Un happy News Print

1185178_388472314609074_188443137_n.jpg

තීරු ලිපියක් යැයි හැඳින්වෙන්නේ පුවත්පතක තීරුවක් ලෙසින් ඉතිරි වූ හිස් ඉඩක් පුරවන්නට යමක් ලිවීමක් යැයි මා පැවසුවහොත් එයට එකඟ වෙන්නට අද දවසේ කිසිවෙක් ඉදිරිපත් නොවෙනු ඇත. ඒ තරමටම මේ විශේෂාංගය පුවත්පතකට අවශ්‍ය ම අංගයක් බවට පත්ව ඇත. සමාජ දේශපාලන වචාරයක් මෙන්ම උපහාසයක් වශයෙන් අද එය වැඩි දියුණු වී ඇත. ඒ අනුව අතීතයේදී එක්තරා පුවත්පතක ඉතිරි වූ හිස් තීරුවක් පුරවන්නට ලියූ කෙටි ලිපියකින් මේ අපූරු ලියවිල්ල බිහිවූයේය යන්න අද දින කිසිවෙකු විසින් එක්වරම විශ්වාස නොකරනු ඇත.

පරාක්‍රම ඒකනායකගේ ,නැතිව ගිය හෘද සාක්ෂිය, නම් තීරු ලිපි සංග්‍රහය ඔහු මුලින්ම ලියන්නේ එක්තරා සති අන්ත පුවත්පතකටය. ඒ සාහිත්‍ය කොලමක් වශයෙනි. ඒත් ඒ සාහිත්‍ය කතා තුලින් මතුවන ඔහු ගේ සමාජ දේශපාලන දැක්මෙන් එයට ලබා දී ඇති පිරිපුන් බව නිසා විවාදාත්මක මතු කිරිම් ගණනාවක් ද ඒ තුලින් මතුවී තිබේ. නැතිව ගිය හෘද සාක්ෂියේ ඇති විශේෂත්වයද එය යි. පහතින් එන්නේ එවැනි මතු කිරීමකි.

,සමාජයේ පශ්චාත්තාපයට පත්විය හැකි කරුණු කාරණා රාශියකි. යුද්ධයක් අවසන් වූ පසු සියල්ල යහපතට හැරේවි යැයි දුටු සිහිනය යථාර්තයක් බවට පත් කර ගැනීම උදෙසා පෙර ගමන් යායුතු වුවත් සිදු වෙමින් පවතින්නේ එයට හාත්පසින් වෙනස් කාරණා ය.,

ඒ අතර එච්. ආර්. ජෝතිපාල සම්බන්ධයෙන් ඔහු සිදු කරන මතු කිරීම මා නැවත කියවන්නේ බොහෝ අයට දැනෙන සුළු එහෙත් නිවැරැදිව වටහා ගැනීමේ ලා අපහසු වූ සියුම් කරුණක් ඒ තුලින්ද ඉදිරිපත් වන නිසා ය.

,ජෝතිපාල ගායනා කල ගීත හින්දි අනුකරණවාදි ගීත යැයි ඇතමුන් පවසතත් ඇත්ත වශයෙන්ම ඒවා හින්දි තනුවලට ලියා තිබුණ ද සිංහල ගීතයට පසුව හින්දි ගීතය නිර්මාණය වන්නට ඇතැයි සිතෙන තරමට ගීතයේ හ~ පෞරුෂය තුළින් ඊට ලාංකීය අනන්‍යතාවයක් එක් කිරීමට ජෝතිපාල සමත් විය., මේ අනුව ඒ හින්දි තනු අනුකරණය හරහා සිංහල ගීත සම්ප්‍රදායට පිළිගත හැකි සහ පිළිගත යුතු මට්ටමේ ජනප්‍රිය සහ හෘදයාංගම ගීත සම්ප්‍රදායක් එකතු වූයේය යන්න ඇතතකි. නමුත් පැහැදිලිවම දකින්නට තිබූ ඒ තත්වය එදා විද්වතුන් විසින් ඉහළට නොගන්නේ මතුවෙමින් ආ රාගධාරි ශාස්ත්‍රිය සංගීත පදනම් මතින් මතුවූ සිංහල සුභාවිත ගීත සම්ප්‍රදායට ඉන් අගතියක් වේ යැයි සිතු නිසා බැව් පැහැදිලිය. ඒත් ඒ පාර්ශවය එසේ ආරක්ෂා කර ගැනීමට ගත් ප්‍රයත්නයේ දී අනිත් පාර්ශවයට සිදු වූ අසාධාරණය පුළුල් අයුරින් සාකච්ඡාවට ගැනීමට පසුකාලිනවත් කිසිවෙකු උනන්දු නොවූ පසුබිමක පරාක්‍රම ඊට කාලයකට පසු මේ දේ එසේ මතු කොට තිබීම සැලකිය යුත්තකි.

මෙරට සමාජ සාහිත්‍ය ව්‍යාපාරය ගත් කල මුල් කාලයේ දී ප්‍රාචීන – ප්‍රතිචීන අධ්‍යයනය මුල් කොට ගත් ශාස්ත්‍රිය සම්ප්‍රදායක් ලෙසින් පැවැත ( නිදසුනක් ලෙස ,දෙමළ සකු මගධ නොහසල සතට, යනුවෙන් දැක්වූයේ ඒ භාෂා අධ්‍යයනයන්හි වැදගත්කම කියා පාන්නටය. ) පසුව බි්‍රතාන්‍යය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් සමඟ විශ්ව විද්‍යාල මුල් කර ගත් සාහිත්‍ය විචාර සම්ප්‍රදායක් දක්වා වෙනස් වෙයි. +++

කෙසේ නමුත් විශ්ව විද්‍යාල මුල් කොට ගත් ඒ මුල් කාලීන සම්භව්‍ය ස්වරූපය අභියෝගාත්මක වෙනසකට ලක් කරමින් 1971 දී ඇති වන දේශපාලන නැගිටීම ඒ සමාජ සංවාදය දේශපාලන දෘෂ්ටිමය තත්වයකින් ඉදිරියට යයි. කෙසේ වුවත් මේ දේශපාලන දෘෂ්ටිවාදි සමාජ සංවාදය එක්දාස් නවසිය අසූව දශකයේ  දී දේශපාලන කැරැල්ලකින් අවසන් වන්්නේ පැවති සමාජීය සංවාදය දේශපාලන පාපොච්චාරණයක් බවට පත් කරමිනි.

මා දන්නා තරමින් පරාක්‍රම ඒකනායක ලා අයත් වන්නේ  ඒ දේශපාලන පාපොච්චාරණ සමාජ සංවාදයට ය. පශ්චාත් නූතනවාදී සාහිත්‍ය හැදෑරීමක් ද සහිතව අධ්‍යයන කව

මට්ටමින් ද සමාජ හා දේශපාලන කව වශයෙන්ද සංවිධානය වෙමින් අගනුවර කේන්ද්‍රීය ව ගොඩ  නැගුණ මෙවැනි සංවාද කුලක අතීත සමාජ දේශපාලන අත්දැකීම් පාපොච්චාරණ මට්ටමින් මෙන්ම තව දැනුම් පද්ධති සමඟ යාවත්කාලීන කරමින් තව දැනුමක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සාහයේ කොටස්කරුවන් අතරට පරාක්‍රම එකනායක ද අයත් වේ.

නැතිව ගිය හෘද සාක්ෂිය නම් ඔහු ගේ මේ තීරු ලිපි සංග්‍රහය පුරාම අපට දක්නට ලැඛෙන්නේ ද ඉහත කී  ඒ පසුබිමයි. තවද ඒ අයුරින් නිෂ්පාදනය කරගත් දැනුම තව දුරටත් නිර්මාණාත්මක විය යුතුය යන්නත් ඒ තුලින් අද පවත්නා සමාජීය අසංවේදී නිහ~තාවය බිඳ දැමීමේලා ඇති හැකියාව ගැනත් සොයා බැලීමට මේ කෘතිය පාදක  කරගන්නට හැකිය. එසේ ගත් කල නැතිව ගිය ඒ හෘදය සාක්ෂිය අලූතින් සොයා ගැනීම කාලීන අවශ්‍යතාවයක් ද වේ.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s