අපේ නවකතාවේ  සංස්කෘතික ගැහැණිය ගැන කතාවක්

 

1891257_10206482458725157_6784800434170964674_n
Parakrama Ekanayake

පරාක්‍රම ඒකනායක යි මමයි කාලයක් එකට වැඩ කලා. අදටත් අපේ සමීපස්ථභාවයේ කිසි වෙනසක් නෑ. ඒක වෙනම කතාවක්. නමුත් මේ සටහන මම ලියන්නේ ඒ දවස්වල ඔහු මා ඉදිරියේ මතු කළ විශේෂ කරුණක් සිහි වෙලා යි. එදා පරාක්‍රම මට කිව්වා අපේ නවකතාව ඇතුලේ එක්තරා කාලයක් යන තුරු සංස්කෘතික ගැහැණියක් ජීවත් වුණාය කියලා. (පරාක්‍රම කියන්නේ බොහෝ දේවල් මතු කරන මිනිහෙක්. බොහෝ විට ඔහු විස්තර කරනවා අඩුයි.)

ඇත්තම කිව්වොත් පරාක්‍රම කී ආකාරයේ සංස්කෘතික ගැහැණියක් අපේ්් නවකතාවේ හිටියා. මමත් ඊට එකඟයි. පියදාස සිරිසේන ගේ ආර්ය කුල සිරිත අනුව ආ ඒ සංස්කෘතික ගැහැණිය ඩබ්ලිව් ඒ සිල්වා ගේ ,නන්දාවතී, හරහා නූතනවාදී අදහස් වලින් සුපුෂ්පිතල සිය සංස්කෘතික පැවැත්ම මැනවින් කලමනාකරණය කරගත් ප්‍රබල චරිතයක් වශයෙන් ඉදිරිපත් වෙනවා.

ඒත් මාර්ටින් වික්‍රමසිංහගේ නන්දා වගේ ම සරෝජිනි ගත්තොත් ඒ අය තුළ නිවරැදිව ම සටහන් වන්නේ ප්‍රාදේශීය ලක්ෂණ යි. ඔවුන් විසූ ගමේ හැඩරුවයි. තමන් වෙසෙන ප්‍රදේශයේ රුව ගුණ තාත්විකව නිරූපණය කරන ඔවුන් ඩබලිව් ඒ සිල්වා ගේ ,නන්දාවතී, ප්‍රතිනිර්මාණය අසලකටවත් ලං වන්නේ නෑ. ඒ නිසා නන්දාල සරෝජිනි වැනි චරිත නිකං ම සංස්කෘතික චරිත නොව ගැමි සංස්කෘතික චරිත බවටත් පත් වෙනවා.

කරුණාසේ්න ජයලත් ගේ දඟකාර දම්මි වගේ ම කුසුම් වෙනස් මං දෙකක ගමන් කරන පරාක්‍රම ම මතු කල සංස්කෘතික ගැහැණුන් බව ට පත් වෙනවා. ඒත් ජයලත්ගේම කුල කුමරිය වැනි නවකතාවක දී අපට හමුවන්නේ ලූම්පන් නාගරික සංස්කෘතිය තුළ වියෝ දසුනක් බව ට පත් වන අර කීව සංස්කෘතික ගැහැණිය ගේ ලක්ෂණයි.

ඒ සංස්කෘතික ගැහැණිය අද වන විට අපේ නවකතාවට සෑහෙන දුරට ආගන්තුකයි. ඒක තමයි ඇත්ත. ඒත් මට තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි. එවැනි මුල් සිඳ ගැනීමකින් අප ලබාගත් විශෙAෂ ජයග්‍රහණයක් තිඛෙනවා ද කියන එකයි.

– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ. –

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s