අපරාධ නවකතා කියවීම් අපරාධයක් නොවේ. එය සමාජ සිද්ධි ගවේෂණයක් ම වේ. – සේනාරත්න වීරසිංහ

420346_318414111538958_169287230_n

ඉකුත් කාලයක් තිස්සේ එක දිගට සිදු වූ මිනිස් ඝාතන ගණනාවක් සම්බන්ධයෙන් කොටකෙතන ගම ලද කණගාටුදායක ප්‍රසිද්ධිය අදටත් ඒ ගම අත්හැර ගොස් නැත. කෙසේ හෝ වේවා මේ බොහොමයක් අපරාධවලට වගකිව යුතු යැයි සැක කෙරෙන පුද්ගලයකු පසුගියදා අත් අඩංගුවට ගැනුණේ ඩී. එන් ඒ. පරීක්ෂණයක් ආධාරයෙන් යැයි අසන්නට ලැබිණි. ඉන් පසුව අපරාධකරුවා යැයි සැකකෙරෙන අය සිදු කරන ලදැයි ජන මාධ්‍යයන් හි පලවූ විස්තරවලට අනුව මේ පුද්ගලයා එකී ඝාතන සිදු කිරීමෙන් අනතුරුව ඒ අවමංගල උත්සවවලට පවා සහභාගි වී තිබේ. ඒත් සමඟම මිනීමරුවා කවුදැයි සොයා කල මෙහෙයුම් වලට අනුග්‍රහපූර්වක ව මෙන්ම ඇතැම් සමාජ සේවා කටයුතු වලට ද සහභාගි වූ බවක් ද කියවේ. ඒ වනාහි සංකීර්ණ මානව හැසිරීමකි. සාමාන්‍ය මානසිකත්වයක් නොවන එවැනි ගති ලක්ෂණ වටහාගත හැක්කේ කෙසේ දරෑ එය සරල තත්වයක් නොවේ.

ප්‍රථමයෙන් ම කාර්මීකරණයට ත්ල ඒ නිසාම නාගරීකරණයට ත්් ලක් වූ රට වශයෙන් සැලකෙන්නේ වික්ටෝරියානු යුගයේ එංගලන්තය යි. එක රැයකින් මෙන් සිදු වූ මේ සමාජාර්ථීක වෙනස චාල්ස් කිංස්ලි වචන කිහිපයකින් සඳහන් කරන්නේ මෙසේ ය. ,නාගරික ජිවිතයේ භෞතික පැවැත්ම ගොඩනැගුණේල ජලයල වාතය හා ජනාවාස කරණ කොට ගෙන ඇති වූ නාගරික ජනයා ගේ චර්යාධර්ම හා සදාචාරය ඇසුරු කොට ගෙන ය., මේ අනුව අපට පෙනී යන්නේ කාර්මික විප්ලවයෙන් පසු ව එංගලන්තයේ බිහි වූ නව නාගරික සමාජයේ ආර්ථීක සමෘදAධිය තුල ම සමාජ විෂමතා හා අපරාධ බිහි කරන්නා වූ හේතු සාධක ද උපන් බවයි. එකල නාගරික ජීවිතයේ ඛේදජනක ස්වරූපය ගැන ලියන්න ට ඩිකන්ස්ල ගිසින් හැර වෙනත් කිසිම ලේඛකයෙක් ඉදිරිපත් නොවීම ද ඉහත තත්වයට අදාල ව විශේෂත්වයක් වේ. කිසිම චිත්‍ර ශිල්පියෙක් මුඩුක්කු හා පැල්පත් ජීවිත සිතුවම ට වස්තු කොට නොගත්තේ ය. ඒ අතර සමෘද්ධිමත් වික්ටෝරියානු සමාජය තුල පංති විෂමතාව නො අඩුව දැකිය හැකි විය. කෙසේ වෙතත් රටක භෞතික දියුණුව ඉහල මට්ටමක පැවතීම අපරාධ වැඩි නොවීම ට හේතුවක් නොවන බවත් පැහැදිලි ව දැකිය හැකි විය. ඒ අනුව දුප්පත්කමල නූගත්කමල සමාජ අසාධාරණය පමණක් නොව අපරාධ වර්ධනයේ ලා තවත් සාධක ඇති බවට පෙනී ගියේ ය. විශේෂයෙන් ම ධන තණ්හාවල සමාජ විසංයෝජනයල යුද මානසිකත්වය මානසික විකෘතිතා මෙන්ම දේශපාලනය ද අපරාධ වැඩි දියුණු කරන සාධක වශයෙන් හඳුනා ගැනිණි. සිරකරුවන් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණාත්මක විමසීම්වල දී පෙනී ගියේ ද ඔවුන්ගෙන් වැඩි පිරිසක් ඉහල බුද්ධි මට්ටමක සිටින බව යි. වික්ටෝරියානු සමාජය ඇසුරු කොට කරන ලද තවත් සමාජ නිරීක්ෂණ පෙන්වා දෙන්නේ කිසියම් අපරාධ පංතියක් :ක‍රසපසබ්ක ක‍ක්ිි- ඒ වන විට ආරම්භ වී තිබුණේය යන්නයි. එනම් මේ අපරාධ හුදෙකලා අපරාධ නොවන බවයි. එය ම ඇමෙරිකානු ධනේෂ්වර සමාජය හරහා පාතාල ලෝකයල මාෆියාව වැනි නම් වලින් හැඳින්වුණු වෘත්තීය අපරාධ උප සමාජ සංස්කෘතියක් හැටියට ගොඩ නැගෙන්නට විය. ඒවා අතිශයින්ම ස්වාධීන සංවිධානාත්මක තලයේ අපරාධ ක්‍රියාකාරකම් වේ.

මෙවැනි සමාජ පසුබිමක් අනාවරණය කරමින් අපරාධ නවකතා සාහිත්‍යයක් එංගලන්තයේ ගොඩ නැගුණේ විල්කි කොලින්ස්ල කොනන් ඩොයිල්ල අගතා ක්‍රිස්ටිල ඩොරති සේයර්ස්ල හැඩ්ලි චේස්ල ඉයන් ප්ලෙමින්ල රොබට් බ්ලොච් වැනි ලේඛකයන් හරහා ය යන්න මීට අදාලව කිව යුත්තක් වේ. ඔවුහු ජනප්‍රිය වූහ. මේ අතර

විචාරක සම්මානය ලද පී. ඩී. ෙජ්ම්ස්ල පී. ජී. වුඩ් හවුස්ල එමා ලෙනන් අපරාධ නවකතා සාහිත්‍ය තුලින් ගූඪ මිනිස් සිත් සන්තානයන් ගවේෂණය කරනු ද දැකිය හැකි ය. විචාරක ඇඟැයීමට ඔවුන් පාත්‍රවන්නේ ද ඒ නිසාම ය.

විසිවන සියවසේ මනුෂ්‍ය ජීවන පැවැත්මට බල පෑ බුද්ධිමය සාධක අතරින් මනෝ විද්‍යාවට ද හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. (කාල්මාක්ස් ගේ මාක්ස්වාදය අනිත් ප්‍රබල සාධකය වේ.) ප්‍රොයිඩ් ගේ මනෝ විද්‍යාව විෂයයික මතවාද මෙන්ම සංකල්ප හරි හෝ වැරදිවේවා ඒ තුලින් සාහිත්‍ය කලාවන්හි ඇති වූ පිබිදීම නම් ප්‍රතික්ෂේප කල නොහැක්කකි. මේ මනෝ විද්‍යා පසුබිම අපරාධ නවකතා සාහිත්‍යය වැඩි දියුණු කිරීමට හේතු වූ බව ද විශේෂයෙන් සිහි කල යුතූය. ඒ අනුව නිර්මාණය වු චරිත සිය බිඳ වැටුණු පෞරුෂයල හීනෝන්මාදය නිසා උපන් මානසිකත්වයකින් අපරාධවලට යොමු වූ ආකාරයක් දැකිය හැකි වේ. ඇතැමුන් අපරාධවල යෙදෙන්නේ පාරම්පරික හේතු නො එසේ නම් ජාන වලින් ම එන බලපෑමක් නිසා යැයි ද හඳුනාගෙන තිබේ. ඒ අනුව අපරාධ නවකතා සාහිත්‍යය අපරාධය නම් සමාජ සංසිද්ධිය තුල හැසිරෙන අපරාධ කරුවාගේ මානසිකත්වය ගවේෂණය කරන සාහිත්‍යයක වේ. එය එහි වැදගත්කම ඉස්මතු කිරීමට හේතු වී ඇති බව ද පිළිගැනේ. ඒ සඳහා කදිම උදාහරණයක් ලෙස ,සයිකො, නවකතාව පෙන්වා දිය හැකි යි. මෙය පසුව ඇල්ප්‍රඩ් හිච්කොක් විසින් ප්‍රබල චිත්‍රපටයක් බවට ද පත් කරන ලදී.

රොබට් බ්ලොෂ් ගේ සයිකො නවකතාවේ ප්‍රධාන චරිතය වන නෝමන් බේට්ස් 60 – 70 දශක වල දී සමාජ ප්‍රතිරූපයක් බවට ද පත් වන්නේ කෘතියේ මෙන්ම චිත්‍රපටයේ ද ජනප්‍රියත්වය නිසාම විය යුතු ය. කෙසේ වුවත් ඔහු අපූරු සමාජශීලි මිනිසෙකි. ඒ බව බැලු බැල්මට ම පෙනී යයි. එහෙත් ඒ අපූරු මිනිසා සුළු මොහොතක දී මිනීමරු ඝාතකයකු වීමේ අවදානමක් ද පෙන්වීය. ඒ ආකාරයට ඝාතන කිිිහිපයක් ම සිදු කෙරෙන අතර ඒ සෑම ඝාතනයක් අවසානයේ දීම ඔහු වෙතින් පල වූයේ පශ්චාත්තාපයක් නොව තෘප්තිමත් මනෝ භාවයකි. මේ ආකාරයේ අසාමාන්‍ය චරිතවල හැසිරීම් වටහා ගැනීමට අපරාධ මනෝ විද්‍යාව ට අනුව හැකි ය.

කෙසේ වෙතත් මුල් කාලයේ සිටම අපේ රට තුල ජනප්‍රිය වුණේ රහස් පරීක්ෂක කතා මිස අර කීව අපරාධ නවකතා සාහිත්‍යය නොවේ. එක්තරා රහස් පරීක්ෂකයකු එසේ නැත්නම් පෞද්ගලික මට්ටමේ වෛද්‍යවරයෙකු විසින් සිදු වූ අපරාධයක් හෙළිදරව් කරන ආකාරයේ රහස් පරීක්ෂක කතා අපරාධ නවකතා සාහිත්‍යය මෙන් සිද්ධියට අදාල සමාජ මෙන්ම මානසික විශAලේෂණාත්මක තත්ව හෙළි කරන පුළුල් අවකාශයක් කරා ගමන් නොකරයි. ඒ අනුව රහස් පරීක්ෂක කතාව තාත්වික සිද්ධි නිරූපණයක් විය හැකි වුණත් එමගින් අර කී ආකාරයේ විශ්ලේෂණීය තත්වයක් ඉදිරිපත් නොවෙයි.

hqdefault

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු සුන්බුන් වුණු යුරෝපා සමාජ මානසිකත්වය තවදුරටත් නිස්කලංක සමාජ පැවැත්මකට හිමිකම් නොකීවේ ය. වෙනස් වූ සහ ඇද වැටුණු ඒ සමාජ මානසිකත්වයල මානසික ආතකියල පරපීඩකත්වය වැනි තත්වයන්ට පහසුවෙන් ගොදුරු වෙන අයුරු දැකිය හැකි විය. එවැනි සංකීර්ණ මානසිකත්වයක් ප්‍රකාශ කිරීමට හුදු කුතුහලය මත සිද්ධි පෙල ගැස්වුණු රහස් පරීක්ෂක කතා කලාව ප්‍රමාණවත් නොවුණු තැන දී ඊට වඩා පුළුල් ආස්ථානයක් සහිතව අපරාධ නවකතා සාහිත්‍යය බිහිවුණේ ය. ඒත් සමඟම හුදු රහස් පරීක්ෂක තත්වයෙන් ඔබ්බට ගිය ප්‍රබල චරිත නිරූපණයක් ද ඉදිරියට පැමිණියේ ය. සාමාන්‍ය මිනිසකුගේ ත් අපරාධකරුවකුගේ ත් මානසික සංඝට්ඨනය තුල පවත්නා පරස්පරතා සමාජ විඥානයක් සහිතව ඉදිරිපත්වීම මේ නිසා සිදුවුණේ ය. ඒ අනුව පොදුවේ නවකතාව නමින් අප හඳුන්වන සාහිත්‍යය තුල අපරාධ නවකතාව වෙනස් ශානරයක් වශයෙන් ගොඩ නැෙඟනු දැකිය හැකිය. එයට හේතු වෙන්නේ අපරාධ නවකතාව ද රහස් පරීක්ෂක කතාවන් හි මෙන් යම් අපරාධයක් ප්‍රස්තුථ කරගෙන ලියවුණත්ල ඒ තුල යම් ආකාරයක ට සමාජ යථාර්තයක් ග්‍රහණය කර ගැනීමේ තත්වයක් දකින්නට හැකි වීම යි. මේ අනුව අද වන විට අපරාධ නවකතා සාහිත්‍යය යථාර්ත ග්‍රහණයක් මෙන්ම සමාජ විග්‍රහයක් සිදු කෙරෙන සAථානගත වීමකට ගමන් කොට ඇති බවක් දැකිය හැකි ය.

කෙසේ වෙතත් අපරාධයක් සිදු කරන්නා කොයි ආකාරයෙන් හරි නීතියේ රැහැනට හසු වීම අපරාධ නවකතා සාහිත්‍යයේ එන පොදු ලක්ෂණයක් වේ. අපරාධයක ට දඩුවමක් හිමි ය යන්න එමගින් පෙන්වා දෙනු ලබයි. එය එසේ වී ඇත්තේ මේ සාහිත්‍යකරුවන් ඒ දේ එසේ සිදු වීම සමාජ කාර්යභාරයක් එසේ නැත්නම් වගකීමක් ලෙසින් සලකන නිසා බැව් ද පෙනී යයි. නමුත් විශේෂත්වය වන්නේ ඒ පාදම මත සිටිමින් ම මේ නවකතාකරුවන් අපරාධකාරි ඝාතකයන් ගේ සංකීර්ණ සමාජ මානසිකත්වය ගැන හදෑරීමක් ද සිදු කිරීමය.

අද දවසේ අපරාධකරුවන් අල්ලා ගැනීම එමෙන්ම අපරාධයක් සිදු වූ ආකාරය හෙළිදරව් කර ගැනීම අධ්‍යයනයක් සහිත විද්‍යාත්මක ක්‍රමවේද පවා උපයෝගි කර ගනිමින් සිදු කල යුතු බරපතල කර්තව්‍යයක් බවට පත් ව ඇති ආකාරය කොටකෙතන සිද්ධිය පමණක් ම වුණත් පෙන්වා දෙයි. එහි තේරුම අතීතයේ දී සරදියෙල් වැන්නන් ව අල්ලා ගැනීමට කටයුතු කල ආකාරය ට ආරක්ෂක හමුදාවක පිරිස් බලය කෙරෙහි පමණක් විශ්වාසය තබා වර්තමානයේ දී සිදුවෙන සංකීර්ණ අපරාධ එළිදරව් කර ගැනීමට නොහැකි බවයි. එමෙන්ම එය බුද්ධි විමර්ශන කටයුත්තක් බවට ද පත් ව ඇති බවයි. එවැනි පසුබිමක් තුල අපරාධ නවකතාවන් හි එන මනෝ සංකීර්ණයක් සහිත අපරාධකරුවන් ගේ හැසිරීම් සම්බන්ධයෙන් කියවීම සැලකිය යුත්තේ හුදෙක් විනෝදාස්වාදය ලබා දෙන කටයුත්තක් වශයෙන් පමණක් නොවේ. එය අධ්‍යයනය පෙරටු කොට ගත් කාර්යභාරයක් වශයෙන් සැලකීමට කාලය පැමිණ ුඇති බව මේ අනුව පැහැදිලි වේ.

– සකස් කලේ –
මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s