක දකින්න ලැබෙන ආකාරයට හිටිවනම බිම පතිත වන්නේ ඉමහත් විනාශයක් ද සිදු කරමිනි. දේශගුණික වශයෙන් නිර්මාණය වෙමින් ඇති විපරීත එමෙන් ම අස්ථාවර කාලගුණ සහ දේශගුණ හැසිරීම් වලට තවදුරටත් මුහුණ දීමට නොහැකි තත්ත්වයකට මේ සංවේදී භූමිය පත්ව ඇතැයි පෙන්වා දෙන්නේ ඊට අදාළව සිදු කරන ලද පර්යේෂණ වාර්තාවන් ය. ඒ අනුව ඇලස්කා භූමිය දියවෙන්නට පටන් ගෙන තිබේ. ඒ තත්ත්වය “දියවෙන හිමාංකය” නමින් හඳුනාගෙන ඇත. ලෝකයේ විශාල ම එමෙන් ම මෘදුතම කේතුධර වනාන්තරය ඇත්තේ ඇලස්කාවේ ය. ඒවා එක්වන ම පොළොව යටට ගිලා බැසීමේ කනගාටුදායක දර්ශනය දකින්නට ඇලස්කාවට යා යුතු ය.

වර්ෂ 2015න් අවසන් වන විට ලොව පුරා රටවල් බොහොමයක් එල්නිනෝ නම් දේශගුණික තර්ජනයට ගොදුරු වීම සැකයකින් තොර බවට අදාළ පර්යේෂණ වාර්තා පෙන්වා දී තිබේ. මෙතෙක් එම තර්ජනය පැත්ත පළාතකවත් නො සිටි ශ්‍රී ලංකාව ද නියත වශයෙන් ම එම වර්ෂය අවසන් වන විට ගොදුරු වන බවට ද හඳුනාගෙන තිබේ. අවශ්‍ය නම් පිළිගත් ජාත්‍යන්තර කාලගුණ වාර්තා පරීක්ෂා කොට බැලීමෙන් මේ තත්ත්වය සහතික කරගත හැකියි. මේ අනුව 2015 දී එල්නිනෝ බලපෑම මත ඉහළ යන ගෝලීය උණුසුමේ අවදානමට ගොදුරු වන රටවල් ‍මොනවා දැයි ලැයිස්තුගත කොට ඇති අතර එහි ශ්‍රී ලංකාවේ නම ද ඇති බවට වාර්තා වේ. ඉදිරි කාලීනව කල්තියා හඳුනාගත නො හැකි දීර්ඝ නියං කාල මෙන් ම නොනැවතී වසින වර්ෂාවන් ට මුහුණ දීමට මේ නිසා අපට සිදුවෙනු ඇත. ප්‍රශ්නය තියෙන්නේ එසේ වෙනස් වන විපරීත කාලගුණ තත්ත්වයකට මුහුණ දීමට අදාළ බලධාරි ආයතන සූදානම් ද යන්නය.

tumblr_inline_nmjr1x34pc1t9ahuf_1280

ඕසෝන් වියන විනාශය ගැන හැදෑරීමක් ඇති ප්‍රාමාණික විද්වතකු වන සම්මානිත ආචාර්ය ඩබ්.එල්. සුමතිපාල පවසන අන්දමට පවතින පාරිසරික ව්‍යසනයට එරෙහිව ආරක්ෂණ වැඩ පිළිවෙළක් සාර්ථක කරගත හැක්කේ රටවල් වශයෙන් කටයුතු කිරීමෙන් නොව ගෝලීය මට්ටමින් ක්‍රියා කිරීමෙනි. ඕසෝන් හි ක්‍රියාකාරීත්වය හඳුනාගැනීම ද එතැන දී අවශ්‍ය ම කරුණක් වේ

O2 (ඔක්සිජන්) සහ O3 (ඕසොන්) අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් පවතී. එය චක්‍රීය සම්බන්ධයක් ද වේ. ඒ අනුව O2 බිඳී යෑමෙන් O3 ඇති වන ආකාරයට ම O3 බිඳී යෑමෙන් O2 හට ගැනීම සිදු වේ. මෙතැනදී වටහාගත යුත්තේ පෘථිවියේ ජීව පැවැත්ම ආරක්ෂා කරන්නේ මේ කියන චක්‍රීය සම්බන්ධය ය යන කරුණයි. ඒ අනුව වර්තමානයේ දේශගුණ අර්බුදය නමින් අප හඳුනාගන්නා පාරිසරික ව්‍යසනය නිර්මාණය වන්නේ අර කී චක්‍රීය ක්‍රියාවලිය සිදු විය යුතු අයුරින් සිදු නොවන නිසා ය. එසේ නැත්නම් අවිධිමත් වීම හේතු කොට ගෙන ය. ඉතා පැහැදිලිව ම මානව ක්‍රියාකාරකම් හේතු කොට ගෙන එකී ක්‍රියාවලිය බිඳී යන ආකාරයට අධි කාබන්ඩයොක්සයිඩ් මුදා හැරීමක් සිදු කිරීම ඊට හේතු වී තිබේ. එසේ බලන කළ ගෝලීය උණුසුමින් මනුෂ්‍ය පැවැත්ම ගලවා ගැනීමට නම් මෙසේ කෙරෙන්නා වූ අධි කාබන්ඩයොක්සයිඩ් විමෝචනය පහත දැමීමෙන් මෙහා අන් කිසිදු ප්‍රතිකර්මයකින් ඵලක් වන්නේ නැත.

එය සිදු කිරීම මඟ හැර පවත්වන්නා වූ කිසිදු සාකච්ඡාවකින් ඵලක් වන්නේ ද නැත. අදාළ පර්යේෂණ වාර්තා පෙන්වා දෙන අන්දමට යම් මට්ටමකින් හෝ ප්‍රතිඵලයක් අත් කර ගැනීමට නම් වසරකට මුදා හැරෙන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණ අවම වශයෙන් ටොන් එකකටවත් සීමා කර ගත යුතු ය. මක්නිසාද මේ වන විටත් මිහිතලයේ උණුසුම ෆැරන්හයිට් අංශක 1.4 කින් ඉහළ නැග ඇති හෙයිනි. එමෙන් ම පසුගිය සියවස පාදක කරගෙන සිදු කොට ඇති පර්යේෂණ වාර්තාවලට අනුව උත්තර ධ්‍රැවයේ සාමාන්‍ය උෂ්ණත්වය ද දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. එනිසා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කිරීම පසුවට කල් තබා ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන කවර ම හෝ යෝජනාවක් ප්‍රායෝගික වන්නේ නැත. යට කී උෂ්ණත්වයේ අගය එතැනින් පහළට නොගෙනාවොත් නියත වශයෙන් ම සාගර ජලය මෙතෙක් සිතා සිටි තත්ත්වයටත් වඩා එනම් අඩි 2ක් වත් ඉහළ යෑමේ අවදානමක් ඇති බවට නවතම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව තද හිම පතනයක් සහිත ඇල්ප්ස් කඳු වැටිය 3/4 කින් නිරාවරණය වීම ද ඒත් සමඟම සිදු වෙනු ඇත.

150603route27-1000x647

මේ සියලු තර්ජන අපට ද අදාළය. 2015න් අවසන් වූ ඒ අවදානම් කලාපයට (එල්නිනෝ තර්ජනයට) ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ. ඒ අනුව රටේ ඉදිරි සංවර්ධන සැලසුම් සාර්ථක වනු ඇත්තේ මේ තත්ත්ව කළමනාකරණය කර ගැනීමට අප දක්වන සමත්කම මතය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s