ඩිගෝල්ගේ ප්‍රංශය මා ඕ ගේ චීනය සහ පශ්චාත් නූතනවාදයේ ඉරණම

චාල්ස් ඩිගෝල් ප්‍රංශයේ නො ඉපදුණේ නම් ප්‍රංශය ලෝක සිතියම තුල එක්තැන්ල ශක්තිමත් රාජ්‍යයක් බවට පත් නොවේ.75648-004-748bfbac විචක්ෂණ ඉතිහාසඥයන්ගේ මතය එය වේ. එහෙත් පසු කාලයක දී චාල්ස් ඩිගෝල් ම දේශපාලන බාධකයක් ලෙසින් සලකා ඉවත් කර දමන්නට කටයුතු කළේ ද ප්‍රංශයම යි. එහි මුල්්තැන සිටියේද සුළු පටු මිනිසෙකු නොව ෂන් පොල් සාත්‍රෙ ය. ශීතල කාමරවල සිට අරගල කළ නොහැකි බවත් ඒ සඳහා වීථීයට බැසිය යුතු යැයි කියාත් පවසමින් ඔහු ඩිගෝල්ට එරෙහි ජනතා උද්ඝෝෂණයට එක් වුණේය. එතැන දී මේ මිනිහා ව අත් අඩංගුවට නොගන්නේ මන්දැයි ඇසූ පැනයකට චාල්ස් ඩිගෝල් දුන් පිළිතුර ප්‍රංශ ඉතිහාසයට අලූත් වටිනාකමක් එකතු කළේය. [සාත්‍රෙ යනු මුළු මහත් ප්‍රංශය යිල යන අරුත මූලික වශයෙන් එම පිළිතුරට ඇතුළත් විය.]

ප්‍රංශයේ දී ඩිගෝල් අත් වින්ද ඒ ඉතිහාසය ඒ ආකාරයෙන්ම චීනයේ මා ඕ සේතුංටත් අත් වුණි දරෑ ගල් පර්වතයක් අස්වැද්දීමට මා ඕ සේතුං ගේ චින්තනය සමත් වන්නේ කෙසේදැයි අභිමානයෙන් යුතුව විමසූ චීනයම පසුව ඒ අස්වැද්දීම සමාජ දේශපාලන බාධාවක් ලෙසින් සැලකුවේල ඇත්ත වශයෙන්ම ඔහු චීනයට එවැනි බාධාවක් වූ නිසාදරෑ එය හටගත්තේ නො එසේනම් මා ඕ දේශපාලන බාධාවක් ලෙසින් නිර්වචනය වූයේ සංස්කෘතික විප්ලවය නම් සීමාවේ දී දරෑ එසේ නම් සංස්කෘතික විප්ලවය නම් සංසිද්ධිය තුළ දී මා ඕ සේතුං සීමාන්තිකවාදියකු වීදරෑ කෙසේ වෙතත් ඔහු මෙසේ කීය.

“ලෝකය ඔබගේ ය. එමෙන්ම එය අපගේ ය. එහෙත් අවසාන විග්‍රහයේ දී එය ඔබගේ ය. ප්‍රාණවත්කමින් සහ ජීවනාලියෙන් සපිරුණු තරුණ ඔබ උදෑසණ පායන ළහිරු මෙන්ල ජීවිතයේ විකසිත අවස්ථාවේ සිටින්නේ ය. අපගේ බලාපොරොත්තුව ඇත්තේ ඔබ වෙතය….. මේ ලෝකය අයිති ඔබට ය. චීනයේ අනාගතය ඔබ සතුය. “[සිංහල පරිවර්තනය සිඩ්නි වනසිංහ]

එවැනි පසුබිමක් තුළ පශ්චාත් නූතනවාදි ඇතුළාන්තයකින් බිිහිවන චීන ලේඛිකා වෙයි වෙයි අයත් වන්නේ කිනම් සමාජ දේශපාලන ආස්ථානයකටද?

220px-bundesarchiv_b_145_bild-f010324-0002_flughafen_koln-bonn_adenauer_de_gaulle-cropped” Wei Hui [උච්චාරණය කරනු ලබන්නේ වෙයි වෙයි යනුවෙනි. – හමුදා නිලධාරියකුගේ දියැණියකි. ඇය ළමා කාලයේ වසර තුනක් ම ජීවත් වූයේ සංස්කෘතික විප්ලව සමයේ භික්ෂූන් නෙරපා දමා හමුදා බල ඇණි විසින් අල්ලා ගන්නා ලද පන්සලක් තුළය. ෂැංහයි හි කීර්තිමත් ෆූඩාන් සරසවියේ ඇය සාහිත්‍යය හැදෑරුවාය.”

“ඇගේ පරම්පරාවේ නැගී එන තාරකාවක් ලෙසට මුලින් රාජ්‍යය මාධ්‍යය මගින් උසස් කොට සලකන ලද ඇය දැන් හදුන්වනු ලබන්නේ කමකට නැති දූෂිතල විදේශීය සංස්කෘතියේ වහළියක ලෙසයි. 2000 වසරේ අප්‍රේල් මාසයේ දී බලධාරීන් විසින් තහනම් කරන ලද  Shangahai  Baby කෘතියෙහි පිටපත් 40ල000 ක් ප්‍රසිද්ධියේ ගිනි තබන ලදී. , කෙසේ වෙතත් වෙයි වෙයි මෙම නවකතාව හදුන්වනු ලබන්නේ ඇගේ අධ්‍යාත්මික සහ ලිංගික පිබිදීම විස්තර කෙරෙන අර්ධ – ස්වයං චරිතාපදානයක් ලෙස යි. ”

publishable.jpg

“මම හැදුණෙ වැඩුණෙ විනය පිළිබඳ දැඩි නීති රීති සහිත පවුලක. එතකොට මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙ පළමු වසර වැය වුණේ හමුදා පුහුණුව වෙනුවෙන්. ඉතින් ඊට පස්සේ සිදුවුන දේ ස්වභාවිකයි. මම කැරලි ගහන්න පටන් ගත්තා. මම වියරු වැටුණා. ඒ ගැන තමයි මම ලිව්වෙ.”[උපුටා ගැනීම – ෂැංහයි සොඳුරිය – සිංහල පරිවර්තනයල දෙවිදු සෙනෙවිරත්න]

නමුත් ප්‍රශ්නය ඇත්තේ එතැන නොවේ. ප්‍රශ්නය පවතින්නේ ඇගේ ඒ කැරැල්ල සමාජීය වශයෙනුත් දේශපාලනික අතිනුත් කොතරම් දුරට ශක්තිමත් ද කියන තැනයි. අප වටහාගෙන ඇති ආකාරයට පොදුවේ ගත් කල පශ්චාත් නූතනවාදීහු අතරමග අතරමං වූ චරිත වෙති. නමුත් ඔවුන්ට හොඳ කියවීමක් මෙන්ම බුද්ධිමය පසුබිමක් තිබේ. නිර්මාණ ශක්තියෙන් ද ඔවුහු දිළිඳු නොවෙති. එනිසාම යට කියන ලද අතරමං වීම අපූර්ව සාහිත්‍ය විලාසයක් බවට පත් කර ගැනීමට ඔවුන්ට හැකි වුණි. එහෙත් පශ්චාත් නූතනවාදීන්ට ජයගත නොහැකි බොහෝ බුද්ධිමය බාධක ඒ වන විටත් ලෝකය තුළ නොනැසිල දිරාපත් නොවී පැවතුණි. කාල් මාක්ස් කී ආකාරයට , තමන් වටා ඇති නිදහස් විඥානවාදයන්ට එරෙහිව ස්වාධීන අදහස් ඇති කරගත්තත් ඒවාට සිද්ධීන් පාලනය කළ නොහැකිය., පසු නූතනවාදය තුළ මාක්ස් ගෙ ඒ පැවැත්ම ප්‍රශ්න කෙරේ. ඒ අනුව මෙසේ ද විමසා තිබේ. ,සිද්ධීන් කෙරෙහි ඒ කී ආකාරයට බලපෑමට හැකියාවක් නැතැයි මාක්ස් විශ්වාස කළා නම් පොතක් ලිවීමට ඔහු මහත් සේ වෙහෙස වූයේ මන්දරෑ , කෙනෙකුට මේ ප්‍රශන කිරීම තුළ ආකර්ශනයක් දැකිය හැකිය. එහෙත් ආකර්ශනය යනු එකකි. ප්‍රශ්න කිරීමක දෘෂ්ඨිමය වටිනාකම යනු තවත එකක

එසේ බලන කළ චීනයේ විනය පරිපාටිය [සාම්ප්‍රදායික චීන පැවැත්ම තුළ මෙන්ම දේශපාලනික වශයෙන් විප්ලවීය රාජ්‍යය තන්ත්‍රය තුළ ද එය තිබිණි] කොතරම් දුරට පොදු සමාජ නිදහස අවහිර කළේදැයි විමසීමේ අයිතිය සාහිත්‍යයෙන් බැහැර නොවේ. එහෙත් එය සිදු විය යුත්තේ විග්‍රහයක් තුළය. වෙනත් විදියකට කියනවානම් එවැනි ප්‍රශ්න කිරීම් නිතරම සමාජ දේශපාලන විග්‍රහයක් ඉල්ලා සිටියි. . ෂැංහයි සොඳුරිය . හි එන මැඩෝනාල මකුළුවා වැනි චරිත ගත් කළ අපට දැකිය හැකි වන්නේ කුමක් දරෑ ඔවුන් ඒ කෘතියට ලබා දෙන දායකත්වය කුමක් දරෑ අරාජිකත්වය තුළම පැවතීම විග්‍රහයක් ලෙසින් සිතිය හැකි දරෑ එහි ප්‍රධාන චරිතය වන කොකෝ පවා ඉදිරිපත් කරන සමාජ දේශපාලන විග්‍රහය කුමක් දරෑ කොටින්ම කියනවානම් ඉතිහාසයට එරෙහිව පශ්චාත් නූතනවාදීන් විසින් ගොඩ නැගූ ඓයිතිහාසික විග්‍රහයක් වේදරෑ එසේ ඔවුන් ඒ කාර්යය සිදු කළේ නම් මෙම කෘතියේ එන මැඩෝනා මෙසේ නොකියන්නට ඉඩ තිබුණි.mao-zedong-height-weight-shoe-size

“ඇය ඔළුව වැනුවා.’ඇත්තටම මට තියෙන්නේ හරිම පුංචි බඩක’ ඇය කිව්වේ අත් දෙක කෝප්පයක් වගේ එකට කරලා එAකෙ ප්‍රමාණය පෙන්නන ගමන්. . හවසට තමයි මගේ දවස පටන් ගන්නේ. ඒක නිසා හුඟක් අයගේ රෑ කෑම තමයි මගේ උදේ කෑම. මම සාමාන්‍යයෙන් හුඟක් කන්නේ නෑ. මේ සෙල්ලක්කාර ජීවිතය මගේ ඇඟ කුණු කූඩයක් කරලයි තියෙන්නේ.”

ඒ අනුව පශ්චාත් නූතන සමයේ දී ලෝකයට බරපතළ ආකාරයෙන් .විග්‍රහය. යන්න මඟ හැරුණිදැයි සොයා බැලිය යුතුය. එතැනදී ඒ විග්‍රහය හුදු අධිපතිවාදයක් ලෙසින් සලකන අයෙකුල පශ්චාත් නූතන වාදයේ නමින් කොහේ හෝ සිට මතුවුණොත් ඊට කළ හැකි දෙයක් නැත. කෙසේ වෙතත් චීනය ගොඩනැගීමේදී මා ඕ සේතුංට ප්‍රබල ඉලක්කයක් තිබුණි. පැහැදිලි සමාජ දැක්මක් තිබුණි. ඔහු ඒ වෙනුවෙන් ක්‍රියාකාරි අරගලයක නිරත වුණි. එවැනි ඓයිතිහාසික කාර්යභාරයක් සරල ලිංගික ස්වයං මතවාදයකින් පරාජය කල හැකි යැයි පිලිගැනීම ම විහිළුවකි. අප විසින් දිගින් දිගටම මෙහිදී විග්‍රහය යන්න උද්ධෘත කරන ලද්දේ ඒ විහිළුව කල් තියා දුටු නිසාමය. විප්ලවීය චීනය කාර්මීකරණය කිරීම දුෂ්කර කටයුත්තක් බව නව රජය දැන සිටියේය. එහෙත් එය ජය ගත යුතු ඉලක්කයක් බව විප්ලවීය නායකත්වය අධිෂ්ඨාන පූර්වක ස්ථාවරයක සිටියේය. මහජනතාව ඒ සම්බන්ධයෙන් ඉගැනීමක් හා අවබෝධයක් ලබන තුරු බලා සිටීම හාස්‍යයක් යැයි ඔවුහු කීහ. චීන විප්ලවීය අධිකාරිය ඒ සම්බන්ධයෙන් මෙවැනි ස්ථාවරයක සිටි බව පැහැදිලි වේ.

150601144452-china-mao-zedong-exlarge-169

“සිවිල් සේවකයන් හා කළමණාකරුවන් අප විසින් ඉක්මණින් පුහුණු කළ යුතුය. අතීතයේ යමෙක් ඉඩම් හිමියකු ව සිටියත්ල ප්‍රතිගාමියකු ව සිටියත්ල පැරණි උගත් පන්තියේ සාමාජිකයින් අතරින් මොවුන් තෝරා ගැනීමට අපට සිදු වේ. දේශපාලනයට මුල් තැනක් දුන් විටල කලාවන් හි කිසියම් හුදකලා වූ අදහස් වලින් ඈත් වීමක් සිදු වේ. එමෙන්ම මෙතෙක් පැවති ව්‍යංගාර්ථවත් මහේශාක්‍ය චීන සාහිත්‍යය සම්ප්‍රදායක් පාගා දමමින්ල සාහිත්‍යයේ ද දිස්වන්නේ හොඳ නරක වශයෙන් මතුවන කිසි වැඩකට නැති සදාචාරවාදයකි. ” [ජෝන් රොබින්සන]

ජෝන් රොබින්සන් යනු චීන සංස්කෘතික විප්ලවය සම්බන්ධයෙන් අත්දැකීම් පූර්ණ අවබෝධයක් ඇත්තෙකි. ඔහු ඒ ගැන කුමන මතයක් දැරුවත් ඔහුගේ ඇතැම් මතු කිරීම් නිකන්ම ඉවත දැමිය නොහැකිය. ඒ අනුව මහා කඳු ඉවත් කිරීමට අවශ්‍ය බලය ඇත්තේ විරුද්ධ විය නොහැකි සිද්ධාන්තයන් තුළ නොවේ යැයි පවසන ඔහු එහි ලා අවංකව කටයුතු කිරීමට ඇති අධිෂ්ධානය වැදගත් බව පෙන්වා දෙයි. ඉතා පැහැදිලිවම මෙතැනදී අරාජිකත්වය යන්න ප්‍රතික්ෂේප කොට තිබේ. අරාජිකත්වය නිර්මාණය වීම දෘඪ මතවාදයන් වැළඳගැනීම තුළ දී මෙන්ම හිස් දෑතින් පලා යෑම තුළදී ද සිදු වේ.

විග්‍රහයේ වටිනාකම ඇත්තේ මෙතැනය. ෂැන්හයි සොඳුරිය නම් කෘතිය ඇත්තේ කොතැනදැයි විමසා බැලිය යුත්තේ ද මෙතැනදීම ය. පශචාත් නූතනවාදීන් එහිලා සමත්වී දැයි දිගින් දිගටම ප්‍රශ්න කිරීමල ඇතැම් විට ඔවුන්ට නැති වටිනාකමක් ලබාදීමක් වීමට ද පුළුවන. එසේ ගත් කළ වෙයි වෙයිගේ අර්ධ ස්වයං චරිතාප්‍රදානය පුළුස්සා දැමීම මෙන්ම ඊට එරෙහිව හෝ පක්ෂව වචන නිෂ්පාදනය කිරීම ද පලක් ඇති කටයුත්තක් නොවේ. පශ්චාත් නූතනවාදය ආරක්ෂා කිරීමට හෝ ඉන් ජීවත් වීමට කටයුතු කරන්නවුන් ගැන මෙහිදි කතා නොකෙරේ. අනිත් අතින් ගත් කළ මා ඕ ගේ ඉතිහාසයීය භීතිය ද : සංස්කෘතික විප්ලවය බිහි කළේ ඔහු ගේ ඒ භීතියයි. – අද වන විට ඇත්තේ කොහි දැයි විශේෂයෙන්ම සොයා බැලිය යුත්තක් යැයි නොසිතේ. ඔහු සිය මිත්‍ර ඇමරිකන් ජාතික පුවත්පත් කලාවේදී එඩ්ගාර් ස්නෝ හමුවේ කියා සිටියේ නව පරම්පරාවන්ට විප්ලවකාරී දේශපාලනයෙහි අවබෝධයක් හෝ අත්දැකීමක් නැති බවයි. තවද එතැනදි සිය විචක්ෂණභාවය පල කරමින් ඔහු විග්‍රහයක් ද නිර්මාණය කළේය. ඒල ඉතිහාසයට සවන්දීමත් කියවීමත් අත්දැකීමට වඩා වෙනස් දෙයක් වේ යැයි කීමෙනි.

එහෙත් වෙයි වෙයි සිය ස්වයං අර්ධ චරිතාප්‍රදානය අවසන් කරන්නේ ඉතාම අවිනිශ්චිත එමෙන්ම නිරායුධ ආස්ථානයකිනි.

“මම කවුද? ඇත්තටම මම කවුද?”

මේ වනාහි ඉතිහාස කාලපරිච්ඡේද දෙකකට අයත් ප්‍රකාශන දෙකක් යැයි සිතන්නට පුළුවන්කමක් තිබේ. නැත. මෙතැන තිඛෙන්නේ පසු නූතනවාදය විසින් ඉස්මතු කරනු ලබන විග්‍රහයෙන් තොර බව යි. එමෙන්ම ඊට පෙර යුගය විග්‍රහයක් තුළට ගොනු වෙමින් සිය බලය තහවුරු කරගත් ආකාරයයි. වෙනස ඇත්තේ එතැනයි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s