Interview with Rynosirus

1435627611_10467060_10153198753872771_2565221005305319662_o

රයිනෝසිරස් නාට්‍යය සම්බන්ධ සාකච්ජාව

කපිල කුමාර කාලිංග

සාකච්ජා කලේ

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

ප්‍රශ්නය – ඉයුජින් අයනෙස්කෝ ගේ , රයිනෝසිරස් , නාට්‍යයක් වශයෙන් ඔබේ විශේෂ පිලිගැනීමකට ලක් වන්නේ ඇයිල ඔබ එය නිශ්පාදනය කරපු කාලයට අදාලව කතා කලොත් රෑ

පිළිතුර – කියවීම නිසා ලද ආස්වාදය මීට හේතු වුණා යැයි කියන්න පුළුවන්ග ඊට අමතරව පිටපතේ තිබුණ අපූර්වත්වය නාට්‍යමය ජීව ගුණය යන මේ ලක්ෂණ නිසාත් රයිනෝසිරස් අපේ රටේ වේදිකාවට ගෙන ආ යුතුමයි කියන හැඟීම මගේ හිතට තදින් ම දැනුණා.

නාට්‍යයක් වශයෙන් ගත්තම එහි ඇති සර්වකාලීනත්වය ත් මගේ සිතට තදින් ම දැනුණ දෙයක්. මම හිතන විදියට එය එක කාලයකට ලඝු කරන්න බැහැ. අනිත් අතින් ගත්තම මෙය නිෂ්පාදනය කරපු කාලයේ සමාජ දේශපාලනය ට අදාලවත් රයිනෝසිරස් පැහැදිලි ආමන්ත්‍රණයක් වුණා. ඒ වගේම අදටත් ඒ අදාලතාවය තියෙනවා.

ප්‍රශ්නය – ඔබ දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් වශයෙන් ඉදලා තියෙනව දරෑ එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාකාරීකයෙක් වශයෙන් වත් රෑ

පිළිතුර – දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීව සිටියාය කියල කෙලින්ම කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඒ කාලෙ අපට බලපෑමක් වුණා කොමියුනිස්ට් පක්ෂය. හැබැයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියන එක එයින් අදහස් වෙන්නෙ නෑ. රුසියන් සාහිත්‍යයල චීන සාහිත්‍යය හරහා අප තුළ ඇති වුණු සමාජ විපර්යාසකාරි බව මානව වාදය යහපත් බව හා බැදුණු මානව පෞරුෂත්වය තමයි කොමියුනිස්ට් පාක්ෂිකත්වය ඔස්සේ අපේ ඇඟයීමට ලක් වුණේ. ඔහොම යනකොට ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සමගත් අපට සම්බන්ධතා ඇති වුණා. ඒ අතර සමහර අය සමසමාජ පක්ෂය ට බැඳුණා. චීන පිලට එකතු වුණා. ඒ කොහොම වුණත් විවිධ දේශපාලන මතවාද දරන කණ්ඩායම් සමඟ අපේ සම්බන්ධතා ඒ නිසාම වැඩි දියුණු වුණා. ඒත් මම කොමියුනිස්ට් පක්ෂය සමඟ පුර්ණකාලීන වශයෙන්් සම්බන්ධකම් ඇති කරගත්තේ නෑ. එක්තරා කාලයක දී ඔවුන් අපේක්ෂක සාමාජිකත්වයක් මට ලබා දී තිබුණා. අපේක්ෂක සාමාජිකත්වය කියන්නේ සාමාජිකයා වෙන්න කලින් දෙන පොඩි ට්‍රයල් එකකට. කොහොම වුණත් මගේ ඒ ට්‍රයල් එක එතැනින් ම ඉවර වෙනවා.

ඒ වගේම මම ,ඇත්ත, පුවත්පතේ ත් වැඩ කලා. ආධුනික ලේඛකයෙක් හැටියට. ඒත් එතන හිටපු දැවැන්තයොත් එක්ක පෑහෙන්න බැර්කමක් ද තිබුණා. ඒ වගේම කලකිරීමකුත් ඇති වුණාය කියා හිතෙනවා. අපි හිතාන හිටිය කොමියුනිස්ට්වා දී මානවවාදීන්ම ද මෙතැන ඉන්නෙ කියල හිතුණා. හැබැයි එහෙම අයත් නොසිටියා නෙවෙයි. ඒ හැරුණම අනිකුත් පක්ෂවල වගේ ඒකෙන් කඩා වඩා ගෙන ජීවත් වන වෘත්තීය වශයෙන් ම ඒ දේ කරන දේශපාලන චරිත කොමියුනිස්ට් පක්ෂයෙත් හිටියා. මග හිතෙනවා ඔය පක්ෂය කඩා වැටෙන්නත් හේතුවත් හුඹස් වැනි මිනිසුන් තමයි කියලා.

ප්‍රශ්නය – අයනෙස්කො නම් නාට්‍ය රචකයා ගැන දේශපාලන වශයෙන් මොන වගේ කියවීමක ද ඔබ ඉන්නෙ රෑ

පිළිතුර – අපි පොදුවේ අයනෙස්කො නමින් ඔහුව හැදින්වුවත් ප්‍රංශ උච්චාරණයට අනුව ඔහුව යුනෙස්කො කියලයි හඳුන්වන්නේ. එහෙත් ඇතැම් රටවල් අදටත් ඔහුව හඳුන්වන්නේ අයනෙස්කො නමින් ම තමයි. ඒත් එය නිවැරැදි වෙනව නම් හොඳයි.

ඒ කොහොම වුණත් රයිනෝසිරස් නාට්‍යයක් හැටියට ගත්තොත් විකාර රූපි ගති සොබාව සමඟ පවතින බව පැහැදිලියි. ලාක්ෂණික වශයෙන් රයිනෝසිරස් තියෙන්ටන් එතැනම තමයි. හැබැයි ඒ තුලත් යම් ආකාරයක අනන්‍යතාවයක් යුනෙස්කො තමන්ට හිමි කර ගෙන තියෙනවා. විශේෂයෙන් ම බිඳ වැටුණු යුරෝපා භූමියේ මනුෂ්‍යත්වය ගොඩ නැගීමේ සාන්දෘෂAඨිකවා දී වෑයම රයිනෝසිරස් තුලිනුත් ප්‍රකාශයට පත් වෙනවා. වැටුණු යුරෝපය ඇතුලේ ඇතැම් සමාජ වටිනාකම් ගැන ඇති වූ සැකයල දෙවියන් සම්බන්ධයෙන් ඇති වූ ප්‍රතිවිරෝධය වැනි සාන්දෘෂ්ඨිකවාදී ලක්ෂණ මෙහි දී අපට දැකිය හැකි යි. ඒක ට හේ්තුව තමයි ඔවුන් කොයි ආකාරයටවත් නොසිතූ අන්දමින් ඒ සමාජ පිලිගැනීම් ඔවුන්ගේ පාමුලට ඇද වැටීම. එතැන ඉඳලා තමයි අර අපි මුලින් කියපු විකාරරූපිත්වය නිර්මාණය වෙන්නේ.

ප්‍රශ්නය – එතකොට ඒ විකාරරූපිත්වය ඒ සමාජ අර්බුදය ට විසඳුමක් වුණා දරෑ

පිළිතුර – නෑ විසඳුමක් හැටියට නෙවෙයි එය ඉදිරිපත් වුණේ. විකාරරූපිත්වය වශයෙන් අපි හඳුනාගන්නේ අර කියපු තත්වයත් සමඟ ඇති වුණු ප්‍රවණතාවයක් හැටියටයි. එතැන විසඳුමක් තිබුණේ නෑ. පවත්නා විකාර ස්වභාවය ඔවුන් දැක්කා. ඒ දුටු විකාරරූපිත්වය අර විදියට ගත්තා. යුනෙස්කො ස්ථානගත වෙලා හිටියෙත් එතැන.
ඊලඟට ඔබ මගෙන් ඇසූ ප්‍රශ්නය තමයි යුනෙස්කො ගේ දේශපාලන දෘෂ්ඨිය ගැන හැදෑරීමක් කලා ද කියලා. ඒ සඳහා මට දීමට සිදුව තියෙන්නේ මෙහෙම පිළිතුරක්. ඒ අනුව යුනෙස්කෝ කියන්නේ කලාවේ දේශපාලනීකරණය ට තදබල විදිහට විරුද්ධ වූ පුද්ගලයෙක්. එතැනදි ඔහු ගේ ප්‍රධාන විරුද්ධවාදියා බවට පත්වන්නේ ප්‍රකට ජර්මන් ජාතික නාට්‍යකරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්. බ්‍රෙෂ්ට් සම්බන්ධයෙන් ඔහු කල විවේචනයක මාක්ස්වාදය ගැන ඒ ඒ දේශපාලන චරිත කතා කරලා තියේ නං ආයෙ නාට්‍යකරුවෝ ඒ ගැන කියන්න ඕනෙ නැ වගේ අදහසක් තියෙනවා. හැබැයි මේ යුනෙස්කො කියන නාට්‍යකරුවාත් යම් දේශපාලන ආස්ථානයක් සමාජගත කලා. ඒත් ඒක නිරායාසයෙන් වූ දෙයක් හැටියටයි ගන්න වෙන්නේ. වැර වෑයම් කොට සිතා මතා මතු කරගත් දෙයක් විදිහට නෙවෙයි. ඊට දිය හැකි හොඳම උදාහරණයත් මේ රයිනෝසිරස් නාට්‍යය ම තම යි.

NPG x31639,EugËne Ionesco,by Ida Kar

ඇත්ත වශයෙන් ම යුනෙස්කො මේ නාට්‍යය හරහා අහුලා ගන්නේ රැල්ලේ යන සමාජය කියන සංසිද්ධිය යි. හුදු අනුගාමිකත්වයෙන් එහා ට නො ගිය අනුගාමිකයන් වශයෙන් පොදුවේ එහෙයි කියනල එහෙම ගමන් කරන සමාජයක් තමයි ඔහු මෙහි දී අහුලගන්නේ. අපි දන්නවා එහෙම සමාජයක විචාරශීලිව හිතන ජනතාව අඩුයි. නාට්‍යයෙන් ප්‍රකාශ වන අන්දමට රයිනෝසිරස් කෙනෙක් වීමේ රෝගය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ අනුව සමාජයේ හැමෝම රයිනෝසිරස් ලා වෙන තත්වයක් උදා වෙනවා. ඔවුන් ගේ හම ඒ කියපු සත්ව විශේෂයේ හම වගේ වෙනවා. අවසානයේ දි රයිනෝසිරස් අඟත් එනවා. ඔය ආකාරයට ඔවුන් ගේ ශරිර ආකෘතියේ ඉඳලම අපට ඒ තත්වය දකින්න ලැඛෙනවා. නමුත් එයට එරෙහි තත්වයක් එහෙම නැත්නම් ප්‍රතිවිරෝධයක් අපට දකින්න ලැඛෙන්නෙ නෑ. ඒ වෙනුවට හැමෝට ම රයිනෝසිරස් කෙනෙක් වීමේ අවශ්‍යතාවයක් තමයි ඇති වෙන්නේ. මේ අසංවේදි ගොරහැඩි බව ඔවුන්ට සාමාන්‍ය තත්වයක් වෙනවා. එහි කිසිම අසාමාන්‍ය බවක් ඔවුන් ඒ සම්බන්ධයෙන් දකින්නේ නෑ. ඒත් සමඟම ඒ අවිචාරශීලි ගොරහැඩි බව ට එරෙහි වෙන අය ද ක්‍රමානුකූලව අඩුවෙලා යන සැටි අපි දකිනවා.

උදාහරණයක් හැටියට නාසිවාදය කොමියුනිස්ට්වාදය අනුව යන එහි අනුගාමිකයන් ප්‍රශ්න කිරීමකින් තොරවම ඒ වාද හරහා යනවා කියන්නෙත් අර කීව තත්වය ම තමයි. එවැනි වාද පසු පස ගියාම මිනිසුන් ට අවබෝධ්‍ය නැති වෙනවා. මම හිතනවා එවැනි තත්වයකට එල්ල කරපු තද බල ප්‍රහාරයක් හැටියට රයිනෝසිරස් ගත හැකි ය කියලා.

ප්‍රශ්නය – අප පසු කොට ආ අතීතයේ දී නාට්‍යයක් වේදිකා ගත වුණේ සමාජ දේශපාලන කියැවීමක් සමාජ ගත කරමින් යැයි මා කීවොත්ල අද ඒ තත්වය ඒ ආකාරයෙන් ම දැකිය හැකි දැයි මා ඇසුවොත් ඔබ ඊට දෙන්නේ මොන වගේ පිළිතුරක් දරෑ
පිළිතුර – මම හිතන්නේ එය මත =පිටින් ඇති කර ගත් තර්කයක් කියලායි. මූලික වශයෙන්ම රයිනෝසිරස් කියන්නේ අපූර්ව නාට්‍යයක්. හැටේ දශකයේ දී අපි කියනවා එය නාට්‍ය කලාවේ ස්වර්ණමය දශකය කියලාල ඔය කියන කාලයේ දී හොද නාට්‍යකරුවෙකු වන පී. වැලිතල මේ නාට්‍ය පරිවර්තනය කලා. රාජ්‍ය නාට්‍ය උළෙලකටත් ඉදිරිපත් කරලා තිබුණා. ,කඟවේනා, කියලා. නමුත් ඉතා පැහැදිලිවම මේ කාරණය මතක තියාගන්න. ඒ නිසා ඒ සුවිශේෂ නාට්‍ය අනුභූතිය ගැන කිසිම ආකාරයක සංවාදයක් ඇති වුණේ නෑ. යුනෙස්කො කියන නාට්‍යකරුවා ගැන කිසිදු ලිපියක් පුවත්පතක වත් පළ වුණේ නෑ. මම කියන්නේ මගේ දැනුම් මට්ටමින්. ඒ කාලේ අපි පාසැල් ශිෂ්‍යයෝ. දැන් ඔය කියපු දේ ගැන මම වුණත් දැන ගත්තෙ රයිනෝසිරස් නාට්‍ය නිෂ්පාදනය කළාට පස්සේ. වෙන එකක් තියා ඒ නාට්‍ය නිෂ්පාදනයත් සමඟ යුනෙස්කෝ ගේ නමවත් සඳහන් වෙලා තිබුණේ නෑ. ඒ නිසා මෑත කාලයේ නාට්‍යකරුවන් රයිනෝසිරස් කියවීමේ නොසිටියා ය කියල කියන්න බැහැ. ඔවුන්ට ඒ දැනුම තිබුණා. ඒ වගේම නිෂ්පාදනයක් හැටියට ඉදිරිපත් කිරීම අපහසු ය කියාත් ඔවුන් දැන ගෙන සිටියා. ඒකයි ඇත්ත.

ප්‍රශ්නය – එතකොට ඔබ කියන්නේ ඔබ කියන්නේ ඔබ බාර ගත්තේ අභියෝගයක් ය කියල ද රෑ

පිළිතුර – මෙහෙමයිල එතැන දි මහා නිෂ්පාදනයක් කිරීමේ අභියෝගයක් අපි බාර ගත්තෙ නැහැ. අපි ට අවශ්‍ය වුණෙ නාට්‍යයේ එන අර්ථය ඒ වගේම දෘෂ්ටිය මතු වන ආකාරයෙන් නාට්‍යයක් කලොත් ඇතිය කියන එකයි. කොහොම වුණත් රයිනොසිරස් නිෂ්පාදනය කිරීම අභියෝගයක් ලෙසින් සලකා ඉවත් කොට තිබුණා නම් අපි ඒ අභියෝගය බාර ගත්තා විය හැකියි. එහෙම බලන කොට අපි සිදු කරලා තියෙන්නේ උඩු ගං බලා පීනා යනවා වගේ වැඩක්. කොහොම වුණත් ඒ සමඟම යුනෙස්කො ගැන සංවාදයක් සමාජගත වුණා. ඊට පෙර එෙ දෙයක් වුණා නම් ඒ ධර්මසේන පතිරාජ ගේ ,පුටු, නිෂ්පාදනය කරපු අවස්ථාවේ දී යි. එහෙත් අපේ පරම්පරාවේ කිසිම කෙනෙක් ,පුටු, බලලා තිබුණෙ නෑ. ඒ නිසා යුනෙස්කො හිටියේ පුටුවෙන් බිමට වැටිලා. මට මතකයි සුනිල් මිහිඳුකුල ලියලා තිබුණ ,අයනෙස්කො ට පුටුවක් දෙන්න, කියල. ඒ ආකාරයට අපේ කාලයෙ දී පුළුල් සමාජ කතිකාවතක් යුනෙස්කො සහ රයිනෝසිරස් සම්බන්්ධයෙන් ඇති වුණාය කියන එක නිවැරදි යි. ඒ වගේ ම ඒ සම්බන් ධයෙන් මා තුල වූ උනන්දුව සහ අධ්‍යයනය අදටත් නැවතිලා නැහැ.

ප්‍රශ්නය – මේ නාට්‍ය සම්ප්‍රදාය ලෝක මට්ටමින් මොන වගේ අවධානයකට ද ඒ වගේම කියැවීමකට ද ලක් වෙලා තියෙන්නේ කියා මා ඇසුවොත්…රෑ

පිළිතුර – ඒ ගැන කිව්වොත් මෙහෙම යි. කිසිම නාට්‍ය නිෂ්පාදකවරයෙකු ට යුනෙස්කො ගේ නාට්‍ය කියැවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ම අවධානයක් වුවමනාත් නෑ. ඔහු ගේ දෘෂ්ටිය නාටකීය ස්වභාවය ගත්තොත් එය විකෘති කල නො හැකියි. එය පවතින ඒ ආකාරයෙන් ම තමයි නිෂ්පාදනය කල යුත්තේ. මං හිතන්නේ නෑ කිසිම නාට්‍යකරුවෙකු ට
රයිනෝසිරස් ගැන අමුතු අර්ථකතන ඉදිරිපත් කරන්න පුළුවන් ය කියලා. ඒ නිසා ලෝකයේ කොහේ නිෂ්පාදනය කලත් එකම නාට්‍යය තමයි දකින්න ලැඛෙන්නෙ.dali-the-rhinoceros-L-g1LsBo

ඒත් මේ නාට්‍ය සම්බන්ධයෙන් අත්හදා බැලීමේ කීපයක් නං කරලා තියෙනවා. විශේෂයෙන් ම විකාර රූපි නාට්‍ය සම්ප්‍රදාය ගැන අරටු බැසගත් විචාරකයින්ට එල්ල කරපු අතුල් පහරවල් හැටියට මේ අත්හදා බැලීම් කිහිපයක් ම සිදු කරලා තියෙනවා. ඇතැම් විට ඒවා පර්යේෂණාත්මක අත්හදා බැලීම් ද කියලත් හිතෙනවා. ඒ අනුව යමින් තමයි රයිනෝසිරස් ඔපෙරාවක් හැටියට රංග ගත කරන්න උත්සාහ ගෙන තියෙන්නේ. මේ විදිහට රයිනෝසිරස් විවිධ රංග ශෛලීන් ඔස්සේ විමසා බලන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් ඒ උත්සාහයන් ඒ තරම් ප්‍රබල ආකාරයෙන් විචාරක අවධානයට ලක් වුණේ නෑ. කොහොම වුණත් පොදුවේ ගත්තම මේ නාට්‍යයේ එන විකාර රූපි අසංගත ශෛලිය තුලම තමයි රයිනෝසිරස් ලොව සෑම රටකම වාගේ නිෂ්පාදනය වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – කොහොම වුණත් මේ නාට්‍ය පොදු රසිකත්වය එසේ නැත්නම් පොදු ජනප්‍රිය බව සමඟ පවතින තත්වයක් අපට දකින්න ලැඛෙන්නේ නෑ.

පිළිතුර – ඔව් එහෙම තත්වයක් නැහැ. මෙය ජනප්‍රිය රැල්ලේ යන නාට්‍යයක් නෙවෙයි. කලාව පිිළිබඳව දැනුමක් තියෙන රස වින්දනය අතින් ඉහළ තලයක සිටින ප්‍රේක්ෂක සමූහයක් හමුවේ තමයි බොහෝ විට රඟ දැක්වෙන්නේ. විශ්ව විද්‍යාල අධ්‍යයන කව මෙන්ම කුඩා නාට්‍ය සාමුහික හමුවේ නම් රයිනෝසිරස් නැවත නැවත නිෂ්පාදනය වෙලා තියෙනවා.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s