Again and Again…Never End?

වන අලින්ගෙන් ගම රැකදෙන ආරක්ෂිත විදුලි වැටක

Thambiliya godage Prakash

සම්පත් ඒකනායක
ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු

c3fde8_b2438fee47e1483cb5df243998ac9ca7
අලි මිනිස් ගැටුම, එසේත් නැතිනම් වන අලින් විසින් මින ිස ුන්ගේ බව – භෝග, ගේ – දොර, හා
ජීවිත විනාශකිරීම දිනෙන ් දිනම උග්‍ර වන සමාජ, ආර්ථීක හා පාරිසරික ප්‍රශ ්නයක් බවට
පත්වෙමින ් පවතී. ඊට විසඳුම් සෙවීමට විවිධ පාර්ශව නොයෙකුත් ආකාරයෙන ් උත්සාහ දැරුවද
මේ දක්වා ඒ විසඳුම් යෝජනා සැළකියයුතු සාර්ථකත්වයක් අත ්කරගෙන නැත.
අලි – මින ිස් ගැටුම පාලනය කර මිනිස් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැන ීමට යොදා ගත
හැකි හොඳම විසඳුමක් ලෙස විදුලි වැට හැඳින්විය හැකිය. රුපියල් කෝටි ගණනක් මහජන මුදල්
විය පැහැදම් කරමින් විදුලි වැට ඉදිකර අලි – මිනිස් ගැටුම පිටු දැකීමට උත්සාහ දැරුනේ
එබැවි‚. නමුත් දිවයින පුරා විවිධ ප්‍රදේශ වල ඉදිකල විදුලි වැටවල් බොහොමයක් අපේක්ෂිත
සාර්ථක ප්‍රතිලාභ අත්කරදී නොමැත. විදුලි වැට බිඳගෙන ගම් වදින අලි ඇතුන ් බාධාවකින්
තොරව යලි යලිත් මිනිසුන ්ගේ ජීවිත වලට තර්ජන එල්ල කරමින ්, ජන ජීවිත අඩාල කරමින් සිටී.
මෙම ගැටුම නිසා වසරකට මිනිස් ජීවිත හැත්තෑවක් පමණ අපට අහිමි වෙයි. ඒ මිනිස් ජීවිත වල
වටිනාකම අපට මිල කල නොහැක. එසේම මින ිසුන්ගේ නිවාස, යටිතල පහසුකම්, හා බව භෝග
විනාශ වීම නිසා වාර්ෂිකව විශාල ආර්ථීක හානියක් සිදුවේ. මෙම ගැටුමේ අනෙක් පාර්ශවය වන
අලි ඇතුන් ද ඉන් ඉමහත් පීඩාවට පත්වන අතර වාර්ෂිකව සද්දන්තයන් දෙසිය පනහක් පමණ
අලි – මිනිස් ගැටුමට බිලිවේ.

නමුත ් පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇති ආකාරයට විදුලි වැට මගින් අලි – මිනිස්
ගැටුම පාලනය කිරීම අසාර්ථක වී ඇත්තේ බොහොමයක් විදුලි වැටවල් න ියමාකාරයෙන්
ස්ථානගත වී නොතිබීම හේතුවෙනි. අලි ඇතුන්ගේ වාසභූමි හා මින ිසුන් ජීවත්වන ගම්මාන අතර
සීමාවේ විදුලි වැට ඉදි නොවී වෙනත් ප්‍රදෙ ්ශ වල විදුලි වැට ඉදිවීම මෙම තත්වය ඇතිවීමට
හේතුවී තිබේ. උදාහරණයක් වශයෙන ් ඇතැම් විදුලි වැට ඉදිවී ඇත්තේ වනජීවී රක්ෂිත (ජාතික
වනෝද්‍යාන, අභයභූමි වැන ි) සීමාවන් වල ය. එමගින් එම වනජීවී රක්ෂිත වල ජීවත්වන අලි
ඇතුන්ට පිටතට ඒමට නොහැකි වීමට පිළිවන. නමුත් අලි ඇතුන ් ජීවත් වන ්නෙ ් වනජීවී රක ්ෂ ිත
ඇතුලත පමණක් නොවේ. බොහෝ වනජීවී රක්ෂිත මායිම්ව ඇත්තේ ද මිනිස් වාස භූමි වලට
නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කැලෑවලට ය. අල ි ඇතුන් බොහොමයක් ජීවත් වන්නෙ ්
වනජීවී රක්ෂ ිත වලින් පිටත ඇති වනාන්තර කොටස්, බැදි කුට්ටි වලය. වනජීවී රක්ෂිත වලින්
පිටත ජීවත්වන අලින ්ට මිනිසුන ් ජීවත්වන ගම්මාන හෝ ගොවි බිම් ආක්‍රමණය කිරීමට, වනජීවී
රක්ෂිත සීමාවේ සහ යාබද වනාන ්තර අතර පිහිටි විදුලි වැට බාධාවක් නොවේ. වනජීවී රක්ෂිත
වටා විදුලි වැට ඉදිකර එම රක්ෂිත තුලට සියළු අලි ඇතුන් සීමා කිරීමට කොතරම් උත්සාහ
දැරුවද මේ වනතෙක් එම උත්සාහයද සම්පුර්ණයෙන්ම සාර්ථකත්වය අත්කරගෙන නැත.
වර්තමානයේ අලි ඇතුන් ගම් වැදීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ විදුලිවැට ගම්මාන වලට දුර
බැහැරින් පිහ ිටා තිබීම හා ලඳු කැලෑ හා මුඩුබිම් යනාදියද, වසරේ යම් කාලසීමාවකදී පමණක ්
වගා කටයුතු සිදුකරන කුඹුරුද ඇතු`ඵ වන පරිදි විදුලිවැට ඉදිකිරීමය. එබැවින් සෘජුව විදුලිවැට
මගින ් ගම්මාන ආරක්ෂාවීම සිදු නොවන අතර ගම්වාසීන්ට විදුලිවැට නඩත්තු කිරීම අපහසු
කාර්යයක් බවට පත්වේ. එමෙන්ම විදුලිවැට සමීපයට එන අලියෙකුට ගම්වාසීන් නොපෙනීමද
අලින් වැට කැඩීමට ඇති ප්‍රවනතාවය වැඩි වීමට හේතුවේ. කාලයාගේ ඇවෑමෙන් දුර්වල වන
එවැනි විදුලි වැට බිඳගෙන ගම් වැදීම අලි ඇතුන්ට පහසු වන අතර එමගින් අලි ඇතුන් විදුලි
වැට බිඳ හෙලීමට ඉගෙන ගැනීමද සිදුවේ.

1.jpg

විදුලි වැටක් යනු අලියකු බිය වද්දා ආරක්ෂාව සලසා ගන්නා උපායක් පම‚. අකාර්යක්ෂම හා
ක්‍රියාවිරහිත විදුලි වැටක් සමග සෙල්ලම් කිරීමටත් එය කඩා බිඳ දැමීමටත් හුරුවූ අලින් කොතරම්
හොඳින ් නිර්මාණය කල විදුල ි වැටක් වුවද බිඳ දැමීමට පෙළඹෙති.
අප යමක් ආරක්ෂාකර ගත යුතුද ඒ ඉලක්කය සාර්ථකව ඉටුකර ගැන ීමට නම් ආරක්ෂක උපක්‍රමය
අප ආරක්ෂාව ලබා දීමට තැත් කරන දෙයට සමීප විය යුතුය. අප න ිවසේ ආරක්ෂාවට දොරටුවක්
න ිර්මාණය කරන ්නෙ ් එහ ි අගුල දැමූ විට වෙනත් කිසිවෙකුටත් නිවසට ඇතළු විය නොහැක ි
ලෙසය. අප අපගේ ඉඩමට වැටක් ඉදිකර ගේට්ටුවක් යොදන්නේ පිටස්තර කිසිවෙකුත් අප
ගෙවත්තට අනවසරයෙන ් ඇතුළුවීම වලක්වීමටය. අප නිර්මාණය කරන දොර හෝ වැට වෙනත්
ගෙයක හෝ වත්තක තැබීමෙන ් අප බලාපොරොත්තුවන ආරක්ෂාව නොලැබේ.
ඒ හා සමානවම අලි මින ිස් ගැටුමෙන් පීඩා විඳින ගම්මාන වටා විදුලි වැට ඉදිකර ආරක්ෂාකර
ගැනීම මග ින් අලි – මින ිස් ගැටුම මැඩලීමෙහිලා අති විශාල සාර්ථකත්වයක් අත්කර ගත හැකිය.
එමගින් වන අලින්ට ගම්වැදීමට ඇති ඉඩ කඩ ඉතා අවම වෙයි. ඊට හේතුව වන්නේ ගම වටා
විදුලි වැට ඉදිකර ඇතිවිට එය ගම්මානයේ ජනතාවට සමීප වීම නිසා ඒ ගැන අවධානය යොමු
කිරීම හා ආරක්ෂා කරගැනීම පහසු වීමයි. විදුලි වැට මාර්ගය දිගේ වර්ධනය වන වල් පැල
ඉවත්කිරීම, ශ =ද්ධ පවිත්‍ර කිරීම වැනි සුළු නඩත ්තු කටයුතු සිදුකිරීමද මෙමගින් පහසු වෙයි. ගම්මුන ්
තම ඉඩමේ මායිම ආරක්ෂා කරගැනීම සඳහා දක්වන උනන්දුවම තම ජීවිත, දේපොළ හා බව
භෝග ආරක්ෂා කර දෙන විදුලි වැට ආරක්ෂා කරගැනීමට ද යොදා ගැන ීමට මෙම ග්‍රාමීය විදුලි
වැට ක්‍රමය මගින් හැකියාව ලැබේ. වැට පසෙක පැහැදිලිව මිනිස් ජනාවාසයක් ද අනෙක් පස
පැහැදිලි ස්වභාවික පරිසරයක්ද පවතින හෙයින් වන අලින්ගේ වාසභූමි වලින් මින ිසුන් ජීවත්වන
ගම්මානය පහසුවෙන් වෙන්කර හඳුනා ගැනීමට අලින්ටද හැකිවේ. ඒ න ිසා අලින්ට ගම්මාන මග
හරිමින් අවශ්‍ය ආකාරයට උන්ගේ වාසභුමියේ සැරිසරමින් ආහාර හා ජලය සපයාගැනීමටද
බාධාවක් ඇති නොවේ. අලියෙකු වැට අසලට පැමි‚ විට ගම්වාසීන ්ට න ිතැතින්ම දිස්වන හෙයින්
එසේ අලියෙකු පැමි‚ අවස්ථාවක වැට කැඩීමට පෙර එම අලියා පලවා හැරීමට හැකිවන ු ඇත.
එමෙන්ම වැට සමීපයට පැමිණෙන අලියෙකුටද ගම්වාසීන් දිස්වන හෙයින් අලින් වැට සමීපයට
ඒමද වැට කැඩීමට ප්‍රයත්න දැරීමද ඉතා අල්ප වෙයි.


එබැවින් ගම්මාන වටා විදුලි වැට ඉදිකර ගැනීම මගින් අලි – මිනිස් ගැටුම් පවතින ප්‍රදේශවල
ජනතාවට තම ජීවිත හා දේපොළ ආරක්ෂා කරගෙන සතුටින් ජීවත් වීමට මෙමගින් මග පෑදේ.
දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගම්මාන වටා මෙවැනි ග්‍රාමීය විදුලි වැට ඉදිකරගෙන ඒ ගම්මාන වන
අලි තර්ජන වලින් ආරක්ෂා කර ගැනීමට මේ වනවිට හැකියාව ලැබී තිබේ. එම ගම්මාන වලට
එල්ලවූ වන අලි ප්‍රහාර සියයට අන ූනමයක් ම වලක්වා ගැනීමට එමගින් හැකියාව ලැබී තිබේ.
නමුත ් මෙහිදී ඇතිවන ගැටළුව වන්නේ ගම්මාන වලින් දුර බැහැර ප්‍රදේශවල පිහිටා ඇති කුඹුරු
යායන් ආරක්ෂා කර ගැනීමට ග්‍රාමීය විදුලි වැට මගින ් පිටිවහලක් නොලැබීමයි. ඒ සඳහා ඇති
සරල විසඳුම ග්‍රාමීය විදුලිවැට ඉදිකිරීමට සමගාමීව කුඹුරු යායන් වටා කාලීන විදුලි වැට
ඉදිකිරීමයි. අලි – මින ිස ් ගැටුම පාලනය සඳහා ගම්මාන ආරක්ෂාකරන ස්ථීර විදුලිවැට හා කුඹුරු
යායන් ආරක්ෂාකරන කාලීන විදුලිවැට ඉදිකිරීම ඉතා සාර්ථක ප්‍රතිපල අත්කර දෙයි.

New-Pictures-592.jpg

විදුලි වැටක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය කෙබඳුද?
විදුලි වැටක් මගින් සිදුකරන්නේ එහි ගැටෙන සතුන්ට විදුලි සැර වැදීමේ අප්‍රසන්න අත්දැකීමක්
ලබා දීමය. වනාන්තරයේ ජීවත්වන සතුන ්ට එවැනි අත්දැකීමක් කිසිම අවස්ථාවක ලැබී නැත. එම
අත්දැකීම වන සතුන්ට ආගන්තුකය. බිය උපදවන සුළුය. ඒ නිසා විදුලි කම්පනය හොඳහැටි
අත්විඳි සතුන් ඉන්පසු විදුලි වැටේ ගැටීමෙන් වැළකී සිටී. එමගින් විදුලි වැට වන සතුන්ට
බාධකයක් ලෙස කි්‍රයා කරයි.
විදුලි වැටක් සඳහා විදුලිය ලබා දෙන්නේ එනජයිසර [Energizer] යන්ත්‍රයක් මගිනි. එම යන්ත්‍රය
වෝල්ට් 12 බැටරියකින ් ලැඛෙන ධාරාව හෝ වෝල්ට් 240 ගෘහාස්ථ විදුලි පරිපථයකින් ලැඛෙන
ධාරාව, විදුලි වැටේ ගමන් කරන වෝල්ට් 6000 – 8000 ක් පමණ ඉහළ වෝල්ටීයතාවයක් සහිත
මුත් ඉතා කුඩා ඇම්පියර් අගයක් සහිත [DC  Direct Current]  ධාරාවක ් බවට පරිවර්තනය කරයි.
එම ධාරාව ගලා යන්නේ කඩින් කඩ වශයෙනි. එක් ස්පන ්දනයක් ගලා යාම තත්පරයකින ් ඉතා
කුඩා කොටසකට සීමා වෙයි. ඒ ස්පන්දන දෙකක් අතර තත්පරයක පමණ කාලයක් පවතී. ඒ න ිසා
විදුලි වැට ස්පර්ශ වීමෙන් සතුන්ට විශාල කම්පනයක් ඇතිවන නමුත් කිසිඳු හානියක් සිදු නොවේ.
කි්‍රයාකාරී තත්ත්වයේ පවත ින විදුලි වැටේ කම්බියක් ඇඟ දැවටෙන සතෙකු තුලින් අධි වෝල්ටීය
ධාරාව පොලොව දක්වා ගමන ් කර පරිපථය සම්පූර්ණ වීමෙන් එම සතාට බලවත් කම්පනයක්
ලබා දේ.
බැටරිය ආරෝපණය කිරීම සූර්ය බලයෙන් කල හැකි අතර සමහර එනජයිසර යන ්ත්‍ර ගෘහස්ත
විදුලියෙන් කි්‍රයා කෙරේ.
විදුලි වැටක කි්‍රයාකාරිත්වය දක්වන සටහන

එනජයිසරය B/M බැටරිය හො ් ගෘහාස්ථ විදුලිය
අලි – මිනිස් ගැටුම පාලනය සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒවායේ අඩු ලූහු~ුකම්
විදුලි වැට අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට යොදා ගත හැකි ඉතා හොඳ මෙවලමකි. නමුත්
මේ දක්වා ඉදිකර ඇති විදුලි වැටවල් බොහොමයකින් අපේක්ෂා කරන ලද ප්‍රතිපල නොලැබීමට
ප්‍රධානම හේතුව අලි ඇතුන්ගේ චර්යාවන ් සහ හැසිරීම් රටා පිළිබඳ නිසි අවධානයක් යොම ු
නොකර එම විදුලි වැට ස්ථානගතකර තිබීමය.
අලි රංචුවක සාමාජිකත්වය දරන්නේ ගැහැණු සතුන් හා ලිංගිකව පරිනත නොවූ, එහෙමත්
නැත්නම් වැඩිවියට නොපැමි‚ පිරිමි සතුන් පම‚. පිරිමි අලි පැටව ුන් ලිංගිකව පරිනත වීමත්
සමග වනයේ තනිව ජීවත් වීමට පෙළඹෙති. එම සතුන් සාමාන්‍ය ව්‍යවහාරයේදී zතනි අලින ්Z ලෙස
හැඳින්වේ. එම තනි අලින් ඇතැම් අවස්ථාවල කිහිප දෙනා බැගින් කුඩා කණ්ඩායම් සෑදීමට ද
පෙළඹේ.

p1070480-613x460.jpg
අලි ඇතුන්ට තමන්ටම ආවේ‚ක වූ වාසභූමි තිබේ. එම සතුන ් තමන්ගෙ ් වාසභූමි වලට විශාල
ඇල්මක්, බැඳීමක් දක්වන අතර වසර පුරා විවිධ කාල වලදී තමන්ගේ වාසභූමියේ විවිධ ප්‍රදේශ
වලට ගමන් කරමින් ආහාර හා ජලය සපයා ගනී. ඒ සඳහා අලි ඇතුන් දිනකට කිලෝමීටර් පහක
පමණ දුර ප්‍රමාණයක් පා ගමනේ යෙදේ. සාමාන්‍යයෙන් ශී්‍ර ලංකාවේ අලි ඇතුන්ගේ වාසභූමි වර්ග
කිලෝමීටර් පනහත් – දෙසීයත් අතර විශාල ප්‍රදේශයක පැතිර පවතී. අලි ඇතුන්ගෙ ් පැවැත්මට
දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමට අලි
ඇතුන් තමන ්ගේ වාසභූමි පුරා සංක්‍රමණය වේ. ඒ අතරතුර තම වාසභූමියේ ඇති ගම්බිම් ද
ආක්‍රමණය කිරීමට සමහර අලි ඇතුන්, විශේෂයෙන් සමහර වැඩිමහල් පිරිමි සතුන ් පෙළඹේ.
ගැහැණු සතුන් හා පැටව ුන් ගෙන් සමන්විත අලි රංචු මින ිසුන්ගේ ගම්බිම් ආක්‍රමණය කිරීමට
උත්සාහ දරන්නේ ඉතා සීමිත වශයෙනි. බොහෝ ප්‍රදේශ වල එය මිනිස් වාසස්ථාන වලින් දුර
බැහැර පිහිටි අනාරක්ෂිත වගා බිම් වලට සීමාවේ. නමුත ් සමහර තන ි අලින් හෙවත් වැඩිමහල්
පිරිමි අලින්, ගම්මාන වෙත පැමිණ මිනිසුන්ගේ බව භෝග හා දේපොළ හානි කිරීමට වැඩි නැඹුරු
තාවයක් දක්වයි. එම අවස්ථා වල ඔවුන ් අතින් මිනිස් ජීවිත ද හාන ි විය හැක.
මෙතෙක් කලක් බොහෝ අවස්ථා වල මෙසේ ඇතිවන අලි – මිනිස් ගැටුම් මැඩපැවැත්වීමට
සිදුකලේ ප්‍රශ්න ඇතිකරන හා නොකරන සියළු අලි ඇතුන් උන්ගේ වාසභූමියේ කොටසකට සීමා
කර විදුලි වැටක් ඉදිකිරීමට තැත් කිරීමය. එසේත් නැතිනම් එම සතුන් සම්පූර්ණයෙන්ම උන්ගේ
වාසභූමියෙන් පිටතට එලවා පිටස ්තර ප්‍රදේශයක තිඛෙන වන උද්‍යානයකට හෝ අභයභූමියකට
ගාල් කිරීමට තැත් කිරීමය.
මෙම වන අලි පාලන ක්‍රමයේ පදනම සියළු අලි ඇතුන් වනජීවී රක්ෂිත වලට සීමා කිරීම වුවද
වසර හැත්තෑවක පමණ සිට මෙම ඉලක්කය සපුරා ගැනීමට දරන ලද ඉමහත් උත්සාහයන් මේ
දක්වා බොහෝ විට අසාර්ථකවී ඇත. මේ දක්වා වනජීවී රක්ෂිත වලින් පිටත වන අලින ් දිවි
ගෙවන ප්‍රදේශ සියල්ලකම පාහේ අලි පැන්න ීමේ මෙහෙයුම් සිදු කර ඇත. එනමුත් වනජීවී රක්ෂිත
වලින් පිටත වන අලින් දිවි ගෙවන ප්‍රදේශ වල අලි ඇතුන්ගේ පැවැත්මට සුදුසු පරිසර තත්ත ්ව
පවතින කිසිම අවස්ථාවක එම සතුන් ඉන ් ඉවත් කිරීමට මේ දක්වා හැකියාව ලැබී නැත.

7a7d0cdd-f88d-42f6-b14c-b0e6b9b3143c.jpg

අද වන විටද ශී්‍ර ලංකාවේ වෙසෙන අලි ඇතුන්ගෙන් සියයට හැත්තෑවකට වඩා ජීවත් වන්නේ
වනජීවී රක්ෂිත වලින් පිටතය. අලි – මින ිස් ගැටුම සම්පුර්ණයෙන්ම ව්‍යාප්තව පවතින ්නෙ ් මෙම
වනජීවී රක්ෂිත වලින් බැහැර ප්‍රදේශ වලය.
එමෙන්ම තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක ්ෂිත
වලට ගාල් කල අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන ්ට හා පැටව ුන ්ට ආගන ්තුක පරිසරය
තුලින් උන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම
සතුන් විදුලි වැටෙන ් කොටුව ූ ප්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන
පෝෂණ දුර්වලතා න ිසා, විශේෂයෙන් කුඩා අලි පැටව ුන ් ඉතා අවාසනාවන ්ත ලෙස දුක් විඳ
බඩගින්නේ මිය යාම සිදුවේ.
තමන්ගෙ ් ආවේ‚ක වාසභූමියේ කොටසකට හෝ ඉන ් බැහැර ප්‍රදේශයකට ගාල් කර ඉදිකෙරුණු
විදුලි වැට පෙරලාගෙන පිටතට පැමිණෙන අලි ඇතුන ්ට හෝ වනජීවී රක්ෂිත වටා ඉදිකෙරුණු
විදුලිවැට වලින් පිටස්තරව වාසය කරන අලි ඇතුන්ට ගම්මාන වලට ඇතුළු වී මිනිසුන්ගේ බව
භෝග, දේපොළ හා ජීවිත විනාශ කිරීමට කිසිම බාධාවක් නැත. එසේම නිතර නිතර අලි ඇතුන්
පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ
අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින ් වෙඩි තැබීමෙන් අලින්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වේ.
මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටව ුන් මින ිස ුන්ගේ අලිවෙඩි,
ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන ් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට න ිතර මුහුණදීම
සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම අප අලින ් සමග ගැටීමෙන්
එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව
තවත් බරපතල අලි – මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.
අලි ඇතුන් යනු ශක්තිමත්, බුද්ධිමත් හා සංවේදී සත්ව විශෙ ්ෂයකි. වඳවීමේ තර්ජනයට ලක්ව
සිටින අලි ඇතුන ් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ දැඩිව ආරක්ෂාව ලබා දී ඇති සත්ව විශේෂයක්ද
වේ. ඒ නිසා එම සතුන්ගේ වාසභූමි සීමා කර හෝ එම වාසභූමි වලින ් එම සතුන් පිටමං කර අලි
– මිනිස් ගැටුම විසඳීම යථාර්තයක් නොවන බව අප වටහා ගත යුතුය. තමන් ගමක් හෝ ගොවි
සමිතියක් ලෙස සංවිධානය වී තම ගමට හෝ කුඹුරු යායට ආරක්ෂාව සලසා ගැන ීම ඊට වඩා
සාර්ථකව සහ ක්ෂ‚කව අලින්ගෙන් ඇතිවන හානි වලක්වා ගැනීමට හැකි ක්‍රමවේදයක ි.
වන අලි ප්‍රහාර වලට ලක්වන ගම්මාන වල ජනතාවගේ ඉල්ලීමක් වන්නේ zප්‍රශ්නකාරී වන අලින්Z
අල්ලා වෙනත් දුර බැහැර ප්‍රදේශයකට ගෙනගොස් දැමිය යුතු බවය. එම අල ි පාලන ක්‍රමවේදය
හඳුන්වන්නේ අලි ඇතුන් පරිස්ථාපනය [Translocation] යනුවෙනි.
විශේෂයෙන ් මිනිස් ජීවිත හා දේපොළ වලට තර්ජන එල්ල කරන බවට චෝදනා ලබන අලි ඇතුන්
මේ ආකාරයෙන් පරිස්ථාපනය කෙරේ. ඒ අනුව නිර්වින ්දනය කර, අල්ලා බැඳ, ලොරියක බහා එම
සතුන් තමන් වෙසෙන පාරම්පරික වාස භූමියෙන ් ඉවත් කර වඩාත් දුරබැහැර ආගන්තුක
පරිසරයක පිහිටි වනජීවී රක්ෂිතයකට පිටමං කිරීම සිදුකෙරේ.
නමුත් මෙසේ පරිස්ථාපනය කරන ලද අලි ඇතුන්ට GPS චන්ද්‍රිකා රේඩියෝ කරපටි පලඳවා
සංරක්ෂණ පර්යේෂණ ආයතනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති
පර්යේෂණ මගින් අනාවරණයවී ඇත්තේ ප්‍රශ්න ඇතිකරන ප්‍රචණ්ඩකාරී තනි අලි කිසි ලෙසකත්
තමන ් ගෙනගොස් දමන වනජීවී රක්ෂ ිත තුලට සීමා නොවෙන බවය. එම රක්ෂිත වටා විදුලි
වැටවල් ඇත්නම් ඒවා කෙසේ හෝ කඩා බිඳ දමමින ් ඔවුන් නැවතත් මින ිස් වාසස්ථාන කරා
පැමිණෙති. එම සතුන් සමහරෙක් ආගන්තුක පරිසරයට හැඩගැසීමට නොහැකිව අකාලයේ
මරණයට පත්වෙති. එසේ නැතහොත් එම ආගන්තුක පරිසරයේ නැවතත් මිනිසුන් සමග ගැටුම්
ඇතිකර ගැනීමට හෝ කිලෝමීටර සිය ගණනක් ගෙවා පෙරලා තම මුල් වාසභූමියට පැමිŒමට
එම සතුන් පසුබට නොවෙති.
නමුත ් අලි – මින ිස් ගැටුම පාලනය සඳහා ගම්මාන ආරක්ෂා කරමින් ස්ථීර විදුලිවැට ද කුඹුරු
ආරක්ෂා කරමින් කාලීන විදුලිවැට ද ඉදිකිරීමේ ව්‍යාපෘති තුලින් අලි ඇතුන ් කොහේ සිට කුමන
ආකාරයකින් පැමි‚යද එම සතුන්ට කුඹුරට හෝ ගමට ඇතුළු වීමට නම් කුඹුර වටා හෝ
ගම්මානය වටා ඉදිකර ඇති හොඳින් නඩත්තු කරන ශක්තිමත් විදුලි වැට බිඳින්නට සිදුවේ.
එමෙන්ම විදුලි වැට ඉදිකර තිඛෙන්නේ කුඹුරු හෝ ගම්බිම් ආරක ්ෂාකර මිස අලි ඇතුන්ගේ ගමන්
මාර්ග හෝ වාසභූමි හරස් කර නොවන බැවින් ඒවා මගහැර උන්ගේ වාසභූමියේ ඇවිද ගොස්
ආහාර හා ජලය සපයා ගැනීමට අලි ඇතුන්ට වැඩි නිදහසක් ලැඛෙන නිසා ඔවුන් ගම් වැදීමේ
ප්‍රවණතාවය ඛෙහෙවින ් අඩුවේ.
මේ පිළිබඳව වැඩි විස්තර සංරක්ෂණ පර්යේෂණ ආයතනය, අංක 26/7 c2 පාර, කොඩිගහ
වැව, ජූල් පල්ලම, තිස්සමහාරාමය යන ලිපිනයෙන ් ලබා ගත හැක.

beautiful elephants asian elephants dangerous animals of Bangladesh, Bhutan, Borneo, Cambodia, China, Laos, mainland of Malaysia, Myanmar, Nepal, Thailand, Sumatra, and Vietnam. Sl

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s