කොලොම්බස් කුතුහලයෙන් පිරුණු ආගමනයක්

03a89b5a-6f9b-4896-a241-47f0f5f4cb11.jpg

සඳුදා දිනයෙක සැන්දෑවකි. දවස අපේ‍්‍රල් මස දහනම වැනිදාය. වර්ෂ 2004 ය. ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් නැවත ස්පාක්‍ද්ක්‍දයේ ග‍්‍රැනඩා හි සිට ඇමරිකා එක්සත් ජනපදය ට පැමිණියේ ය. එහෙත් කිසිදු සාදර පිළිගැනීමකින් තොරව ය. සාංකාවෙන් පිරි ව්‍යාකූලත්වයක් නම් විය. එමෙන්ම ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් නමින්් සම්පූර්ණ ශරීරයක් සහිත මිනිසකු ද දැකිය නොහැකි විය. ඉකුත් වසර පන්සියයකටත් එහා කාලයක් පුරා දිරාපත් වූ ඒ මිනිස් ශරීරයට අයත් පාදයක අස්ථියකින් ගත් කොටස් කිහිපයක් ස්පාක්‍ද්ක්‍ද ජාතික මහාචාර්යවරයාට අයත් ගමන් බෑගයක තිබිණි. ඒ හැරුණු කල දතක ශේෂයක් ද තිබුණත් එය අයත් වූයේ අර කියපු ඉතිහාසයේ මහා පුරුෂයාට නො ව ඔහු ගේ නීත්‍යානුකූල නො වූ පුත‍්‍ර හර්නැන්දෝට ය.

එදා නව ලෝකය සොයා ගත් ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් ව අද නැවත සොයා ගැනීමට සිදුවී තිබීම ඓතිහාසික උත්ප‍්‍රාසයක් වැනිය.

ඒ මුරණ්ඩු මිනිසා, තමන් තෝරා ගත් කටයුත්තක් වේ නම් එය මහත් ඕනෑකමින් මෙන්ම අසීමිත කැපවීමකින් ඉටු කරන ලද ඒ අසහාය මිනිසාගේ කතාව එහෙම පිටින්ම පුරා වෘත්්තයකි. අනික් අතින් ගත් කල ඔහු යනු ලෝක ඉතිහාසයේ අවශ්‍ය ම සහ සම්පූර්ණ පරිච්ජේදයක් යැයි කීමේ කිසිදු වරදක් නැත. ඒත් කොතැනක හෝ සිදු වූ නොසැලකිල්ලක් නිසා ඒ අවශ්‍යම සහ සම්පූර්ණ පරිච්ජේදය නැවත කියවා බැලීමට සිදුව තිබේ. කොටින්ම කියනවා නම් කොලොම්බස් නමින් මෙතෙක් අප හඳුනා ගෙන සිටියේ ඒ් නිවැරදි මිනිසා ව ම ද? අමතක කරන්න එපා. ඉතිහාසයීය වීරයකු කිසිදාක සිය අවසන් නිද්‍රාව වෙනුවෙන් තැන් දෙකක් යොදා ගන්නේ නැත. නොඑසේනම් එවැන්නකු ට අවසන් විවේකය වෙනුවෙන් සොහොන් දෙකක් අවශ්‍ය වන්නේ නැත. එය කොලොම්බස්ටත් පොදු ය. එහෙම නම් ඔහු අවසාන වශයෙන් සහ සහතික ලෙසින් ම මිහිදන් වූයේ කොහි ද? ගැටලූව තියෙන්නේ එතැන ය.

Tomb-of-columbus.jpg

කොලොම්බස්ලා දෙදෙ නෙකු මහ පොළොවේ වැළලී සිටිනවා යැයි කීමට කිසිවෙකුටත් නුපුළුවන. ඉතිහාසය ඔහු සම්බන්ධයෙන් කවර සටහනක් කළත් එවැනි සඳහනක් නම් තබා නැත. එසේ නම් මෙතෙක්් කාලයක් පුරා කොලොම්බස් නමින් ලොවක ආචාරය පුද කොට ඇත්තේ වැරදි මිනිහකුට ද?

මෙය බරපතළ ප‍්‍රශ්නයක් වුණත්, ඒ නිසාම කිසිවෙකු ඒ ගැන ප‍්‍රශ්න කිරීමට කිසිදු උත්සාහයක් කිසි දිනෙක ගෙන නැත. එවැනි ප‍්‍රශ්න කිරීමක් නිසා මතුවිය හැකි ඒ අවදානම බාරගැනීමට කිසිම කෙනෙකු මෙතෙක් නිර්භීත වී ද නැත.

කොලොම්බස්ගේ දේහය ස්ථාන දෙකක වළලා ඇතැයි පැවසේ. ඉන් එක් ස්ථානයක් ඩොමිනිකන් රිපබ්ලික් වන අතර අනෙක් ස්ථානය Seville නම් වෙයි. මෘත දේහය ඉන් කොතැනක තිබුණත් එය ගොඩ ගෙන පරික්ෂා කිරීමට එරෙහිව බලවත් අකමැත්තක් තිබේ. ඒ අකමැත්තේ තේරුම පැහැදිලිය. ඔවුන් වඩාත් කැමති වනු ඇත්තේ තමන් මෙතෙක් විශ්වාස කළ අන්දමටම ඒ අසීමිත පුරාවෘත්තය ගැන අවිශ්වාසයකින් තොරව සිටීමටය. ඒ නිසා පර්යේෂකයින් මේ සම්බන්්්ධයෙන් මුහුණ පා ඇත්තේ බරපතළ අසීරුවකට ය. කොහොම වුණත් අන්තිම පැයේදී ස්පාක්‍ද්ක්‍දය ඇත්තට මුහුණදීමට තීරණය කළේය. ඒ සඳහා ප‍්‍රාදේශීය පාලකයන් ගෙනුත් දේවස්ථාන මුල් කොට ගත් ආගමික අධිකාරීන් ගෙනුත් කැමැත්ත ප‍්‍රකාශ කරවා ගැනීම ට ස්පාක්‍ද්ක්‍දයට සිදුවිය. පසුව ග‍්‍රැනඩා විශ්වවිද්‍යාලය පූර්ව සැලසුමක් ඇතිව එහෙත් පූර්වාදර්ශයක් නැති මේ කටයුත්තට අත ගැසීය.article-2607675-1d2d3a1100000578-830_634x471

ස්පාක්‍ද්ක්‍ද රජයේ පූර්ණ ආරක්ෂාව මැද දින හයක් තුළ පුරා වටිනාකමෙන් අනූන ඒ මිනී පෙට්ටි දෙක ගොඩ ගැනිණි. ඉන් එකක් ප‍්‍රශ්න කිරීමකින් තොරවම ඔහුගේ නිත්‍යානුකූල නොවූ පුත‍්‍රයා මෙන්ම කොලොම්බස් චරිතාපදානයේ කර්තෘ වරයාද වන හර්නැන්දොගේ බව පිළිගැනිණි. ඒත් ප‍්‍රශ්නය තිබුණේ අනිත් පෙට්ටිය තුළය. එහි වූයේ කොලොම්බස්ගේ අවශේෂ යැයි අනුමාන කෙරිණ. එහෙත් ඒ අනුමානය ප‍්‍රත්‍යක්ෂයක් නොවූ හෙයින් අවසන් ප‍්‍රතිඵලය DNA පරීක්ෂණයකින්ම විසඳා ගන්නා තැනකටම කටයුතු යෙදී තිබේ. අනතුරුව අනුමාන මෘත දේහය නව ලෝකය සොයා ගත් සාගරයේ අද්මිරාල්වරයාගේමදැයි අවසන් නිගමනයකට පැමිණෙන්නට පර්යේෂණ කණ්ඩායම බලාපොරොත්තු වෙයි.

columbusships

මුල් ලේඛනවල පිරිසිදු බව යහපත් තැනක තිබේ. පෙට්ටියේ වැස්මේ වූ සටහන් පවුලේ තොරතුරු ගැන පවසයි. ඒ අනුව පෙට්ටියේ ඇති මිනිස් අස්ථි නව ලෝකයේ සොයා ගත් සාගරයේ පළමු අද්මිරාල්වරයාගේයැයි විශ්වාස කළ හැකිය. ඒත් ඒ මෘත දේහය ඉතිහාසයීය වශයෙන් ඒ නිවැරදි මිනිසාගේ ම ද යන ප‍්‍රශ්නය ඒ නිසාම විසදුණේ නැත. පෙට්ටිය තුළින් මතු වන්නේ කුදු ගැසුණු මිනිසෙකි. බැලූ බැල්මටවත් අනුමාන කළ හැකි තත්ත්වයක් වෙනුවෙන් කිසිදු අනුබලයක් ඒ මිනිස් අවශේෂ ලබා නොදෙයි.

ඉතිහාසයට වැරදී ඇත්නම් වර්තමානය එය නිවැරදි කළ යුතුය. ඒ වෙනුවෙන් අවශේෂවල හිස් කබලින් කුඩා කැබැල්ලක්, හකුපාඩාවලින් සුළු කොටසක්, පාද අස්ථිවලින් කොටස් කිහිපයක් අවශ්‍ය පමණින් ලබාගැනීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කොට තිබේ.

කෙලොම්බස් මෙලොව අත්හැර යන්නේ 1506 මැයි මස විසි වෙනිදාය. මරණය සිදුවූයේ ස්පාක්‍ද්ක්‍දයේ උතුරු – බටහිර කලාපයේ දී ය. ඔහුගේ දේහය තැන්පත් කෙරුණේ ප‍්‍රැන්සිස්කන් කන්‍යාරාමයක් ඇසුරේය. අවිවේකි ආත්මයකට විවේකයෙන් සැතපෙන්නට එය සුදුසු ස්ථානයක් විය. එහෙත් ඒ විවේකය වසර තුනකට සීමා කරමින් ඔහුගේ මෘත දේහය එතැනින් ගොඩ ගෙන Seville නම් ඒ ස්ථානයේ පිහිටි දේවස්්ථාන භූමියේ නැවත මිහිදන් කෙරිණි. කෙසේ වුව ද මරණයෙන් පසුව ද එක්තැනක නිසොල්මනේ සැතපෙන්නට පූර්ව නියමයක් ඔහුට නොවූ හෙයින්දෝ එය යළිත් ගොඩ ගැනීමට කටයුතු කෙරිණි.

columbus-indians

සුවිශේෂ පුද්ගලයින් ගේ මෘත දේහ මිහිදන් කරන විට ඔවුන් ජීවත්ව සිටි කාලයේදී ඒ සම්බන්ධයෙන් සිය කැමැත්ත පළ කළ ස්ථානයක් වේ නම් ඒ ගැන විශේෂයෙන් ම සලකා බැලෙයි. එසේ ගත් කල හිස්පැනියෝලා හි කැරිබියන් දූපත් ප‍්‍රදේශය මේ මහා දේශ ගවේෂකයා ප‍්‍රථමවරට පය ගසා ගොඩ වූ බිම වේ. ඒ 1492 වසරේ දෙසැම්බර් මස දී ය. බොහෝ දෙනෙකු විශ්වාස කරන අන්දමට ඔහුගේ දේහය සන්තො දොමින්ගු නම් ඒ ස්ථානයේ මිහිදන් කෙරෙන්නේ අර කී තත්වය අනුව යමිනි. ඩොමිනිකන් රිපබ්ලික් නමින් හැඳින්වෙන මෙම භූමියට බටහිරින් ඇත්තේ හයිටි නම් කුඩා රාජ්‍යයයි. පසුව 1877 දී ඔහුගේ මෘත දේහය සහිත මිනී පෙට්ටිය සන්තො දොමින්ගො හි දේවස්ථානයේ බිම් මහලේ තිබී හමුවන්නේ තවත් අඩුම කුඩුම රැසක් ද සමඟිනි. කෙසේ වෙතත් 1898 අවුුරුද්දේ ඇතිවන ස්පාක්‍ද්ක්‍ද – ඇමරිකන් යුද්ධය පසුබිමේ එය යළිත් Seville දේවාස්ථාන භූමියේ ම මිහිදන් කෙරිණි.

මෘත දේහය සහිත පෙට්ටියේ පියන්පත ඇතුළත මෙවැනි සටහනක් විය. The illustrious and enligtened male Don Cristobal Colon (අතිවිශිෂ්ටවූත් විශාරදවූත් පුරුෂයා – දොන් ක‍්‍රිස්ටෝබල් කොලොන්) ඉතාලි ව්‍යවහාරයේ දී ක‍්‍රිස්ටො ෆොරො කොලොම්බො යනුවෙන් ද ඉංග‍්‍රීසි ව්‍යවහාරයේ දී ක‍්‍රිස්ටෝෆර් කොලොම්බස් වශයෙන් එන්නේ අර කියන්නට යෙදුණු ක‍්‍රිස්ටෝබල් කොලොන් ය. එසේ බලන කල නාමය නිවැරදිය. එය දිරා ගොස් හෝ අවතැන් වී හෝ නැත. ප‍්‍රශ්නය තියෙන්නෙ දිරාපත් දේහය තුළ ය. ඉතිහාසයට අනුව කොතැනක හෝ වරදක් සිදුව ඇත. වරදට හේතුව ස්පාක්‍ද්ක්‍දයේම අනවශ්‍ය කලබලය යැයි අසන්නට ලැබේ. ඒත් සමඟම ඇති රිදී තහඩුවක මෙවැනි සටහනක් ද හමුවේ. The last part of the remains of the Admiral Don Colon (අද්මිරාල් දොන් කොලොන් මෘත දේහයේ අවසන් ශේෂය යි.) නමුත් ඒ හැඳින්වීම ඒ ආකාරයටම ඔහුගේ පුත‍්‍රයාටත් යෙදිය හැකිය. එමඟින් ඔහු වෙනුවෙන් වෙසෙස් අනන්‍යතාවක් ප‍්‍රකාශ නොවීම ඊට හේතුවයි.

b3b01f76ba786897aebcff4b1920b683-e1318256863644

දේවස්ථාන භූමියේ ඇත්තේ මාර්බල්වලින් තැනූ අඩි 45ක් උසැති සොහොන් කොතකි. ඒ විශිෂ්ට ස්මාරකය දෙපසින් ලෝකඩ සිංහ රූප දෙකක් ද දැකිය හැකිය. තවත් එවැන්නක් හා සමවන ආකාරයට නිර්මාණයක් ඉදි නොවන ආකාරයට වග බලා ගත් බවක්ද එමගින් ප‍්‍රදර්ශනය වේ. තවද අපූර්ව ප‍්‍රදීපාගාරයක් ගැනද මෙහිදි සටහන් නොකර බැරිය. ඩොමිනිකන් ලේඛකයෙකු එය නම් කළේ, දැල්වෙන ප‍්‍රදීපය, යන නමිනි. සැලසුම නිර්මාණය කළේ ජෝශප් ලෙ ග්ලොව් නම් තරුණ බි‍්‍රතාන්‍ය ජාතිකයෙකි. 1923 දී ජාත්‍යන්තර සම්මානයෙන්ද එය පිදුම් ලැබී ය. නමුත් අස්ථාවර දේශපාලන ව්‍යාකූලත්වය නිසා නිර්මාණ ශිල්පියා මියයනතුරුත් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ නොවුණි. අවසානයේ දී ඒ දැල්වෙන ප‍්‍රදීපය දැල්වුණේ 1992 දීය. ෆාරෝ කොලොන් අනුස්මරණීය ප‍්‍රදීපාගාරය එසේ ඉඳිවන විට හිස්පැනියෝලා භූමියට ඔහු පය තබා වසර පන්සියයක් ඉකුත් වී තිබිණි. බලගතු බැටරියකින් ක‍්‍රියාත්මක වුණු එහි විදුලි පහනේ යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දර්ශනය කැටයම් කෙරිණි. රාත‍්‍රි අහසේ විහිදෙන ආලෝකයෙන් ඒ රුව දර්ශනය විය.ඒ සෑම කටයුත්තක්ම එසේ නිවැරදිවත්, සම්පූර්ණවත් ඉදිවී තිබිණි. එහෙත් ප‍්‍රශ්නය ද එසේම තිබිණි. මේ සකලවිධ ගෞරවය ලැබිය යුතු සැබෑ හිමිකරුට අයත් මිනී පෙට්ටිය කුමක් ද යන්නයි ඒ.

ක‍්‍රිස්ටෝෆර් කොලොම් බස් ව අලූතින් සොයායෑම තුළින් නව විශේෂාංග ප‍්‍රවෘත්ති මාධ්‍ය කලාවක් බිහිකරන බව මාධ්‍ය ආයතනයන්ට කලින් ප‍්‍රචාරණ වෙළෙඳ ආයතනයන් දැනගත්තායැයි සිතමි. විද්‍යුත් මාධ්‍ය සහ සමාජ වෙබ් ජාලා හමුවේ පසුබසිමින් සිටි මුද්‍රිත මාධ්‍යයට ප‍්‍රබල උත්තේජනයක් මෙවැනි ඓතිහාසික මගහැරීම් වෙතින් ලැබෙන්නේ යැයි ප‍්‍රචාරණ නිර්මාණ අධ්‍යක්ෂවරුන් මේ වන විටත් තීරණය කොට හමාරය. සෝප් ඔපෙරා වැනි බාල මට්ටමකට නොගොස් මෙවැනි ඉහළ ආස්ථානයකින් නව මුද්‍රිත විශේෂාංග මාධ්‍ය සම්ප‍්‍රදායක් ආරම්භ කිරීමට ලැබීම ගැන ඔවුහු මහත් තෘප්තියකින් පසුවෙති. නව නිර්මාණ ආවේශයක් ඒ තුළින් මතු කර ගැනීමේ හැකියාවක් ද ඔවුහු දකිති. මේ වන විට යල්පැන ඇති පිටසක්වල ජීවින් පිළිබඳ කතා මෙන්ම කල්පිත ඉතිහාස පුරාවෘත තවදුරටත් ප‍්‍රචාරණයට අවැසි මිනිස් කුතුහලය අවදි නොකරන බව ද ඔවුහු පවසති.

ඒ අනුව කොලොම්බස් කුතුහලය සහ එහි නව සොයා යෑම ඓතිහාසික සංසිද්ධියක් වන්නේ හුදෙක් විවේකි බුද්ධිමතුන්ට පමණක් නොවන බවත් කුතුහලයෙන් දැපුණු පොදු සමාජයටත් එලෙසින්ම අදාළ බවත් යට කී ප‍්‍රචාරණ සමාගම් අවබෝධ කරගෙන සිටියි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s