“මට ඒ අදහස ආවෙ Lion King කියන කාටූන් කතාව හරහා යි”

එරික් ඉලියප්පාරච්චි

p009mx56_640_360-612x336.jpg

සිංහල සංගීතයට හිමි තැන පිළිබඳව සංවාදයක් ඇති වුණේ අද ඊයේ සිට නොවේ. ඉන්දියාවේ රාගධාරි සංගීතය හැදෑරීමත්ල එහිදීම ජනසංගීතයේ භාවිතාව ගැන දැනුවත් වීමක් ද ලබා යලි මෙරටට පැමිණි ගායන සහ වාදන ශිල්පීහු මෙම සංවාදයට උනන්දුවෙන් සහභාගි වූහ. ආනන්ද සමරකෝන් මුල් කාලයේදීත් පසුව මකුලොළුවල රන්වල වැ්න්නවුන් මෙරට ජන සංගීතය මතු කර ගැනීමට වෙහෙසී කටයුතු කල බව කිව යුතුය. ඒ අතරම සිංහල නාට්‍යයෙA අනන්‍යතාව වෙනුවෙන් මහැදුරු සරච්චන්ද්‍ර නාඩගම් සංගීතය හරහා කල අත්හදා බැලීමෙන් ද යථොක්ත සංවාදයට නොවක් අනුබලයක් ලැබුණි. එහෙත් මෑත කාලීනව මෙම සංවාදය ආන්දෝලනාත්මක වෙනසකට හැරුණේ ප්‍රේමසිරි කේමදාසයන් ගේ ඔපෙරා සංගීත අත්හදා බැලීමත් සමඟය. එය අර සංවාදය සංගීතයෙනුත් එහාට එනම් සමාජ දේහපාලන විමසීමක් දක්වාම ගෙන ගිය බව කිව හැකි ය. මේ ඒ සම්බන්ධයෙන්ල කේමදාසයන්ට ,අග්නි , ඔපෙරාව රචනා කල එරික් ඉලියප්පාරච්චි සමඟ පැවැත්වූ සාකච්ඡාවයි.

ප්‍රශ්නය – සිංහල සංගීතය යැයි අප හඳුණාගන්නා සංගීත සම්ප්‍රදාය ඇතුලේ ,අග්නි, වැනි ඔපෙරා සංධවනි අත්හදා බැලීමක් අවශ්‍ය වුණේ ඇයි ද කියා ඇසුවොත්….?

පිළිතුර – මුල් අවස්ථාවල සිට ම ප්‍රේමසිරි කේමදාසයන් ගේ සංගීතයේ මා දුටු සුවිශේෂත්වයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් ,සංගීතය නොකියවීමට එරෙහි ව කේමදාස කියවීම, කියල මම සති අන්ත පුවත්පතකට ලිපි පෙලක්මත් ලියුවා. කේමදාසයන් එය කියවා මා හමුවේ මෙහෙම කිව්වා. ,බොහෝ අය මා ගැන බොහෝ දේ ලියා තිඛෙනවා. ඒත් මේ විදිහට බලල තිබුණේ නෑ., ඒ වන විට ඔහු රෝගි තත්වයෙනුයි පසුවුණේ. කොහාමවුණත් මම ඔහුට ,අග්නි, ඔපෙරාට ලියන්නේ එසේ හඳුණාගැනීමෙන් පසුව යි.

The-Lion-King.jpg

ඔපෙරාව කියන්නෙ වෙනම ශානරයක්. එය ගීතාවලියක් නෙවෙයි. නාට්‍යයක් හෝ සංගීතාත්මක නාට්‍යයකුත් නෙවෙයි. මුලින් ම මා ඔහු ට ලියුවේ ජාතක කතාවකට පාදක වූ කතාවක්. ඒ අදහස මට ආවෙත් ඒ දවස්වල විකාශනය වූ Lion King කියන කාටූන් කතාව හරහා යි. එය ඔහුට දුන්නට පසු දින දෙක තුනක් යනකං මට කතා නොකල කේමදාසයන් එක් දවසක් පාන්දර පහට වගේ මට කතෙ කරල මෙහෙම කිව්වා.

,එරික් මම ජාතක කතා ඇසුරින් ඔපෙරා දෙකක් විතර කරල තියෙනවා. ඒ දෙකෙන්ම මට තේරුණා ජාතක කතා වලින් මට යා හැකි දුරක් තියෙනවා ය කියල. ඒ ඔස්සේ යනකොට සංගීතඥයෙක් හැටියට මාව හිරවෙනවා. අපි වෙන එකක් උත්සාහ කරමු., එසේ කීම ගැන පසුකාලයක කේමදාසයන් මට මෙහෙමත් පැහැදිලි කළා.

,මිනිහෙක් අහන්න අකමැතිම දෙයක් කියන්න හොඳම වෙලාව මොන වෙලාවද කියල මම කල්පනා කලා. ඒ හොඳම වෙලාව තමයි මිනිහ හොඳ නින්දකින් පස්සෙ නැගිටල ෆිට් එකේ ඉන්න වෙලාව. ඒ නිසා තමයි මම ඔයාට පාන්දර පහත් – පහමාරත් අතර කතා කලේ., අග්නි ඔපෙරාව රචනා වුණේ ඔන්න ඔය වගේ පසුබිමක යි. අද තියෙන රචනාව වගේ දහ පහලොස් ගුණයක් මම ලිව්වා. අන්තිමේ දි එයින් උපුටා ගත් කොටස් වලින් තමයි අද තියෙන සංගීත සංධවනිය නිර්මාණය වුණේ.

ප්‍රශ්නය – ඔබේ පිළිතුර මට නැවතත් ප්‍රශ්න කරන්න සිද්ද වෙනවා. මං අහන්නෙ විශේෂයෙන් ම යුරෝපීය සංස්කෘතිය ඒ සමඟ බැඳුණු ඔපෙරා වැනි සංගීත අත්දැකීමක් ඊට හාත්පසින් ම වෙනස් ජන සමාජයක් සමඟ ගනුදෙනු කරන්නට සැලැස්වීම තුල නිර්මාණාත්මක බලහත්කාරකමක් නොවේ ද කියලයිර?

 

පිළිතුර – ඒක මෙහෙමයි. කේමදාස මාස්ටර් ජීවතුන් අතර සිටින කාලයේ දී මේ සංධවනියත් අරගෙන අපි බැහැර eric-iප්‍රදේශවලටත් ගියා. ඒ හැම ප්‍රදේශයකදී ම වගේ විශාල ජන අනුග්‍රහයක් අපට ලැබුණා. ශාලාවේ අඳුර අතරින් සිය වාද්‍ය වෘන්දය සමඟ නැගී සිටි ඇතැම් අවස්ථාවල දී කේමදාසයන් ට ලැබුණු අත්පොලසන් නාදය ඉතා ප්‍රශංසනීය එකක්. ඒක හරි පුදුමාකාරයි කියල මම හිතනවා.

අදත් අපි හිතන්නේ ගීතය නම් සරල ගීතය. ඒ වගේම සංගීතය කියන්නෙ ඊට යොදා ඇති සංගීතයට. ඉන් එහාට ගිය ගැඹුරු සංගීතයක් ගැන අපට හැඟීමක් නැහැ. නමුත් ඊට හාත්පසින් ම වෙනස් තත්වයක් තමයි ,අග්නි, ත් සමග බැහැර ප්‍රදේශවලට ගිය අපට දකින්න ලැබුණෙ. සමහර අවස්ථාවල දී සංගීතඥයා ගේ සම්ප්‍රාප්තිය හමුවේ ප්‍රේක්ෂකයින් අත් පොලොසන් දුන්නේ සිය අසුන් වලින් පවා නැගී සිටිමිනුයි. තවත් එවැනි දර්ශනයක දී ප්‍රේක්ෂකාගාරයේ ඉදිරි ආසන දෙපේලියම පිරිලා තිබුණේ භික්ෂූන් වහනසේලා ගෙනු යි. සිය මරණය හමුවේ සිටියදීත් කේමදාසයන් දැඩි විශ්වාසයකින් සිටියා. අග්නි ඔහුගේ පරිසමාප්ති නිර්මාණයය කියලා.

ප්‍රශ්නය – නමුත් ප්‍රේමසිරි කේමදාසයන්ගේ මරණින් පසුව එය ඉදිරියට ගෙන යාමට හැකි වුණා දර?

පිළිතුර – ඔහු මරණයට පෙර කී කතාවක් තමයි කොහේ හරි තැනක කොහොම හරි වේදිකාවක් ඉදි කරලා ජනතාවට අග්නි නොමිලේ පෙන්වන්නය කියන එක. ඔහුගේ මරණින් පසුව වරක් එය පෙන්වන්න අපට හැකි වුණා. එතැන දී කියන්න සිද්ද වෙනවා අපේ රටේ තියෙන්නේ කාලකණ්නි තත්වයක් කියලා.

ලංකාව කියන්නෙ කලාව අතින් විශාල අවකාශයක් තියෙන රටකුත් නෙවෙයි. ඒත් එක්කම ඔපෙරා වැනි සංගීත සංධවනියක් රට තුල රඟ දක්වනවා ට විරුද්ධ පිිරිසකුත් ඉන්නවා දැයි සැකයකුත් ඇති වෙනවා. මෙය නැරඹීමෙන් පසුව මහාචාර්ය සුචරිත ගම්ලත් ,මේ වනාහි ඇසි දිසි පෙලහරක් , යැයි ලියුවා. එදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ප්‍රාතිහාර්යයක් ඇති වුණාය කියාත් ඔහු ඒ ගැන වැඩිදුරටත් විස්තර කොට තිබුණා. අග්නි කියන්නෙ පියාඹන පලසක් හැටියටත්ල පියාසලන සිත්තමක් හැටියටත් හඳුණාගත්තේ එය නැරඹීමට ආ විදෙස් ප්‍රේක්ෂකයන්. ඒ අතරම ඔපෙරාවට විරුද්ධ හඩකුත් රට ඇතුලේ තියෙනවා. ඒත් එක්කම පටු සීමාන්තික විදිහට අදහස් දක්වන අයත් මේ අතර සිටිනවා. මට මතකයි සමහරෙක් කියලා තිබුණා කේමදාසයන් ගේ මරණයට හේතු වුණේ මේ අග්නි ඔපෙරාව ය කියලා.

අපි මෙතැනදි බලන්නෝනෙ ඇයි මෙහෙම වෙන්නෙ කියලා. සම්ප්‍රදායක් හැටියට කලාවක් රැක ගැනීමේ වගකීම මුළු මහත් කලා සමාජයේ ම වගකීමක්. ඒත් ඒ දේ එහෙම ගැනීමට වඩා නොගැනීමක් තමයි අපිට දකින්නට ලැඛෙන්නෙ. පොදුවේ ගත්තම විනෝද සංස්කෘතියක්නෙ අද තියෙන්නෙ. ඒ මිසක් උසස් කලා සම්ප්‍රදායන් වෙනුවෙන් හැඩ ගැසුණු ශික්ෂිත වින්දනීය මානසිකත්වයක් පොදු තත්වයක් හැටියට අපිට දකින්න ලැඛෙන්නෙ නෑ. මහාචාර්ය සරච්චන්ද්‍ර නම් එතැන දී හරි වාසනාවන්තයි. ඔහුට ඔහුගේ නි්ර්මාණ වෙනුවෙන් උගත් සරසවි ප්‍රජාවක් හිටියා. නමුත් කේමදාස මාස්ටර් ඔපෙරා සංගීතය මෙරටට හඳුන්වා දුන්නෙ එවැනි පහසු තත්වයක් යටතේ නොවේ. ඒ වෙනුවෙන් අවශ්‍ය සෑම දෙයක්ම මුල සිටම ගොඩ නගාගන්න ඔහුට සිදු වුණා. අපි දන්නවා ඒ සංගීත සම්ප්‍රදාය පවත්නා රටවල ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වූ ප්‍රවීණ ගායන වගේ ම වාද්‍ය වෘන්ද සිටිනව. ඒ වෘත්තීය කලා ශිල්පීන් ව අමුතුවෙන් පුහුණු කරන්න අවශ්‍ය නෑ. ඊට සාපේක්ෂව කේමදාසයන්ට සිදු වුණා තමන්ට අවශ්‍ය ශිල්පීන්ව තොටිල්ලේ ඉඳලම හදාගන්න. ඒ මොකද අපේ රට ඇතුලේ කරන්න බැරි වැඩක් කරන්න තමයි ඔහු උත්සාහා කලේ. ඒ නිසා තමයි මම කිව්වේ සරච්චන්ද්‍රයන් ට වගේ ශික්ෂිත මනස් ඇති පෙදෙහි රස හව් හඳුණන ප්‍රේක්ෂකාගාරයක් වගේ ම ශිල්පීන් වශයෙන් ගත හැකි විද්‍යාර්ථීන් ඔහු ට සිටියේ නෑ කියලා. ඒ නිසා මේ කාර්යභාරය වෙනුවෙන් විශාල වශයෙන් දුක් අනුභව කිරීමක ඔහු යෙදුණා. මා මුලින්මත් කීව ආකාරයට විනෝද සංස්කෘතියක් තුල හැදෙන වැඩෙන අයගෙන් තමයි අර උසස් සංගීතය වෙනුවෙන් තමන් ට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගන්න මාස්ටර් ට සිදු වුණේ. ඒත් සමඟම ඔහු මුුහුණ පෑ ගැටළුව වුණේ කොහොම ද පවත්නා ටෙලි නාටන‍ සංස්කෘතියෙන් මේ අයව එලියට ගන්නෙ කියන කාරණය. ඒ අයත් සමඟ ලෝකයේ උසස් සංගීත සංධවනි අත්දෑකීමක් ඉදිරියට ගෙන යන්නෙ කොහොම ද කියන ප්‍රශ්නයත් සමඟ ඔහු දැවන්ත අරගලයක යෙදුණා.

58ba62ae-1369-4bec-a5a4-d95688616768.jpg

Eric Illayapparachchi

ප්‍රශ්නය – කොහොමවුනත් මේ සංගීත සංධවනි අත්දැකීම අපේ සංගීත සම්ප්‍රදාය ඇතුලේ නිර්මාණාත්මක එකඟතාවයක් ඇති කරගෙන නැති බවක් තමයි දකින්න තියෙන්නෙ. ඔපෙරා විරෝධය එන්නෙ එතැනින් යැයි සිතිය නොහැකි ද ?

පිළිතුර – ඔව්ල ඊට අදාලව මූලික වශයෙන් ම ගෙන එන තර්කය තමයි මේක බටහිර සම්ප්‍රදාය අනුව යන්නක් ය කියනෙක. නමුත් අග්්නි ගැන කතා කිරීමේ දී කවුරු හරි කියනවා නම් එය බටහිර ආකෘතියක්ල එහෙම නැත්නම් බටහිරවාදී වීමක් ය කියලා මම කියනවා. නෑ එහෙම නෑ. මේ තමයි ප්‍රථම ආසියානු ඔපෙරා ව කියලා. මේ තමයි ප්‍රථම fea-profesorමෝසම් ආසියානු ඔපෙරාව. අපි ඉන්නෙ මෝසම් වර්ෂා කලාපයක. අපි සෘතු භේදය පැහැදිලිව අත් විඳින්නෙ නෑ. නියඟය සහ වැස්ස අතරින් ගමන් කරන අපි මෝසම් ආසියානුවෝ. ඒ අනුව බටහිර මොඩලයේ කතාවක් මෙතන නෑ. අනිත් අතට ඔපෙරා සම්බන්ධයෙන් විවාදයක් බටහිර රටවලත් තියෙනවා. ඒ බවත් මෙහි දී කිව යුතුයි. එතැන දී ඔවුන් පවසන්නේ මෙය යුරෝපය කේන්ද්‍රිය ව උපන් සංගීත කලාවක් ය කියලයි. ඒක ඇතුලෙ ආසියාව නෑල අප්‍රිකාව නෑ කියලා චෝදනා නැගෙනවා. මේ තත්වය පැබ්ලෝ පිකාසෝ හරහාත් අපට පැහැදිලි කරගන්නත් පුළුවන්. බි්‍රතාන්‍යයේ මාක්ස්වාදී චිචාරකයකු වන ජෝන් බර්ජර් පිකාසෝ ගේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය කියලා ලිවීමක් කරනවා. ඔහු දකින අන්දමට පිකාසෝ ගේ ශ්‍රෙAෂ්ඨතම යුගය තමයි ඔහු ගෙ මුල් කාලය. ඒත් එක්කම පිකාසෝ ගේ පුද්ගල ලක්ෂණයක් තමයි ඔහු සංචාරයට අකමැති වීම. ඒ නිසා ඔහු ලෝකයෙන් පිටට ගියේ නෑ. එහි තේරුම ඔහු අප්‍රිකාවල ඉන්දුනීසියාව වැනි රටවල ට යා යුතුව තිබුණා කියන එකයි. එහෙම ගියා නම් වෙනස් අනුභූතීන් ඒ වගේ ම වෙනස් හැඩ තල හදුණාගැනීමට ඔහුට තිබුණා යැයි පැවසෙනවා. නමුත් එහෙම නොවීම තුල පිකාසෝ හුදකලා වුණා යැයි අර කීව මාක්ස්වාදී චිචාරකයා පෙන්වා දෙනවා.
බේතෝවන් තුල පවා එවැනි විචිකිච්ඡාවක් පැවතුණා. උදාහරණයක් හැටියට එක්තරා අවස්ථාවක දී තමන් මැද පෙරදිග සංචාරයක යෙදෙන සැටි බේතෝවන් සිනයෙන් දකිනවා. ඒ ආකාරයට ඔහු පලස්තීනය හරහා ඇවිද යනවා. මේ හීනයෙන් පෙනෙන්නෙ ඔහුට තිබූ විශේෂ වුවමනාවක් බව පැහැදිලියි. ඈත පෙරදිග නොවුණත් හින්දු ග්‍රීක අධිරාජ්‍යයක් හැටියට පැවතුණු
භූමියක් තමයි මැද පෙරදිග කියන්නෙ. පිකාසෝ සහ බේතෝවන් සම්බන්ධ වන මේ උදාහරණ
දෙකෙන් ම අපට පැහැදිලි වන්නෙ ලොකු හිඩසැක් පිළිබඳ කතාවක්. මේ කීව හිඩැස තමයි කේමදාසයන් සිය සංගීතයෙන් සම්පූර්ණ කලේ. එවැනි නිර්මිතයක් පිලාමොනික දෘෂ්ඨිකෝණයකින් බලලා නැවත නිෂ්පාදනය කරන්න බැහැ. බටහිරවාදි මනසකින් බලලා ප්‍රතිසංස්කරණය කරන්න බැහැ. ඒක තමයි ඇත්ත.

ඒ වගේ ම කිව යුතුයි. බටහිර මහා සංගීතඥයන් ගේ අවසාන නිර්මාණය ගැන. එය හඳුන්වන්නෙ ෆියුනරල් මාච් කියල යි. මා දන්නා තරමින් මොසාඩ්ගේත් තියෙනව ෆියුනරල් මාච් සංගීත සංධවනියක්. එවැනි සංධවනියක් වාදනය වෙන්නෙ මෘත දේහයක් රැගෙන යන අවමංගල්‍ය පෙරහැරකිනුයි. එයම තමා බටහිර මහා සංගීතඥයන්ගේ අවසාන සංගීත රචනාව බවට පත් වන්නේ. අපට එය , සුසානයේ සංගීතය, නමින් සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ අර්ථයෙන් ගත්තම අග්නි ෆියුනරල් මාච් නම් ඒ වර්ග කිරීමට ඇතුලත් වෙනවා.

ප්‍රශ්නය – සුසානයේ සංගීතය…..?

පිළිතුර – ඔව්. ඒක එහෙම තමයි. අග්නි යලිත් ගොඩනැගීම අසීරු කටයුත්තක්. එය විනෝද සංස්කෘතියට අයත් නොවන තරමටම බටහිර පිලාමොනික සංගීතයටත් අයත් වෙන්නෙ නෑ. පෙරදිග සංගීතයට වගේම බටහිර සංගීතයටත් අභියෝගයක් බවට අග්නි පත් වෙනවා.
නමුත් අග්නි කියන්නෙ අද දවසෙ මර්දනයට ලක් වූ සංගීතයක්. ස්වයං වාරණයකට යටත් වූ සංගීතයක්. අග්නි හි හෙට දවස ගැන යමෙකු මගෙන් ඇසුවොත් ඒ ගැන මට තියෙන්නෙ මෙවැනි පිළිතුරක් Funeral March of Agni.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

opera

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s