අපි දෙන උත්තර බොහොමයක්ම බොරු.- ගාමිණි වියන්ගොඩ-

559737_396835567000945_1015867114_n

(මෙම සාකච්ජාවේ මුල් කොටස පසුගිය දිනවල දී පල විය.)

ප්‍රශ්නය – වෙරෝනිකා මැරෙන්න තීරණය කලා. ඔබ හිතනවද ඒ තීරණයෙන් අලූත් වෙනසක් වුණා ය කියලා?

පිළිතුර – පාවූලෝ කොයියොගේ ඒ කෘතිය කියවීමෙන් පසුව ජීවිතය දිහා අලූතින් බලන්න පුරුදු වුණාය කියල පාඨක ප්‍රතිචාර ලැබුණා. එහෙම බැලූවම එතැන වෙනසක් තියෙනවා. ් ඒ වගේම අලහෙන්දෝ මයිතා ගේ සැබෑ ජීවිතය කෘතිය ගත්තොත් ඒක අපේ 71 කැරැල්ල සිහිපත් කරනවා. ඒ දේශපාලන අරගලය එහි ආස්වාදය අති ධාවනකාරී බව සහ විනාශය එතැන තියෙනවා. දෘෂ්්ඨිමය වශයෙන් අප කොයිතරම් පසුගාමී ද කියල හිතෙන්නේ එවැනි පොත් කියවන කොටයි.

ප්‍රශ්නය – එතකොට ගැලවුම්කාර ඉසිවරයා?ab-1.jpg

පිළිතුර – එතැන තියෙන්නේ ආගමක් බිහිවෙන්නේ කොහොම ද කියන කාරණයයි. ආගම ආයතනගත වුණාට පස්සෙ දේශපාලනීකරණය වෙන්නේ කොහොම දරෑ ඒ වගේ ම ආගම දෘෂ්ඨිවාදි ආයතනයක් හැටියට දේශපාලන ගනුදෙනුවකට යන්නේ කොහොම දරෑ එතැන දෙවියන් වහන්සේ ගැන වුණත්ල බුදුන් වහන්සේ ගැන වුණත් මම හිතනවා සත්‍යය සමානයි කියලා. බෞද්ධ දේශනාව ආයතනගත වූ තැන් සිට කොයිතරම් එකතු වීම් වණා ද කියල අපි දන්නවා. ගෝර්විදාල් ගේ “ගැලවුම්කාර ඉසිවරයා” මම හුඟක් දුරට හිතල බලල කරපු පරිවර්තනයක්.

ප්‍රශ්නය – මේ වනාහි ස්වතන්ත්‍ර කෘති අභිබවා පරිවර්තන කෘති ජනප්‍රිය වන කාලයක්. ඔබට තියෙනව ද කතාවක් ඒ සම්බන්ධයෙන්…?

පිළිතුර – මේ තරුණ පරිවර්තකයෝ තෝරාගන්නා කෘති දිහා බලපුවාම මට නං හිතෙන්නෙ ඒවා පරිවර්තනය කිරීම කාලය කා දැමීමක් කියල යි. හැබැයි ඒ ගැන මගේ විරෝධයක නෑ. ඒත් මම හිතනවා අපේ පාඨකයන්ට පිරිනැමිය යුතු කෘති සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලයිස්තුවක් තිබිය යුතුයි කියලා. උදාහරණයක් ලෙස අපි ජාතිවාදය පාදක කරගත් කාතියක් තෝරා ගන්නා විට අපේ තේරීම තිබිය යුත්තේ එය උත්කර්ෂයට නංවන කෘති තෝරා නො ගත යුතුයි. එය විනාශයට පත් කරන කෘති ම තෝරා ගත යුතුයි කියන තැනයි.

1069220_566356643408193_571137146_n

ප්‍රශ්නය – මම ඔඛෙන් මෙහෙම අහනවා. අපේ පාඨකයා සිටින තැන ගැන ඔබ හදුණාගෙන තියෙනව ද?

පිළිතුර – අපේ පාඨකයා පොත්පත්වල තියෙන නිසාල මව්පියන් කියාදෙන නිසාල පාසලේ දී උගන්වන නිසා ඒ වගේම වැඩි දෙනෙක් පිලිගන්න නිසා යම් මතයකA හෝ අදහසක් පිලිගන්නා අවස්ථා තියෙනවා. ඒවා බොහොමයක්ම ප්‍රවාදයිGamini-Viyangoda (1).jpg. උදාහරණයක් හැටියට විජය පුරාවෘත්තය අරගන්න. ඒක මිථ්‍යාවක්. බුදුන් පිරිනිවන් පෑ දිනයෙ ම තමයි විජය මෙහෙට ගොඩ බැහැලා තියෙන්නෙ. ඒත් එය පරම සත්‍යයක් සේ අපි පිලිගන්නවා. ඒ තමයි අපේ හැටි. ඉහලින් කියන දේ ඒ හැටියෙන්ම පිලිගන්නවා. බටහිර සමාජයේත් අඩු වැඩි වශයෙන් මේ දේ තියෙනවා. නැතුවා නෙවෙයි. ඒත් ඔවුන් ගේ අධ්‍යාපනය තුල තියෙනව ප්‍රශ්න කිරීමේ නැඹුරුවක්. ඒ ළමයි ප්‍රශ්න අහනවා. එතැනදී නම් බටහිර ය ආසියාව ය කියල වෙනසක් නෑ. ඒත් එතැනදී අප දෙන උත්තර නම් බොහොමයක් බොරු. නමුත් එහිදී බටහිර සමාජය බොහෝ විට ඇත්ත ඇති සැටියෙන් පහදා දෙනවා. හාස්‍යයට කාරණය තමයි බුුදුන් අදහන අපි උන් වහන්සේ ගේ කාලාම සූත්‍රය අමතක කිරීම. ලංකාවේ ඉන්නෙ දියුණු මිනිස් කොට්ඨාශයක්. පොහොසත් ජාතියක්. එවැනි ජාතියකට පුළුවන් නූතන දැනුමත් සමඟ ලේසියෙන් ම ඉදිරියට යන්න. ඒත් අපි ඉස්සරහ ලොකු වැට කඩුල්ලක් තියෙනව. ඒ විදිහට මඟ අහුරල තියෙන්නෙ අපේ පාලකයො… ඒ බව අමතක කරන්න එපා.

ප්‍රශ්නය – වර්ගාස් යෝසාගෙ Bad Girl ඔබ එය ‘විසේකාරි’ නමිනු යි පරිවර්තනය කලේ.

පිළිතුර – මරියො වර්ගාස් යෝසාගෙ ඒ කෘතිය කියවාගෙන යද්දී මට ඇතිවුණු හැඟීම තමයි ගැහැණියක ගැන පිරිමියෙකු තුල ඇතිවන හැඟීම කොයිතරම් දුරට රෝගී තත්වයක් කරා වර්ධනය වෙනවා ද කියන කාරණය. කෘතියේ එන ඒ ගැහැණිය ගැන ඇතැම් අවස්ථාවල දී ඇති වන්නේ ජුගුස්සාවක්. කලකිරීමක්. ඒ වගේම කෝපයක්. නමුත් නවකතාකරුවා අපට අවස්ථාවක් දෙනවා ඒ ගැහැණිය හොඳින් හඳුනාගන්න. ඒ නවකතාකරුවා තවත් දෙයක් කරනවා. ඒ තමයි ඒ ගැහැණිය දෙස මධ්‍යස්ථව බලන්න පිරිමියාව පොළඹවන එක. ඊට පිටුපසින් දේශපාලනයත් තියෙනවා.

වර්ගාස් යෝසාගේ විශේෂත්වය හදුණාගන්න. ඔහු තමන් ගේ නවකතාවේ එන පුද්ගලබද්ධ සිද්ධියක් වුණත් විකාශනය කරන්නෙ පසුබිමේ ඇති දේශපාලනයත්ල ඉතිහාසයත් සමඟයි. ඒ වගේම ඒ කෘතියේ එන චරිත දෙක ම පරාරෝපිත යි. ඒ දෙදෙනාට ම මේ ලෝකයේ ජයගන්න තැනක් නෑ. එතැන තියෙන තත්වය තමයි තමන් ජීවත්වන රටටල සමාජයට තමන් අයිති නොවීම. පසුව ඒ තත්වය අධ්‍යාත්මික පරාරෝපණයක් බවටත් පත්නෙවා. ඒත් ඒ ඉරණමට ගොදුරු වෙන්නෙ පිරිමියා. ගැහැණිය පරාජය පිලිගන්න සූදානම් නෑ. අවසාන මොහොත දක්වාම ඇය උත්සාහ කරනවා ඒ පිටමං කිරීමට එරෙහිව සටන් කරන්න.

– සාකච්ඡාව අවසානයි –

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

(රන්දිව – 2012.05.13 පුවත්පත.)


මගෙ ආකල්පය මෙය යි. ලෝකයත් සමඟ ඉදිරියට යා යුතුයි. – ගාමිණි වියන්ගොඩ 

ප්‍රශ්නය – පරිවර්තන සාහිත්‍යය තුල ඔබ කැපී පෙනෙන සාහිත්‍යකරුවකු වන බවත්ල ඔබේ සාහිත්‍ය ප්‍රවේශය ද පරිවර්තනයක් යැයි කියාත් මා සිතනවා. පිළිතුර – ,රාග රිද්ම, තමයි මගේ පළමුවැනි පරිවර්තන සාහිත්‍ය කෘතිය. එය ලෝක සාහිත්‍යයේ ප්‍රධාන පෙලේ සාහිත්‍යකරුවන් කිහිපදෙනෙකු ගේ කෙටිකතා එකතුවක්. මං හිතනවා රාග රිද්ම නිසා තමයි මුල්වරට සිංහල පාඨකයාට ගාර්ෂියා මාකේස්ල ඉසඛෙල් අය්යන්දෙල මිලාන් කුන්දේරාල … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s