සිංහලයන් හා කටයුතු කිරීම මට මහත් සතුට ගෙන දෙන්නක් ම විය.

later2.JPG

සිංහලයෝ

“විශේෂයෙන් ම සිංහලයා සඟවා ගත්ල ඇතැම් විට තේරුම් ගැනීමට අපහසු සිත් ඇති ව ජීවත්වීමට දක්වන නැඹුරුතාව වැඩි ය. බොහෝ විට ඔවුන් සිය පෞද්ගලිකත්වය යටපත් කර ගන්නට ගන්නා වෙහෙස සම කළ හැක්කේ යාචකයකු සිය පිළිකුල් කටයුතු තුවාලයක්ල
පිළිකාවක් හෝ බරපතළ විකලතාවක් සඟවන්නට දරන වෙහෙසකට ය. කෙසේ වුව ඔබ ඔවුන් හඳුනාගන්නා විට දී ඒ සැම කෙනෙකුගේ ම පාහේ ඇතුලාන්තයේ මහත් උදාසීනත්වයක් ද ඉරණමට අවනත වීමේ ස්වභාවයක් ද දකිනවා ඇත.”

හම්බන්තොට මිනිස්සු

“යාපනය හා හම්බන්තොට ප්‍රදේශවල මිනිසුන් ගැන ඔහු සිය ප්‍රසාදය පළ කොට ඇත. ,මගේ සිත තදින් ම පැහැර ගත්තේ ඔවුන් තුළ වූ ආදිකල්පිත බවත්ල ප්‍රකෘති ස්වභාවයටත් ය. මේ මිනිස්සු වංකකමේත්ල අවංකත්වයේත් අපූරු මිශ්‍රණයක් වූහ. කපටිකමල මෝඩකමල දුෂ්ටකම මෙන් ම කාරුණිකත්වය යන සියල්ලේ ද සංකලනයක් වූහ. ”

උඩරැටියෝ

සිංහලයන් හා කටයුතු කිරීම මට මහත් සතුට ගෙන දෙන්නක් ම විය. මීට අවුරුදු 50 කට කලින් සිටි උඩරැටියෝ දල රටේ මහත්තුරු ද රදළ ප්‍රධානීන් මෙන් ම ගම්මුලාදෑනියෝ ද තව ද පොදුවේත් පෞද්ගලිකවත් මට හමු වූ ගැමියෝ ද යන මේ සෑම කෙනෙක් ම එකසේ ප්‍රිය ජනක මිනිස්සු ම වූහ.

අකාරුණික හිරු රැස් නිසා ගිනිගත් වාලූකාවේ අතු වැටෙන් කොටු වී සිටින කටුක පෙනුමැති දෙමළ මිනිසුන් සමඟ කාලයක් වැඩ කිරීමෙන් අනතුරු ව මෙකී සෞම්‍ය ගුණෝපේත උඩරැටියන් හා කටයුතු කිරීම අතිශයින්ම ප්‍රිය මනාපවූත්ල සුවිශේෂ කර්තව්‍යයක් ම වූයේ යැයි ඔහු ලියුවේය. මහනුවර කච්චේරියේ දී විශාල වැඩ කොටසක් පැවරී තිබු හෙයින් නගරයෙන් එපිට ගම්මානයකට වත් යාමට ඉඩ අවසරයක් ලැබුණේ ද කලාතුරකින් යැයි පවසන ලෙනාඩ් වුල්ෆ් එසේ ගිය පළමු දිනයේ ම තම ගමට ආ ආගන්තුකයා ඔවුන් විමසා පිළිගනු ලැබූ මිත්‍රශීලි ආකාරය ගැන සිය විශ්මිත සතුට පළකරයි.

-ලෙනාඩ් වුල්ෆ්

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s