මිදුලේ ‘මෝස්තර ගස් නිසා අපට අහිමි වන සමනල්ලු

Lime Butterfly Papilio demoleus -1800.jpg

“හැම දවසක් ම අලුත් දවසක්. වාසනාව ඇත්නම් හොඳ යි. ඒත් වාසනාව කොහොම වුණත් නියම පිළ‍ිවෙළකට වැඩ කරන්න මා කැමතියි. එතකොට වාසනාව පැමිණෙන විට සූදානමින් සිටීමට මට පුළුවන්.”

– අර්නස්ට් හෙමිංවේ

ශ්‍රී පාද සමය ආරම්භ වී ඇතැයි අද අපට පවසන්නේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය යි. ඒ නිසාම ඒ ගැන ප්‍රවෘත්තියකින්, තොරතුරකින් එහාට ගිය කිසිදු සංවේදී හැඟීමක් අප සිත් තුළ උපදින්නේ නැත. ඒත් මීට කාලයකට උඩ දී අපේ ගෙවතු butterfly-3පුරා විචිත්‍ර දර්ශනයක් පහළ වී තිබිණි. නන් පැහැයෙන් යුත් සමනලුන් එක් වනම ගෙවතු හරහා පියා සලන්නට පටන් ගත්තේ ඔවුන් කොහේ සිට ආවා දැයි සිතන්නටවත් ඉඩක් නො තබමිනි. ඒත් ඒ අපූරු හැඟීම් ඉදින් යළි කිසිදාක අප සිත් තුළ ඇති නොවනු ඇත.

වැලැන්ටයින් වැනි ආක්‍රමණශීලි ශාක විසින් ආක්‍රමණය කරන ලද අද, අපේ ගෙමිදුලට සමනලයෙකුට තබා ගැඩවිලෙකුටවත් ඇතුළුවීමට ඇති ඉඩ අහුරා ඇත. කොන්ක්‍රීට් පාරාදීසයක තිබිය හැක්කේ කිනම් ජෛව විවිධත්වයක් ද?

1999 රතු දත්ත ලේඛනය සඳහන් කරන අන්දමට ලංකාවේ සමනල විශේෂ 76 ක්ම වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටියි. ඉනුත් මෙරටට ආවේණික සමනලුන් වර්ග අතරින් විශේෂ 13 ක් සදහට ම වඳ වී යන තැනට පැමිණ ඇත.

ඉහතින් කී අන්දමට අතීතයේ දී අපේ ගෙවතුවලට ආ සමනලුන්, ඉගිළ ගියේ එකම දිශාවකට ය. ඒ දිශාව යොමු වී පවත්නේ දුම්බර කඳුකරයටයි. ශ්‍රී පාදය අයත් වන්නේත් ඒ කඳුකර කලාපයටමය. සමනලුන් ශ්‍රී පාද වන්දනාවේ යනවා යන කතාව නිර්මාණය වන්නේ එබැවිනි.

b1-10.jpg

එක් සමයක එකම දිශාවකට යෑම

සමනලයින් නියමිත කාලයක දී එකම දිශාවකට ඉගිළ යෑම සංක්‍රමණයක් ලෙසින් හැඳින්වූවෝ ද වෙති. එහෙත් බොහෝ පරිසරවේදීන් මේ මතය ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දෙන්නේ සංක්‍රමණය යන්නෙහි මූලික අර්ථයවත් ඔවුන්ගේ ඒ හැසිරීමේ දකින්නට නැති බව යි. සංක්‍රමණයක දී සිදු වන්නේ තමන්ගේ නිජ බිමේ කිසියම් අහිතකර කාලයකට මුහුණ දෙන ජෛව ප්‍රජාවක් ඒ අහිතවත් බව ගෙවෙන තෙක් තමන්ට හිතකර පාරිසරික තත්ත්වයක් ඇති රටකට පිටත්ව යෑම යි. පසුව අර කී කාලය ගෙවී යෑමෙන් යළි පැමිණිම සිදු වේ. නමුත් දුම්බර කඳුකරයට අපේ වතු ඔස්සේ ඉගිළ ගිය සමනලුන් යළිත් ඒ ගිමඟ ඔස්සේ ආපසු ආවේ නැත.

ඉහත තත්ත්වය සැලකිල්ලට ගත් පරිසරවේදීන් පෙන්වා දෙන ආකාරයට සෑම වසරක ම මෝසම් ඍතු සමයත් සමඟ සමනලගහනය බහුල වීමක් සිදු වේ. එසේ වැඩි වන සමනලගහනය ඒත් සමඟම මුහුණපාන ප්‍රශ්නය වන්නේ ආහාර හිඟකමයි. ආහාර සම්බන්ධයෙන් ඇතිවන මේ ගැටලුකාරී තත්ත්වය මඟ හරවා ගැනීමට උන්ට අවශ්‍ය වීම තුළ අවසානයේ දී ඔවුහු සිය උපන් ස්ථාන හැරපියා ගොදුරු බිම් සොයා ඉගිල යති. වෙරළේ උපත ලබන කැස්බෑ පැටවුන් සාගරයේ සිය ගොදුරු බිම් සොයා යාම හා ඉහත තත්ත්වය අතර සමානකමක් තිබේ. ඒ අනුව අතීතයේ දී සමනලයෝ අවුරුද්දේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාසවලදීත් සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් යන කාලවලදීත් අර ආකාරයට කණ්ඩායම් වශයෙන් දුම්බර කලාපයට ඉගිළ ගියෝය. මේ කාල වකවානු ශ්‍රී පාද සමය ආරම්භ වන සහ අවසන් වන කාලයම වෙයි.robert-clark-snake-head-moth-atlas

 

සිංහල වාසගමක් ඇති එකම සමනලයා

ලංකාවේ වෙසෙන සමනල විශේෂ අතරින් 67 ක්ම එසේ ඉගිළ යන්නවුන් බව හඳුනාගෙන තිබේ. ඒ අතරිනුත් සුදු සහ කහ පැහැයෙන් දැකිය හැකි පොදු සුදනා, තිත් පිය පියාසැරියා සහ පියාසැරියා සුලබව දැකිය හැකි බවට නිරීක්ෂණ වාර්තා ඇත.

ජෛව විද්‍යාත්මක නාමකරණයේ දී අප රටේ විසූවත්, අපට ම ආවේණික වුණත් සමනලයින්ට තිබෙන්නේ ඉංග්‍රීසි සහ butterfly-1.jpgලතින් නම් ය. සිංහල නමකින් හැඳින්වෙන්නේ ඒ අතරින් එකම විශේෂයක් පමණි. (ඌට ද ඉංග්‍රීසි නමක් ඇත.) සිංහල වාසගමක් ඇති ඒ සමනලයා “මහ නීලයා” (Blue Mormon) ය. මෙරට වෙසෙන කුඩා ම සමනල විශේෂය රන් තෘණ නීලයා (Grass Jewel) ය. විශාලතමයා මහ කුරුලු පිය පැපිලියාය. (Ceylon Bird Wing) නමින් හැඳින්වෙයි.

සමනලයා ගේ මුල් අවස්ථාව දළඹු සමය ය යන්න කවුරුත් දන්නා කරුණකි. තව ද පොදුවේ අප දන්නා ආකාරයට දළඹුවා ශාක පත්‍ර ආහාරයට ගැනීමෙන් ජීවත් වන බව ද නොදත් තොරතුරක් නොවේ. එහෙත් වඳුරු නීලයා (Ape Fly) නම් සමනල විශේෂයේ දළඹුවා වැඩෙන්නේ ‘පිටි මකුණා’ නමින් පසුගිය දිනවල දී අප විශේෂයෙන් ම හඳුනාගත් කෘමියා ආහාරයට ගැනීමෙනි. ඒ අනුව පිටි මකුණාගේ බෝවීම වඳුරු නීලයාගේ වඳ වීමත් සමඟ බැඳී පවතී.

සමනල බිත්තර ද විවිධාකාර ය. වී ඇටයක ස්වරූපයෙන්, ගෝලාකාර හැඩයෙන්, ඉහළින් උල් වූ ආකාරයෙන් ආදි වශයෙන් ඒවා දැකිය හැකි ය. සුමට මතුපිටක් සහිත මෙන් ම දාරමය මතුපිටක් සහිත ඒවා ද මේ අතර වේ. සුදු, කහ, තැඹිලි, ළා කොළ පැහැයෙන් ද දැකිය හැකි ය. සමනල බිත්තර මෝරා යෑමෙන් පසු එළියට එන දළඹුවා මඳ වේලාවක් යන තෙක් නිසොල්මන්ව සිටියි. පසුව පුපුරා ගිය උගේ ම බිත්තර කා දමමින් ආහාර ගැනීම අරඹයි. ශාක පත්‍ර කා දමන දළඹුවන් අතර, පත්‍රය තුළට රිංගා එහි පටක කා දමන දළඹු විශේෂයක් ද වෙයි. ඒ රතු පඳුරු නීලයා (Red Pierrot) ගේ දළඹුවා ය. මේ අතර අක්කපාන ශාක පත්‍ර ආහාරයට ගනිමින් ජීවත්වන දළඹු විශේෂයක් ද ලංකාවේ වෙසෙයි.

ButterflyGraphic.jpg

සමනලයා මල් පැණි බී වැඩෙන සත්ත්ව විශේෂයක් ලෙසින් හඳුනාගෙන සිටියත් සත්ත්ව වසූරුවල යුෂ උරා බී වැඩෙන සමනල විශේෂයන් ද වනගතව වෙසෙයි. එමෙන් ම විල්පත්තු, සිංහරාජය කන්නෙලිය වැනි නිහඬ වන පෙත් හි සංචාරය කරන්නවුන්ට ඇතැම් තෙත් බිම්හි පො‍ෙළාව සිපගෙන වසා සිටින සමනල රංචු දැකිය හැකි ය. ඒ ඔවුන් සිය ජල අවශ්‍යතාව සපුරා ගන්නා ආකාරයයි.

Endemic_Ceylon Rose.jpg

මුල සිටම ස්වාභාවික ආරක්ෂාව

දළඹු අවස්ථාවේ සිට ම ස්වාභාවික ආරක්ෂක ක්‍රමෝපායයන් ලබා දී ඇති ස්වභාව ධර්මය ඒ ආකාරයට ඔවුන් ගේ පැවැත්ම ගැන විශේෂ අවධානයක් යොමු කොට ඇති බවක් පෙනේ. සමහර දළඹු විශේෂයකට විෂ ඉන්ද්‍රියක් පිහිටන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. බියපත් වූ විට ඒ දළඹු විශේෂය වෙතින් අමිහිරි ගඳක් සහිත වාෂ්පශීලී විසක් අවට පරිසරයට මුදා හැරෙයි. අච්චිලයා (Baron) නම් සමනල දළඹුවාගේ සිරුර පුරා ම සේද කෙඳි තිබේ. ඒ ද ආරක්ෂක ක්‍රමෝපායයක් වශයෙනි.

සමනලයින් පරිසරයේදී සිය විලෝපිතයින්ගෙන් ගැලවෙන්නේ විවිධාකාර මායා දර්ශන සහ තවත් එවැනි ප්‍රයෝග උපයෝගී කොට ගැනීමෙනි. ඒ අනුව ඇතැමෙක් වේගයෙන් පියෑඹීමට සමත් ය. නිල් පැපිලියා, කොළ පැපිලියා, යෝධ සුදනා, කහ පියාසැරියා, කහ පැපිලියා, මොනර පැපිලියා එවැනි ශූර පියාසලන්නෝ වෙති.

තවත් සමනල විශේෂයක පියාපත් වියළි ශාක පත්‍ර වැනි ය. සෙවණ සහිත වියළි පරිසරවල දී එක්වනම වෙන්කර හඳුනා ගැනීමට නොහැකි වීම නිසා ඔවුහු සිය ආරක්ෂාව සලසා ගනිති. නිල් කැළෑ කොළයා, මහ ගස් නීලයා, දම් ගස් නීලයා, පොදු දුඹුරුවන්, සැඳැ දුඹුරුවන්, ගස් දුඹුරුවන් සහ තල් දුඹුරුවන් යන විශේෂ ආරක්ෂාව සපයා ගන්නේ ඒ ආකාරයට ය.

sinharaja-butterfly75.jpg

දීප්තිමත් වර්ණ පාමින් සිය සිරුරු විස සහිත බව හඟවා විලෝපිතයන් රවටා ජීවිත ගලවා ගන්නවුන් ද මේ අතර වෙයි. ඔවුහු අප රටේ ද වාසය කරති. එමෙන් ම දළඹු වියේ දී ආහාරයට ගත් ශාක පත්‍රවල විස සහිත බව සමනල වියේදීත් ශරීරගතව පවත්වාගෙන යන සමනල විශේෂයන් ද සිටින බැව් හඳුනාගෙන තිබේ. මහ රෝස පැපිලියා, පොදු රෝස පැපිලියා, ඉරි තැඹිලි කොටිතියා, පොදු තැඹිලි කොටිතියා, යන විශේෂ එකී වර්ගීකරණයට අයත් වන්නවුන් ය.

තල් දුඹුරුවා, කළු පැපිලියා යන විශේෂ කිසිදු ශරීර විසක් නැති සමනලයෝ වෙති. එහෙත් ඔවුන් ලෝකයට කියන්නේ තමන් විස සහිත බවයි. ඒ සඳහා විස ඇති සමනල විශේෂවල වර්ණ අනුකරණයෙන් දක්වන ඔවුහු පහසුවෙන්ම සිය විලෝපිතයන්ගෙන් ගැලවී යති.

ඉහත කී සියලු උපක්‍රම අහිමි තවත් සමනල විශේෂයන් හි පියාපත් විශාල ඇස් ආකාරයෙන් වර්ණ ගැන්වී තිබේ. පියාපත් විදහාගෙන වසා සිටින එවැන්නවුන් දුටු මතින් ම බිහිසුණු සත්ත්ව විශේෂයක් ලෙසින් හැඟී යයි. තවත් සමනල විශේෂයක් එසේ වසා සිටින විට පෙනී යන්නේ සර්ප දරනයක් මෙනි.

මේ අතර සමනලුන් සිය ගොදුරු බිම් (නතු බිම් වශයෙන් ද හඳුන්වා දී තිබේ.) වෙන් කරගනිමින්. සෙසු සමනල විශේෂයන්ට ඒ ආසන්නයටවත් පැමිණීමට නො දී පලවා හරින තත්ත්වයක් ද නිරීක්ෂණය කොට තිබේ. පරිසරවේදී සජීව චාමිකරගේ එවැනි නිරීක්ෂණයකට අනුව පාම්ස් (තාල වර්ගයට අයත් විදේශීය ශාක විශේෂයකි) ගසක් ආසන්නයේ වර්ග මීටර් 6 ක පමණ ප්‍රදේශයක් ආවරණය වන සේ පියාඹමින් සිටි සමනලයකු වරින්වර ශාක පත්‍ර මත සිය උදර සිරුර අතුල්ලමින් යම් සලකුණු කිරීමක් සිදු කොට ඇත.

butterfly-tour-3.jpg

එසේ ලකුණු කරගත් සිය ප්‍රදේශ සීමාව තුළ ළැග සිටි මේ සමනලයා ඒ අසලට පැමිණෙන ගැහැනු – පිරිමි, සතුන් පමණක් නොව Common Mormon, Tailed Jay යන සමනලුන් හා ශරීර ප්‍රමාණයෙන් විශාල Blue Mormon වැනි විශේෂ පසුපස ද හඹා යමින් තමන් සලකුණු කළ සීමාවෙන් පිටතට පලවා හැර ඇත. ආගන්තුක සමනලයින් එසේ එළවා දැමීමෙන් පසු නැවතත් තමන් සලකුණු කරගත් ප්‍රදේශයට පැමිණි ඌ එහි ම ලැග සිට ඇත. පරිසරවේදී චාමිකර ay_108761750පවසන්නේ එසේ පැමිණි ආගන්තුකයන්ගෙන් මුලින් කී සමනලයාට තර්ජනයක් එල්ල නොවුණත් තමන්ට නතු කරගත් ප්‍රදේශයේ ළැග සිටි ඒ මුල් සමනලයාගේම වර්ගයට අයත් සමනලයින් ගෙන් ඌට තර්ජනයක් එල්ල වී විශේෂත්වයක් විය. අනිත් අතට නතු බිම් ප්‍රදේශයට ආ ගැහැනු සතුන් පවා එළවා දැමීමට මුල් සමනලයාගේ ඉදිරිපත් වීම ද හඳුනාගත යුතු කරුණක් වේ.

සමනල වසම් චර්යා අධ්‍යයනය

“මෙතැන් සිට අරඹන ලද සමනලුන්ගේ වසම් චර්යා අධ්‍යයනය විධිමත් ව සිදු කෙරුණි. එහි දී පැහැදිලි වූයේCommon Palm Fly සමනලුන් මේ පෝසක ශාක සහිත ප්‍රදේශ පමණක් නොව, වෙනත් ශාක සහිත ප්‍රදේශ ද තම නතු බිම් ලෙසින් සීමා කරගන්නා බවයි. එහි විශේෂත්වය වූයේ මේ සමනලුන් මල් සහිත ශාකවලින් යුත් ප්‍රදේශ නතු බිම් ලෙස සීමා කර නො ගැනීම යි.”

මේ අතර කුඩා සමනලුන් අයත් කුලයක් වන Lycaniade හි Lime Blue මල් පැණි බොමින් සිටිද්දී, ඒ අසලට පැමිණි White Four Ring සමනලුන් හා වෙනත් කුඩා සමනලයින් එළවා දමන අයුරු ද පරිසරවේදී චාමිකරගේ නිරීක්ෂණයට අසු වී තිබේ. “එහි දී නතු බිමක් සීමා කිරීමක් නො කරන මේ සමනලුන් මල් පැණි බීමේ දී බාධා කරන සතුන් ඒ ස්ථානයෙන් පලවා හැරීම පමණක් සිදු කරන බව නිරීක්ෂණය කළ හැකි විය.”

තමන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය මල් පැණි ලබා ගැනීම යන කරුණ වෙනුවෙන් ම සීමා මායිම් ලකුණු කරන සමනල්ලු ද සිටිති. ඔවුහු Gray Pancy, Peacock Pancy, Chokolat Soldiar, Common Castor, Common Leopard හා Lime Butterfly නම් වෙති. මොවුන්ගේ සීමාවන් තුළ මල් සහිත ශාක වශයෙන් බොහෝ විට දැක ගැනීමට හැකි ව ඇත්තේ ගඳපාන ශාක වේ. ඒ ආකාරයට සිය නතු ප්‍රදේශයේ ශාකයක වසා සිටින එවැනි සමනලුන් සිය සීමාවට පැමිණෙන ආගන්තුකයින් පමණක් නොව තමන්ගේම වර්ගයේ අය පවා පළවා හරින ආකාරය නිරීක්ෂණය කොට තිබේ.

top-img3.jpg

එසේ පැමිණෙන්නවුන්ව හඹා ගොස් ඌට බාධා වන ආකාරයෙන් පියාපත්වල ගැටෙන ආකාරයට පියාඹමින් ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනත් දිසාවකට හරවා පලවා හරින ආකාරයක් එසේ නිරීක්ෂණයට ලක්කොට තිබේ. පැමිණියවුන්ව එසේ එළවා දැමීමෙන් පසු නැවතත් සිය ගොදුරු බිමට පැමිණෙන මුල් සමනලයා මල් පැණි බීම ආරම්භ කරයි. එසේ නැත්නම් නිශ්චලව ළැග සිටියි. කෙසේ වෙතත් මේ අන්දමට ගොදුරු බිමක් තමන්ට නතු කරගන්නා විට එහි ක්ෂේත්‍ර ඵලය කුඩා වේ.

එසේ වුවත් Gray Pancy තම නතු ප්‍රදේශය ලෙස ගොදුරු බිම පමණක් නොව විශාල විවෘත ප්‍රදේශ ද වෙන් කරගෙන නිදැල්ලේ ළැග සිටිනවා ද නිරික්සුමට ලක්ව තිබේ. “මෙය නිරීක්ෂණය කිරීමට ලැබුණේ මීතිරිගල වනාන්තර ප්‍රදේශයේදීය. වර්ග මීටර් 15 ක් පමණ විශාල විවෘත, සූර්යාලෝකය හොඳින් ලැබෙන ශාක සහිත ප්‍රදේශයක් එසේ නතු කරගෙන සිටි මෙම සමනලයා ලැග සිටියේ අඩි 10ක්

Mountain_Butterfly_in_india.jpg

පමණ උස ස්ථානයක ය. ඒ නතු බිම් ප්‍රදේශය පුෂ්ප සහිත ශාක වලින් තොර වීම විශේෂත්වයක් විය. Gray Pancyසමනලයා සිය නතු ප්‍රදේශයට පැමිණෙන සියලුම සමනලුන් පලවා හරිනු දක්නට ලැබිණි. ඒ අන්දමට ම Blue Mormon,Clipper, Tanil Lecewing හා Banded Peacock සමනලුන් පලවා හරිනු ලැබීය. මේ සමනලයාගේ නතු ප්‍රදේශය හරහා ඉගිළ ගිය කුඩා කෘමි සතෙකු ද එළවා ඒ ප්‍රදේශයෙන් පලවා හරිනු දැකිය හැකි විය. “ඒ අනුව යමින් පරිසරවේදී චාමිකර පවසන්නේ සමනලයකු නො වන වෙනත් කෘමි සතෙකු එසේ පලවා හරිනු දැක ගත හැකි වූ මුල්ම අවස්ථාව වශයෙන් තමන් එය සඳහන් කරන බව ය.

මේ හැරුණු කල සමනලයින් යුවළක් එකතු වී තමන් සඳහා ප්‍රදේශයක් වෙන් කරගත් අපූරු අවස්ථාවක් ද දැක බලා ගැනීමට අප පරිසරවේදියාට හැකි වී තිබේ. Great Eqqfly නම් සමනල විශේෂයට අයත් යුවළක් වර්ග මීටර් 15 ක් තරම් ප්‍රදේශයක් ඉඳිකඩ මූකළානෙන් තමන් සඳහා එසේ වෙන් කරගෙන තිබේ. ඒ බව ප්‍රකාශ කිරීමට ඔවුන් දෙදෙනා ලැග සිට ඇත්තේ අදාළ සීමා මායිමේ දෙකෙළවරක පොළෝ මට්ටමේ සිට අඩි 10 ක් පමණ උසකිනි. ඒ සීමාවට ආ Blue Mormon සහ Clipperයන සමනල විශේෂ පලවා හැරියත් ඒ අයුරින් ම නතු බිමට ආ Grass Yellow පලවා නොහැරියේ මන්ද යන්නට පැහැදිලි හේතුවක් සොයා ගත නොහැකි විය.

කෙසේ වෙතත් මේ නිරීක්ෂණවලදී සමනලුන්ගේ නතු බිම්හි ප්‍රමාණය තීරණය කොට ඇත්තේ හිමිකාරයා, ආගන්තුකයින්ට පහර දෙන සීමාවන් මත පිහිටමිනි. දළ වශයෙනි. ඒ අනුව එය හුදු අනුමාන කිරීමක් ලෙසින් ගැනීම වඩාත් නිවැරැදි වෙනු ඇත. අනිත් අතින් ගත් කල ඉහත කරුණ ගැන විධිමත් අධ්‍යයනයක අවශ්‍යතාව ද මෙහි දී බැහැර කළ නොහැකි ය. කොහොම වුණත් අවසාන වශයෙන් අපට අසන්නට ඇත්තේ ඒ විචිත්‍ර ජෛව විවිධත්වය ගෙවතුවලින් බැහැර කළ නූතන ගෙවතු අලංකාරය, අලංකාරයක් වශයෙන් තවදුරටත් පිළිගන්නට ඔබ කැමැති ද යන්න යි.

බී. කේ. එම්. එස්. ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s