ඩෙංගු වසංගතය පාරිසරික ආක්‍රමණයේම ප්‍රතිඵලයක්

blood-type-mosquitoes-like_212d0e93fe7c8498

පාරිසරික ආක්‍රමණයක් වශයෙන් හැදින්වෙන්නේ යම් රටටක
අවේණික නොවන සත්වයෙක් පැළෑටියක් එරට ආවේණික පරිසරයට
හානි පුමුණුවමින් ව්‍යාප්ත වීමයි. මෙය එක් අතකින් සතුරු ආක්‍රමණයක්
වශයෙන් හැඳින්විය හැක. මේ ආකාරයෙන් මේ වනවිට රට පුරාම
අතිශයින්ම උත්සන්න ආකාරයකින් පැතිර යන මාරාන්තික ඩෙංගු
වසංගතයේ කත_කයා වන ඩෙංගු මදුරුවාද අපේ රටේ පාරිසරික පද්ධති
ඇසුරේ උපන් එකෙක් නොවේ. විදේශයකින් ආ ආක්‍රමණිකයෙක්ම වේ.
මෙවැනි ආක්‍රමණිකයෙක් තමන්ට ආගන්තුක දේශයක ව්‍යාප්ත
වන විට එම සත්වයා හෝ පැළෑටිය ලබන විශේෂ වරප්‍රසාදයක්
වන්නේ තමන් උපන් රටේ තමාට එරෙහිව කටයතු කරමින් පැවැත්මට
බාධා කළාවූ විලෝපිතයා හෝ විලෝපිතයින් ආගන්තුක දේශයේදී හමු
නොවීමයි. ඒ නිසා එකී පාරසරික ආක්‍රමණිකයා අළුත් පරිසරය පුරා ඉතා
පහසුවෙන් සිය අණසක පතුරුවන්නට සමත් වෙයි. ඒ අනුව ඩෙංගු රෝග
ය මේ ආකාරයෙන් රට පුරාම වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඉහළම මරණ
අනුපාතයක් වාර්තා කරවන්නේ අර කියාපු ආකාරයට විලෝපිතයෙක්
නැති පාරිසරික තත්ත්වයක් ඌ වෙනුවෙන් මෙරට තුළ නිර්මාණය වී
තිබීම නිසාය.
ඩෙංගු මේ ආකාරයෙන් සිදුවන පාරිසරික ආක්‍රමණයක් ගැන
වඩාත් පැහැදිලි අවබෝධයක් ලබන්නට නම් පාරිසරික ආක්‍රමණයේ
අතීතය ගැනත් යම් ආකාරයක හෝ අවබෝධයක් ලබා ගැනීම වැදගත්ය
යනු අපේ හැඟීමයි. පෘථීවි ඉතිහාසයෙ මුල් කාලය ගත් කළ එය
අතිශයින්ම පාළු කාල පරිච්ඡේදයක්ම වූහ. සාගර කඳුවැටි වශයෙන් එන
ස්වාභාවික පරිසර පද්ධතිද හුදෙකලාව පැවතුණේය. අනික් අතින් මේ
නිසාම ස්වාභාවික පරිසරය තමන්ට හිමි පාරිසරික පැවැත්මක් තුළ පිහිටි

බාහිර කි්‍රයාකාරකම් ඒ නිශ්චල හුදෙකලා පැවැත්මට බාධා නොකළෝය.
එසේ බැලුවිට එය ඉතා පැහැදිලි නිරවුල් පැවැත්මක්ද වූයේයF2_dengue_2_1.jpg

නමුත් මේ පැවැත්ම සතු සන්සුන් බව බිදෙන්න ගත්තේ මිනිසා
තමන් වසන ලෝකය සොයා ගන්නට සිය උපරිම ශක්තිය යොදා කටයුතු
කරන්නට පටන්ගත් තැන සිටය. ඉතිහාසය එයට ’දේශ ගවේෂනය¶ යැයි
කීවේය. දේශ ගවේෂනය ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක්ද නිර්මාණය
කළේය. ලෝකය එකම ගම්මානයක් බවට පත් කර ගැනීමේ මූලික
අඩිතාලම මේ දේශ ගවේෂනයත් සමගම සකස් වූණේය. ඒ අනුව
මේ නව ලෝක තත්ත්වය වෙනස් කළෝ මිනිසාගේ අදහස් ආකල්ප
පමණක්ද? නැත. මේ නව මානව හැසිරීම්ද විසින් එතෙක් නිශ්චලව
පැවැති ඒ ඒ රටවල අනන්‍ය පාරිසරික පැවැත්මට විවිධ බලපෑම්
එල්ලකරන්නට පටන්ගත් බව පැහැදිලිය. සත්ව හා ශාක සංචලනය
කාලයෙන් කාලයට වේගයෙන් ඉහළ ගියේය. ඉදින් අද අපි වැසය
කරන්නේද එසේ නැග ආ නූතන (අ) සංවර්ධනයේ ප්‍රතිලාබ ලෙසින්
බරපතල පාරිසරික ගරා වැටීමක් සිදුවන අරාජික කාලයක උච්චතම
අවධියේය. තවත් අවුරුදු විසි පහක් ගිය තැනදී මේ බිහිසුණු (පාරිසර)
හායනය ආපසු හැරවිය නොහැකි ආකාරයෙන් තහවුරු වන්නේය. එසේ
පවසන්නේ පරිසර විද්‍යාර්ථීහූය.

මේ ආකාරයෙන් අද වන විට සෑම රටක්ම පාහේ කුමන
ආකාරයක හෝ පාරිසරික ආක්‍රමනයකට ගොදුරු වි තිබේ. බරපතල
පාරිසරික අර්බුද ඉදිරියේ කඩා වැටීම් වලට ලක්වී තිබේ. සුරතල් මත්ස්‍ය
ව්‍යාපාරය, කෘතීම හෙවත් අලංකාරණය සඳහා බල්ලන් බළලූන් (ඇතැම්
විදේශීය වර්ග) ඇති කිරීම පාරිසරික ආක්‍රමණයට අදාල සරල නිදර්ශන
කිහිපයක් වේ. කෙසේ වුවත් යම් පාරිසරික කලාපයක් තුළ පවත්නා ශාක
හෝ සිටින්නාවූ ජීවීන් විශේෂයක් අලූතින් ඇතුල්වූ පමණින් එය එක්වරම
ආක්‍රමණික ලෙසින් වර්ග කිරීමටද පුළුවන්කමක් නැත. එසේ පාරිසරික
ආක්‍රමණයක් ලෙසින් හඳුණාගැනීමට නම් එමගින් පවතින පරිසරයට
එහි ශාක හෝ ජෛව ප්‍රභේද වලට පැවැත්මට පාරිසරික තර්ජනයක්
ඇති වන ආකාරයෙන් අර කියාපු ආගන්තුකයන් සිය පැවැත්ම සාදාගත
යුතුය. උදාහරණයක් ලෙසින් නූතන ගෙවතු අලංකාරණයේදී බහුලවම
යොදා ගැන්නා ’වැලැන්ටයින්¶ නම් ආගන්තුක ශාක ප්‍රභේදය ආක්‍රමණික
ශාකයක් ලෙසින් නම් කොට තිබේ. එයට හේතුව වන්නේ එහි අධි
ව්‍යාප්තිය විසින් සෙසු ශාක ප්‍රභේද වල පැවැත්මට එල්ල කරනු ලබන
තර්ජනයයි.

භූගෝලීය පිහිටීම අනුව අපේ රට දූපතක්ය. දූපතක් වශයෙන්
පිහිටි රටක් මෙවැනි පාරිසරික ආක්‍රමණ ඉදිරියේදී එසේ නොවන සෙසු
රටවලට වඩා වැඩි ආරක්ෂාවක් ලබයි. එනම් ලෙහෙසියෙන් පාරිසරික
ආක්‍රමණයකට ලක් නොවේ. එයට හේතුව දූපතක් වශයෙන් එන එම පිහිටීම
තුළ ස්වාභාවිකම ලබන හුදෙකලා සුරක්ෂිත බවයි. එහෙත් අද වන විට
අපේ රට තුළ බල පවත්වන පාරිසරික ආක්‍රමණ දෙස බලන විට එවන්
ආරක්ෂිත භූමි කලාපයක සිටින අප මේතරම් අනාරක්ෂිත තත්වයකට
පත්වූයේ කෙසේද? ආරක්ෂිත දූපත් පිහිටීම කිසිදු ආරක්ෂාවකින් තොර
විවෘත බිමක් තරමටම පහත වැටුණේ කෙසේද? යන මේ ප්‍රශ්න අද
අපට තනන්නට සිදුව ඇත්තේද එකී දූපත් පිහිටීම තුළ සිටිමින්මය

කෙසේ වූවත් අවසානයේදී එය එසේ සිදුව තිබේ. පවතින ගෝලීය
කි්‍රයාකාරකම් හමුවේ ඒ දේ එසේ සිදුවීම නොවැලැක්විය කරුණක්ද වී
තිබේ. අනික් අතින් ජාතියක් වශයෙන් අද වන විට අප සතු පාරිසරික
වශයෙන් අසංවේදී මානසිකත්වය(යටගිය දවස එය එසේ නොවීය.)
මෙන්ම පරිසරය විෂයිකව රාජකාරී කටයුතු මෙහෙයවන නිලධාරීන්ය,
බලධාරීන්ය වශයෙන් ඉහළ අසුන් හොබවන්නන්ගේ අනවබෝධය මෙන්ම
බුද්ධිමය දිළිදුකම මීට අදාලව බරපතල හේතු සාධක වි ඇති අතර ඒ
ගැන පුළුල් සලකා බැලිය යුතුව තිබේ.
අනික් අතින් අතැම් කාලවලදී හට ගන්නා දීර්ග නියං තත්වයන්
නිසා වනාන්තර බිම් පවා දැවී හීනවී යාමෙන් මේ මහ පොළවේ හිස්
තැන් ඉතිරි වේ. එමෙන්ම එය ලොව කොහෙත් සිදුවේ. ඒ හිස්තැන්
පසු කාලයකදි පිරවෙන්නේ ඇතැම් විට ආගන්තුක ශාක විශේෂයකිනි.
එසේත් නැත්නම් ශාක සමූහයකිනි. එවැනි අවස්ථාවකදී බොහෝ විට අප
මෙතෙක් නොඇසූ විරූ රෝග වසංගතයක මුල බීජ ඒ ශාක විශේෂ
අතර තිබීමටද ඉඩ අවසර නැතුවා නොවේ. එසේත් නැත්නම් එවැනි
රෝග කාරක ජීවි විශේෂයක් කැඳවා ගැනිමට එවැනි ආගන්තුක ශාකයක්
සමත් වීමද එවැනි තත්වයක් ඇති වීමට හේතු වේ. එවැනි විටක එය
පැහැදිලිවම පරිසර ආක්‍රමණයක් වශයෙන් හැඳින්වේ.

ඊලඟ කාරණයට අනුව එවැනි එක් උපද්‍රවකාරී ජීවී හෝ
ශාක විශේෂයක් වැනසීමේ අරමුණින් ගෙන්වා ගන්නා ආගන්තුකයෙක්
අවසානයේදී ආක්‍රමණිකයෙක් වුවහොත් එයද මුලින් කී තත්ත්වයට
නොදෙවෙනි පාරිසරික ආක්‍රමණයක් වීමට ඉඩ තිබේ. ඔස්ටේ්‍රලියාවට
පැමිණි ’කේන් වැඩියා¶ ගේ කථාව අපට කියා දෙන්නේ එවැනි පාඩමකි.

29-09-2011dengue.jpg

කේන් වැඩියා දකුණු අපි්‍රකාව නිජබිම කරගත් විෂ සහිත මැඩිි
විශේෂයකි. ද අපි්‍රකාව හැරුණ කළ දකුණු සහ මධ්‍යම අමරිකවේ වාසය
කරන සිය ප්‍රධාන ආහාරය වශයෙන් මියගිය සතුන් කා දමන කේන්
වැඩියා කෘමි භක්ෂකයෙක්ද වෙයි. දිගින් සෙ.මී 38ක්ද වන මොහු ගේ
විෂ ග්‍රන්ථී පිහිටා ඇත්තේ දෙඇසට පිටුපසිනි. විශේෂයෙන්ම අනතුරක්
ගැන ඉව වැටුණ අවස්ථාවකදී සුදු පාට ක්ෂීර වැනි දියරයක් විදීම කේන්
වැඩියාගේ සහජ ලක්ෂණයකි. ඒ දියරය මුළුමනින්ම විස සහිතය. මෙම
විස සතෙකු මරා දැමීමට ප්‍රමාණවත්ය. ඇතැම් අවස්ථා වලදී මිනිසුන්
පවා මේ විසෙන් මියගිය බවට අසන්නට ලැබේ. එසේ විස විදීම පෙර
සිය සිරුර පුම්බා ගැනීමෙන් හොඳ සුදානමක් ගැනීම ඌ ගේ තවත්
සුවිශේෂත්වයකි. මැඩිි ෙධිනුව සෙමින් ගලා යන ජලයේ වසරකට 8000
– 35000 ක් අතර බිජු සංඛ්‍යාවක් දමන්නට සමත්ය.

කේන් මැඩියා ලෝක අවධානයට ලක්වූයේ කෘෂි වගා බිම්වලදී
සාර්ථක පාලිබෝධ නාශකයක් වශයෙන් ඔස්ටේ්‍රලියාව, ජපානය, පැපුවා
නිව්ගිනියාව ෆිජි මෙන්ම කැරිබියන් දූපත් සහ හවායි රටවල් මේ ස්වාභාවික
පලිබෝධනාශකය මහත් හරිසරින් තම රටටවලට ගෙන්වා ගත්තේ එම
පිලිගැනීමට අනුවය. එය ඇත්තටම ආර්ථීක පරමාර්ථයක්වූ අතර වගා
ක්ෂේත්‍රයේදී කෘතීම පලිබෝධනාශක වලට යන අධික වියදම කේන්
මැඩියා ලවා පාලනය කරවා ගැනීම ඔවුන්ගේ එකම අරමුණ විය. නමුත්
අවසානයේදී ඔවුන් බලාපොරොත්තු වූ කටයුත්ත ඉටුකර දෙන අතරම
එම රටවල ස්වාභාවික පාරිසරික පැවැත්මට බරපතල තර්ජනයක් එල්ල
කරමින් ඉමහත් පාරිසරික අර්බුදයක් බවට ද පත්වීමටද මේ මැඩියා
කටයුතු කොට තිබුණේය. එය කොතරම් දුර දිග ගියේද යත් පසුව
එම රටවල් සියළු කටයුතු නවතා දමා කේන් මැඩියා වද කිරිමේ මහා
මෙහෙයුමකට අත ගැසුවේය.
කෙසේ වූවත් විලෝපිතයන් වශයෙන් හදුන්වා දෙන ලද සෑම
සත්ව විශේෂයක්ම කේන් මැඩියා මෙන් හැසිරුණේ යැයි මෙයින් අදහස්
නොකෙරේ. මෙතැනදී අපට පෙන්වා දෙන්නට අවශ්‍ය වූයේ ඒ ආකාරයේ
අත්හදා බැලිමක් වූණත් අවසානයේදී මහා පරිසර ආක්‍රමණයක් වශයෙන්
අවසන් වීමට ඉඩ අවසරයක් තිබිය හැකි බවයි. 1990 දී ශාන්ත
හෙලේනා දූපතේ එරට ජාතික වෘක්ෂය වශයෙන්ද හැදින්වෙන ’ගම්වුඩ්¶
ශාකය ඔකේසියා ඉන්සිග්නිස් නම් කෘමි වසංගතයෙන් බරපතල ලෙසින්
තර්ජනයට ලක්වූණේය. එතැනදී එකී දූපත් රාජ්‍යය අනුගමනය කළේද.
උක්ත වසංගතයට එරෙහිව පැන්නේරිනා නම් විලෝපිතයාට හදුන්වාදිමය

එය අසාර්ථක ප්‍රයත්නයක් නොවීය. එහෙත් ඒ ආගන්තුක විලෝපිතයා
පාරිසරික ආක්‍රමණිකයෙක් නොවීය. ශාන්ත හෙලේනා දූපතට සිය ජාතික
වෘක්ෂය ආරක්ෂා කරගැනීමට ද හැකි වුයේය.
අපේ රටේ ඇතැම් නිලධාරීන්, බලධාරීන් නිසා ද නැති පාරිසරික
ආක්‍රමණික තත්ව ඇති වෙන්නේ යැයි ඉහතදී කියන්නට යෙදුණි. ඒ සඳහා
දිය හැකි හොදම නිදර්ශනය වන්නේ උඩරට කඳුකරයට ’ඉයැලුකිප්ටස්¶
වගාව නිසා වූ හානියයි. ඉයැලූකිප්ටස් යනු ඔස්ටේ්‍රලියාව නිජබිම කරගත්
ශාක විශේෂයකි. අපේ රටේ බලධාරීන් මෙන්ම නිලධාරීන් කඳුකරයේ
සිදුවෙමින් පවතික පාංශ= ඛාදනය නවත්වා ගැනීමට කැඳවා ගත්තේ මේ
කියන ආගන්තුක ශාක විශේෂයයි. ඔව්හු එය කඳුකර බිම් පුරා විශාල
ව්‍යාප්තියක් ඇතිවන ආකාරයෙන් වගා කළ අතර අවසානයේදී සිදුවුයේ
කුමක්ද? එකී ශාක සිටවූ බ්මි පාළුවට ගියේය. තණපතක් හෝ ඒ
ආසන්නයේ නොවැඩුණේය. එයට හේතුව වුයේ එම ශාක පත්‍රවල අඩංගු
විශේෂ රසායනිකයක් වෙනත් ශාකවල පැවැත්මට බාධා කිරිමයි. කෙසේ
හෝ වේවා අර කියාපු නිලධාරීහු ද බලධාරීහුද මේ ගැන දැනගන්නාවිට
කඳුකර බිමි බොහෝමයක් විනාශයට පත්වී හමාරය.

මය්සෝනියා නම් ශාකය ජනපි්‍රයවූයේ එයටම
ආවේණිකවූ විචිත්‍රත්වය නිසාය. එහෙත් සීග්‍ර ව්‍යාප්තිය නිසා සෙසු
ශාකවල පැවැත්මට බරපතල තර්ජනයක් ඇති කරන්නට පටන් ගැනීමත්
සමඟම එය ආක්‍රමණික ශාකයක් වශයෙන් නම් කිරීමට සිදුවිය. මෙවැනි
ආක්‍රමණිකයෝ විපරිත පාරිසරික පැවැත්මකට දොරටු හැර දමන්නෝය.
අනික් අතින් මෙවැනි අහිතකර තත්ව වල මුල බීජ වපුරන්නෝ අලූතින්
බිහිවී සිටින උදා්‍යාන අලංකාරණ නිර්මාණකරුවෝය. මුලිකම කාරණය
මේ අය පාරිසරික අවබෝධයක් ඇති ඒ ගැන වගකිව යුතු ආකාරයෙන්
කටයුතු කරන ශිල්ප ශ්‍රේණියක් නොවීමයි. මේ නිසාම විශේෂයෙන්ම
නගර කේන්දි්‍රයව පවත්නා කෘතීම උද්‍යාන අලංකරණ ව්‍යාපෘති ගැන
මීට වඩා බරපතල ලෙසින් සිතිය යුතුය යන්න අපේ කල්පනාවයි. තමන්
නිර්මාණය කරන කෘතී්‍රම උද්‍යාන අලංකරණයේ පසු පාරිසරික ප්‍රතිවිපාක
ගැන අදාල ශිල්පීන් තුළ අනවබෝධය තරමටම ඒ ආකාරයට අලංකාර
කර ගන්නා ගෙවත්තකින් සමස්ත සමාජයක දිවි පැවැත්මට එල්ලවිය
හැකි පාරිසරික සහ සෞඛ්‍යමය අවදානම ගැන කිසිදු අවධානයක්
යොමු කිරීමද බරපතලය. උද්‍යාන අලංකරණය සිදු කරගන්නේද පරිසර
අපරාධකරුවන් ලෙසින් විනා අහිංසකයෙක් ලෙසින් සිතීමට තරම් කිසිම
සාධාරණ හේතුවක් අපට නම් නොපෙනේ. මක් නිසාදයත් කිසිදු පාරිසරික.

අවබෝධයකින් තොරව ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළ ඔවුන් සිදු
කරනුයේ අනිවාර්යයෙන්ම පැවැතිය යුතු හිතවත් පාරිසරික තත්වයක්
කෘතීම වුත් විකෘති වූත් තත්වයකට පත් කිරීමක් විනා අන් දෙයක්
නොවන හෙයින.

ගඳපාන සහ කලපු අන්දර

ක්බඒබ් නම් උද්භීද භාවයෙන් හැදින්වෙන්නේ අප කවුරුත්
හොදින් දන්නා ගඳපාන නම් ශාක විශේෂයයි. ගඳපාන මුලින්ම අප
රටට හදූන්වා දුන්නේ සමනලූන් ආකර්ශනය කර ගැනීමේලා සමත් ශාක
ප්‍රභේදයක් ලෙසින් වූණත් ආක්‍රමණික ශාක විශේෂයක් ලෙසින් ඔය අද
වන විට නම් කර තිබේ. ඒ තත්වයට පත්වූයේ වල් අලීන් ගැවසෙන
වනාශි්‍රතව වෙසෙන ප්‍රදේශවාසීහු අලි පළවා හැරීමේ ලා ස්වාභාවික
උපක්‍රමයක් වශයෙන් ගඳපාන ශාකය යොදා ගැනීමත් සමගය. එසේ
ව්‍යාප්ත වූ මෙම ශාකය පසුව උඩවලව වනෝද්‍යානය ආක්‍රමණය කිරීමත්
සමඟම අලි බහුලව ගැවසෙන වනෝද්‍යානයක් වන එහි හටගත් අලි
කලබලය සුළුපටුඑකක් නොවීය. අලියා මෙම ශාකයේ සැර ගන්ධය
ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව යට කී වනෝද්‍යානය තුළ බහුල ලෙස
ගැවසුන අලින් වනයෙන් පිටතට පලා ඒමේ අවදානම වැඩි විය.
කලපු අන්දර ලෙසින් හැදින්වෙන්නේ එක්තරා කාලයකදී
හම්බන්තොට ප්‍රදේශයට හඳුන්වා දුන් ආගන්තුක ශාක විශේෂයකි. එහි
අරමුණ ප්‍රදේශයේ භූමියේ ලවණ මිශ්‍ර නිසරු ගතිය නැති කොට එහි
පාංශ= පරිසරය වැඩි දියුණු කිරීමය. එහෙත් එය සිය සීග්‍ර ව්‍යාප්තිය
හේතු කොටගෙන බුන්දල වනෝද්‍යානයද ආක්‍රමණය කිරීමත් සමඟම
මෙරටට ආවේණික ශාක ප්‍රභේද වල ස්වාභාවික ව්‍යාප්තිය කෙරෙහි
බරපතල තර්ජනයක් අද වන විට ඇති කොට තිබේ.

වෙල් ගප්පියා සහ මන්නාවා

වෙල් ගප්පියා ගැන නොදන්නා කුඩා එකෙක් හෝ වැඩිහිටියෙක්
හෝ අපේ ගම්වල නැත. එහෙත් මේ කිසිවෙක් වෙල් ගප්පියා ගැන
නොදන්නා කාරණාවක්ද ඇත. ඒ මේ කියන මත්ස්‍යයා අපේ එකෙක්
නොවේය යන්නයි. වෙනත් ලෙසකට කියනවා නම් වෙල් ගප්පියාගෙ
් නිජබිම ශී්‍ර ලංකාව නොවේ. ඇමරිකා එක්සත් ජනපදයේ මිරිදය
ජලාශයි. සීග්‍ර ලෙස ව්‍යාප්ත වූ මදුරු වසංගතය නිවාරණය කර ගැනීමේ

එකම අරමුණින් මෙරටට ගෙන ආ වෙල් ගප්පියා නම් මෙම මත්ස්‍යයා
හඳුන්වා දුන් අතර ඌගේ ව්‍යාප්තියද සීග්‍රයෙන් සිදු විය. ඒ අනුව අද
මෙම මත්ස්‍යයා සෑම ප්‍රදේශයකම වාගේ දකින්නට ලැඛෙන අතර ඌ
අතින් විනාශයට පත් වන්නේ මදුරුකීටයන් පමණක් නොවේ. ආර්ථීක
වටිනාකමකින් යුත් මත්ස්‍යයන්ගේ බිත්තරද ගිල දමන මොවූහු නිසා
දුර්ලභ අපෘෂ්ඨ වංශික කිහිප විශේෂයකගේ ම පැවැත්මට බරපතල
තර්ජනයක් එල්ල කරන්නට සමත්වි සිටියි.
ඉංගී්‍රසි බසින් ක‍කදඅබ ණබසෙැ ත‍සිය යනුවෙන් හැදින්වෙන
මත්ස්‍ය විශේෂයට සිංහල අපි කියන්නේ ’මන්නාවා¶ කියාය. සෙමින්
චලනය වෙන එහෙත් වේගයෙන් මත්ස්‍ය විශේෂ ගිලදමන්නෙක් වන
මොහු සුරතල් මත්ස්‍යයෙක් ලෙසින්ද සිය ව්‍යාප්තිය තහවුරු කරගෙන
සිටියි. මේ ආකාරයෙන්ම සුරතල් සත්ව විශේෂයක් වන රතු කන් ඉබ්බාද,
වෙල් ගප්පියා, මන්නාවා තරමටම ආක්‍රමණිකයෙක් වී මෙරට ආවේණික
පාරිසරික සහ ජෛව පැවැත්මට හානි පමුණුවමින් සිටින්නෙකි. මෙරටට
ආවේණික අපෘෂ්ඨවංශිකයන් කීප පොලක්ම මේ කියන රතු කන් ඉබිබා
නිසා අපට අහිමි වෙමින් සිටිති. ඒ අතර අප හොදින් හඳුණන බත්කූරාද
වෙයි.

මේ ආකාරයෙන් බලන කළ අද අප වාසය කරන්නේ විපරිත
කාලගුණික මෙන්ම පාරිසරික තත්වයක් තුළය යන්න පැහැදිලි විය යුතුය.
අනික් අතින් මේ කාරණය කොයි ආකාරයෙන්වත් හුදෙකලා සංසිද්ධියක්ද
නොවේ. විපරිත කාලගුණික මෙන්ම පාරිසරික වාතාවරණයක් තුළ එහි
අනිවාර්ය කොටස්කාරයන් වන මිනිසා සත්ව, ශාක ඇතැම් ජෛව කොටස්
මද විපරිත ජෛව පැවැත්මකට හිමිකම් කියන්නවූන් මෙන්ම ඒ නිසා දුක්
අනුභව කරන්නවුන් බවටද පත් වෙති. හඳුණාගත නොහැකි රෝග කාරක
වසංගත රෝග ව්‍යාප්තිය මෙහි අනිවාර්ය ප්‍රතිඵල බවටද පත්වේ. ඉදින්
එසේ බලන කල්හි මෙම විස්තරයේ පාදක නිමිත්තවන ’ඩෙංගු¶ යන්න
අපේ කාලයට අභියෝග කරන එවැනි තවත් එක් ව්‍යසනයක් වේ.
විශේෂයෙන්ම නාගරික ඉදිකිරීම් ක්ෂේත්‍රයේදීත් නාගරික
සංවර්ධනයේදීත් ඉතාම නිවැරදි ආකාරයේ පාරිසරික සැලසුම්කරණය
සඳහා යෑමේ බරපතල අවශ්‍යතාවය සැහැල්ලූවෙන් බාරගත යුත්තක්
නොවේ. අනිත් අතින් එය විය යුත්තේද ජාතික ඒකාබද්ධ සැලැස්මක්
වශයෙනි. ඒ විනා ඒ ඒ අමාත්‍යාංශ මට්ටමින් පමණක් ගන්නා හුදෙකලා
අමාාත්‍යාංශ තීරණ වශයෙන් නොවේ. විශේෂයෙන්ම මෙතැනදී අපේ සාකච්ඡාවට ලක්වූ ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය නැතහොත් එය හුදෙක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් වශයෙන් එක් තැනක තබා සලකනdengue2.png
තාක් එහිලා අත්‍යවශ්‍ය වන ජාතික සැලැස්ම දිගින් දිගටම පස්සට
යැමක් විනා ඉදිියට ඒමක් ගැන බලාපොරොත්තු තැබිය හැකදි නොවේ.
වෙනත් ලෙසකට කියනවා නම් ඩෙංගු මදුරුවා මර්දනය කිරීම
සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් කළ හැකි කටයුත්තක් නොවේ. ඊට පරිසර
අමාත්‍යංශයේ සහායද අවශ්‍යමය පාරිසරික සහ සෞඛ්‍යමය ජාතික
වැඩපිලිවෙලක් ඔස්සේ මේ බිහිසුණු මදුරුවාගේ පැවැත්ම මුළුමනින්ම
අහෝසි කරන තත්වයකට රට ගෙන යා යුතුය. එය පැහැදිලි අභියෝග
යකි. නමුත් ඕනෑම අභියෝගයක් ජයගන්නට හැකිය. ඒ තමන් ඉදිරියේ
පවතින්නේ කුමක් දැයි නිවැරදිව අවබෝධ කර ගැනීමෙනි.

-මොහාන් ශි්‍රයන්ත ආරියවංශ-

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s