රුසියානු ශෝකාන්තය

lenin-bajo-agua.jpg

අලෙක්සන්දාර් සිනොවියෙෆ් තර්ක ශාස්ත්‍රඥයෙක්ල සමාජ විද්‍යාඥයෙක්ල සමාජ දාර්ශනිකයෙක් මෙන්ම සාහිත්‍යකරුවකු වශයෙන් රැැසියාවේ පමණක් නොව ජාත්‍යන්තර තලයේ ද කීර්තියක් දිනා සිටියි. විශේෂයෙන්ම Sociological Novels නම් සාහිත්‍ය ප්‍රවණතාවය සම්බන්ධයෙන් ඔහු ට ඇති පිලිගැනීම පුරෝගාමි තලයේ එකකි. එම මාදිලියේ ප්‍රථම නිර්මාණය ලෙස සැලකෛන්නේ ඔහු ගේ , මුදුනෝ ඈනුම් අරිති” ( Yawning Heights) Russian Tragedy. The Death of a Utopia

යනු ඒ ආරයෙන්ම ලියූ ඔහු ගේ දෙවැනි කෘතිය යි. රුසියාවේ කොමියුනිස්ට් සමාජය පිළිබඳ ඉතා නිවැරැදි සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ද ප්‍රති විප්ලවයක් ඇති වීමට හේතු සහ එහි හරය ද සෝවියට් දේශය බිඳ දැමීමේ ක්‍රියාවලියේ බටහිර භූමිකාව දල පශ්චාත් සෝවියට් වාදයේ සැබෑ මුහුණුවර හා ගෝලීය සමාජය තුළ රුසියාව ට හිමිව ඇති ස්ථානය පිළිබදව ද මෙම කෘතිය මනා පැහැදිලි කිරීමක් කරයි. පසුගිය දා රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය නමින් සිංහලයට නැගුණේ එම කෘතිය යි. මේ එම කෘතිය පරිවර්තනය කළ එච්ග ජයරත්න සමඟ පවත්වන්නට යෙදුණු සාකච්ජාවයි.

ප්‍රශ්නය – අලෙක්සන්දාර් සිනොවියෙෆ්් ගේ “රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය, යන කෘතිය ගැන කරන පූර්ව හැඳින්වීමේ දී එය” සමාජ අටුවාමය නවකතා (Sociological Novels) යනුවෙන් වර්ග කිරීමක් කරනවා. ඇයි එහෙම විශේෂත්වයක් ?

Unknown+Artist+-+Speech+by+Lenin1.jpg

පිළිතුර – සමාජ අටුවාමය නවකතා පොදුවේ අප දන්න ප්‍රධාන නවකතා ධාරාවට අයත් වන්නක් නෙවෙයි. මෙතැන දී ඔහු උත්සාහ කරන්නේ රුසියානු කොමියුනිස්ට් ආර්ථීක ක්‍රමය සමාජ විද්‍යාත්මකව විග්‍රහ කරන්න. ඒත් පොදුවේ ගත්තම මෙවැනි සමාජ විද්‍යාත්මක විග්‍රහයන්ට පොදු ජනප්‍රියත්වයක් ලබා ගැනීම අපහසු යි. ජනතාව මෙවැනි කියවීම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා සිනොවියෙෆ් කල්පනා කරනවා උපහාසය මුසු වූ යම් කතා කලාවක් ඔස්සේ ඒ ඉදිරිපත් කිරීම සිදු කරන්න. සමාජ අටුවාමය නවකතා යන හදුනාගැනීම අපට කරන්න සිද්ද වෙන්නේ ඒ නිසායි. කොටින්ම කිව්වොත් නිර්මාණාත්මක සාහිත්‍ය ප්‍රයෝග මත පිහිටමින් ඔහු විද්‍යාත්මක ව සමාජ ගවේෂණයක් සිදු කරනවා.

මෙවැනි සාහිත්‍ය මාදිලියක් ගොඩනඟන්න ඔහු ට ප්‍රධාන වශයෙන් ම හේතු දෙකක් බලපෑ බව ද පෙනී යනවා. එකක් තමයි ඉහතින් කී වැඩි පාඨක අවධානයක් දිනාගැනීම. දෙවැන්න තමයි දුෂ්කර අසාමාන්‍ය තත්වයක් යටතේ කරන ලද මෙවැනි ගවේෂණයකට අදාල ව කෙටි කාලයකින් විද්‍යාත්මක න්‍යායක් ගොඩ නැඟීමට තියෙන අසීරුකම. මේ නිසා අර කීව ශෛල්‍යය සාහිත්‍ය ප්‍රවණතාවයක් බවට පත් වෙනවා.

ප්‍රශ්නය – සිනොවියන් පවසන අන්දමට තමන් පරමාදර්හී එසේ ම අධ්‍යාත්මයෙන් ම කොමියුනිස්ට් කාරයෙක්. , මා දැන් බටහිර ජීවත් වුණත් දේපල වස්තුව තරම් මා නොඉවසන දෙයක් නැති බව උදාහරණයක් වශයෙන් සඳහන් කරමි. ඔහු ගේ ඒ ප්‍රකාශයට අනුව පශ්චාත් විප්ලවීය රුසියානු සමාජයට කොමියුනිස්ට් දහම ජීවන ශික්ෂණයක් ද ලබා දී තිඛෙන බවක් හැෙඟනවා.

පිළිතුර – ඔව්ල දැන් මෙහෙම නේ. ඔය දේ සිද්ද වෙන්නෙ කොම්යුනිස්ට්වාදය මූලික වශයෙන්ම මානව හිතවාදි පසුබිමක සිටිමිනුයි සමාජ ගොඩනැගීම සිදුකරන්නෙ. ඒ් අනුවඉතාව වටිනා මානවවාදි පරමාදර්ශයක් ද ඒ හරහා ගොඩනැගිලා තියෙනවා. උදාහරණයක් හැටියට ,කැප කිරීම, යන්න ගත හැකියි. ජනතාව වෙනුවෙන් කැප කිරීමට තිබුණු සම්පූර්ණ උත්සාහය. ඒ වගේ ම ලද පමණින් සෑහිමකට පත්වීම. සැප සම්පත් පසු පස අනවශ්‍ය අයුරින් හඹා නො යෑම. එවැනි පරමාදර්ශයක් සමගයි 1917 ඉඳලම සෝවියට් ජනතාව හැදී වැඩුණෙ. ඒ පරමාදර්ශයන් හමුවේ මම ය මාගේ වශයෙන් එන ආත්මාර්ථය ප්‍රතික්ෂේප වුණා. මේ කියන පරවාදර්ශ විප්ලවයෙන් පසු ව බිහි වන සෝවියට් සමාජය පළල් ආකාරයකින් පෝෂණය කළ බව පිලිගත යුතුයි. සෝවියට් පුරවැසියා තුල කොමියුනිස්ට් අධ්‍යාත්මයක් ඇති වීම එහෙම බැලූවම තර්කානුකූලයි. එවැන්නෙකු පරමාදර්ශී කොමියුනිස්ට් කාරයෙකු වීම අභව්‍ය තත්වයක් නෙවෙයි.

231409.jpg

අලෙක්සන්දාර් සිනොවියෙෆ්

ප්‍රශ්නය – රුසියානු ශෝකාන්තය කෘතියක් වශයෙන් ගත් කළ එක් අතකින් පිරිස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණවලින් පසුව බිහි වූ බටහිරවාදී වියවුල් සමාජ පැවැත්මක්. අනිත් අතින් කොමියුනිස්ට් තන්ත්‍රයේ නිලධාරිවාදි ආධිපත්‍යයක් එකවර විවේචනය කරනවා. එසේ නැත්නම් ඒ සම්බන්ධයෙන් ද්වන්දනාත්මක විග්‍රහයක යෙදෙනවා යැයි මා කීවොත්….. ?

පිළිතුර – ඔව්ල සිනොවියෙෆ් ට එවැනි පසුබිමක් කලින් ම තියෙනවා. මෙම මාදිලියේ ප්‍රථම නිර්මාණය ලෙසින් සැලකෙන්නේ ඔහුගේ ම “මුදුනෝ ඈනුම් අරිති” (Yawning Heights) අවසාන කෘතිය තමයි ,රුසියානු ශෝකාන්තය, මෙතැන දී කොමියුනිස්ට් සමාජය පිළිබඳ ව නිවැරැදි විග්‍රහයක් ඉදිරිපත් කෙරෙනවා. ප්‍රතිවිප්ලවයක් ඇති වුණේ ඇයිරෑ එහි හරය සෝවියට් දේශය බිඳ දැමීමේ බටහිර භූමිකාවල පශ්චාත් සෝවියට් වාදයේ මුහුණුවරල ගෝලීය සමාජ දේශපාලන පැවැත්ම තුල රුසියාව හිමිකර ගන්නා තැන. යන මේ කරුණු මේ කාතියෙන් විග්‍රහ කෙරෙනවා. ඒ වගේම අර මුලින් කීව කොමියුනිස්ට් පරමාදර්ශ බිඳ වැටීම සිනොවියෙෆ් ට තදින් ම දැනෙනවා. ඔහු සබෑ සෝවියට් පුරවැසියෙකු හැටියට එතැන දිී පෙනී සිටිනවා. හැමෝම කොමියුනිස්ට්කාරයෝ වෙන්නෙ නැහැ. ඒත් කොමියුනිස්ට් ක්‍රමයට පක්ෂ වුණත් විපක්ෂ වුණත් අර මුලින් කී කොමියුනිස්ට් පරමාදර්ශවලින් ශික්ෂණය ලබපු සමාජ පසුබිමක් ඔවුන්ට තියෙනවා. කොමියුනිස්ට් ක්‍රමය දේශපාලන සංයුක්තයක් වන තරමට ම පුද්ගල පරමාදර්ශ බිහි කළ මානව සමාජ පැවැත්මක් ද වු බව මේ අනුව පැහැදිලි වෙනවා.

ප්‍රශ්නය – එතැන දී අලෙක්සන්දාර් සිනොවියෆ්ගේ එම විග්‍රහය ඓතිහාසික සිදුවීම් දෙස බලන්නේ සාපේක්ෂ දෘෂ්ඨියකින් යැයි මා කීවොත්… ?

D56DD3FD-10B3-4C62-B211-C7763EDFD5B8_cx0_cy7_cw0_mw1024_s_n_r1.jpg

පිළිතුර – ඔව්ල විග්‍රහයක් වශයෙන් එය සාපේක්ෂයි. සෝවියට් දේශය පිරිස්ත්‍රොයිකා ව්‍යාපාරය හරහා පවත්නා වර්තමානයට ඇතුළු වෙනවා. මේ සංසිද්ධිය තමයි ඔහු විස්තරාත්මකව විග්‍රහ කරන්නෙ. ඒක අමතක නොකළ යුතුයි. සිනොවියෙෆ් කියන්නෙ මව්බිමට ආදරය කළ මිනිසෙක් ය කියන කාරණය. ඔහු ට ඕනැ වුණේ නෑ කොමියුනිස්ට් ක්‍රමය බිඳ දාන්න. ඔහු එය විවේචනය කළේ වැරදි හදාගෙන ඉදිරියට යන්න. එතැනදි ඔහු සිටියේ සංශෝධන ඉදිරිපත් කරන තැනකයි. ඔහු හොඳින් ම දුටුවා සෝවියට් දේශයේ වැටීමට බාහිර වගේ අභ්‍යන්තර සාධකත් බලපෑවාය කියලා. අපට කිසිසේත් ම සියයට සියයකින් ම පරමාදර්ශී සමාජ ක්‍රමයක් බලාපොරොත්තු වෙන්න බැහැ. කොමියුනිස්ට් සමාජය සම්බන්ධයෙනුත් එය අදාලයි. එතැන දි සිනොවියෙෆ් සාපේක්ෂ විග්‍රහයක ට යන්නෙ ඒ නිසා යි. එක් අතකින් කොමියුනිස්ට් රාජ්‍ය තන්ත්‍රයේ නිලධාරි පැවැත්මේ ක්‍රියාකාරිත්වයල අනිත් අතින් බටහිර බලපෑම තුළ සිදු වූ අව්‍යක්ත සමාජ දේශපාලන විපර්යාසය. මේ දෙපැත්තම ඔහු සලකා බලන්නෙ සිය සාපේක්ෂ විග්‍රහය තුළ සිටිමිනුයි.

ප්‍රශ්නය – ,දුර්වල ධනවාදි ව්‍යුහයක් පැවති පසුගාමි කෘෂිකාර්මික රටක් වූ රුසියාවේ මාක්ස්වාදී මූලික සිද්ධාන්තයන්ට අනුව කොමියුනිස්ට් ක්‍රමයක් ගොඩ නැෙඟන්න පටන් ගත්තේ විප්ලවවාදීන් බලාපොරොත්තු වූ අන්දමට නොවේ. නමුත් මේ කොමියුනිස්ට් අත්හදා බැලිම සාර්ථක වීමට එය ද ප්‍රධාන හේතුවක් විය., මේ සම්බන්ධයෙන් ඔබේ කියවීම ගැන දැනගන්න කැමතියි මා හිතන විදිහට එතැන එකිනෙකට ගැටෙන ඇත්තක් තියෙනවා.

පිළිතුර – මෙතැන දි අපට සාකච්ජා කරන්න සිද්ද වෙනවා මුලින්ම කොමියුනිස්ට් සමාජය බිහිවුණ ආකාරය ගැන. එහි දී ඔවුන් ගේ ප්‍රධාන අපේක්ෂාවක් වුණේ රාජ්‍යය යන්න ක්‍රමයෙන් අභාවයට යනවා ය කියන එකයි. එහෙම නැත්නම් රාජ්‍යය ව්‍යුහය දිය කර හැරීමක් ඔවුන් බලාපොරොත්තු වුණා. ඒ වගේම පෞද්ගලික අයිතිය අහෝසි කිරීමල මුදල් භාවිතාව අවම වෙමින් භාණ්ඩ හුවමාරුව සංවර්ධනාත්මක අගයක් කරා ගෙන යෑම. සැබෑ කොමියුනිස්ට් ධර්මයත් සමඟ පැවැති මූලිකාංගයන් වුණා. ඒ වගේම විප්ලවයෙන් පසුව සෑම පුද්ගලයෙකුටම අවශ්‍යතාවය ට අනුව එක ප්‍රමාණයකට රටේ සම්පත් ඛෙදා හැරීමක් ඔවුන් අපේක්ෂා කළ ඉලක්කයක්. ඉඩම් අයිතිය පොදුවේ ජනතාවටත් සියලු කර්මාන්ත ශාලාවල අයිතිය කම්කරුවන්ටත් පැවැරීමේ උසස් අභිලාෂයන් මේ විප්ලවීය නායකයින්ට තිබුණා. ඒත් ඒ වන විට ලෝක දේශපාලනයේල ඒ වගේම ජාත්‍යන්තර සහ අභ්‍යන්තර හැඩ ගැසීම් මත සිය විප්ලවීය අරමුණු තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ම ඉටුකර ගැනීම ට ඒ විප්ලවීය නායකයින් ට හැකි වුණේ නෑ.

ඒ ආකාරයට රජය දියකර හැරීම කෙසේ වෙතත් තිබුණටත් වඩා ශක්තිමත් රජයක් බිහි වුණා. ජාත්‍යන්තර වානිජ ගනුදෙනු හමුවේ මුදල් භාවිතය සෑම විටම මූලික වුණා. ඉඩම්ල කර්මාන්තශාලාවල අයිතිය ජනතාවට පැවරීම රජය සන්තක වීමක් වශයෙන් සංශෝධනය වුණා. මේ ආකාරයට 1917 විප්ලවය එක් අතකින් විප්ලවීය නායකයන් ගේ බලාපොරොත්තු ඉටුකිරීමක් වූ තරමට ම බලාපොරොත්තු වූ ආකාරයට විප්ලවීය අරමුණු ඉටුකර ගැනීමට නො හැකි වු තත්වයක් ද වුණ බව පිලිගන්න වෙනවා. අනිත් අතට ලෝකයේ පළමු කොමියුනිස්ට් අත්හදා බැලීම එවැනි සංශෝධන සහිතව ඉදිරිපත් වූ නිසාම ලෝක තත්වයන් හමුවේ ගැලපෙමින් සාර්ථකත්වයක් ද අත් කර ගන්නවා. ඒක තමයි ප්‍රායෝගික සත්‍යය.

86b5d0c805bcf6e800dc357c91bd83aa.jpg

ප්‍රශ්නය – ,ස්තාලින් යුගය කිසිවකු ගේ අදහසට අනුව කොපමණ නො මනා සමාජයක් වුව ද එම යුගයට අදාල සමාජයක් විය. නිශ්චිත ඓයිතිහාසික තත්වයක් යටතේ ස්තාලින්වාදය ශ්‍රේෂ්ඨ විප්ලවයේ අනුක්‍රමික ප්‍රතිඵලයක් වීම ස්තාලින්වාදයේ ඛේදවාචකයක් විය. අලූතින් බිහි වූ නව සමාජයේ ආරක්ෂාවට හා එහි පැවැත්මේ අයිතිය රැක ගැනීමට තිබු එකම මග එය වීම ද ඛේදවාචකයක් විය.. මේ ප්‍රකාශය සිනොවියෙෆ් ස්තාලින් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයක්. ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කිරිමක් ඔඛෙන් ඉල්ලා සිටියොත්….?

පිළිතුර – ප්‍රශ්නය ට පිළිතුරු දීමට පෙර අවධානය යොමු කල යුතු කරුණක් මෙතැන තියෙනවා. ඒ තමයි සෝවියට් දේශයට ඔය කියන කාලයේ දී සිය ළදරු කොමියුනිස්ට් පාලනය රැක ගැනීමට බරපතල අරගලයක් කල යුතු තත්වයක් ගොඩ නැගී තිබුණාය කියන කරුණ. කොමියුනිස්ට් ක්‍රමය බිහිවුණාය කියල සියලූ ධනවාදි බලවේග පොදුවේ ගත්තොත් සියලූ ප්‍රතිගාමී ප්‍රති විරෝධයන් එක රැයින් අහෝසි වෙන්නේ නැහැ. ඒ ධනවාදීන්ල පොදුවේ ප්‍රතිගාමිත්වය නැවත හිස ඔසවන තත්වයක් නව කොමියුනිස්ට් පාලනය පසුබිමේත් පැවතුණා. ඒ අනුව ඒ තත්වයන්ට එරෙහිව ශක්තිමත් පාලනයක් සහිත රාජ්‍ය යාන්ත්‍රණයක් කාලය විසින් ඉල්ලා සිටින තත්වයක් ද එකල තිබුණා. එතැන දී ස්තාලින් ගේ මර්දනය යන චෝදනාව ඔහු ට එරෙහි ව ගෙන ඒම කවුරු විසින් කුමන අරමුණින් ඉදිරිපත් කළා ද කියන කරුණත් මෙහි දී සලකා බැලිය යුතුයි. ළඳරු කොමියුනිස්ට් පාලනය රැක ගැනීමේ බරපතල වෑයමක් ඒ රාජ්‍ය අධිකාරිය තුළ නොතිබුණේ ද යන්නත් මෙහිදී සිතා බැලිය යුතුව තිඛෙනවා. ඒ ආකාරයට ශක්තිමත් පාලන ක්‍රමවේදයක් නොතිබුණා නම් දෙවැනි ලෝක යුද්ධයත් සමඟ ම මේ ළදරු කොමියුනිස්ට් රාජ්‍යය බිදී විසිර යන්නත් ඉඩ තිබුණා. එහෙම බැලූවම දෙවැනි ලෝක යුද්ධය මේ නව කොමියුනිස්ට් රාජ්‍යයට එරෙහිව ආ බරපතල අභියෝගයක් ලෙසින් ගන්න වෙනවා. ඒ වගේම අවදානමක් වශයෙන් ද ගත හැකියි. කොමියුනිස්ට්වාදයේ පැවැත්මට එවැනි බරපතල බලවේග හරහා තර්ජනාත්මක තත්වයක් ගොඩ නැගී තිබුණා. ඕනෑම ඓතිහාසික ක්‍රියාකාරිත්වයක් පසුබිමේ සමාජ දේශපාලන වගේම ඉතිහාසයීය ප්‍රතිවිරෝධතා තියෙනවා ය කියන කරුණ මෙහි දි අමතක කල යුතු නැහැ. ඒ අනුව මෙතැනදීත් අප යා යුත්තේ සාපේක්ෂ විග්‍රහයකට.

ප්‍රශ්නය – මෙවැනි කෘතියක් කිරිමේ දී ඒ වෙනුවෙන් විශේෂ හැදෑරීමකට ඔබ යොමු වුණා ද?

පිළිතුර – ඇත්තම කියනවා නම් මේ කෘතිය පරිවර්තනය කිරිමේ දී එවැනි හැදෑරීමක් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ. මුල් කාලයේ සිටම කොමියුනිස්ට්වාදය ගැන රුසියානු සමාජ දේශපාලනය ගැන පුළුල් කියවීමක්ල අත්දැකීම් පරාසයක් තිබුණු බව නිහතමානීව පැවසිය යුතු යි. ඒ නිසා මේ කෘතිය වෙනුවෙන්මය කියලා අමතර හැදෑරිමක් මට අවශ්‍ය වුණේ නෑ. ඒත් මට මෙහෙම ප්‍රශ්නයක් නං තිබුණා. රුසියානු ශෝකාන්තය කියන්නේ සාමාන්‍ය නවකතාවකට වඩා ඉහළ මට්ටමක තිඛෙන සාහිත්‍ය කෘතියක්. එවැනි උසස් සහ සංකීර්ණ කෘතියක් සාමාන්‍ය පාඨකයාට වැටහෙන ආකාරය ට ඉදිරිපත් කරන්නේ කොහොම ද රෑ ඒ සඳහා සරල බසක් යොදාගත හැක්කේ කෙසේ ද යන ගැටළුව ට මම මුහුණ පෑවා. මේ සම්බන්ධයෙන් පූර්ව නිදර්ශන කෘති අපේ සාහිත්‍යයේ දී හමුවන්නේ නහැ. ඒ අනුව මම සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සහිත පෙරවදනක් සහ උපකාරක පැහැදිලි කිරීම් ද කෘතියට ඇතුළත් කිරීමට වග බලා ගත්තා.

ප්‍රශ්නය – සිනොවියෙෆ්ගේ මේ සාහිත්‍ය මාදිලිය එවැනි අන්තර්ගතයක් ද සහිතව තවදුරටත් ඉදිරියට ගෙනයාමක් රුසියානු සාහිත්‍යය තුළ දකින්න තියෙනව ?

පිළිතුර – තිඛෙනවා. ඒත් පිළිගත හැකි බලපෑමක් එවැනි කෘති තුලින් සිදු වෙනවා ද කියන එක ප්‍රශ්නයක්. නමුත් මේ කියන සාහිත්‍ය ප්‍රවණතාවය ඔස්සේ එවැනි සමාජ දේශපාලන නිරීක්ෂණ සිදුව තිඛෙනවා එවැනි කෘති රුසියානු සාහිත්‍යයේ තියෙනවා.

lenin-shortly-after-his-death-on-january-21-1924.jpg

සාකච්ඡා කලේ මොහාන් ශ්‍රියන්ත ආරිවංශ.

පරමාදර්ශි කොමියුනිස්ට්කාරයාගේ ඉරණම හෙවත් උතෝපියාවේ අභාවය

ස්වකීය කණ්ඩායම හා රට වෙනුවෙන් ජීවත් වූ හා වැඩ කළ, ස්වකීය ජනතාව වෙනුවෙන් තමා සතු සියල්ල කැප කිරීමට සූදානමින් සිටි, මඳ පමණින් සෑහිමට පත් වූ, සැප සම්පත් නිලතල හඹා නොඟිය පුද්ගලයෙකු අපි එදා පරමාදර්ශි කොමියුනිස්ට්කාරයෙකු වශයෙන් සැලකුවෙමු. මම දැනටත් ඒ ප‍්‍රතිපත්ති මත ?ඳී සිටිමි. මම දැන් බටහිර ජීවත් වන නමුදු දේපල හා වස්තුව තරම් මා නොඉවසන දෙයක් නැති බව උදාහරණයක් වශයෙන් සූහන් කරමි.” (පෙරවදන අලෙක්සන්දාර් සිනොවියෆ් එසේ පවසන්නේ The Russian Tragedy- The Death of Utopia නම් සිය කෘතියෙනි. එච්. ජයරත්න විසින් ”රුසියානු ශෝකාන්තය හෙවත් උතෝපියාවේ අභාවය” මැයෙන් එය සිංහලට නඟා ඇත්තේ රුසියානු බසින්ම යැයි කියැවේ.… CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s