සුවඳ වුණත් හැම මලක ම නොවසන සමනලයන් ගැන අපූරු පර්යේෂණයක්

13103336_936507013115301_711021308953673764_n

සමනලයා පිළිබඳ ව අප බොහෝ දෙනෙකු තුළ නිවැරදි සාමාන්‍ය දැකීමක් හෝ නැත යනු අපේ හැඟීමයි. සමනලයා මලකින් මලකට පියඹා යනවා යැයි කීව ද චපල ගුණ ඇති තරුණයකු ඇතැම් විට සමනලයකුට උපමා කළ ද, සමනලයා සෑම මලකට ම නොවසයි. සෑම මලකින් ම පැණි උරා නොබොයි. ඕනෑම ශාකයක පත්‍රයක් මත බිජු නොදමයි. සමනලයෙක් ඕනෑම සමනලියක් සිය සහකාරිය ලෙස තෝරා නොගනියි!

කර්තෘ – මයිකල් වැන්ඩර්පුටන්, නැන්සි වැන්ඩර්පුටන්

මිල – රුපියල් 7000

ප්‍රකාශනය – කර්තෘ ප්‍රකාශනයකි

දිවයිනේ ඒ ඒ පළාතට ආවේණික සමනලයෝ සිටිත්; ඒ ඒ පළාත්වල වැවෙන ඇතැම් ‍ශාක පමණක් ඔවුන්ගේ බෝවීමට උපකාරී වන බැවිනි. උදාහරණ ලෙස ලංකාවේ නැඟෙනහිර පළාතේ වෙසෙන සමනලයෝ සෙසු පළාත්වල දකින්නට නොලැබෙති. එම පළාත්වල ඇති ඔවුන් පැණි උරන මල් හටගන්නා, බිජුලන පත්‍ර සහිත ශාඛ පමණක් ඇති ප්‍රදේශ ඔවුන්ගේ වාසස්ථාන වී තිබේ.

බුරුත ගසෙහි පත්‍රවල පමණක් බිජුලන සමනල වර්ගයක් සිටිති. එහෙත් වර්තමානය වනවිට මෙම සමනලයා දුර්ලබ වී ඇත්තේ දැව සඳහා බුරුත වනාන්තර කපා දැමීමත් සමඟ සමනලයන්ට බෝවීමට ඇති මාර්ගය සීමාවී ඇති බැවිනි.

දිවුල් ගසේ පත්‍රවල පමණක් බිත්තර දමන තවත් සමනල විශේෂයකි. බිත්තරවලින් දළඹුවන් වර්ධනය වූ පසු දළඹුවා දිවුල් ගෙඩියට ඇතුළු වී දිවුල් ගෙඩිය කා දමයි. දිවුල් ශාකය සිය සතුරාට එරෙහිව ක්‍රියාත්මකවන්නේ ගසෙන් දුම්මල වැගිරීමට සැලැස්වීමෙනි. හානිවී ඇති ගෙඩිය ගසෙන් නොවැටෙන්නේ, ගෙඩිය නොවැටී තබාගැනීමට දළඹුවා එය මැලියම්වලින් ගසට අලවන බැවිනි!

ඇතැම් සමනල වර්ගයක් සිය වර්ගයා බෝ කිරීම සඳහා සහකාරියක සොයා ගැනීමට දරන උත්සාහය ද අපූරු ය. සමනලයාගේ බඩවතෙහි කෝෂයක ෆෙරොමෝන් නමැති රසායනිකයක් තැන්පත් ව තිබේ. සමනලියක තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට උවමනා වූ විට සමනලයා මේ සුවඳ රසායනිකය සිරුරෙන් මුදා හරියි. සමනලිය සුවඳට ආකර්ෂණය වී සමනලයා වෙතට පියාඹයි.

ඇතැම් සමනලයන්ගේ පිහාටු යට සුවඳ කොපුවක් පිහිටා තිබේ. සමනලියක් ආකර්ෂණය කර ගැනීමට උවමනා වූවිට සමනලයා සිය සිරුරේ පිහිටා ඇති සිහින් කෙන්දක් වැනි අවයවයක් කොපුව තුළට යවා සුවඳ එහි තවරාගෙන සමනලියට සුවඳ දැනෙන්නට සලස්වයි. සමනලිය ඒ සුවඳට ප්‍රිය වූවොත් සමනලයා වාසනාවන්ත ය.

sinharaja-butterfly75.jpg

‍ෙනාවැදගත් යැයි අප උදලු ගා හෝ උදුරා දමන බොහෝ ශාක විශේෂ සමනලයන්ගේ පැවැත්මට අතිශයින් ම වැදගත් බව ඉහත සඳහන් උදාහරණවලින් පෙනී යයි. කතුරු මුරුංගා පත්‍රවලට බිත්තර දැමීම සඳහා කුඩා කහ සමනලුන් ඇදී එන බව ප්‍රකට කරුණකි.

සමනලුන් පරිසරයට අලංකාරයක් එක්කරන බව සැබෑ ය. එහෙත් ඊටත් වඩා සැබෑ කාරණය වන්නේ ඔවුන්ගෙන් පරිසරයේ ගහකොළවල පැවැත්මට සිදුවන සේවයයි. සමනලුන් සිදුකරන පරාගණය හේතුවෙන් මල් හට ගනී. අලුත් ගස් වැල් උපදී. එය සොබාදහමේ විවිධත්වය හා විචිත්‍රත්වය රැකීමට පමණක් නොව මිනිසාගේ හා සත්ව ප්‍රජාවගේ පැවැත්මට උපකාරී වෙයි.

ලංකාවේ සමනලුන් සම්බන්ධයෙන් පළ කරන ලද ප්‍රථම ග්‍රන්ථය ලියා ඇත්තේ මීට වසර 75 කට පෙර, ඉංග්‍රීසි ජාතිකයන් දෙදෙනකු වන එල්.ජී.ඕ. වුඩ්හවුස් හා ජී.එම්.ආර්. හෙන්රි යන මහතුන් විසිනි.

සමනලුන් පිළිබඳව ඉහත සඳහන්, තොරතුරු මා උපුටා ගත්තේ සමනලුන් පිළිබඳ ඉංග්‍රීසි බසින් ලියැවී ඇති නවතම සවිස්තරාත්මක ග්‍රන්ථය වන Butterfly Fauna of Srilanka ග්‍රන්ථයෙනි. මෙය ආචාර්ය මයිකල් වැන්ඩර්පුටන් හා නැන්සි වැන්ඩර්පුටන් දෙපළගේ දස වසරක ව්‍යායාමයක ප්‍රතිඵලයකි. පු‍රා අඩසිය වසරක් තිස්සේ සමනලුන් සම්බන්ධයෙන් රැස්කරගත් අත්දැකීම් හා දස වසරක් ‍ක්ෂේත්‍රයෙහි සිදුකරන ලද පර්යේෂණ ඇසුරින් සම්පාදනය කර ඇති මේ කෘතියෙහි විවිධ සමනලුන්ගේ වර්ණ ඡායාරූප රැසක් ද ඇතුළු ව රූප සටහන් 3000 ක් පමණ ඇතුළත් ය.

විනෝදාංශයක් ලෙස සමනලුන් ඇති කිරීම තරුණ පරපුර අතර ජනප්‍රිය කරවීම ඔහු මේ පොත ලිවීමේ ‍එක් අරමුණකි. ඒ සඳහා අවැසි විද්‍යාත්මක දැනුම හා සෙසු වැදගත් කරුණු මෙහි ඇතුළත් ය.

පේරාදෙණිය සරසවියෙහි කෘෂිකර්මය පිළිබඳ උපාධිධරයෙකු වන මයිකල් වැන්ඩර්පුටන් සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා භෝග භෞතවේදය ද (Crop Physiology) දර්ශන උපාධිය සඳහා ශාක භෝග වේදය ද (Plant Physiology) හදාරා ඇත. ඒ, කැනඩාවේ ඔන්ටාරියෝ සරසවියෙනි.

පරිසර අමාත්‍යාංශයෙහි උපදේශකවරයකු ලෙස කටයුතු කරන ආචාර්ය වැන්ඩර්පුටන් වනජීවි හා සොබාදහම සුරැකීමේ සංවිධානයට ද සිය උපදේශකත්වය සපයයි. සැමියා සමඟ පර්යේෂණ කටයුතුවල නියැළෙන අතරම නැන්සි වැන්ඩර්පුටන් මහත්මිය ලංකාවේ බත්කූරන් පිළිබඳ අධ්‍යයනයක ‍නිරතව සිටියි.


The Butterfly Fauna of Sri Lanka

  • The monograph( to be released shortly) ‘ The Butterfly Fauna of Sri Lanka’ has been written by Dr  van der Poorten  and his wife Nancy
  • It reflects the intensive field research activity of the past decade, but also his  personal experiences over the past 50 years in the field studying the butterflies of Sri Lanka.

see mover- http://www.lepodonbooks.com/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s