තෝක්යෝ නගරයට රාත්‍රිය පැමිණ ඇත

87b03dfa71c94ed185981a596893994c

තෝක්යෝ නගරයට රාත්‍රිය පැමිණ ඇත. එහි ඇති සෑම ගොඩනැගිල්ලකම විදුලි ආලෝකය එක ලෙසින් දැල්වෙයි. ඒවායේ වීදුරු කවුළුවලින් පෙනෙන මිනිසුන්ගේ සෙවනැලි හුදෙක් පොළොව මදින්නවුන් ගෙන් හෝ පිරිසිදු කරන්නන් ගේ යැයි නො සිතිය යුතු ය. ඔව්හු ඒ සේවා ස්ථානවල සේවය කරන්නවුන් ය. උදෑසණ වැඩට පැමිණි ඔව්හු මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් සිය සේවා ස්ථානවලින් ඉවත්ව ගොස් නැත. ඇතැමුන් පයිල් කවර නවනු පෙනෙයි. සෙස්සෝ ඨඍෑෑභ ඔෑA බොමින් එකිනෙකා හා අල්ලාප සල්ලාලයේ යෙදී සිටිති.

මේ අයුරින් උදෑසණ සේවා ස්ථානයට පැමිණ රාත්‍රියේ බොහෝ වේලා යනතුරුත් නිවෙස් වලට නොගොස් එහිම රැදෙමින් මෙසේ කාලය ගත කිරීම ජපානයේ සේවා ආචාර ධර්මයක් ලෙසින් පිලිගැනෙන තත්වයක් ද ඇතිවී තිබේ.

ඉචිරො ඔෂිමා ගේ වයස අවුරුදු විසි හතරකි. එහෙත් අද වන විට ඔහු ජීවතුන් අතර නැතග සිය දිවි නසා ගෙන ය. ජපානයේ ඇතිල ලොව විශාලතම ඇඩ්වර්ටයිසින් සමාගමක් ලෙසින් ගැනෙන ෘෑභඔීඹ හි සේවය කළ ඔහු ද ඉහත කී අයුරින්ම රැයක් දවාලක් නැතිව වැඩ රාජකාරි ඉටු කළ අයෙකි. ඇතැම් දිනවල ඔහු පසු දා උදෑසණ හයේ කණිසම වදින තුරුත් සේවා ස්ථානයෙන් පිටව ගොස් සිටියේ නැත. නිවෙසට ගොස් ඇත්තේ ද ඇදුම් මාරු කර ගන්නට ය. ඉන් පසු නැවතත් සිය සේවා ස්ථානයට ම පැමිණෙයි. නිදා ගැනීමට ගත කොට ඇත්තේ පැය දෙකක් වැනි සුලු කාලයකි. විශේෂ අවස්ථාවක් කියා දෙයක් ඔහු ගේ ජීවීතයේ තිබිලාම නැති තරම් ය. මෙසේ අධික ලෙස වෙහෙසීමෙන් දුර්වල වූ හෙතෙම අවසානයේ දි සියතින් ම ගෙල වැල ලා ගෙන මිය ගොස් තිබේ.

Hiroshima-before-and-after-596252.jpg

මේ කුමන ආකාරයේ තත්වයක් දරෑ එය ගත යුත්තේ ජපනුන් තුල පවත්නා වැඩ කිරීමේ ලෝලත්වය නිසා උපන් තත්වයක් වශයෙන් දරෑ

ඔෂිමා ගේ මරණයට වගකිව යුත්තේ කවුද යන්න ගැන කිසිදු සැකයක් ඔහු ගේ දෙමාපියන්ට තිබුණේ නැත. එහෙත් ඔහු සේවය කල ඇඩ්වර්ටයිසින් සමාගමේ විධායකල ඒ ගනුදෙනුවෙන් සිය දෑත් පිස දා ගැනීමට තැත් කලේ ය. කෙසේ වුවත් සිද්ධිය අධිකරණය දක්වාම ගියේ ය. සේවා ආයතනයක් තුල පැවතිය යුතු සදාචාරාත්මක වගකීම් සම්බන්ධයෙන් එහි දි බරපතල ආකාරයෙන් විවාද කෙරිණි. කෙසේ වෙතත් කොයි ආකාරයෙන් වත් සිද්ධිය ට අදාලව තමන් වරදකරුවෙකු යැයි පිලිගැනීමට සමාගම සූදානම් වුණේ නැත. ඔවුන් සිය තර්කයෙන් පෙන්වා දීමට උත්සාහ කලේ එය සිය සේවකයාගේ පෞද්ගලික තත්වය හා බැදුණක් බවයි. ඒ අනුව එය ට මැදිහත් වෙනවා ය කියන්නේ ඔහුගේ පෞද්ගලිකත්වයට බලපෑම් කිරීමක් ය යන්න යි. තවද ඔහුගේ මානසිකත්වය ග්‍රහණය ට ගැනීමක් ද විය හැකි බවයි.

එවැනි නෛතික යුද්ධයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ දි සිය තීරණය ලබා දුන්නේය. ඒ අනුව උක්ත සිද්ධියේ සම්පූර්ණ වගකීම ෘෑභඔීඹ ඇඩ්වර්ටයිසින් සමාගම ට පැවැරිණි. ඒ තීරණය ලබාදීම සඳහාල එනම් අසීමිත ලෙසින් තරුණයෙකු මෙහෙයවා වැඩ රාජකාරි කරවා ගැනීමල අවසානයේ දී ඔහුව ස්වයං මරණයකට යොමු කිරීම ( ඒ තුලින් මරණය සිදුවීමට සැලැස්වීය යන ඒ නිගමනය ) පූර්ව අධිකරණ නිදර්ශනයක් මත පිහිටන්නට අධිකරණය කටයුතු කොට තිබිණි. ඒ දැවන්ත ඇඩ්වර්ටයිසින් සමාගම ඒ තීරණයත් සමග වක ගැසී ගියේ ය. වන්දියක් වශයෙන් ඩොලර් 988ල000 ක් පීඩාවට පත් පාර්ශවය ට ගෙවීම ට සමාගමට සිදු විය. එපමණක් නොව යලිත් එවැනි ඛේදනීය සිද්ධියක් සිදු නොවන අන්දමින්ල සිය සේවක පාර්ශවය ගැන මනා අවධානයකින් කටයුතු කරන්නේ යැයි ප්‍රතිඥාවකA ලබා දීමට ද ඔවුන් ට සිදුව තිබේ. ඒ අතරට ම සේවකයින් ගෙන් වැඩ ගැනීමල ඔවුන් ගේ සෞඛ්‍ය තත්ව ගැන අවධානයෙන් පසුවීම යන කොන්දේසි ද ඇතුලත් කෙරිණි.

මේ සිද්ධිය වාර්තා කරමින් THE TIMES MAGAZINE පවසන්නේ ජපානයේ ප්‍රථම වතාවට සේව්‍ය සමාගමක ට මෙවැනි චෝදනාවක් පිලිගැනීමට සිදුවීය කියා යි. ඒ චෝදනාව වන්නේල එකී සමාගම අධික ලෙස වැඩ කිරීමෙන් හටගත් මානසික ආතතිය නිසා සිය දිවි නසා ගැනීමෙන් වලක්වා ගැනීමට (එම සේවකයාව ) අසමත් වීය යන්න යි’.

මේ අතර සෙසු සමාගම් ඉහත සිදු්ධිය දෙස සාංකාවෙන් යුතව= වුණත් ගැඹුරින් අවධානය යොමු කළ බව කිව යුතුය. එමෙන් ම තමන් සම්බන්ධයෙන් අනාගත අනතුරක් ද ඔව්හු ඒ තුලින් දුටුහ. සේවාවන් ඉටු කර ගැනීමෙන් අනතුරුව සේවකයන් අත්හැර දැමීම නිසා සේවකයන්ගෙන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල උදවියගෙන් ගැනෙන නෛයිතික ක්‍රියාමාර්ගවලට මුහුණපෑමේ අවදානමක් මේ සමාගම් යථෝක්ත සිද්ධිය අභ්‍යන්තරයේ දැක තිබේ. එමෙන් ම නියත වශයෙන් ම එවැනි අවස්ථාවක දි වන්දි වශයෙන් මහත් මුදලක් වෙන් කිරීමට සිදු වන බව ද ඔවුන්ට තේරුම් ගොස් තිබේ. පොදුවේ සේවකයින් සම්බන්ධ ක්‍රියාමාර්ග පිළිබදව විශේෂඥ දැනුමක් ඇත්තවුන් පෙන්වා දෙන ආකාරය ට ඉහතින් කී සමාජ ෙඛ්දාවාචකය නිසා ජපානයේ වාර්ෂික ව ඇති වෙන පුද්ගල මරණ සංඛ්‍යාව දස දහසක වත් වේ. තවත් අයල එසේ මිය නොගියත් ආඝාතය වැනි දරුණු රෝගාබාධයන් ට ගොදුරු වී පීඩා විඳින්නවුන් බවට පත් වී සිටිති. අසීමිත ලෙසින් සේවා ඉටුකර ගැනීම හේතු කොට ගෙන අවසානයේ දී දුර්වල වන සේවකයින් ව සේවයෙන් ඉවත් කිරීම මෙතෙක් සිදු වුණේ වැඩි ප්‍රසිද්ධියකින් තොරව ය. එහෙත් ෘෑභඔීඹ ඇඩ්වර්ටයිසින් සමාගමේ සිද්ධිය ඉහත ක්‍රියාවලියට එරෙහිව නව මාර්ග සංඥාවක් ලබා දී ඇතැයි යන්න ඒ පිළිබඳ ව අදහස් පල කරන්නවුන් ගේ මතය වී තිබේ.විශේෂයෙන් ම කම්කරුවන්ල රියදුරන් වැන්නවුන් අසීමිත වෙහෙස නිසා අර කී ආකාරයෙන් ජීවිත වලින් සමු ගැනීම මේ වන විට නොවැලැක්විය හැකි කරුණක් බවට පත් ව තිබේ. ගණනය කොට ඇති ආකාරයට මෙවැනි සේවකයකු මාසයකට පැය 230 ක පමණ කාලයක් සේවය කොට තිබේ. ඇතැම් අවස්ථාවල එය පැය 345 ක් බවට ද පත් ව තිබේ. එහි ඊළග අවස්ථාව සෑම විටම වාගේ දිවි නසා ගැනීමකි.

meditate-2

DENTSU නඩු තීන්දුව ට අදාලව අදහස් පල කරන නීතිඥ හිරෝෂි කවමොටෝ ට අනුව ඉහත ආකාරයෙන් අසීමිතව සේවා ඉටු කර ගැනීම බහුල වූ තත්වයක් දෙදාහ දශකය වන විට ජපානය තුළ දැකිය හැකි විණි. අවසානයේ දී ඒ ජීවිත ශෝකාන්ත හමුවේ ඔවුන් ගේ පවුල් වල උදවිය ද පිහිටක් නැති අනාථයන් බවට පත් වන්නේ අදාල සිද්ධීන් සම්බන්ධයෙන් නිසි වගවීමක් එතෙක් නොවූ හෙයිනි.

වෙහෙස නොතකා අධික ලෙස සේවය කිරීමෙන් හටගන්නා මානසික ආතතිය හේතු කොට ගෙන අවසානයේ සිය ජීවිතය හානි කර ගැනිමෙන් අවසන් වන මේ සිද්ධි දාමය වෙනුවෙන් අදාල කර ගත හැකි නීතිමය තත්වයක් පිලිවෙල කර ගැනීමට අධිකරණය මේ වන විට සමත්ව තිබේ.

නියමිත රාජකාරි වේලාවෙන් පසු ඇතැම් විට රාත්‍රිය පසු වන තුරුත් සිය සේවා මුර පවත්වා ගෙන යෑමට (බොහෝ විට ඒ අතිකාල සේවා සඳහා ගෙවීමක් කෙරෙන්නේ ද නැත.) සමාගම් විසින් දෙනු ලබන්නේ ද ඉහළ අනුබලයකි. එමෙන්ම එවැනි අතිකාල සේවයක් සඳහා නතර නොවන පුද්ගලයකු වේ නම් එවැන්නකු සෙසු අයගේ විවේචනයට අසු වීමට පවා ඉඩකඩ නිර්මාණය වෙමින් තිබේ. ඒ අනුව හරියට නියමිත වේලාව වන විට සේවයෙන් ඉවත් ව නිවෙස් බලා යෑම ලජ්ජෑවට පත විය යුත්තක් යැයි සිතෙන තත්වයක් සේවා සංස්කෘතිය තුලම ගොඩ නැගී ඇත. මේ බව පෙන්වා දෙන්නේ ප්‍රධාන පෙලේ විද්‍යුත් නිෂ්පාදන සමාගමක සේවය කරන තිස් පස් වියැති සේවකයෙකි.

“එය ඇත්ත වශයෙන් ම කාලය කා දැමීමක්. සේවකයින් මේ ආකාරයට යටහත් පහත් ආකාරයෙන් හැසිරීම ගැන අන්තිමේ දි ඔවුන් ම පුදුමයට පත් වෙනව. “

මේ අතර නව රැකියා සැලසුමක් ලෙස හඳුන්වා දෙමින් අර කී සාහසික අරමුණ ඉටුකර ගැනීමට ගුවන් විදුලි ප්‍රචාරණයක් ^Radio Comercial)  නිර්මාණය කිරීමට ද කටයුතු කෙරිණි. ප්‍රචාරණ කර්තව්‍යය පැවරුණු නිර්මාණ ශිල්පියා ඒ ගැන කී දේ මෙසේ ය.

“එය මට දුන් දඩුවමක් හා සමානයි.”

අදාල ප්‍රචාරණයට පාදක කර ගෙන ඇත්තේ ස්ටොයික්වරුන් ගේ දර්ශනයයි. එය අපූර්ව ආකාරයෙන් මුදලක් නොලබා අතිකාල සේවා සපයන සේවක සංස්කෘතියක් වෙනුවෙන් ගලපා ගෙන ඇත. ඒ ආකාරයට අඩුම තරමින් පැය තුනක් වත් එසේ සේවා සැපයිය යුතුව තිබේ?

මෙවැනි තත්වයක් ඇති වූයේ කෙසේ ද මාක්ස්වාදි අධ්‍යයනයන් ට අනුව ධනේෂ්වර ක්‍රමය අර්බුද නිර්මාණය කරනවා වගේ ම ධනේෂ්වර ක්‍රමය තුලින් ම ද අර්බුද නිර්මාණය වේ. ජපාන විද්‍යාර්ථීන් ට අනුව මෑත කාලීනව නිෂ්පාදන ආර්ථීකය අසීරුතාවයකට මුහුණ පා තිබේ. ඒ සඳහා විසඳුමක් වශයෙන් සේව්‍ය පක්ෂය තෝරා ගෙන ඇත්තේ යට කී අතිකාල සේවාව නම් (ඒ බව පැහැදිලිය.) එය ගත යුත්තේ සේවක පක්ෂයේ කද හරහා එල්ල කරන ලද කස පහරක් ලෙසිනි. කෙසේ වෙතත් රැකියා අහිමි වීමේ බිය ජනක බව මෙහි දි ඉදිරියට ගෙන තිබේ. එසේ ගත් කල පවත්නා තත්වය ප්‍රතිව්‍යුහගත කොට යථා තත්වයට පත් කර ගැනීමට නම් ගෙවීම් ලැයිස්තු කපා හැරීමට සිදුව තිබේ. ගෙවීම් රහිත යට කී අතිකාල සේවාව නිර්මාණය කෙරෙන්නේ එවැනි පසුබිමක් තුල ය.

මෙහි දී පීඩාවට පත් වන සේවක පක්ෂය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් වෙයි. එහි ප්‍රධානියා වන කවිහිතෝ පෙන්වා දෙන්නේ දිගින් දිගටම සිය සේවා ස්ථානවල සේවය කරන්නා වු සේවකයින් අවසානයේ දී ඒ පීඩාවෙන්ම සිය දිවි නසා ගැනීම නම් සමාජ සංසිද්ධිය න්‍රමයෙන් වර්ධනය වන තත්වයක් තිඛෙන බවයි. කෙසේ වෙතත් එතෙක් නිහඩව සිදු වූ ඒ ඛේදාවාචකය ට ෘෑභඔීඹ අධිකරණ තීන්දුව හේතු කොට ගෙන හඩක් ලැබී තිබේ. එය සැලකිය යුතු තත්වයක් වේ.

මොහාන් ශ්‍රීයන්ත ආරියවංශ.

japan-tokyo-city

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s