මා ගැන මගේ කියවීම.

වසර හතලිහකට පමණ පෙර සිටි මම නම් පුද්ගලයා පිළිබඳව දැන් මට සිතා ගැනීමට පවා පූළුවන්කමක් නැත. එකල මා තුල වූ චිත්ත පීඩාව ක්ෂණික ප්‍රතිචාර සඳහා උත්තේජනයක් ලබා දුන්නේ ය. එකල මාගේ ස්වභාවය කවරක් වී දැයි සිහි කල හැක්කේ අපහසුවෙනි. කුඩා කල ගත් මගේ ඡායාරූප එහිදී එතරම් ප්‍රයෝජනයක් නොවී ය. ඒවායෙ පිළිබිඹු වූයේ වෙස් මුහුණක් තුල සැඟවුණු පුද්ගලයෙකි.

*     *     *

ingmar_bergman_01

ගෙදර දොරේ නිරතුරුවම දරුවගේ විලාප හXල රෙදි පිළිල පිඟන් කෝප්ප සේදීම් කටයුතු හෝ ගැහැණුන්ගේ අඳෝනා වලින් පිරී තිබිණි. ඒ හා සමඟම ඉහ වහා ගිය ඊර්ෂ්‍යාව විසින් නිරතුරුව ම එකිනෙකා අතර විරසක බව ඇති කලේය. පලායාමේ සියළු දොරටු අවහිර කොට තිබූ බැවින් පාවාදීම් අනිවාර්ය අංගයක් බවට පත් විය.

මම බොරුකාරයෙකු බව එලන් දැන සිටියා ය. ඇගේ කලකිරීම ඉහ වහා ගොස් තිබිණි. එක වරක් හෝ සත්‍යය ප්‍රකාශ කරන ලෙස ඇය මගෙන් ඉල්ලා සිටියාය. එහෙත් මට එය කල හැකි නොවීය. සත්‍යය ඇත්තේ කොහි දැයි මා දැන සිටියේ නැත.

– ඉංග්මාර් බර්ග්මාන් –

ස්වීඩන් ජාතික සිනමාකරු ඉංග්මාර් බර්ග්මාන් සිය ස්වයං චරිතාපදානය වන ඛ්බඑැරබ ඵ්ටසජ් ලියුවේ 1987 දී ය. පසුව එය ජෝන් ටේට් විසින් ඵ්ටසජ ඛ්බඑැරබ නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරිනි. සිනමා ක්ෂේත්‍රයේ් අතAදැකීම් බහුල එම්. ඩී. මහින්දපාල එය ,මැජික් ලන්තෑරුම, නමින් සිංහලයට නැගුවේ ඒ ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරිනි. මැජික් ලැන්තෑරුම සේරි ප්‍රකාශනයකි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s