මගෙ ආකල්පය මෙය යි. ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි. – ගාමිණි වියන්ගොඩ 

4cf8981a22ebacf407158974ae352dd6_XL

ප්‍රශ්නය – පරිවර්තන සාහිත්‍යය තුල ඔබ කැපී පෙනෙන සාහිත්‍යකරුවකු වන බවත්ල ඔබේ සාහිත්‍ය ප්‍රවේශය ද පරිවර්තනයක් යැයි කියාත් මා සිතනවා.

පිළිතුර – ,රාග රිද්ම, තමයි මගේ පළමුවැනි පරිවර්තන සාහිත්‍ය කෘතිය. එය ලෝක සාහිත්‍යයේ ප්‍රධාන පෙලේ සාහිත්‍යකරුවන් කිහිපදෙනෙකු ගේ කෙටිකතා එකතුවක්. මං හිතනවා රාග රිද්ම නිසා තමයි මුල්වරට සිංහල පාඨකයාට ගාර්ෂියා මාකේස්ල ඉසඛෙල් අය්යන්දෙල මිලාන් කුන්දේරාල යුජියො මිෂිමා වැනි ප්‍රධාන පෙලේ ජගත් සාහිත්‍ය චරිත හඳුනාගන්න ලැබුණෙ.

ප්‍රශ්නය – එදා සමකාලීන සාහිත්‍ය පරිවර්තන සහ ඔබේ නව ප්‍රවේශය ගැන ඔබේ තකAසේරුව ගැන ඇසුවොත්.

පිළිතුර – ඒ කාලයේ දී රුසියානුල ප්‍රංශල ඉංග්‍රීසි සාහිත්‍ය කෘති අඩුවක් නැතිව සිංහලට පරිවර්තනය වුණා. ඒත් ඒ පරිවර්තන කටයුතු රුසියානුල ප්‍රංශල ඉංග්‍රීසි සීමාව තුලම තමයි පැවැතුණේ. ඒ ගැන සිංහල පාඨකයා වුණත් දැන සිටියා යැයි මා හිතන්නේ නෑ. නමුත් ලෝක මට්ටමින් මාකේස් අය්යන්දෙ වගේ ලතින් ඇමරිකන් සාහිත්‍යකරුවන් විශාල ප්‍රබෝධයක් ඇති කරමින් සිටියා. ඒත් අපි ඔවුන් ගැන අහලවත් තිබුණෙ නෑ.

ප්‍රශ්නය – ඔවුන් පශ්චාත් නූතනවාදී අදහස් විමසමින් ඒ කලාව අනුව යමින් හෝ එය විවේචනය කරමින් සාහිත්‍යකරණයේ යෙදුණු අය යැයි මා කීවොත්.

z_p08-Present.jpg

පිළිතුර – පශ්චාත් නූතනවාදී සාහිත්‍යයට තමයි වැඩි බරක් දුන්නෙ මම. ඒත් එයින් අදහස් වෙන්නෙ නෑ මා ඒ තුලම කොටුවෙලා සිටියාය කියල. පශ්චාත් නූතන සාහිත්‍යයට අයත් නැති කෘතී ද මම හඳුන්වා දුන්නා. උදාහරණයක් හැටියට යුකියො මෂිමා ඒ ප්‍රවාහය ට අයිති නැති කෙනෙක්. එතැන දී මම කලේ අලූත් ප්‍රවණතා ගැන මගේ අවධානය යොමු කිරීමයි. ඒ දේ හැම විට ම මා අතින් සිදු වුණා. මගේ ආකල්පය හැමවිටම තිබුණේ ලෝකයත් සමඟ ඉදිරියට යායුතු ය කියන තැන යි.

ප්‍රශ්නය – ඉලක්කය එහෙම වුණත් ඔබේ කර්තව්‍යය විවිධයි.

පිළිතුර – ඒක මෙහෙමයි. මාකේස් ඒ වගේ ම ජෝශප් කොන්රඩ්ල මුරකාමි මේ අය එක්කෙනෙකු ට එක්කෙනෙක් වෙනස්. ඒක ඇත්ත. මම ත් දකිනවා ඔබ ඔය කියන විවිධත්වය. සිංහල පාඨකයන්ට එකම වර්ගයේ පොත් ලබා දෙනවා වෙනුවට වෙනස් වෙනස් නිර්මාණ ලබා දෙන්න මා උත්සාහ කලා. මනුෂ්‍යත්වය ගැන මම හිතනවා. මනුෂ්‍යත්වය හඳුනාගත හැකි කෘති ගැන මම හිතනවා. එච්චරයි මගේ මිනුම් දණ්ඩ.

ප්‍රශ්නය -ඒත් සමස්තයක් හැටියට ගත්තොත් ඔබේ තෝරාගැනීම් දේශපාලනිකයි. එතකොට ඔබ ඔය කියන මනුෂ්‍යත්වයත් මම කියන දේශපාලනිකයි යන්නත් කියැවීමක් වශයෙන් එකක් ද?timth

පිළිතුර – අද්‍යතන මිනිසා දේශපාලන සත්වයෙක්. දේශපාලනයෙන් තොර මනුෂ්‍යයෝ අද නෑ. මීට අවුරුදු පන්සීයකට විතර කලින් නම් ලෝකය මීට වෙනස්. ගොව්තැන් කරන්න පෝර සහනාධාර වුවමනා වුණේ නෑ. නිෂ්පාදනය ක්‍රියාවලියක් වශයෙන් ගත්තම ප්‍රාථමිකයි. ඒ නිසා නූතන අර්ථයෙන් දේශපාලනයක් අවශ්‍ය වුණේ නෑ. ඒත් අද අපට ඉන්නේ දේශපාලන ගොවියෙක්. සිය නිෂ්පාදන ක්‍රියාවලිය තුල ඔහු මුල සිටම ගනුදෙනු කරන්නේ දේශපාලනයත් එක්කයි. ඒ අනුව ගත්තම අද මනුෂ්‍යත්වයත්් දේශපාලනිකයි. ඒ සඳහා හොඳම උදාහරණය තමා යුද්ධය. ඒකත් දේශපාලන ගනුදෙනුවක්.එදා රජවරු දෙන්නෙක් අතරේ දේශපාලන බලය සම්බන්ධයෙන් ඇතිවුණු පුද්ගලික ප්‍රශ්නයක් හැටියට යි යුද්ධයක් ඇති වුණේ. ඒත් අද යුද්ධය කියන්නේ පුද්ගල සාධකයක් වගේම පංති සාධකයක්. ඒ වගේම ආගමික සාධකයක්. අතීතයේ දීත් ආගමිකල ජාතික වශයෙන් යුද කටයුතු සිදුවුණා.ඒත් ඒවා දේශපාලන ප්‍රපංච වුණේ නෑ. රජවරු අතරේ යුද්ධ තිබුණා. ඒත් මිනිස්සු එතැන සිටියේ නෑ. ඒත් අද මනුෂ්‍යයාට තියෙනව දේශපාලනයත් එක්ක සෘජු ගනුදෙනුවක්.

‘රෑ මාතා’ අපට කියන්නෙ අන්න ඒ තත්වය යි. එය සෘජුවම දේශපාලනිකයි. ඒ වගේම මනුෂ්‍යත්වය ගැන කරන ප්‍රකාශයක්. ඒ වගේම අලහෙන්දෝ මයිතා ගේ සැබෑ ජීවිතයල එතකොට ඉසඛෙල් අය්යන්දේගේ කෘති මේවා දේශපාලනිකයි. ඒ වගේ ම මානුෂිකයි.

– සාකච්ජාව අවසන් නැත. –

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

(රන්දිව – 2012.05.13 පුවත්පත.)


අපි දෙන උත්තර බොහොමයක්ම බොරු.- ගාමිණි වියන්ගොඩ-

(මෙම සාකච්ජාවේ මුල් කොටස පසුගිය දිනවල දී පල විය.) ප්‍රශ්නය – වෙරෝනිකා මැරෙන්න තීරණය කලා. ඔබ හිතනවද ඒ තීරණයෙන් අලූත් වෙනසක් වුණා ය කියලා? පිළිතුර – පාවූලෝ කොයියොගේ ඒ කෘතිය කියවීමෙන් පසුව ජීවිතය දිහා අලූතින් බලන්න පුරුදු වුණාය කියල පාඨක ප්‍රතිචාර ලැබුණා. එහෙම බැලූවම එතැන වෙනසක් තියෙනවා. ් ඒ වගේම අලහෙන්දෝ මයිතා ගේ සැබෑ ජීවිතය … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s