පුනරුදයේ සාක්කිකාර පුත්‍රයා හෙවත් ව්‍යවච්ඡේදකයා

gamini-viyangoda-photo-by-buddhini-ekanayake

මානව ශිෂ්ටාචාරය සිය ඉදිරි ගමන වෙනුවෙන් නූතනත්වය ඉල්ලා සිටිනවා. මිනිසාට මෙන්ම ශිෂ්ටාචාරයකටත් නැවතීම කියන දේ දරා ගන්න අමාරුයි. ඒ මොකද එතැනින් එහාට තියෙන්නේ වඳවීම නිසායි. නූතනවාදය නිර්මාණය වෙන්නේ ද ඒ නිසායි.

පශ්චාත් නූතනවාදය බිහිවන්නේ කලින් කී නූතනවාදය ප්‍රශ්න කරමිනුයි. තමන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් ඔවුන්ට එය අවශ්‍ය වෙනවා. ඒ ප්‍රශ්න කිරීම පසුකාලීනව ලෝකයට නව කලා ප්‍රවාහයක් ඉදිරිපත් කරනවා. එයින් නවකතාව විශේෂයි. ඒත් ඇත්තටම එතැන වෙන්නේ පශ්චාත් නූතනවාදයේ අවශ්‍යතාවයට නවකතාව මාධ්‍යයක් වුණ එකයි.14199205_1277045242329196_4189056847371443321_n

හංගේරියානු සම්භවයක් සහිත ෆෙදරිකෝ අන්දහාසි නම් ප්‍රකට මනෝ චිකිත්සකයා නවකතාකරුවකු වන්නේත් ඒ ආකාරයටයි. ඔහුගේ් ප්‍රථම නවකතාව වන Aබ්එදප්පසිඑ කෘතිය නවකතා ලෝකයට වෙනස් පාදමක් සපයා දෙනවා. ඒ වගේම බලකිරීමක් කරනවාල නවකතාව ගැන වෙනස් තැනකට ගිහින් කතා කරන්්න. ලෝක මට්ටමින් ඒ කතා බහ ඇති වුණත් අපේ රට ඇතුළේ නම් නිකමටවත් එවැනි කතාබහක් ඇති වුණේ නැහැ. එහෙම වුණේත් ගාමිනි වියන්ගොඩ , ව්‍යවච්ඡේදකයා , නමින් එය සිංහලට පරිවර්තනය කොට තිබියදීත්ය.

කොහොම වුණත් මේ ලියන්නේ විචාරයක් නම් නෙවෙයි. විචාරය යන සම්මත හඳුනාගැනීම ම අද මහ විකාරයක්. ඒ නිසා ආපහු එතැනටම ගිහින් විචාරකයකු වීම තේරුමක් නැති වැඩක්. ඒ නිසා මේ ලිවීම අදහසක් විතරයි. Aබ්එදප්පසිඑ කෘතිය සිංහලට පරිවර්තනය කරද්දී වියන්ගොඩ ට ඇති වුණු අදහස එහි පෙරවදනේ එනවා.

, 16 වැනි සියවස පාදක කරගෙන ලියැවී ඇති මේ නවකතාව කලක් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. ක්‍රිස්ටෝපර් කොලොම්බස් 1792 දී භූගෝලීය ලෝකයේ ඇමරිකාව සොයා ගැනීම සමග සසඳමින් ඊළඟ සියවසේ දී මැතියෝ කලම්බු නැමැති මේ වෛද්‍යවරයා සොයා ගත් නව ව්‍යවච්ඡේද ලෝකයක අපූරුව කතුවරයා අප හමුවේ නිර්මාණය කරන්නේ සැබෑ ඉතිහාසය සහ ප්‍රබන්ධ කලාව ඉතා සියුම් ලෙස සංකලනය කරමිනි. ,

මේ සොයා ගැනීම කාලයට සාපේක්ෂව බරපතල සමාජ දේශපාලන අසුරා දැමීමක් නිරාවරණය කිරීමක් හා සමානයි. කොහොම වුණත් ගැහැණියකගේ ලිංගික සුරතාන්තය පිළිබඳ ඒ අනාවරණය සමාජ දේශපාලන සංසිද්ධියක් නෙවෙයි කියලා කොහොමටවත් කියන්න බැහැ. ඒ වනාහි පුද්ගලයකුගේ හුදු පුද්ගල අවශ්‍යතාවයක් කියා කිව හැක්කේ දේශපාලන වශයෙන් අනාථ වූවකුටයි. යුරෝපයේ පුනරුදය ඇති වුණේල එහෙම නැත්නම් ඔවුන් ඒ කරා ගමන් කලේ අසීමිත විදිහට ලෝකය නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි. පුනරුදයේ සෑම සොයා ගැනීමක්ම අවසාන විග්‍රහයේදී පෙන්වා දෙන්නේ ඒ නිරීක්ෂණ ශක්තියයි. එහෙම බැලූවම අපට පිළිගන්න සිදුවෙනවා ඔවුන් ලෝකය අලූතින්ම සොයා ගත්තාය කියන කාරණය.

අන්දහාසිගේ මේ නවකතාවත් හරියටම බැලූවොත් ඒ නිරීක්ෂණ ශක්තිය හරහා උපන් පුනරුද අත්දැකීමක් හා සමානයි. පූර්ණ නිරීක්ෂණයක් ඔස්සේ මතු කල පූර්ණ හෙළිදරව්වක් තමයි මේ නවකතාවේ ආඛ්‍යානය නිර්මාණය කරන්නේ. එතැනදි ඔහු සිය සම්පූර්ණ අවධානය යොමු කරන්නේ ඒ හෙළිදරව්වටයි. ඒ නිසා තමයි ඒ හෙළිදරව්වම නවකතාවට ආඛ්‍යානයක් වෙන්නෙ. එතැනදි නවකතාව නම් කලා ආකෘතිය ඔහුට මාධ්‍යයක් පමණයි. ඒ නිසා අතීතයේ සිටි ගුස්ටාව් ප්ලොඛෙයාලට වගේ හරි ප්‍රවේෂමෙන් නවකතාවේ ආකෘතිය තෝරා බේරා ගන්න ෆෙදරිකෝ අන්දහාසිට අවශ්‍ය වන්නේ නැහැ.

යුරොපා පුනරුදය ගත්තොත් ඒ කාලයේ කවුරුත් සන්නද්ධ වුණේ ලියනාර්ඩෝ ඩා වින්චි ගේ ඪී ශක්තියෙන් ය කියලයි ව්‍යවච්ඡේදකයා කියන්නේ. ඒ පැහැදිලි කිරීම කෘතියේ මේ විදිහට එනවා.

federico andahazi7.jpg

, එකල කවුරුත් සන්නද්ධ වූයේ ලියනාර්ඩෝ ඩා වින්චි ගේ ඪීරත්වයෙනි. එදා යමෙකු ශිල්පියෙකු වී නම් ඔහු කලාකරුවකු ද විය. යමෙකු කලාකරුවකු වී නම් විද්‍යාඥයකු ද විය. යමෙකු විද්‍යාඥයකු වී නම් ඔහු රණකාමියකු ද විය. රණකාමියකු වී නම් ශිල්පියකු ද විය. දැනුම යනුවෙන් අදහස් වූයේ තමන්ගේ දෑතින් යමක් නිපදවීමට කෙනෙකුට ඇති දැනුමයි. නිදසුන් මදිවට දෝ පළමු වැනි එයුජින් පාප්වරයා තමාගේ දෑතින්ම පොලිස් ලොක්කෙකුගේ හිස ගසා දැම්මේය. , : 34 පිටුව –

අන්දහාසිගේ නවකතාව ද බිහිවන්නේ එවැනි සමාජ දේශපාලන ගර්භාෂයකින්ය කියලයි මට හිතෙන්නෙ. එසේ බිහි 138වන පුනරුදයේ දරුවා ශක්තිමත්ල දක්ෂල බුද්ධිමත්ල කාර්යශ+ර ඒ වගේම නිර්දය එකෙකු වීම අවශ්‍යම කාරණයක් වුණා. හරියටම කිව්වොත් නැපෝලියන් බොනපාට් සහ ඒබ්‍රහම් ලින්කන් එකතු කරලා බිහි කර ගන්නා මානව ප්‍රතිරූපයක් ඒ පුනරුදයේ දරුවාට හිමි වෙනවා.

මැතියෝ කලම්බු කියන්නෙ පුනරුද යුගයට අයත් ශක්තිමත් පුරුෂයෙක් කියලයි කෘතිය අපට පවසන්නේ. තවද , කලාවේ දරුවකු වූ ඔහු සියුමාලයේ සහ අලංකාරයේ නිෂ්පාදනයක්. දෙව්මැදුරු වල විභූතිමත් කොත් කැරලි වල සිට ගැමියන් පාවිච්චි කළ ගෙදර දොර වීදුරුව දක්වාත්ල රජ වාසල් සැරසූ බිතු සිතුවම් වල සිට ගොවියන් අස්වැන්න නෙළා ගත් දෑ කැත්ත දක්වාත්ල දේවස්ථාන වල ආරුක්කු වල සිට එඩේරන්ගේ ද~ු මුගුරු දක්වාත් වූ සියල්ල අසිරිමත් සේ නිර්මාණය කල පුනරුද ලෝකයේ සාක්කිකාර පුත්‍රයෙක් විය. මැතියෝ කලම්බුගේ ආත්මයත් නිමාවුණෙ ඒ අඩුවැඩියෙන්මයි.,

ව්‍යවච්ඡේදකයා පූර්ණ වශයෙන්ම ඒ පුනරුද සමය වෙනුවෙන් පෙනී සිටියි. වික්ටා්රියානු සුචරිතය නිශ්ශබ්ද කිරීමේ යුරෝපීය වුවමනාව හ~ නඟා ප්‍රකාශ කළේ පුනරුදය බව පැහැදිලයි. නිරීක්ෂණයල පරීක්ෂණය තුලින් බැස ගත් නිගමනය තමයි ඔවුන්ව පුනරුදය දෙසට රැගෙන ගියේ. ඒ මාර්ග පද්ධතිය මතින් ම ගමන් කරන මැතියෝ කලම්බු ඒ නව සොයා ගැනීම කෙරෙහි යොමු වීම අභව්‍ය සිද්ධියක් නොවන්නේ අර පසුබිම ඔහුට සේවය කරන නිසායි. කෘතිය තුල ඒ කියවීම තියෙනවා.116834

කුටුම්බගත සිර අඩස්සියල වඩාත් නිවැරැදිව කියනවා නම් පතිව්‍රතතා ආශ්‍රමයේ ඒකාකාරි පැවැත්මෙන් – ගනිකා මඩම් හා කන්‍යාරාම හික්මීමෙන් එළියට ආ වික්ටෝරියානු කුල දහම් නොඉවසූ ගැහැණිය මුළුමනින්ම තුරන් නොවූ කුලෑටි බවින් යුතුව මුත් පුරුෂාධිපත්‍යයත් සමඟ එකට එක කියන්නට පටන් ගෙන තිබුණා. ඒ වනාහි ඇය බාහිර ලෝකය ජය ගැනීමක් විදිහටයි ව්‍යවච්ඡේදකයා දකින්නෙ. එසේ නැත්නම් ඔහු එය අර්ථ නිරූපණය කරන්නෙ එහෙමයි කියා කියන්නත් පුළුවන්. ඒ සියවස ගැහැණුන්ගේ සියවසක් විදිහට හඳුන්වන්නත් ඔහු කාලයට සාපේක්ෂව නිර්භීත වෙනවා. කාලයත් තිස්සේ ආගමික පූජකයන් භීතියට පත් කළ ඒ ගැහැණු කය මැතියෝ කලම්බු මධුර දේශය නමින් හැඳින්වූවා ද රෑ ක්‍රිස්ටෝපර් කොලම්බස් අළුතින් සොයා ගත් දේශය ඇමරිකාව නමින් නම් කලේ අර කියැවුණු ජයග්‍රාහි හැඟීමෙන්ම දරෑ

, ඒ සියල්ලටමත් වඩා දෙවියන් වහන්සේ විසින් ආදම්ගේ ඉල ඇටයෙන් මවන ලද ඒවාගේ දියණියන් දැන ගත්තොත් ස්වර්ගය සහ නිරයට ඇතුළු වන යතුර ඇත්තේ තමන්ගේ කකුල් දෙක අස්සේය කියා……. :13ල 14 පිටු –

මේ සොයා යෑම එලෙසින්ම අරගෙන පුනරුච්චාරණය කිරීම දැනුම නිෂ්පාදනය කිරීමක් නෙවෙයි. එහෙම වුණාම එතැන විචාරයකුත් නෑ. එවා සමාජ දේශපාලන වශයෙන්

අර්ථ නිරූපණය කොට ඇති ආකාරය එමෙන්ම භාවිතාවේ යෙදුනේ කෙසේදැයි සොයා බැලීමයි මෙතැනදි සිදුවෙන්න ඕනෙ. එය විචාරයක් ද කියවීමක් ද කියන කාරණය වැදගත් නෑ. වැදගත්ම දේ් තමයි ඒ ගැන තමන්ගේ විග්‍රහය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ -mohansriyantha@gmail.com

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s