ඔහුගේ අනාගත වීරයා ක්‍රමානුකූලව ගොඩ නැගෙන ආකාරය…..

සේනාරත්න වීරසිංහ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව.

මක්සිම් ගෝර්කිගෙ ‘අම්මා’ අපේ සමාජ දේශපාලන අතීතයට දැනෙන සුළු බලපෑමක් කළ කෘතියක් යැයි මම කිව්වොත්?

s-l300පිළිතුරථ- ඔව් හැබැයි එතැන වටහා ගැනීම පිළිබඳ ප්‍රශ්නයකුත් තියෙනවා ගොර්කිගෙ අම්මා ධනේෂ්වර ක්‍රමය ගැන කතා කරන කවකතාවක් හැටියට තමයි බොහෝ අය දකින්නේග නමුත් ඒක එහෙම නෙවෙයිග ඪැනියෙල් ඩෙෆෝ වැනි ලේඛකයන්ගේ ‘රොබින්සන් කෘෘසෝ ’ වැනි නවකතා 18 වැනි සියවසේ නැගී එමින් තිබුණු ධනවාදය ට සිය සම්පූර්ණ සහයෝගය පළ කරද්දීල ගෝර්කි කළේ සමකාලීන රදල වැඩවසම් ක්‍රමයට ත් ප්‍රාථමික ධනවාදයට ත් එරෙහිව තමන්ගෙ පෑන මෙහෙයවපු එකයිග ඒ වගේම එතැන දි පදනම් වුණාල පංති අරගලය කියන සාධකය. නිෂ්පාදන සහ දේෂපාලන බලය හිමි පංතියේ පීඩනයට පාත්‍ර වුණු නාගරික වගේම ග්‍රාමීය කම්කරු පංතියක් අවසානයේ දී සමස්ත සමාජ ක්‍රමයේ ම වෙනසක් ඉල්ලා සිදු කරන අරගලය (එය පංති අරගලයක් විය යුතුයිග) ගොර්කිගේ නිර්මාණ කෘතිවල විවිධ ආකාරයෙන් සටහන් වෙනවග ‘අම්මා’ නවකතාවේ දි එය පැහැදිලිවම ප්‍රකාශ වෙනව.

ප්‍රශ්නයථ- මේ සම්බන්ධයෙන් ගෝර්කිට සමාජ දේශපාලන කියවීමක් තිබුණ දල මම අහන්නේ ඔහු එතැන දි කිසියම් ආකාරයකට ප්‍රකාශකයෙක් වුණා ද කියන එකයි?

පිළිතුරථ- ගෝර්කි වගේම පහල පංතියෙන් ඇවිත්ල ඒ වගේම නොයෙක් දුක් කරදර වලට මුහුණ දෙමින් ජීවත් වී ඒ සමාජ අත්දැකීම් තමන්ගේ සාහිත්‍ය නිර්මාණ සඳහා පාදක කරගත් ලේඛකයින් ජගත් සාහිත්‍යයේ තවත් ඉන්නවා. එහෙම නැතුවා නෙවෙයි. චාල්ස් ඩිකන්ස් ජෝර්ජ් එලියට් එහෙම අයයි. හැබැයි එතැනදි ඒ අය නිරූපණය කලේ පොදු මිනිසා සමාජ අසාධාරණයට ගොදුරුවෙන අයුරු ගැන යි. ඒ ඛේදනීය ඉරණමේ සංවේදීකම ගැන ඔවුන් අපට කීව්වා. නමුත් තමන් විසූ යුගයේ අභියෝගයන්ට එරෙහිව නිර්භීතව සටන් කරන්නකු ලෙසින් ගෝර්කි ඉතිහාසයක් ගොඩනගන පුද්ගලයකු වෙනව. ඒ දේ තමයි ගෝර්කිගෙන් අපට දැකිය හැකි වෙන්නෙ. ඒකම තමයි ඔහුගේ සාහිත්‍යයේ විශේෂත්වය වන්නේත්. ඒ වගේම මේ තත්වය ජගත් සාහිත්‍යයේ නව ප්‍රවණතාවයක් ද ඇති කරනව.

Akseli_Gallen-Kallela_-_Portrait_of_Maxim_Gorky.jpg

ප්‍රශ්නයථ- එතැනදී මක්සීම් ගෝර්කි සමාජ දේශපාලන වීරයකු නිර්මාණය කරනවා යැයි ඔබ සිතනවා ද?

පිළිතුරථ- ඔව්ල ඔහුගේ අනාගත වීරයා ක්‍රමානුකූලව ගොඩ නැගෙන ආකාරය ඒ කෘති සැලකිල්ලෙන් කියවන කොට අපට දකින්න පුළුවන්. ඔහු සැමවිටම වාගේ තමන් ගේ චරිත වශයෙන් තෝරා ගත්තේ සැබෑ මිනිසුන්. ඔහුගේ ජිවිත පැවැත්ම තුළ විවිධ ආකාරයේ මිනිසුන් ඔහුට මුණ ගැහෙනවා. ඔහුගෙ .අම්මා. නව කතාවේ එන පාවෙල් කියන්නෙත් Book_cover_of_The_Mother_(novel)_by_Maxim_Gorky.jpgසැබෑ චරිතයක්. ප්යෝතර් සලෝමොව් නම් ඒ සැබෑ තරුණ චරිතය 1903 දී සයිබීරියාවට පිටුවහල් කෙරෙනවා. ඔහුගෙ අම්මා තමයි නව කතාවේ ,අම්මා, වශයෙන් එන ආන්නා කිරිලොව්නා චරිතයට පසුබිම් වෙන්නෙ. 1905 රුසියාවේ ඇති වූ පළමු විප්ලවයට පසුබිම් වූ 1902 – 1903 අතර සිදුවූ සැබෑ සිද්ධි සමූහයක්.

 

මේ ආකාරයට රුසියානු සමාජයේ පහළ පන්තියේ වැඩකට නැති අය හැටියට සැලකූ මිනිසුන්ගෙ අතAදැකීම් තමයි ඔහු ට ප්‍රස්තුථ උනෙ. මෙන්න මේ මිනිසුන් අතරින් තමයි ඔහුගේ අනාගත වීරයා බිහි කිරීමට ගතA උත්සාහය අපට දකින්න ලැඛෙන්නෙ. ඔහු ගෙ ඔයැ ඔයරුැ නව කතාවෙනුත් ල ඔයැ ඡයසකසිඑසැි සහ ෑබැපසැි වගේ නාට්‍ය වලිනුත් දහනවන සියවස ගතවෙලා විසිවෙන සියවස එලැඹෙන කොට ඔහ ුගේ ඒ වීරයා ගොඩ නැගෙන අයුරු අපිට දකින්න පුළුවන්.
ප්‍රශ්නයථ- දහනම වැනි සියවසේ සම්භාව්‍ය රුසියන් නවකතාවල විසි වැනි සියවස වන විට නැගී එන ගෝර්කි ගෙ නවකතාවල ඊට පසුව එන සෝවියට් නවකතාව යන මේ සාහිත්‍යය ගමන් මාර්ගය ඔබ දකින්නේ කොහොම දරෑ

පිළිතුරථ- සම්ප්‍රදායික සමාජයක් තුළ ට ධනේෂ්වර නව සමාජ ගති ලක්ෂණ ඇතුල් වෙන කොට සමාජීය වශයෙන් වෙනස් වීම් සමාජ ගැටළු ඇති වෙනව. ගෝර්කිගේ සාහිත්‍ය නිර්මාණ ගත හැකි වන්නේ ඒ පිළිබඳ කෙරෙන අවංක සාකච්ඡාවක් හැටියටයි. නමුත් සම්භාව්‍ය රුසියානු සාහිත්‍ය තුළ පැහැදිලි සහ ප්‍රබල අන්තර්ගතයක් බවට පත් වන්නේ සම්ප්‍රදායික වැඩවසම් සමාජයේ (ඓයිතිහාසික) සමාජ පංතික හැසිරීම් බව පෙනෙනව. ඊට සාපේක්ෂව ගොර්කි ගේ සාහිත්‍ය තුළ හෘදයාංගම බවක් සහ ලෙන්ගතුකමක් ප්‍රකට වෙනව. ඒ වගේ ම .අම්මා. නවකතාව ගත්තොත් ඒක සම්පූර්ණ ඉතිහාසයක්. ඉතිහාසයක් තමයිල නව කතාවක් විදියට ඉදිරිපත් වෙලා තියෙන්නේ.

කොහොම වුණත් ගෝර්කි ගෙ සාහිත්‍යවල එන හෘදයාංගම බව නිසා ඔහුගෙ කෘති බොහෝ රටවල ජනප්‍රිය වෙනව. අප්‍රිකානු රටවල්ල කොරියාවල වියට්නාමයල ජපානය වෙන එකක් තියා ඇමරිකාවේ පවා දේශපාලන බලපෑමක් කළ නවකතාවක් විදියට විචාරකයො සලකනවා.

4

ඊළගට ඔබ මතු කළා සෝවියට් සාහිත්‍ය ගැන. පූර්ව සමාජවාදි සමාජ පීඩනයක් තුළ ඒ තත්ව විඳ දරා ගනිමින් විසූ ඒ මිනිස්සු රට සමාජවාදි වුණාට පස්සෙ තමයි ආදර්ශමත් චරිතල මනුෂ්‍යත්වය අගය කළ චරිත වශයෙන් අප හඳුනාගන්නේ. උදාහරණයක් හැටියට චිංගීස් අයිත්මාතව් ගෙ .පළමු ගුරුවරයා. :ගුරු ගීිතය- කෘතියේ එන දුයිෂෙන් වැනි චරිත සෝවියට් සාහිත්‍යයෙන් මතු වෙන්නේ ගෝර්කිගේ මඟ පෙන්වීම ඔස්සේ බව පැහැදිලියි. අනිත් අතට සෝවියට් සාහිත්‍යය ඇති වන්නේත් රුසියානු සාහිත්‍යයේ ක්‍රම විකාශයක් හැටියට යි.

අපි වගේ යටත් විජිත වශයෙන් පැවති රටවලට ත් ඒ චරිත බලපෑවේ නිකම්ම නිකං ම චරිත හැටියට නෙවෙයි. අපේ ආත්මයක් සමඟ බැඳී ගිය චරිත විදියටයි.

maxim-gorkey-maxim-gorky-24705925-400-491
ප්‍රශ්නයථ- මොකක් ද ඒ ආත්මගත බැඳීම කියළා මා ඇසුවොත්්…….?
පිළිතුරථ- මා ඔබට කලින් කී පළමු ගුරුවරයා වන දුයිෂෙන් ව ම නැවත අරගෙන බලන්න. ඒ චරිතය අපට සමාජ බලපෑමකටත් එහා ගිය අධ්‍යාත්මික බලපෑමක් කළා. ජීවත්වීමේ අගයල මනුෂ්‍යත්වය වැනි සංවේදි ආකල්ප ඔසවා තැබීමල පතුරුවා හැරීම තුළින් සමාජ පරිවර්තනයක් කිරීමට ඒ කෘති සමත් වෙනවා. ඒ දේ එසේ වීමට සමාජගත බැඳීමකට එහා ගිය අධ්‍යාත්මික බැඳීමක් අවශ්‍ය වෙනවා. අර කියපු කෘතීන් වලින් එය සිදු වුණා.
ප්‍රශ්නයථ- මක්සීම් ගෝර්කි ඉංග්‍රීසි ලේඛක චාල්ස් ඩිකන්ස් ගෙන් සාහිත්‍යමය අනුබලයක් ලැබුවා යැයි ඔබ මීට පෙර පවසා තිබුණා. මේ ගැන පැහැදිලි කළොත්…..?
පිළිතුරථ- මෙන්න මෙහෙමයි. චාල්ස් ඩිකන්ස් ගේ සාහිත්‍ය ගැන ගෝර්කිට අහන්න ලැඛෙන්නෙ එයාගෙ බාප්පා ගෙන්. , ඒවා වැදගම්මකට නෑ. මම නුඹට සහතික වෙන්නම්., එහෙමයි බාප්පා ඩිකන්ස් ගැන කිව්වෙ. නමුත් ගෝර්කි ඔහුත් සමඟ එකඟ වුණේ නෑ. පසුව ඔහුගෙ ප්‍රියතම ලේඛකයා වූ ඩිකන්ස් ගැන මෙසේ කියා තිඛෙනවා. , ඩිකන්ස් ඉදිරියේ මම හිස නමා ගෞරවයෙන් ආචාර කරනවා. මිනිසුන් ට ආදරය කිරීම නැමති අසීරු කලාව අසිරිමත් ලෙසින් ඩිකන්ස් ගෙන් දැන ගත හැකියි.

චාල්ස් ඩිකන්ස් කියන්නේත් දරිද්‍රතාවයෙන් උපන් ලේඛකයෙක්. ගෙදර හරියෙ පහනක් පත්තු කරන්න තරම්වත් වත්කමක් නොතිබුණු ඔහු පොත් කියෙව්වෙ වීදී ලාම්පු යට ඉඳගෙනයි. ඩිකන්ස් ගේ චරිත වන ඔලිවර් ට්විස්ට්ල ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ගොර්කිට ඉතා සමීප බලපෑමක් කළා. තමන් මුුහුණ පෑ සමාජ පීඩනයෙන් ගොඩ එන්න එම චරිත ගත් උත්සාහය ඔහුට තදින්ම දැනුණා. කිසියම් ආකාරයකට නන්නත්තාර වෙච්ච මේ චරිත ගොර්කි ඉතා සමිප ව කියවූ බව පැහැදිලියි.
ලේඛකයෙක් කියන්නෙ කාලීන සමාජල ආර්ථීක හා දේශපාලන පසුබිමේ ම අතුරු ඵලයක්. එහෙම වුණත් ඒ ලේඛකයා කාලීන සමාජ යථාර්තය නිරූපණය නොකළ අවස්ථා විරල නැහැ. උදාහරණ හැටියට ඩී. එච්. ලෝරන්ස්ල මිඩ්ල්ටන් මරේල එච්. ජී. වේල්ස් වැනි අය සමාජයේ පහළම පන්තියෙන් ආපු අයයි. ජීවිතයට මුහුණ දීමේ දී බොහෝ දුක් කරදරවලට මුහුණ පාමින් පසුව ලේඛකයන් පත් වූ මේ උදවිය එංගලන්ත උගත් සමාජය තුළ තිබුණු අසාධාරණයල අධිපතිවාදි බව විවේචනය කරන්න ගියේ නැහැ. ඒත් ගොර්කි ඒ විවේචනය කළා. ඔහුගේ මූලික අභිප්‍රාය වුණේ පොදු මිනිසුන් ගෙ ශ්‍රමයට වටිනාකමක් ලබා දෙන එය අගය කරන නව සමාජ සංස්කෘතියක් වෙනුවෙන් ලිවීමයි. සම්භාව්‍ය රුසියන් ලේඛකයින් වන ලියෝ තොල්ස්තෝයිල ප්යෝදර් දොස්තයෙව්ස්කිල චෙකොව් වැන්නවුන් ගේ සම්ප්‍රදාය ඔස්සේ යමින් ගොර්කි නව ඉදිරියක් රුසියානු සාහිත්‍යයට එකතු කොට තිඛෙනවා.

සාකච්ඡාවථ- මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

img0129

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s