මිනිස් පැවැත්ම පිළිබඳවල සංකීර්ණ චරිත ගවේෂණයක් ඔස්සේ…

වියානාව රුසියාවෙන් නිදහස් වූ පසු දස වසරක් තිස්සේ මිත්‍ර පාක්ෂිකයන්ගේ පාලනය යටතේ පැවතිණි. එහිදි ආහාර හිගයල බඩුමිල ඉහළ යාමල කළුකඩ හා හොර ජාවාරම් ඇතිවීමල සෞඛ්‍ය පිරිහී යෑමල සරණාගත ප්‍රශ්න ආදියට මුහුණ දෙන ඔස්ට්‍රියාවේ අගනුවර වන වියානාව ග්‍රීන් තම නවකථාවට පසුබිම කර ගනියි.
මිනිස් පැවැත්ම පිළිබඳවල සංකීර්ණ චරිත ගවේෂණයක් ඔස්සේ ඔහු චක්‍රෝක්ති සහිත විවරණයක යෙදෙයි. තෙවැනි මිනිසා යුද්ධයෙන් පසුව වියානාවේ සංකීර්ණ මිනිස් ක්‍රියාකාරකම්ල සිරිත් විරිත් හා මිනිස් චර්යාවන්ල රාජ්‍ය ප්‍රතිපත්ති ආදිය ඔස්සේ සත්‍ය සොයායාමක් කරයි. මියගිය ලයිම් සොයා යන මාටින්ස් මගින් නවකතාවේ තවත් එක් තේමාවක් ලෙසින් පාවාදීමක් හෙවත් ද්‍රෝහිවීමක් ඉදිරිපත් කෙරෙයි. ග්‍රීන් ලියූ ඔයැ ්‍යමප්බ ත‍්ජඑදර නවකථාව මගින් එක් ආකාරයකින් රට පාවාදීම හෝ රටට ද්‍රෝහිවීමක් විවරණය කෙරෙයි. ඔයැ ඡදඇර ්බා එයැ ඨකදරහ නවකථාව තුළ ආගම පාවාදීමක් හෝ ද්‍රෝහිවීමක් දක්නා ලැබේ. ඔයැ ඔයසරා ඵ්බ හි දක්නට ලැඛෙන්නේ එක් පැත්තකින් මිත්‍රත්වයට ද්‍රෝහි වීමක් හෝ පාවා දීමකි.
මෙහි එන හැරී ලයිම් රටේ ඉල්ලූමට අනුව බාල ඛෙහෙත් නිෂ්පාදන සපයන්නෙකි. ඔහුට මිනිසුන් හෝ දරුවන් මියගියාට කම් නැත. ඔහු ලාභ අපේක්ෂා කරන්නෙකි. ඔහු දියුණුවීමේ බලාපොරොත්තු සහිතල දක්ෂල උගත්ල හෙළිදරව් නොවුණ ප්‍රතිපත්ති සහිත මහත්මා දුෂ්ටයෙකි. ීපදදඑය ීජ්බා්ක ලයිම් ප්‍රබල සැබෑ චරිතයක් බවට පත්කරවන්නට ග්‍රීන් සමත් වෙයි. රජයේ පාලනයකින් තොර දූෂිත ආර්ථීක ක්‍රමය මිනිසාට හිතකර නොවන බවත් එම ධනේෂ්වර ක්‍රමය සියලූ සාරධර්මයන් බිඳ දමන බවත් කතුවරයා තෙවැනි මිනිසා මගින් පෙන්වා දෙයි.
ග්‍රින් පවසන පරිදි පුද්ගලත්වය බිඳ වැටුණුල සාරධර්ම බිඳ වැටුණුල දූෂණයන් ඉහවහ ගිය ඒවා ගැන සොයා බැලීමක් නොකෙරෙන පාලන තත්ත්වයක් යටතේ අපරාධ නවත්වන්නේ කෙසේද යන්න ගැන මෙහිදී සාකච්ඡාවට ලක්වන බව පෙනෙයි.
.තෙවැනි මිනිසා. නොයෙකුත් දෘෂ්ටි කෝණ ඔස්සේ විමසා බැලිය හැකි නූතන නවකථාවකි. එය ගැන සිදුකෙරුණු හැදෑරීම් බොහෝය. පෝල් රියා නම් විචාරකයාට අනුව අපට නවීන ලෝකයෙහි ප්‍රවණතා තුනක් දැකිය හැකි වන්නේය.
1. සමාජ හා පුද්ගල සදාචාරය බිද වැටීම.
2. කාර්මිකත්වයේ හා තාක්ෂණයේ දියුණුවත් සමඟම මිනිසත් බවින් ඈත්වීම.
3. සූරා කෑම හා මිනිස් පෞරුෂය බිඳ වැටිම යන්නය.
ඒ අනුව මේ ප්‍රවණතා තුන මත නූතන ලෝකයේ ඓයිතිහාසික පැවැත්ම රඳා පවතියි.

420346_318414111538958_169287230_n.jpg

වියානාවේ සිටින හැරී ලයිම් සදාචාරය බිඳවැටීම හා සූරාකෑම සංකේතවත්කරයි. කිසිම හිරිකිතයකින් තොරව පෙනිසිලින් සංයෝග කිරීම මගින් තාක්ෂණය හා මිනිසත් බවේ බිදA වැටීම පෙන්නුම් කරයි. ලයිම්ට අනුව අපට පෙනී යන්නේ පෙනිසිලින් වලට ගොදුරු වන්නේ මිනිසුන් නොව මුහුණක් නොමැති .තිත් . බවය.
අපරාධ පරීක්ෂණ නවකථා සාහිත්‍ය අඩ සියවසකට අධික කාලයක් තිස්සේ නවීන මෙන්ම ඉතා සංකීර්ණ තේමාවන් ඔස්සේ වර්ධනය වන්නට පටන් ගත් බව ඉහත සදහන් කළෙමි. එම සාහිත්‍ය ප්‍රවණතාවයේ පුරෝගාමියකු වූ ග්‍රැහැම් ග්‍රීන් සමඟ තවත් ප්‍රමුඛ පෙළේ අපරාධ පරීක්ෂණ නවකථාකරුවන් තිදෙනෙකුගේ කෘති සිංහල පාඨකයා හමුවේ තැබීමය. මෙවර මගේ වෑයමල මෙය නූතන සම්භාව්‍ය සාහිත්‍ය හා ජනප්‍රිය සාහිත්‍ය අතර පවතින පරතරය අවම කිරීමට හේතුවක් වනු ඇතැයි සිතමි.
ඒ අනුව .තෙවැනි මිනිසා. පරිවර්තන කෘතිය සමඟ තවත් ජනප්‍රිය බටහිර නවකතාකරුවන් තිදෙනෙකුගේ තෝරාගත් කෘති තුනක් ඔබ වෙත ඉදිරිපත් කිරිමට කැමැත්තෙමි. .වෙස්මුහුණු. නමින් මෙහි එන නවකථාවේ රචකයා වන ස්ටැන්ලි ගාඩ්නර් පරිශීලනය කරන තේමාව අපට ඛෙහෙවින් සමීපය. ඔහු නීතියේ සාධාරණත්වය පොදුජනයාටද හිමිවිය යුතු බව කියූ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීවූ නීතිවේදියකු වන්නේය. සිග්මන් ප්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාත්මක සංකල්ප ඔස්සේ අපරාධ පරීක්ෂණ නවකථාවේ විෂය සීමාව පුළුල් කළ ප්‍රකට නවකථාකරුවෙකි රොබට් බ්ලොච්. ඔහුගේ ඔයැ ක‍දමජය කෘතිය .සයනාසන. නමින් සිංහළට පරිවර්තනයවී ඇත. .සොඳුරු ගොදුරු බිම. නමින් සිංහලට එක්ව ඇත්තේ ෙජ්ම්ස් හැඩ්ලි චේස් ගේ ජනප්‍රිය නවකතා රැසක්ම කියවනු ලැබීමෙන් අනතුරුව තෝරාගත් මා සිත්ගත් කෘතියකි. පුවත් පත් කලාවේදියකු වටා ගෙතුණු මේ නවකථාව මෙරට පුවත් පත් කලාවේදීන්හටද සුවිශාල අත්දැකීමක් වනු නොඅනුමානය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s