His Political View

photo_verybig_167865.jpg

– Indicator ඔස්කාර් සහ ගුන්ටර් ග්‍රාස් –

“මෙතැනින් එහාට මා ලොකු මහත් වෙන්න එපා.”වයස අවුරුදු තුනේ දී ම තමන් ගැන එහෙම හිතන්න තරම් දරුවකු සමාජයට සංවේදී වීම පුදුමයක්. දරුවා ඒ විදියට හැදී නො වැඩෙන්න තීරණයක් ගන්නේ වැඩිහිටි ලෝකයේ තමන්ට පෙනෙන දැනෙන එපා කරපු හැසිරීම් නිසා බවත් කියන්න ඕනෙ. කොහොම නමුත් මේ දරුවා කල්පිතයක්. ඔස්කාර් තමයි නම. ඔස්කාර්ව අපට හඳූන්වා දීපු එA අපූරු මිනිසා පසුගියදා අවුරුදු අසූ හතක් ආයු විඳ මිය ගියා. එAත් අනාගත සමාජ දේශපාලන කියවීමක් වෙනුවෙන් ඔස්කාර් තවමත් ඉන්නවා. මිය ගියේ ජර්මානු සාහිත්‍යවේදී ගුන්ටර් ග්‍රාස්.

                               ගුන්ටර් ග්‍රාස් The Tin Drum නමින් ලියූ නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ඔස්කාර් පූර්ණ වශයෙන්ම දේශපාලන ප්‍රකාශයක්. ජර්මනිය නට්සි වාදයට ගොදුරුවෙලා අදහස් ප්‍රකාශනය හිරවෙලා සදාචාරය කිසිම වැදගත්කමක් නැති විදිහට පිරිහෙලා තිබුණු කාලයක තමයි ඔස්කාර් අර වගේ ප්‍රකාශයක් කරන්නේ. ඔහු ජර්මානු සමාජ අධ්‍යාත්මයේ කඩා වැටීම බරපතල විදිහට පෙන්වා දෙන තැනක් තමයි ඒ. ඔහු තවත් දෙයක් කරනවා. ඒ තමයි ඛෙරයක් වාදනය කරන එක. දේශපාලන රැස්වීම්වලටත් ඒ ඛෙරය අරගෙන ගිහින් ගහනවා. ඒ විතරක් නෙවෙයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟත් ඔහු ඒ ඛෙරය ගහනවා. ඒ ඛෙර නාදය එදා ඒ ජර්මානු සමාජ කඩා වැටීමට අධ්‍යාත්මික දරිද්‍රතාවයට එරෙහිව නැගී ආ විරෝධාත්මක ප්‍රකාශයක් බව පැහැදිලියි.

                            දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමඟ ජර්මානු සමාජය නට්සි ග්‍රහනයෙන් මිදෙනවා. ඔන්න එතකොට ඔස්කාර් ගේ ශරීරය හැදෙන්න වැඩෙන්න පටන් ගන්නවා. ඒත් ඒ නව සමාජ බලාපොරොත්තු අතරේත් කිසියම් ආකාරයක අවිනිශ්චිත බවක් ද තියෙනවා. ඒ අනියත බිය දැනෙන විට ඔස්කාර් ගේ ශරිරය කුදු වීම්ල විකෘති වීම් මගින් ඒ බව පෙන්වා දෙනවා. එහෙම බැලූවම ඔස්කාර් කියන්නේ සමාජ Indicator එකක්. එහෙම සමාජ සවිඥානකත්වයක් ජර්මානු සමාජයට එදා අවශ්‍ය වී තිබුණා.

0,,18144238_303,00

                                           ජරමන් සමාජ විඥානය හිරිවැටිලා ලොකු අයිස් කුට්ටියක් වගේ මිදිලා තියෙන කොට ඒ අයිස් පදාසය කඩලා ඊට යටින් ඇති ජීවාත්මයේ ජලය පාදා ගත හැකි ශක්තිමත් ආයුධයක් හැටියටයි ගුන්ටර් ග්‍රාස් සාහිත්‍යය යොදා ගත්තෙ. කෙනෙකුට මායා යථාර්තවාදය වගේ නිර්මාණය කර ගත්ත වචන වලින් එය හදුන්වා දෙන්නට පුළුවන්. ඒත් මට හිතෙනවා ඒ වගේ විචිත්‍ර සළු පිළි වලින් සරසලා අයෝමය සාහිත්‍යකරුවකුගේ යථාර්තවාදි සාහිත්‍ය මෙහෙවරක් වසා දමන එක තේරුමක් නැති වැඩක්ය කියලා. මහාචාර්ය විමල් දිසානායක සිය සුපුරුදු විද්වත් ශෛල්‍යයෙන් ගුන්ටර් ග්‍රාස් ගැන කල කෙටි හැඳින්වීම හරි අපූරුයි.

“හිට්ලර් ගේ අමානුෂික නාසි වාදයෙහි ව්‍යාප්තිය කරණ කොටගෙන ජර්මන් ජාතිකයන් අධ්‍යාත්මික අංග විකලයන් බවට පත් වූ අයුරු ගුන්ටර් ග්‍රාස් චිත්‍රණය කරයි.”

– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s