දෙවියන් ද ගැමියන් ද නිදිවර්ජිත ව අත්විඳින තෙරුක්කුත්තු

street-play-in-tamilnadu-12-watermarked

————————————————————-
තෙරුක්කුත්තු රංගය දෙස සමාජ සන්නිවේදන බැල්මක්

තිරය තවමත් විවෘත වී නැතත් රංග කාර්යය ආරම්භ වී තිබේ. එහෙම නැත්නම් පටන් ගැනීමට ආසන්නම මොහොත පැමිණ තිබේ. අපි එහෙම කියන්නේ කිසියම් නෘත්‍යමය තාලයකින් වේදිකාවට චරිත කිහිපයක් පිවිසෙන බව තිරය සහ වේදිකා බිම අතර ඇති හිඩැසෙන් දකින්නට ලැඛෙන නිසා ය. ඒ අතරවාරයේ දී ම තිරයේ විවෘත වීම සිදුවෙයි. වේදිකාවට පිවිසුණේ කවරෙකුදැයි දැන් පැහැදිලිව ම පෙනෙයි. ඔහු තමා ගැනම හැඳින්වීමක්් කරද්දී ධෝතිවලින් සැරසුණු පරිවාරකයන් දෙදෙනෙක් දෙපසින් සිටිනු දැකිය හැකිය. ප්‍රධාන නළු ප්‍රවේශය සිය ස්වයං හඳුන්වාදීමෙන් පසු වේදිකාව හරහා නර්තනමය ගමනක යෙදෙන්නේ කථකලී රංගනයේ තමන්ගේ හුරුබුහිටිකම මැනවින් ප්‍රදර්ශනය කරමිනි. ඒ අතර මේ වීර පුරුෂයා ගේ අතීත විරු ක්‍රියා ගැන කියවෙන පසුබිම් ගායනය ආරම්භ වෙයි. ඔහු ගේ රංගනය වේගවත් වී ධෝතියෙන් වේදිකා බිමද පිස දැමෙයි.

වරෙක දිව එළියට අදින හෙතෙම වියරු දෑසින් හෙළනා බැල්ම ද ඒ රංගනයට ම අයත් වූවකි. අප ඊට කිව යුත්තේ රෞද්‍ර රසය කියා දරෑ ඊළඟ මොහොතේ බංකුවක් මතට නගින හෙතෙම තමන් ගෙනා සංදේශය ප්‍රෙක්ෂකයන්ට ඉදිරිපත් කරයි.

පළමුවරට දකින අයෙකු අන්දුන් කුන්දුන් කරන සුළු එම ගැමි රංගනය තෙරුක්කුත්තු නමින් හැඳින්වේ. පසු කාලයක තෙරුක්කුත්තු රංගනය ගැන ලොවට හෙළි කළ එක් යුරෝපීය ප්‍රවෘත්ති කලාවේදිනියක් මුල් අවස්ථාවේ දී මේ දෙස බලා සිටියේ මුව අයාගෙන යැයි පැවසේ.

ඒ කොයි හැටි වුණත් නූතන අරුතින් .රංගය. කියන තැනට තෙරුක්කුත්තු ගත හැකිවා ද නොවේ. එහෙත් ඊට එල්ල වන බාධා ද තිබේ. තෙරුක්කුත්තු හි ආවේණික එමෙන්ම කොයි ආකාරයෙන්වත් හීලෑ නොවන දළ රළු ස්වභාවය ඒ අතර ප්‍රධාන තැනක් ගනියි. කෙසේ වුවද මෙහි එන කැපී පෙනෙන ශක්‍යතාවයක් වශයෙන් සන්නිවේදන ගුණාංගය හඳුනා ගෙන ඇත. ඒ නිසා ම තෙරුක්කුත්තු වල රංග කලාවක් වශයෙන් විස්තර කොට දී මනා පැවැත්මකින් තොර සංස්කෘතික කාර්යයක් සේ සලකා පැත්තකට කර දමන්නට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ.

දමිළ රංගනයක් වන තෙරුක්කුත්තු භරත මහා සම්ප්‍රදායට ඇතුල් නොවන්නේ මහා භාරත නාට්‍ය සම්ප්‍රදාය අනුව නොයන නිසාය. එහෙත් රාමායනයල පෙරියපුරාණම්ල ස්කන්ධ පුරාණම් යන සම්භාව්‍ය සාහිත්‍ය මුලාශ්‍රයන් ඇසුරු කරමින් මේ රංගය ගොඩනැගී තිබේ. ඒ බව පැහැදිලිවම දැකිය හැකි ය. රංග කාර්යයක් වශයෙන් මූලිකව ම එහි ඇති ආගමික අරමුණ අපහසුවකින් තොරව හඳුනාගත හැකි වේ. රංගය එතැනින් ගලවා ගැනීම ද අපහසු කරුණක්ව තිබේ.

තෙරුක්කුත්තු රඟ දැක්වෙන්නේ මාර්තු – ජූලි අතර කාලයේ දී ය. ගොවීන් සිය අස්වැන්න කැපීමෙන් පසු ලබන විශ්‍රාම සමය වන්නේ මේ කාලයයි. දවසේ උදාවත් සමඟ ඇරඹෙන මේ රංග කර්තව්‍යය හිරු බැස යන තුරුත් වෙහෙස නොබලා රඟ දැක්වීම මෙහි ඇති විශේෂත්වය යි. මෙම අපූරු රංගනය ලොවට හඳුන්වා දුන් ප්‍රවෘත්ති පත්‍ර කලාවේදිනිය (ඇය ගැන ඉහතින් ද සඳහන් වුණි.) ඒ ගැන මෙවැනි විස්තරයක් ද ඉදිරිපත් කොට තිබේ.

මුක්කුරා වක්කම් (ඉන්දියාවේ සාංචි පුරය අසල ඇති කුඩා ගමකි.) වල පැවැත්වුණු භරතම් උත්සවයේ දී තමයි මට තෙරුක්කුත්තු මුලින් ම නරඹන්න ලැබුණේ. හැබයි බොහෝ විදේශිකයන් මේ උත්සවයට එන්නේ කර්නාටක සංගීතය රස විඳින්නයි. මොන හේතුවක් ද කියන්න මම දන්නෙ නැහැ මගේ හිත ඇදිලා ගියේ නං රළු ශෛලියෙන් ඉදිරිපත් කෙරුණු මේ රංග කාර්යටයි. එය මම අත්වින්දා. ඒක ඇතුළෙන් ම එන මානුෂීය ඛේදාන්තයල අසංයත විහිළුල නොවැදගත් හෑළි අතරේ තිබුණ අපූරු කාව්‍යමය දෙබස් මට දැනුණා. මට සිහිවුණා මා නැරඹූ ඉතාලි ජන නාට්‍යයක වූ ජන නාට්‍ය ලක‍ෂණ. ඇත්තටමල පළමු අවස්ථාවේදීම මට දැනුණේ නැවුම් බවක්.

රංග කාර්යයේ වස්තු විෂය තුළ ඇති පීඩන ආවේග පැහැදිලිව දැකිය හැකියි. ඒත් අවසානයේ දී ඒ හැසිරීම් විස්තර කරන්නේ කුසලාකුසල විඥානය මත පදනම් වෙමිනුයි. මෙය ආසියානු දර්ශනවාදයෙත්ල ආගමික ඉගැන්වීම්වලත් බලපෑමක් විය හැකියි. කිසිම චරිතයක් මොනම හේතුවක් නිසාවත් එතැනින් ගිලිහෙන්නේ නැති ආකාරය ද අපසුවකින් තොරව දැකිය හැක්කකි.

එවැනි පසුබිමක ඇති තෙරුක්කුත්තු රංගය බටහිර නාට්‍ය ධර්ම රංග කලාව සමඟ සැසඳීම අරුත් විරහිත කටයුත්තක් වේ. එමෙන්ම නාට්‍ය මූලධර්මයක් වශයෙන් එන ඊළඟට සිදුවන්නේ කුමක් ද යන්නත් මේ රංග කාර්යයේ දී අදාල නැති අවශ්‍ය ද නැති ඉගැන්වීමක් වේ. තෙරුකAක්ත්තු නරඹන ගැමි ප්‍රේක‍ෂකයා මුල සිට අගටම රංගනයක් වශයෙන් මෙන්ම කතාවක් වශයෙන් ද කඩපාඩමින් මෙය දැන සිටියි. එසේ තිබියදීත් බටහිර විචාරකයා පුදුමයට පත් කරවමින් තමන් හොඳින් දන්නා ඒ රංග කාර්යය නොසන්සිඳුණු කුතුහලයෙන් යුතුව ගැමි ප්‍රේක‍ෂකයන් විසින් ආස්වාදනය කරනු ලැබීම යි. ඒ අනුව මේ තත්වය හා ගත යුතුව ඇත්තේ නාට්‍ය ධර්ම හඳුනාගැනීමකින් නොව සමාජ විද්‍යාත්මක හැදෑරිමකින් ය යන්න අවධානයෙන් යුතුව පෙන්වා දීමට සිදුව තිබේ. හැම වතාවකදී ම වැඩෙන උනන්දුවකින් යුතුව රංග කාර්යයන් සමඟ සජීවි සම්බන්ධයක් ඇති කරගන්නා මේ ගැමි ප්‍රේක්ෂකයාගේ ඒ සමාජ මනස නාට්‍ය හා රංග කලාවෙන් උගත හැක්කක් නොවේ.

14852645003_f0dea41ce0_b.jpg

තෙරුක්කුත්තු හි රඟපාන්නේ දෙවිවරුන් යැයි කීමේ කිසිදු වරදක් නැත. ඔවුහු දරුපද්‍රිල ක්‍රීෂAණල බහිෂ්මල දුර්යෝදන නම්වෙති.

මේ දේව සභාව වෙස් ගැන් වූ ගැමි නළුවන්ගෙන් සැදී තිබේ. ගැමි සංස්කෘතියට සාපේක‍ෂව දේව ආයිත්තම් ප්‍රභාෂ්වර ය. වෙස් නිර්මාණ විශ්මය ඇති කරවයි. සන්නාහ සන්නද්ධ නිසාම උපන් මනා අලංකාරයෙන් යුක්තව ඔවුහු ගැමි ප්‍රේක‍ෂකයා හමුවට පැමිණෙති. හිස් මත ඇති රිදී පැහැ කිරුළු නන් පැහැ දිලිසෙන කොල කැබැලිවලින් අලංකාර කොට තිබේ. පළල් සායවලින් මෙන් ම කලිසම් වලින් ද දේව වස්ත්‍ර නිර්මාණය කොට තිබේ. අත් ගොබ තැටි වලින් සන්නද්ධවත් අලංකාරවත් අයුරින් දැකිය හැකිවේ.

රංග කිහිපයකින් සමන්විත තෙරුක්කුත්තුහි අවසන් රංගය වන්නේ භාරත යුද්ධය යි. එය මුළුමනින්ම දුර්යෝදනගේ සහ බහිෂ්මගේ ගැටුම ද වේ. තෙරුක්කුත්තූ හි උද්වේග කර ම රංග කාර්යය වන්නේ ද මේ ද්වන්ද ගැටුමයි. ගැමි ප්‍රේක‍ෂකයා ද ඊට ප්‍රතිචාර දක්වන්නේ ද සිය නොසඟවා ගත් ආවේගයන්ගෙනි. රැයක් එළිවෙන තුරුම පවතිනා මේ ගැටුම අරුණෝදයේ දී මඳ විවේකයක් වෙනුවෙන් නැවැත්වූවත් උදෑසන නවයට හෝ දහය පමණ වන විට දුර්යෝදනත් බහිෂ්මත් සිය ආවේග ප්‍රකාශ කරමින් නැවතත් සටනට පිවිසෙති. මෙතැන ඇති පුදුමය වශයෙන් හඳුනාගෙන ඇත්තේ පුරා රැයක් නිදි වරමින් සටනේ යෙදුණු දෙවියන් සේ ඇඳ පැළැඳගත් මේ මිනිස් නළුවන් පසුදා උදෑසන මහත් වූ උද්‍යෝගයකින් නැවතත් සටනට අවතීර්ණ වීමයි. ඒ විදිහටම නිදි නොලැබ දෙවියන් ගේ සටනට ප්‍රේක‍ෂකාගාරයේ සිට උද්වේගයෙන් ද ආවේගයෙන් ද සහභාගි වූ ප්‍රේක‍ෂකයන් ද කිසිදු විඩාපත් වීමකින් තොරව සුපුරුදුු උනන්දුවෙන් ම පීඩා නොලත් අයවළුන් සේ ඊට සහභාගි වීමයි.

දුර්යෝදනයන් අත අමු කහ පැහැයෙන් යුත් කලාබරයකි. ගෙල සැරසුණේ රතු පාට කුංකුම තැවරූ මල දමකිනි. දේව හිස් පළදනාවෙන් මතු නොව උරහිස් ආවරණ වලින් ද හෙතෙම සැරසී සිටියි. පුරාණයේ භාරත භූමියේ දී සිදු වුණා යැයි ප්‍රවාද ගත ඒ මහා සංග්‍රාමය කුඩා ගම් පියසක විවෘත භූමියක දී තැනු වේදිකාවක් මත මහත් වූ උද්වේගයෙන් යුක්තව රංගගත වෙමින් තිබේ.

දුර්යෝදන සහ බහිෂ්ම ද තමන් සතු සියළු සටන් අභිනයන් පාමින් සංග්‍රාමතීර්ණව සිටිති. විශේෂත්වය නම් ඔවුන් හමුවේ සිටින ගැමි පෙA්‍රක‍ෂකයන් ද ඔවුන් සමඟම ආවේගශීලිවෙමින් ඒ සටනේ ජීවමාන කොටස්කරුවන් බවට පත් වීමයි. එසේ ගත් කළ එය පොදුවේ නාටන‍ හා රංග කලා විෂය හැදෑරීම යන සියල්ලම අභියෝගයට ලක් කරන රංග කාර්යයක් බවට පත් වෙයි.

ප්‍රේක‍ෂකයන් ගේ උක්ත හැසිරීම විශේෂ හැදෑරීමකට ලක් කළ යුත්තක් වේ. මක් නිසා ද යත් තෙරුක්කුත්තු ප්‍රේක‍ෂකයා තමන් හමුවේ ඇති රංග කාර්යය හුදු රංගනයක් ලෙසින් පමණක් ම ගෙන නැති බවක් පෙනී යන හෙයිනි. තමන් හොඳින් ම දන්නා මේ රංගය තම අසල්වාසීන් විසින් රඟපානු ලබන මේ දර්ශන ගැන ඉතා හොඳින් දැන දැනම ඔව්හු මේ රංගනයට සිය අවංක ඇතුළු සිතින්ම සම්බන්ධ වී සිටිති.

ද්වන්ද ගැටුම අවසන් වන්නේ බහිෂ්ම ක්‍රිෂ්ණගෙන් ශක්තිය ලබා දුර්යෝදනට මාරාන්තික පහරක් එල්ල කිරීමෙනි. ඒ පහරින් දුර්යෝදනගේ පාදයක කලවයක්් සුන් වී ලේ ගලා යන්නට වෙයි. ගලා යන ලේ ඒත් සමඟම කලයට එක් රැස් කෙරේ. දුර්යෝදනගේ සුන්වන පාදයේ කලවය මැටි වලින් සකස් කොට තිබේ.ඒ අනුව සුන් වීමේ දී කඩාවැටෙන්නේ ඒ මැටි බදාමයයි.ලේ වශයෙන් ගලා යන්නේ ඒ බදාමය තුල වූ රත් පැහැ කුංකුම දිය කොට තනා ගත් වතුරයි.

තවද දුර්යෝදනගේ පාදයෙන් ගලා යන රුධිරය කළයකට එකතු කෙරෙන්නේ ද හේතුවක් ඇතිවය. ඒ මැටි කළයේ ඇති දුර්යෝදනගේ පාදයෙන් ගැලු රුධිරය කාටත් පෙනෙන අයුරින් බහිෂ්ම පානය කරයි. ඒ සිය ජයග්‍රහණය ප්‍රකාශ කිරීමට ය. ඒත් සමඟම ඉස්මතු වන්නේ තෙරුක්කුත්තු ගැමි රංග කාර්යයේ ආගමික අස්ථානය යි. අර කීව අවස්ථා ව එළැඹීමත් සමඟම සිය දරු මල්ලන් ද සමඟ පැමිණ සිටින ගැමියෝ වහ වහා භාර වීමේ වතාවත්වලට සූදානම් වෙති. තවත් අය බර කරගත් හිස් ඇති ව එහාට මෙහාට ඇවිදින්නේ සන්සුන් දැහැනකට සම වැදුණවුන් මෙනි. තෙරුක්කුත්තු රංග කර්තව්‍ය අවසන් වන්නේ ගැමි ප්‍රේක‍ෂකයා (අප මෙහිදි ගැමි ප්‍රේක‍ෂකයා යැයි ඔවුන්ව ගන්නේ සම්මත නාට්‍ය හා රංග කලා විෂයීකව හඳුනාගැනීමක් වෙනුවෙන් විනා ඒ අරුතින් සෘජුවම ඔවුන්ව එසේ ගත හැකිය යන පූර්ණ විශ්වාසයෙන් නොවේ.) විසින් නිර්මාණය කරගන්නා එවැනි සමාජ ප්‍රවේශකයකිනි.

14070223210_cca1f99831_b

මෙවැනි හඳුනාගැනීමක් තුළ තෙරුක්කුත්තු වැනි ගැමි රංගනයන් හි සුවිශේෂතා අප අවබෝධ කරගත යුත්තේ හුදෙක් රංග කලා යන විෂය හැදෑරීම තුළම සිටිමින් නොවේ ය යන්න පැහැදිලි ය. ඇත්ත වශයෙන් ම එවැනි ගැමි රංග ප්‍රකාශන ගැඹුරු සමාජ සන්නිවේදන මුූලාශ්‍ර ලෙසින් අධ්‍යයනයට ලක් කළ යුතුව තිබේ. ඒ ප්‍රවාද තුළ සමාජ පැවැත්මවලට අදාළ තියුණු කියවීම් තිබේ. ආසියානු කලාපයේ ඔවුන් ගේ ජීවිත හා සමාජ හැසිරීම් පිළිබඳව ගැඹුරු සහ තර්කානුකූල හැදෑරීම් වෙනුවෙන් එවැනි සමාජ සංස්කෘතික මූලාශ්‍ර අතිශයින් ම වැදගත් ය යන්න ද මෙහිලා කිව යුතුව තිබේ.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s