වර්තමානයේ සිනමාව සහ නාට්‍යය ගැන හිතන්නෙ මොන ආකාරයකටදැයි මා ඇසුවොත?

waiting-for-godot-sydney-theatre_1.jpg

Interview – Parakrama Niriallea

සිනමාව පැත්තෙන් ගත්තොත් අද තියෙන පරිසරය තුළ නිදහස් සිනමාවකට තියෙන ඉඩකඩ අඩු යැයි මට හිතෙනවා. නිර්මාණකරුවකුට සිය කෘතිය සඳහා ප්‍රස්තුථයක් නිර්භය ලෙස තොAර ගන්න සුදුසු පරිසරයක් අද නැහැ. අපි අද වෙන කවරදාටත් වඩා ගතානුගතික වෙලා. ඒ තුළ ඉතිහාස පුවත් පස්සෙ යන්නෙ සිද්ධීන් හුවා දැක්වීම්වලට සීමා වෙලා. අර්ථ නිරූපණ වගේම විමසීමක් නැහැ. ව්‍යාජ ප්‍රතිරූප තමයි හැමතැනකම තියෙන්නේ. කොටින්ම වර්තමානයේ නිර්මාණකරුවා කියන මිනිහා ඉන්නේ හරිම කුඩා රාමුවක් ඇතුළේ. ඒ අනුව අද විචාරාත්මක සිනමාව කියන එක නැහැ.

නාට්‍යය ගත්තොත් ඊට වඩා තැනකට ඇවිත් තියෙනවා යැයි කියන්න පුළුවන්. ඒත් ඉතින් ලෝක අත්දැකීම්වලට සාපේක්ෂව අපි ඇවිත් තියෙන දුර ප්‍රමාණවත් නෑ. යුද්ධයෙන් පසු ඒ ගැන නිර්මාණාත්මක විභාගයකට ගිය කලාකරුවෝ ඒ ගැන මහා ප්‍රශ්න කිරීමක් කරනවා. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් බිහිවෙන්නෙ යුද්ධයත් සමඟයි. ඒත් මොන රටේ එහෙම වුණත් අපේ රටේ එහෙම වුණෙ නෑ. උගත්කමල විමර්ශනය වගේම නිදහස නැති නිසාම මේ වගෙ තත්වයක් ඇති වුණා යැයි මට හිතෙනවා. ජර්මනියේ හිට්ලර් ප්‍රමුඛ නිලධාරිවාදය විසින් සිදු කල විනාසෙ ජර්මනිය ඇතුළේම විචාරයටත් විමර්ශනයටත් ලක්වෙනවා. ඒ වගේම ඉරාකයේ සිදුකල විනාශය .ස්ටෆ් හැපන් . කියන චිත්‍රපටයෙන් මනා ලෙස නිරූපණය කරනවා. එය එංගලන්තයේදී වගේම ඇමෙරිකාවේදීත් පෙන්වනවා. එහෙම ප්‍රදර්ශනය කළ ඒ චිත්‍රපටයේ ජෝර්ජ් බුෂ්ල ටෝනි බ්ලෙයාර් යන චරිත ඒ විදිහටම ඉන්නවා. ඒත් අපිට හිතන්න පුළුවන්ද එහෙම තත්ත්වයක් ගැන. සම්පත් හිඟකම ඒ සඳහා බලපානවා කියලා කියන්න පුළුවන්. ඒත් මම දකිනවා ඊටත් වඩා දරුණු තත්ත්වයක්. ඒ තමයි ස්වයං විවරණය.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s