තීන්ත එක්ක ගෙට ගොඩ වන වැඩි ඔප දෙන ඊයම් විෂ

00410001.png

ිස් කබලකට ප්‍රාණය ලබා දෙන්නේ අධ්‍යාපනය යැයි වරෙක
ඇල්ෆ්‍රඩි හිච්කොක් කිවේය. එහෙම වුණත් සමහර කරුණු කාරණා ඉදිරියේදී
මිනිසුන්ට තවමත් ඇත්තේ නිකංම නිකං හිස් කබල් පමණක් දැයි සිතෙන
අවස්ථාද නැතුවා නොවේ. අපි තීන්ත ආලේප කරන්නේ නිවෙසට පමණක්
නොවේ. වාහන, ගේට්ටු, ගෘහ භාණ්ඩ යන මේ කොයිවාත් අලංකාර
කෙරෙන්නේ ඒවාට ගැලපෙන තීන්ත වර්ග ආලේප කිරිමෙනි. ඒත් මේ තීන්ත
ගැන බොහෝ විට අප දන්නේ ඒවා තීන්ත බවම පමණකි. ඒ හැරුණ කළ
ඒවා ආලේප කරන්නේ කුමන ඒවාටද යන්න විතරය.
මේ අතර ඊයම් යනු මිනිස් ශරීරයට මෙන්ම අවට පරිසරයට
ඇතුළත් විය යුතු ලෝහයක් නොවන බවයි විදයාඥයින් ගේ මතය. ඊයම්
ජීව පැවැත්මට අහිතකර විෂ සහිත බැර ලෝහයක් වීම ඊට හේතුවයි.
ලෝකය පුරා බැර ලෝහ නිසා සිදුවන දූෂණ අතරට ඊයම් විෂ වීම සුලබව
සිදුවන්නක් බවට අද පත්ව තිබේ. වෙනත් ලෙසකට කියනවා නම් ඊයම් යනු
කොයි ආකාරයෙන්වත් මනුෂ්‍ය ශරීරයට ඇතුල් විය යුත්තක් නොවී තිබියදීත්
ඊයම් තරම් අපේ ශරිර අභ්‍යන්තරයට ඇතුල්වෙන තවත් ලෝහයක් තිබේ
දැයි කිව නොහැකි තැනකට අද ලෝකය තල්ලූ වී ගොස් තිබේ.
කලකදී ඊයම් සහිත පෙට්රල් දහනය වීමෙන් අවට වායු ගෝලයට
එකතු වූ ඊයම් ආශ්වාස කි්‍රයාවලිය ඔස්සේ මිනිස් සිරුරු තුළට ඇතුළත්
වීම නොවැළැක්විය හැක්කක්ව තිබුණි. එහෙත් අද වන විට ඊයම් සහිත
පෙට්රල් දහනය කිරීම ලෝක මටමින් පමණක් නොව ශී්‍ර ලංකාව තුළත්
තහනමට ලක් වී තිබීම සැනසිල්ලට හේතුවක් වුණත් ඊයම් නම් මේ විෂ
අප අවට පරිසරයන් මේ වන විටත් මුළුමනින්ම ඉවත් වෙලා නම් නැත.
එයට හේතුව අප මුලින් කී අද වන විට ලෝකයට නැතුවම බැරි ද්‍රව්‍යයක්
බවටද පත්ව ඇති ආලේප කරන තීන්ත සඳහා මේ විෂ සහිත බැර ලෝහය

sadolin2.jpg

මිශ්‍ර කිරීමයි. ඒ අනුව තීන්ත නිෂ්පාදනයට අවශ්‍ය නිෂ්පාදන සාධකයක්
ලෙසින් ඊයම් අදටත් ප්‍රයෝජනයට ගැනෙයි.
මේ ආකාරයට නිෂ්පාදනය කෙරෙන ඊයම් සහිත තීන්ත ගැන
ලෝක අවධානය යොමු වුණේ ඔදංසජි ඛසබන සහ ෂඡෑභ යන කි්‍රයාකාරි
සමාජ සංවිධාන ඒ සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණාත්මක එලිදරව්වත්
සමඟය. මේ තීන්ත අලංකාරය සඳහා සහ කර්මාන්තශාලා අවශ්‍යතා සඳහා
භාවිතයට ගන්නා තීන්ත ලෙසින් සරල වර්ග කිරීමක්ද ඒත් සමඟම සිදු
කොට තිබේ. මේ කියන තීන්ත නිෂ්පාදනයේදී ඊයම් උපයෝගි කරගන්නේ
ඇයි? එකක් නිෂ්පාදනයේ කල් පැවැත්ම සඳහාය. අනික ඒ සඳහා අලූත්
පෙනුමක් ලබා දිීමටය. එමෙන්ම ජලය නිසා මල බැඳීම වැළැක්වීමටද
ඊයම් තීන්තවලට මිශ්‍ර කරන බවද එකී පර්යේෂණාත්මක හෙලිදරව්ව
මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මේ අයුරින් තීන්ත නිෂ්පාදනය සඳහා එකතු කෙරෙන ඊයම් එකම
ආකාරයකින්ම නොව කාණ්ඩ කිහිපයකින්ම භාවිතයට ගැනෙන අතර සුදු
ඊයම් :ඛැ්ා ක‍්ර්බ්එැ- වාහන සඳහා නිෂ්පාදනය කෙරෙන තීන්ත සඳහා
යොදා ගැනෙන්නකි. මේ අතර ඔක්සිජන් පරමාණු 4ක් අඩංගු තැඹිලි
සහිත ඔක්සයිඩයක් වන රතු ඊයම්, නිල් ඊයම් ග්‍රෙඩි ඔක්සයිඩි සහ
කාබන් අඩංගු ලෙඩ් සල්ෆේඩ් මළ බැඳීම වළක්වන සහ වර්ණ ගැන්වීම
යන ගුණාංග ලබා ගැනීම සඳහා යොදා ගැනෙයි. ඊට අමතරව ලිතාජ්
යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදයක්ද තිබේ. වීදුරු හෝ මැටි නිෂ්පාදන
සඳහා යොදා ගැනෙන එය කහ පැහැති වර්ණයකි.
ලෝක ප ්‍රමිතියට අනුව (ඊයම් විෂයිකව) ඉනැමල් තීන්තවල
අඩංගු විය යුතු චචප අගය වශයෙන් සැලකෙන්නේ 600ක් වූණත් එය
ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමක් දක්නට ලැඛෙන්නේ නැති බවට ජගත්
අධ්‍යයන වාර්තා පෙන්වා දී තිබේ. ඉනුත් තුන්වෙනි ලෝකයේ රටවල මේ
තත්වය වඩාත් අවදානම් සහිත ඉහල අගයක් ගන්නා බවට ඒ මගින්
වැඩි දුරටත් පෙන්වා දි තිබේ. මීට අදාලව ශි්‍ර ලංකාව තුළ ’පරිසර
යුක්ති කේන්ද්‍රය¶ සිය සහභාගිත්වයෙන් කරන ලද අධ්‍යයනයක් ගැන
අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසූවේ
එම අධ්‍යයනය තම ආයතනයක් ජාත්‍යන්තර තලයේ තවත් රටවල් 10ක
සංවිධාන හා සහභාගිත්වයෙන් සිදු කරන ලද අධ්‍යයනයක් බවයි. එහි
අරමුණ වී ඇත්තේ අලංකරණය සඳහා යොදා ගැනෙන තින්ත වල අඩංගු
ඊයම් ප්‍රතිශතය ගැන සොයා බැලීමයි.

Lead_electrolytic_and_1cm3_cube.jpg

ඒ අනුව ශී්‍ර ලංකාවේ දැනට තිඛෙන තීන්ත වර්ග ගණනාවකින්
අහඹු ලෙස තෝරාගත් තීන්ත වර්ග 4ක් මේ සඳහා යොදා ගනු ලැබූ අතර ඒ සෑම වර්ගයකම අවම වශයෙන් 4(ppm) සහ උපරිම වශයෙන් 137,325(ppm) යන විවිධ මට්ටම් වලින් ඊයම් අඩංගු වී ඇතැයි යනුවෙන්අනාවරණය කරගෙන තිබේ. ඉනුත් එක් වර්ගයක හැර අනිකුත් ඉනැමල් තීන්ත සාම්පල් වල SLS ප්‍රමිතිය වන 600(ppm) මට්මමද ඉක්මවා ඊයම්අන්තර්ගත වී තිබුණි.
ලෝක මට්ටමින් ද පිලිගෙන ඇති ආකාරයට අංක එකේ
විෂකාරකයක් වන ඊයම් වලට වඩාත් ම සංවේදී වන්නේ කුඩා දරුවන්ය
යන්නත් විශේෂයෙන් මතක තබා ගත යුතුය. ඒ අතරිනුත් 10මටරැදසක
යන අධික ඊයම් සහිත තත්වයකදී තත්වය වඩාත් බරපතල වන බවද
පෙන්වා දී තිබේ. දැනට ගණන් බලා ඇති ආකාරයට ලෝකය පුරා ළමයින්
මිලියන 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කටුක ඊයම් විෂ නිසා පීඩා
ලබන්නවුන් බවට පත්ව සිටිති. ඒ අතරිනුත් සියයට 97ක ප්‍රතිශතයක්
අයත් වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලටය යන කාරණයද
විශේෂ අවධානයට ලක් විය යුත්තකි.
කෙසේ වුව පවතින තත්වය දෙස බලන විට අපේ රට තුළ ඊයම්
වලින් තොර තීන්ත නිෂ්පාදනය කිරීම සඳහා ීඛී ප්‍රමිතිය කිසිදු බලාපෑමක්
සිදු කර ඇති බවක් දක්නට ලැඛෙන්නේ නැත. එහෙත් එක්සත් රාජධානිය
ගත් කළ නිෂ්පාදනය කෙරෙන තීන්ත වර්ගවල චචප අගය 90 අගයකට
සීමාකොට ඇති අතර ඒ අතරිනුත් පර්යේෂණය සඳහා යොමු කොට තිබූ
සාම්පල් අතරින් එකක හැර අනිකුත් ඉමල්ෂන් තීන්තවල චචප අගය
පැවතුණේ ඊටත් අඩු මට්ටමක යැයි පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා
දෙයි. දියුණු යැයි පැවසෙන රටවල් ලොව දරුණුතම විෂ කාරකය පොදු
සමාජයෙන් ඈත් කර දැමීමට අර කී ආකාරයෙන් කටයුතු කරද්දී තෙවෙනි
ලොව රටවල් අදටත් සිටින්නේ ඒ පිළිබඳව අවබෝධයක් නැතිවය. ජීව
විද්‍යාත්මක වශයෙන් කිසිදු වටිනාකමක් නැති ලෝහයක් ලෙසින් ගැනෙන
ඊයම් ශරිරගත වන්නේ ඊයම් මිශ්‍ර තීන්ත මෙන්ම ඊයම් මුසු දූවිලි ආදියෙනි.
තීන්ත නිෂ්පාදකයෝ ඊයම් සිය නිෂ්පාදන සඳහා යොදා ගන්නේ කරුණු
කිහිපයක් වෙනුවෙනි. ඒ අතර එක් කරුණක් වන්නේ තීන්ත වියලීම
වේගවත් කිරීමය. ඒ හැරුණ කළ කල් පැවැත්ම වැඩි කර ගැනීම නැවුම්
පෙනුමක් ලබා දීමට, මල බැදීම වළක්වා ගැනීමද මේ විෂ කාරකයෙන්
සිදු කර ගැනෙන බව ඉහතදීත් පෙන්වා දී තිබේ.

hazardous-chemicals.jpg

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන (2002 වාර්තාව) අන්දමට
කෙනෙකුගේ රුධිරය දිගින් දිගටම ඊයම් සඳහා නිරාවරණය වේ නම්
රෝගී ස්වභාවයන් දරුණු අතට හැරෙනු ඇත. එමෙන්ම ලෝකය පුරා
පීඩාකාරී රෝගවලට ගොදුරු වීමේ ආකාර 20ක් දැනට සොයාගෙන
ඇති අතර ඉන් එක් ආකාරයෙක් වන්නේ ඊයම් විෂ ශරීර ගත වීමය.
ඊයම් විෂ ශරීර ගත වීම බොහෝ විට සිදුවන්නේ යල් පැනගිය තීන්ත
ආලේපන සහිත බිත්ති සහ වෙනත් එවැනි දෑ ඇසුරේ ජීවත් වන්නන්
ඉන් පිටවන දූවිලි නිතර නිතර ආශ්වාස කිරීම නිසාය. තවද ඒ බලපෑම
වැඩිහිටියන්ටත් වඩා ළමයින්ට බලපාන අතර ඉනුත් වඩාත් වැඩි බලපෑමක්
ඇති කෙරෙන ළමයින් වන්නේ වසය අවුරුදු 6ට අඩු වයස් කාණ්ඩයේ
අය බවද සොයා දැනගෙන තිබේ.

reverberatory-furnace-iron-1647
තුන්වන ලෝකයේ රටවල කුඩා දරුවෝ මෙවැනි පැරණි බිත්ති
සහිත නිවාස ඇසුරේ වෙසෙන්නවුන් වෙති. පැරණි තොටිලිවල නිදති. එවැනි
සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කරති. ඒවායේ දිව ගාති. ඒ ආකාරයෙන්
ඔවුහු ලොව දරුණු විෂ කාරකයක් සමඟ සෘජු සම්බන්ධකම් පවත්වති.
මේ ආකාරයෙන් ශරීරගත වන ඊයම් නිසා මධ්‍ය ස්නායු පද්ධතියට
සිදුවෙන හානි හෝ අහිතකර බලපෑම් නැවත යථා තත්වයට පත් කිරීම
අසීරුය යන්න වෛද්‍ය මතය වී තිබේ. එමෙන්ම ඒ ආකාරයෙන් ඊයම්
බලපෑමට ගොදුරුවන දරුවන් ඉතා ඉහළ වෛද්‍ය ප්‍රතිකාර යටතේ වුවත්
සියයට 70-80 අතර ප්‍රමාණයකින්වත් සුව කළ හැකි නොවේය යනුවෙන්
විශේෂයෙන්ම මේ නිසා මොළයෝ ආබාධ ඇතිවන තත්වයද බරපතලය.
ඉහත කී අයුරින් ශරීරගතවන ඊයම් වැඩි කොටසක් රතු රුධිරානු
මගින් අවශෝෂණය කොටගෙන ඒත් සමඟම ශරීරය අභ්‍යන්තරය පුරාම
පරිවහනය වීම මෙහි ඇති භයානකම තත්වය වේ. තවද එසේ ව්‍යාප්ත
වන ඊයම් විෂ පළමුවෙන්ම වකුගඩුවේ සහ අක්මාවේ එක් රැස් වෙන
බවත් ඉක්බිතිව මොළය, අස්ථී සහ දත් කරාද පැතිරෙන බවත් ඒ නිසා
සිදු වන්නා වූ හානිය හරිහැටි ගණන් බලා තිබේද යන්න සැක සහිත
බවත් ලෝක මට්ටමින්ම පෙන්වා දී ඇත.

03-17-Paints_04_(4).jpg

මේ බරපතල සෞඛ්‍ය තර්ජනය ගැන යුරෝපය සිය අවධානය
යොමු කළේ 1935 තරම් කාලයකදී වන අතර ඔවුන් ඊයම් සහිත තීන්ත
ඒ කාලයේදීම තහනම් කරන්නට යෙදුණ බවත් දැනගත යුතුය. ඇමරිකා
එක්සත් ජනපදය ඒ තහනම පනවන්නේ 1971දීය. නමුත් සංවර්ධනය
වෙමින් පවත්නා රටවල් නම් අදටත් මේ සම්බන්ධයෙන් කිසිදු තහනමක්

පනවා නැත. මේ අතර ලෝකයේ ඇතැම් තින්ත නිෂ්පාදකයන් සුදු ඊයම් (White lead) භාවිතය අත්හැර ඒ වෙනුවට විෂ අඩු ටයිටේනියම් වයිටි
ආදේශ කිරීමට 19 වන ශත වර්ෂය කාල වකවානුවේදීම යොමු වී සිටින
බවද මේත් සමගම කිව යුතුව තිබේ. මේ කියන ටයිටේනියම් ඔක්සයිඩය
අද ආහාර වර්ණකයක් ලෙසත් දත් ඛෙහෙත් මෙන්ම හිරු රැසින් සම
ආරක්ෂා කරන ආලේප සඳහාත් සුදුසු යැයි නිර්දේශ වුවකි. එහෙත් ශී්‍ර
ලංකාවේදී ඉතාම මෑතකදී සිදු කළ අධ්‍යයනයකට අනුව යොදා ගත්
තීන්ත සාම්පල් 14න් 10ක්ම පැවතුණේ ප්‍රමිති තත්වය 600ppm ඉක්මවූ
29281ppm 40495ppm 13205ppm වැනි ඉතා ඉහළ අගයන්හිදීය. මෙය
ඉතා කණගාටුදායක තත්වයකි. ඊටත් වඩා භයානක විපතකි.

මොහාන් ශ්‍රියන්ත ආරිවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s