කොටියා ගේ පැවැත්මේ වැද­ග­ත්කම

“අපතේ යන සෑම මොහොතක් ම විපතට අවස්ථාවක් වේ.”
නැපෝලියන් බොනපාට්

10407876_10153744624751416_3676153341740391860_n.png

වෙර­ළ­බඩ පහත් බිම්වල සිට ඍතු විප­ර්යාස හමුවේ හිමෙන් වැසී යන කඳු මුදුන් දක්වා සිය වාස­භූමි කර­ගත් ලොව වෙසෙන අපූ­ර්වත ම ක්ෂීර­පායි සත්ව­යෙකු වේ නම් ඒ කොටියා ය. ඉන්දි­යාවේ වෙසෙන දිවියා ද ඊට අයත් ය. ලංකාවේ වෙසෙන්නේ ද දිවියා යැයි ඇතැ­මුන් කීව ද ඔවුන් වර්ගී­ක­ර­ණය කෙරෙන්නේ Panthera Pardus kotiya යන නමිනි. එසේ හෙයින් අප රටේ වෙසෙන විශේ­ෂය ද කොටියා නමින් හැඳි­න්වී­මට පරි­ස­ර­වේ­දීහු එකඟ වෙති. අනිත් අතට අප රටේ වෙසෙන විශේ­ෂය ඉන්දි­යාවේ පම­ණක් නොව අනි­කුත් සැම උප විශේ­ෂ­ය­කින් ම වෙනස් වීම ද සැල­කිය යුතු කරු­ණක් වේ.

පරි­ස­ර­වේදී රුක්ෂන් ජය­ව­ර්ධන පෙන්වා දෙන අන්ද­මට අප රටේ වෙසෙන්නේ ගෝලීය වශ­යෙන් ද සල­කන කළ ඉතා වැද­ගත් උප විශේ­ෂ­යකි. ඒ අනුව ජාන පැවැ­ත්මට අදා­ළව ද ඔවුන් සතු වෙසෙස් අන­න්‍ය­තා­වක් වේ. දිවා­චර හැසි­රී­මක් (දිවා කාලයේ සැරි සරන) ඇත. ඒ නිසා අනෙ­කුත් උප විශේ­ෂ­යන් ට සාපේ­ක්ෂව පහ­සු­වෙන් දැක­ගත හැකි ය. දූපත් රාජ්‍ය­යක් වශ­යෙන් ගත් කල අප රටේ ස්වාභා­වික ආහාර දාමයේ අව­සන් පුරුක සෑදෙන්නේ කොටි­යා­ගෙනි. එහි තේරුම ඔවුන් ට ඒ වෙනු­වෙන් තර­ග­යක් දීමට වෙනත් එකෙකු නැති බවයි. නමුත් ලොව අනික් රට­වල් ගත් විට ප්‍රමා­ණ­යෙන් විශා­ල­වූත් ශක්ති­මත් වූත් කොටින් මෙන් ම, කොටින් නො ඉව­සන ව්‍යාඝ්‍ර­යින් හා සිංහ­යින් ඔවුන් හා තර­ග­යට එළැ­ඹෙ­මින් සිටින බව දැකිය හැකි ය. ඒ අනුව ලංකාවේ වෙසෙන කොටින් ගේ හැසි­රීම හා පෞරු­ෂ­ත්ව­යට වනා­න්ත­රයේ දී ඔවුන් ට ලැබී ඇති කිසි­වෙ­කුට දෙවැනි නොවන තත්වය හේතු වී තිබේ යැයි රුක්ෂන් ජය­ව­ර්ධන පව­සයි.

ලෝකයේ වෙසෙන ක්ෂිර­පා­යින් අත­රින් වඩාත් හොඳින් අනු­ව­ර්ත­නීය හැකි­යා­වක් ඇති සත්ව­යකු වේ නම් ඒ ද කොටියා විය හැකි යැයි පැවැසේ. උදා­හ­ර­ණ­යක් ලෙස ඇමූර් නම් දැවැන්ත කොටි විශේ­ෂය ජීවත් වන්නේ තද හිම වැස්මක් සහිත කටුක ශීත කලා­ප­යක් වන රුසි­යා­වට අයත් සයි­බී­රි­යාවේ ය. ඒ හැරුණු කළ නාම්බි හා කල­හාරි යන අප්‍රි­කානු කලා­පීය කාන්තා­ර­ව­ලද කොටි ජීවත් වෙති.

ලංකාවේ වෙසෙන බොහො­ම­යක් කොටින් ගේ ශරීර වර්ණය දීප්ති­මත් බවත්, රන්වන් පැහැ­යට හැරුණු කහ පැහැය සහිත ලෝම වැස්මෙන් යුක්ත බවත් නිරී­ක්ෂ­ණය කොට තිබේ. වැඩුණු පිරිමි සත්ව­යෙකු ගැහැනු සතෙකු ට වඩා සිය­යට 30 – 50 ත් අතර ප්‍රමා­ණ­ය­කින් විශාල බව ද හඳු­නා­ගෙන තිබේ. පැට­වුන් ද දඟ­කාර සහ සිත් ගන්නා සුලු බවක් පෙන්වා දී තිබේ.

vilpa.jpg

මෙරට පරි­සර පද්ධ­තිය තුළ කොටියා ගේ පැවැත්මේ වැද­ග­ත්කම ගැන ද විශේ­ෂ­ත්ව­ය­කින් යුතුව සලකා බලා තිබේ. ඒ අනුව ගත් කල දේශීය වනා­න්ත­ර­ව­ලදී හමු­වන ඉදි­රි­යෙන් ම සිටින විලෝ­පියා කොටි­යාය. ප්‍රමා­ණය ඉක්මවා ශාක වැස්ම (තෘණ ද ඇතු­ළුව) උලා කෑමෙන් පරි­සර පද්ධ­තිය බිඳ වැටීම වළක්වා ඇත්තේ මේ කියන අංක එකේ විලෝ­පියා ය. එසේ බලන කළ පරි­ස­රය නම් ආරුක්කු පැවැත්මේ ඉවත් කළ නොහැකි මුල්ගල වශ­යෙන් කොටියා ස්ථාන­ගත වී සිටියි.

කෙසේ වෙතත් කොටියා විලෝ­පි­යෙකු වශ­යෙන් අව­ස්ථා­වා­දි­යෙක් යැයි ද පරි­ස­ර­වේදි රුක්ෂාන් පව­සයි. ඊට හේතුව ඌ සිය ආහා­රය ශාක භක්ෂ­ක­යන්ට පම­ණක් සීමා නො කිරී­මයි. කොටියා ගේ ගොදුරු ලොව පුළුල් පරා­ස­යක් පුරා පැතිර තිබේ. වෙන එකක් තියා ඇතැම් අව­ස්ථා­ව­ලදී මළ­කුණු ද අනු­භව කරයි.

අද­ටත් කොටින් හොඳින් දැක­ගත හැකි වනෝ­ද්‍යාන වශ­යෙන් යාල, විල්පත්තු සහ යාල නැගෙ­න­හිර යන කලාප හඳුන්වා දෙයි. වනා­න්ත­රය තුළ සිය බලය තහ­වුරු කර ගනි­මින් (Territory) ජීවත් වන සත්ව කොට්ඨා­ස­යක් ලෙසින් ද මොවුන්ව හඳුනා ගැනෙයි.

කොටි ධේනු­වක ගේ ගැබ් සමය සති 15 කි. එය එත­රම් දිගු කාල­යක් නොවේ. මාංස භක්ෂක, දඩ­ය­මින් යැපෙන මොවුන් ට දිගු කාල­යක් ඒ කට­යුතු වලින් බැහැ­රව සිටි‍ය නොහැකි නිසා යට කී කෙටි කාලය නිර්මා­ණය වී ඇති බව පැහැ­දිලි ය. බොහෝ විට වර­කට බිහි කරන පැට­වුන් ගණන එකෙකු හෝ දෙදෙ­නෙකි. කලා­තු­ර­කින් අව­ස්ථා­වක පැට­වුන් තිදෙ­නෙකු හෝ සිවු දෙනෙකු සමඟ මවු ‍සතෙකු දැකිය හැකි වේ. පරි­ස­ර­වේදි දිමුත් රන්වැ­ල්ලට පැට­වුන් තිදෙ­නෙකු සමඟ මවු සතෙකු හමු වී තිබේ. කොටි පැට­වුන් දඩ­යම් පුහු­ණුව ලබන්නේ මව ගෙන් යැයි ද ඔහු පව­සයි.

CSWil-4.jpg

කොහොම වුණත් කොටි­යාට සිය දඩ­යම කර ගැනී­මට සිදු ව ඇත්තේ දාහක් බාධක මධ්‍යයේ ය. කොටියා අන­තු­රක් ය යන්න සෑම ‍සතෙකු ම වාගේ පිළි­ගැ­නීම ඊට ‍හේතුව යි. එනිසා කොටි­යෙකු ගේ පැමි­ණීම වනා­න්ත­ර­යට ම හඬ ගා පැව­සී­මට කිසිම සතෙක් අම­තක නොක­රයි. ඉනුත් මූලික වන්නේ තුරු මුදුන් හි වෙසෙන රිළවුන් සහ වඳු­රන් ය. මෙසේ දහ­සක් අව­හිර මැද කර­ගන්නා දඩ­යම ද බොහෝ විට වෙනත් සතුන් භුක්ති විඳින බවත් ඉනුත් කොටි­යෙ­කුගේ ගේ ගොදුරු ඩැහැ ගන්නා අන්‍ය සතෙකු වශ­යෙන් කිඹුලා කැපී පෙනෙන බවත් දිමුත් රන්වැල්ල පව­සයි.

කොටි මව සහ ගැහැනු පැටවා අතර පවත්නා අපූර්ව සම්බ­න්ධය ගැන දිමුත් රන්වැල්ල ගේ නිරී­ක්ෂ­ණය සිත් කා වදි­න්නකි. ඒ අනුව තම කාලය අව­සන් වන විට මවු සත්වයා සිය දිය­ණි­යට තම වසමේ සියලු දෑ පෙන්වා දෙයි. ඒ සම්බ­න්ධ­යෙන් දැනු­වත් කරයි. මෙලෙස යාල වනෝ­ද්‍යා­නයේ දි එක් කොටි ධේනු­වක් සිය ගැහැනු පැට­වාට තමා සැරි සැරූ බිමේ සියලු ම දෑ පෙන්ව­මින් ප්‍රායෝ­ගික පාඩ­මක් ලබා දෙන අයුරු නිරී­ක්ෂ­ණය කිරීමේ අව­ස්ථාව රුක්ෂාන් ජය­ව­ර්ධ­නට හිමි ව තිබේ. අව­සා­නයේ දී මව ‍‍ගේ මර­ණ­යෙන් පසු මව ගේ වසම ගැහැනු පැටවා ට හිමි වේ.

පිරිමි සතුන් ද තමන් ට හිමි වස­මක් පාල­නය කරන බවත් එහි සීමා මායිම් ලකුණු කරන්නේ මූත්‍ර වලින් බවත් හඳු­නා­ගෙන තිබේ. ඒ අනුව එක් එක් කොටියා ගේ මූත්‍ර වලින් වහ­නය වන ගන්ධය වෙනස් බව පැවසේ. ඒ ආකා­රය ට නියම කර­ගත් වස­මක ට පිට­ස්ත­ර­යෙකු හෝ පැමි­ණීම ප්‍රබල වර­දකි. එය පිට­ස්ත­ර­යාට අදා­ළව මර­ණ­යෙන් මෙහා අව­සන් නොවන සට­නක් කැඳවා ගැනීම කි.

දිමුත් රන්වැල්ල ට අනුව අපේ රට තුළ පිරිමි කොටි­යෙකු අඩි 6 ත් 7 ත් අතර වර්ධ­න­යක් අත් කර ගනියි. 1929 වර්ෂයේ දී Fellowes Gordon නම් අයෙකු විසින් දකුණු පළ‍ාතේ දී අඩි 7 කුත් අඟල් 10 ක් දිග කොටි­යෙක් මරා දමා තිබ්. ඌ මෙතෙක් මෙර­ටින් හමු වූ විශා­ල­තම කොටියා ලෙසින් ද සැලකේ.

green-island-tours-day

වන­සත්ව හා වෘක්ෂ­ලතා ආර­ක්ෂක ආඥා පනත පෙන්වා දෙන අන්ද­මට නම් කොටි­යකු ළඟ තබා ගැනීම, විකි­ණීම, විකි­ණී­මට ප්‍රද­ර්ශ­නය කිරීම, තුවාල කිරීම හෝ මරා දැමීම සපුරා තහ­නම් කට­යු­ත්තකි. එවැනි වර­දක් සිදු කොට අසු වන පුද්ග­ල­යෙකු රු. 20,000 සිට 50,000 දක්වා පැව­රෙන දඩ­ය­කට හෝ වසර 2 සිට 5 දක්වා සිර දඬු­ව­ම­කට හෝ මේ දඬු­වම් දෙකට ම හෝ යටත් කිරී­මට හැකි ය. එහෙත් එවැනි නීති අණ­ප­නත් තිබුණ ද මෙරට කොටින් ට මිනි­සු­න්ගෙන් එල්ල වී ඇති මර­ණීය තර්ජ­නයේ බර­ප­ත­ළ­කම නම් අඩු වී නැත.

කොටි බොහෝ විට අද මිය යන්නේ මදු වලට අසු වීමෙනි. ඒ අතර වෙඩි තබා මර­ණ­යට පත් කිරීම් මෙන් ම වස දීම් ද හිඟ නැත. මීට වසර එකො­ළ­හ­කට පමණ පෙර මන්දක ට අසු වී මියග ගිය කොටි­යෙකු ගැන අප ට පුත්තල ම ප්‍රදේ­ශ­යෙන් අස­න්නට ලැබිණි. පැය කීප­යක් තුළ ඒ සතා මන්ද තුළ ම සිර වී මිය ගොස් තිබිණි. ඒ ප්‍රදේ­ශ­යෙන් ම පසුව තවත් එවැනි මරණ දෙකක් වාර්තා වීමෙන් අන­තු­රුව දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලින් ඒ ආකා­ර­යට මදු වලට අසු වී මිය යන කොටින් ගැන හිඟ­ය­කින් තොරව අස­න්නට ලැබිණි. ඉනුත් කන­ගා­ටු­දා­යක තත්වය වන්නේ කඳු­ක­රයේ වෙසෙන ඇතැම් දුර්ලභ කොටින් ද මෙසේ මදු වලට අසු වී මිය යෑම ය. සාමා­න්‍ය­යෙන් වියළි කලා­පී­යව වෙසෙන කොටි එසේ මිය යෑම ගැන නිතර වාර්තා වුණ ද කඳු­කර සහ පහ­ත­රට නිව­ර්තන වැසි වනා­න්තර වාසී කොටි­යන් එසේ මිය යන්නේ රහ­සින් වා‍ෙග් ය. එහි තේරුම් ඒ සතුන් ගේ මිය යෑම් බොහෝ විට වාර්තා නොවීම යි. ඒ ආකා­ර­යට කඳු­ක­රයේ වෙසෙන දුර්ලභ කොටි විශේෂ අප නො දැනම රටට අහිමි වන තත්ව­යක් නිර්මා­ණය වෙමින් තිබේ.

තම්බ­පණ්ණි පරි­සර කති­කා­වත පෙන්වා දෙන අන්ද­මට, මෙසේ මදු තබ­නුයේ ඌරන් ට බව යි බොහෝ දෙනාගේ අද­හස. එහෙත් කොටි­යන් ඉලක්ක කර­ගෙන ම මෙසේ මදු අට­ව­නවා ද යන සැකය ඒ නිසා ම බැහැර කර­න්නට ද පුළු­ව­න්ක­මක් නැත. බොහෝ විට ත්‍රීවීලර් රථ­වල ක්ලච් කේබ­ල­යෙන් මේ මදු සාද‍ා­ගෙන ඇත. මන්ද ට අසු­වන සතා අඩ­පණ කිරී­මට ඔවුන් යොදා ගන්නා උප­ක්‍ර­මය වන්නේ මන්ද ලිහිල් අයු­රින් සවි කිරීම යි. එය නිවැ­රදි අයු­රින් ම සත්ව­යාගේ ශරී­ර­යට වැටීම එම­ඟින් අපේක්ෂා කෙරේ. බුරු­ලට ඇති මන්ද ට අසු­වන සතා යම් දුරක් එයත් සමඟ ගමන් කිරී­මෙන් මන්දේ ග්‍රහ­ණය තව­දු­ර­ටත් තහ­වුරු වෙයි. ඒ දැඟ­ලී­මත් සමඟ ම අසු වූ සතා දිගින් දිගට ම අඩ­පණ වීම සිදු වේ. එතැන ඇති උපාය උප­ක්‍ර­මය වන්නේ සතා ශක්ති­මත් අව­ස්ථාවේ දී මන්ද ට හිර කිරීම නො ව දුර්වල කොට හිර කිරීම යි. එසේ දුර්වල වූ විට කොයි ආකා­ර­යෙ­න්වත් ගැලවී යාමක් ගැන බලා­පො­රොත්තු තැබිය නො හැකිය.

12122705_10154211308081416_1103652712611198368_n.jpg

ශීඝ්‍ර ජනා­වා­ස­ක­ර­ණය තුළ පවත්නා අවි­ධි­මත් බව අලි මිනිස් ගැටු­මට මෙන් ම කොටින් මෙසේ අවා­ස­නා­වන්ත ලෙස ගොදුරු වීමට හේතු වී තිබේ. ඇතැම් අව­ස්ථා­වල දී රජයේ අනු­දැ­නු­ම­කින් ද තොරව වනා­න්තර මායිම් අත්පත් කර ගන්නා ගම්මාන වාසීන් අතින් මේ වටිනා සත්වයා මිය යන්නේ කිසිදු වටි­නා­ක­මක් නැති ආකා­ර­ය­කිනි. කුඩා තේ වතු ව්‍යාප්තිය ද මීට අදා­ළව හේතු­වක් වශ­යෙන් මේ වන විට හඳු­නා­ගෙන ති‍ෙබ්.

දඩ මස් ජාවා­රමේ ව්‍යාප්ති­යට ද එවැනි මායිම් ගම්මාන වලින් ලැබෙන්නේ මහත් අනු­බ­ල­යකි. මේ නිසා ම වනා­න්තර තුළ දැඩි ආහාර හිඟ­ය­කට මේ සතුන් මුහුණ පා තිබේ. එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙන් ගම්මාන සමී­ප­යට පැමිණ හරක් පැට­වුන්, එළු­වන් ගොදුරු කර ගැනී­මට අද වන විට මොවුහු හුරු වී සිටිති. එවැනි අව­ස්ථා­වල දී සැඟවී තබන වෙඩි ප්‍රහා­ර­යන් ට මෙන් ම, මරා ගත් ගොදු­රට වස මිශ්‍ර කිරීම අද දවසේ ත් සිදු වේ. තෙත් කලා­පයේ දී ගම් වදින කොටි­යන් බො‍හෝ විට තම ඉල­ක්කය කර ගන්නේ ගෘහ­වාසී සුන­ඛ­යන්වය. මදු වලට අසු වී මිය යන්නේ මේ කලා­පයේ හැසි­රෙන එකී සතුන් ය.

මෙහිදී සිහි තබා­ගත යුතු කරුණ වන්නේ කොටියා යැයි කියන්නේ වනා­න්ත­රය තුළ තමන් වෙනු­වෙන් දඩ­යම් වස­මක් පව­ත්වා­ගෙන යන සත්ව­යෙ­කුට යන්න යි. ඒ තත්වය අද ඔවුන්ට අහිමි වෙමින් ඇත්තේ අවි­ධි­මත් ජනා­වා­ස­ක­ර­ණය හේතු කොට ගෙන වනා­න්තර කැබලි වීම නිසා ය. ඒ අනුව කොටියා ගම් වැදීම ඇලි ඇතුන් ගම් වැදීම හා සමා­නව ම නිර්මා­ණය වී තිබේ. මේ දෙක­රු­ණට ම හේතුව මානව ක්‍රියා­කා­ර­කම් ය. ඉතා පැහැ­දි­ලි­වම නිවැ­රදි වන ජීවී සැල­සු­මක අව­ශ්‍ය­තාව පරි­ස­ර­වේ­දීන් විසින් කාල­යක සිට ම අව­ධා­ර­ණය කරන ලද්දේ මේ තත්ව කල් තියා දුටු හෙයිනි.

ඒ නිසා තව­දු­ර­ටත් වන ජීවී සැල­සුම් සහි­තව මානව සංව­ර්ධ­නය ඉදි­රි­යට ගෙන යෑම පමා කළ යුතු නැත. වන ජීවීන් කියන්නේ ද අප සතු ප්‍රධාන පෙළේ ස්වාභා­වික සම්ප­තකි.

Advertisements

2 thoughts on “කොටියා ගේ පැවැත්මේ වැද­ග­ත්කම

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s