විල්පත්තුවේ හමුවූ – ඉතිහාසයේ සුසාන බිම!

regal_tusker.jpg

‘ඉතිහාසය විෂයක් වශයෙන් ගෙන හැදෑරීමේදී ඵෙතිහාසික
මුලාශ්‍රයක් වශයෙන් මහාවංශයට හිමි ගෞරවයක් තියෙනවා. ඒ වගේම
විවේචනයක්ද තියෙනවා. විජය කුමරු මෙරටට ගොඩ බසින්නට පෙර
යුගය ගැන මහාවංශය දක්වන්නේ කිසියම් ආකාරයක අගතිගාමී හැඟීමක්.
නමුත් පුරා විද්‍යාඥයන් වශයෙන් අපට එහෙම හිතන්න පුළුවන්කමක්
නෑ. අපි හිතනවට වැඩිය ප්‍රාග් ඵෙතිහාසික මානව සංස්කෘතිය සංකීර්ණයි.
ඒ නිසා ඒ ගැන නිසි හැදෑරීමක් අවශ්‍යයි. අපේ ජාතික වනෝද්‍යානයක්
වන විල්පත්තුව කියන්නේ එවැනි පුරා ඵෙතිහාසික තොරතුරු රැසක්
මිහිදන් වු භූමියක්. මේ වන විටත් එවැනි ස්ථාන ගණනාවක් හඳුණාගෙන
තිබුණත් හදුණා නොගත් ප්‍රදේශ ඊට වඩා වැඩි විය හැකියි. ඒ විතරක්
නොවෙයි වනෝද්‍යානයක් වෙන්නම ඕනේ නෑ ඕනැම එළිමහන් භූමියක්
වුණත් මේ ආකාරයේ ප්‍රාග් ඵෙතිහාසික යුගයට අයත් ස්ථානයක් වෙන්න
පුළුවන්. නමුත් වනෝද්‍යානයක් තුළ අනික් තැන්වල වගේ නොවෙයි. මිනිස්
කි්‍රයාකාරකම් සිදුවීම අවමයි. නිධන් හෑරීම වැනි කි්‍රයා වානෝද්‍යානයක් තුළ
වුණත් සිදු විය හැකි නමුත් එළිමහනට වඩා ආරක්ෂාවක් වනෝද්‍යානයක්
තුළ තිඛෙන පුරා ඵෙතිහාසික සාක්ෂි වලට ලැඛෙනවාය යන්න පිළිගන්නට
සිදු වෙනවා. අපි කවුරුත් දන්නවා වානෝද්‍යානයක් ආරක්ෂා කරන්නේ
කැබිනට් මණ්ඩලයෙන් සම්මත කෙරෙන නෛතික රාමුවකින්ය. කියන
කාරණය. අනික් එක අපි හොදින්ම දැනගත යුතුයි ඕනෑම පුරා විද්‍යා
සාක්ෂියක් අපේ ජාතික උරුමයක්. ඒ නිසා සංවර්ධනය යනුවෙන් පවසමින්
මේවා කඩා බිඳ දමන්න ඉඩ අවසර තිබිය යුතු නෑ. දිය යුතුත් නෑ.¶
අපේ රටේ වෙසෙන තරුණ පුරා විද්‍යාඥයෙක් මෙන්ම පාරිසරික
කි්‍රයාකාරිකයෙක් වශයෙන් නිහඩ නමුත් දැනෙන සේවයක් කරමින් සිටින
රුක්ෂාන් ජයවර්ධන විල්පත්තු අභය භූමියේ පුරා විද්‍යාත්මක වටිනාකම්

dpp_9_copy2.jpg

ගැන කථා කරන්නට අපත් සමඟ එකතුවූයේ එසේ පවසමිනුයි. එහිදී
එසේ එකතු වී ඔහු කරන ලද උක්ත විස්තරයට අදාලව අපටත් ප්‍රශ්න
පැන නගින විට අකමැත්තෙන් වුණත් ඔහුට බාධා කරන්නට සිදු වෙනවා.
මේ එවැනි අවස්ථාවක්.
දැන් ඔබ කියනවා සංවර්ධනයේ නාමයෙන් අප සතු පුරා වස්තු
කඩා බිඳ දමන්න ඉඩ දිය නොහැකියි කියලා. නමුත් අනෙක් අතින්
සංවර්ධනයත් ජාතික අවශ්‍යතාවයක් වශයෙන් ඉස්මතු කෙරෙන පසුබිමක
මෙතැන පැහැදිලි ගැටුමක් ඇති වෙනවා නේද?
’ඔව් එහෙම මතයක් ගොඩ නගලා තියෙනවා.¶ නමුත් සංවර්ධන
කටයුතු සමහර අවස්ථාවලදී කි්‍රයාවට නඟන හැටි දැක්කම හරි කණගාටු
හිතෙනවා. මේ දිනවල ආන්දෝලනයකට ලක් වෙමින් තිඛෙන විල්පත්තු
වන බිම හරහා කපා ඇති පුළුල් මාර්ගය එය නීති විරෝධි කටයුත්තක්.
වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් වනෝද්‍යානයක් කියන්නේ කැබිනට්
මණ්ඩලය තුළින් සම්මත වූ නෛතික පද්ධතියකින් ආරක්ෂා කෙරෙන
භූමියක්, ඉතින් එවැනි භූමියක් තුළ කිසිම නෛතික අවසරයකින් තොරව
මේ ආකාරයෙන් කටයුතු කිරීම පුදුම සහගතයි. ඒ විතරක් නොවෙයි
බුන්දල වනෝද්‍යානයේත් පාරක් කපලා තියෙනවා. ඒත් සමගම ඛෙලි කටු
ගොඩැල්ලක් විනාශ වෙලා තියෙනවා. එතැනට ගියොත් දැක බලා ගන්න
පුළුවන් කැපූ පස් කඳු අතර ප්‍රාග් ඵෙතිහාසික ඛෙලිකටු මතුවෙලා තියෙන
ආකාරය. ඒ වුණාට දැන් එතැන කිසිම පුරාවිද්‍යා ගවේෂණයක් කරන්න
බැහැ. යන්ත්‍රෝපකරණ වලින් ඒ පුරාණ සාක්ෂි වැනසිලා ඉවරයි. මේ
විදිහට අපට අහිමි වෙන්නේ අපේම ජාතියේ හේ්‍රෂ්ඨත්වයයි.
ප්‍රාග් ඵෙතිහාසික යුගය කියන්නේ අපේ ඈත ඉතිහාසයට අයත්
එක් කාල පරිචිඡේදයක්. ඒ කාලයට අයත් වන ඵෙතිහාසික ස්ථාන තියෙනවා.
විල්පත්තුව යනු එවැනි ස්ථානයක්. ඇත්ත වශයෙන්ම විල්පත්තුවේ එවැනි
ඛෙලිකටු ගොඩවල් දකින්නට ලැඛෙනවා. නිශ්චිතව යමක් කියන්නට අපහසු
වුණත් මේ ඛෙලිකටු ඔවුන්ගේ ධීවර කටයුතු ගැන සාක්ෂි වෙන්නත් පුළුවන්.
මට්ටි වැනි ඛෙල්ලන් ඔවුන් ආහාරයට ගත්තා වෙන්නත් පුළුවන් මේ
කියන ස්ථානවල ඔවුන් අවුරුදු දහස් ගණනක් පදිංචි වෙලා සිටියාද විය
හැකියි. ඒ වගේම මේ ඛෙලිකටු ගොඩවල් අතර ඔවුන්ගේ නෂ්ටාවශේෂත්
තිඛෙනවා. ඒ අනුව මා කියන්නේ මෙවැනි තැන් ප්‍රවේශමින් කැන බැලිය
යුතු බවයි. එවිට ඒ කාල වකවානු ගැනත් ප්‍රාග් ඵෙතිහාසික මානවයාගේ
ජීවන පැවැත්ම ගැනත් ඔවුනගේ සංස්කෘතික විකාශනය පිළිබඳවත් මීට

dpp_1_copy9.jpg

වඩා අවබෝධයක් ලබාගැනීමේ හැකියාව අපට තියෙනවා
’තවත් වැදගත් කාරණයක් තමයි මේ ඛෙලිකටු වෙරළාසන්නයේ
විතරක් නොවෙයි රට මැදත් හමුවෙනවා. කිත =ල්ගල ලෙන් ඊට
උදාහරණයක්. බූන්දල කියන්නේ එවැනි තවත් තැනක්. අපැහැදිලි තත්ව
අතරින් වුණත් මෙතැනදී අපට හිතන්න සිද්ද වෙනවා මේ ඛෙල්ලන් ඔවුන්ට
ආහාරයක් වගේම ආර්ථීක ඉපයීමක්ද ලබා දීලා තියෙනවාය කියලා ඒ
නිසාම තවමත් අප හරි හැටි නොදන්නා කල් තබා ගන්නා ක්‍රමවේදයක්
මගින් මේ ඛෙල්ලන් නරක් වෙන්නට නොදී ආරක්ෂා කරගෙන මුහුදු රළ
ප්‍රචණ්ඩ වෙන කාලවලදී රට මැදට සංක්‍රමණය වුණා වෙන්න පුළුවන්,
මුහුද සන්සුන් වෙන කාලය ආවාම යළිත් වෙරළාසන්නයට ගොස් ඛෙල්ලන්
ඇල්ලූවා වෙන්න පුළුවන්.

රන් පැහැති පස්

’මේ කියන ඛෙලි කටු සමඟ අදටත් රත = පස් ගොඩැලි
හමුවෙනාවා. මේ පස් රතු පාටයි. මීට අවුරුදු 35,000ක් 100,000ක්
තරම් අදි කාල වකවානුවකදී මේ ප්‍රදේශ ආශි්‍රතව අතිශයින්ම වියලි
කාලගුණයක් පැවැති අතර එහිදී සුළං විසින් ගෙන ආ වැලි මේ කියන
(විශේෂයෙන්ම විල්පත්තුවේ) කලාපයේ තැන්පත් වී තිඛෙනවා. එදා මේ
බිම අත්පත් කරගත් ප්‍රාග් ඵෙතිහාසික මානවායෝ දිවයින පුරා විසිර
වාසය කොට තිඛෙනවා. ඒ බව සනාථ කරන්න ඒ යුගයට අයත් සාක්ෂිත්
තිඛෙනවා. ශිලා ආයුධ, තිරිවාන ගල් කැබැලි, ඊතල, පිහිතල ආදිය.
ඉරණමඩු ප්‍රදේශයෙනුත් හමුවෙලා තියෙනවා. කොහොම නමුත් පසුකාලීනව
සිදු වූ කාලගුණ විපර්යාසයක් සමඟම අර කියාපු වියළි කාලගුණය නැතිවී
යනවා. ඉන් පසුව එළඛෙන්නේ තද වැසි සහිත කාලයක්. එතැනදී මුලින්
පැවැති වියලි වැලි තට්ටුව අතරේ තැන්පත් වන යකඩ වැනි ඛනිජ ද්‍රව්‍ය
නිසා කාලයාගේ ඇවෑමෙන් මේ වැලි ස්ථරය රත් පැහැයකට හැරෙනවා.
මේ අනුව අපට පැහැදිලි විය යුතුයි රතු පස් කඳු බහුලවම විල්පත්තුවේදී
දකින්න ලැඛෙනවාය කියන කාරණය ඉනුත් කුදිරමලේ දී මේ අපුර්ව
පස් දකින්නට ලැඛෙනවා. ඉනුත් කුදිරමලේදී රතු පස් සමග ඛෙලිකටුත්
දැකගන්න පුළුවන්. ඊලඟට බූන්දල, පතිරාජවෙල යන තැන් වලදීත් ඒ
කී ආකාරයටම රතු පස් සමඟ ඛෙලි කටු නිධි හමුවෙනවා. ඒ ඛෙලිකටු
ගොඩවල් අතරේ සැඟවුණ නෂ්ටාවශේෂත් හමුවෙනාවා

maxresdefault (1).jpg

විල්පත්තුවේ සුසාන බිම.

’සුසාන බිමක්ය කියන්නේ මිනිසුන් මිහිදන් කරන බිමකටයි.
විල්පත්තුවේ දී මේ ඵෙතිහාසික සොහොන් බිම අපට මුලින්ම හමුවන්නේ
පී.ඊ.පී දැරණියගල මහතාගේ කැණීම් කටයුත = වලදීයි. අප දන්නා
ආකාරයට පොම්පරිප්පු(විල්පත්තුවේ නිරිත දිග ප්‍රදේශය) නම් ප්‍රදේශයේ
තමයි මේ සුසාන භූමිය හමුවන්නේ කොහොම නමුත් දැරණියගල මහතාගෙ
් සොයා ගැනීමෙන් පසුව ඒ ගැන ඇති වූ අවධානය නිසා තවත් එවැනි
තැන් කිහිපයක්ම සොයාගන්නටත් පුළුවන්කම ලැබුණා. ඒ වගේම දකුණු
ඉන්දියාවේත් තියෙනවා මෙවැනි පූර්ව ඵෙතිහාසික සුසාන භූමි සංකීර්ණයක්.
ඒ විජය ඇතුළු පිරිස මෙරටට පැමිණෙන්නට පෙර යුගය. විශාල ඛරණිවල
දාපු ඇටසැකිලි තමයි මෙහිදී අපට හමුවන්නේ ඇත්තටම මෙතැනදී සිද්ද
වෙලා තියෙන්නේ පුළුස්සපු මෘත දේහවල නොපිලිස්සී ඉතිරිවූ කොටස්(ඇට
කැබැලි) මේ ආකාරයට බරණිවල දාලා වළ දැමීම වෙන්න ඕනේ. හැබැයි
මේවා වළ දාලා තියෙන්නේ නිකංම පොළවේ නොවෙයි. හතරැස් වළක්
හාරලා ගල් බිත්ති වලින් ඇතුළත ආවරණය කරපු ගල් පෙට්ටියක් වැනි
ආකාෘතියක් තුළ තමයි මේ බරනි තැන්පත් කරලා තිඛෙන්නේ. අවසානයේ
දී විශාල ගල් පියනකින් උඩිනුත් වසනවා. වනාන්තරයෙන් වැසී ගිය
ඇතැම් තැන්වල අපට ඒ ගල් පියන් දකි්නට ලැඛෙනවා. ඒවා පරීක්ෂා
කළ අවස්ථා කිහිපයක දීම අපට පෙනී ගියා ඒවා මනා ලෙස ඔප මට්ටම්
කළ මනා නිමාවක් ඇති ඒවා නොවන බව ප්‍රාථමිකයි. කොහොම නමුත්
මෙවැනි සුසාන බිම් තවත් තියෙන්න පුළුවන්
අනික් අතින් දැනට අවුරුදු 3000කට පමණ පෙර විසූ මේ
මිනිසුන් බෞද්ධයන් නොවෙයි කියළා අපට අනුමාන කරන්න සිදුද වෙනවා.
ඇතැම් විට ඒ නිසාම මහා වංශය මේ පිරිස අවතක්සේරු වට ලක් කළත්
ඔවුන් සතුවත් දියුණු සංස්කෘතික පැවැත්මක් තිබිලා තියෙනවා. විජයගේ
පැමිණීමත් සමඟ සිදු වුණේ මේ සංස්කාතීන් යටපත් වීම. එහෙමත්
තැන්තම් ඔවුන් එය යටපත් කර දැමුවා යැයිද කියන්න පුළුවන්. දැන්
මෙහෙම බලන්න විජය මෙරටට පැමිණෙන්න පෙර සිටම මේ රටේ දියුණු
වාරි මාර්ඟ ශිෂ්ඨාචාරයක් පැවතිලා තියෙනවා. එමෙන්ම එය අසල්වැසි
ඉන්දියාවටත් වඩා දියුණු එහෙමත් නැත්නම් උසස් තත්ත්වයක් පැවතුණාය
කියළා විස්තර වෙනවා. විජයට පෙර කාලය ගත්තාම මේ රටේ වාසය කළේ
යක්ෂ, නාග වශයෙන් හැදින්වෙන ගෝත්‍රය කියළා කියනවනේ. ඒ අනුව
තර්කයක් ගොඩ කැගිලා තියෙනවා එ පුර්ව වාරි තාක්ෂණ ශිෂ්ඨාචාරය

dpp_5_copy1.jpg

ඔවුන්ගේ නිර්මාණයක්ය කියළා. මේ සඳහා සෘජු සාක්ෂි නැතිවෙන්න
පුළුවන්. ඒත් වක්‍ර සාක්ෂි තියෙනවා.
’කෙසේ හෝ ෙවිවා මේ පූර්ව ඵෙතිහාසික සංස්කෘතිය මෙන්ම
පුර්ව ඵෙතිහාසික සොහොන් බිම් ගැන අධ්‍යයනය කරන්නට තියෙන හොදම
ප්‍රදේශයක් වශයෙන් විල්පත්තුව හැදින්විය හැකියි. එතකොට විල්පත්තුව
සතු මේ වටිනා පුරා බිම් ඇති ප්‍රදේශ තමයි අර කී ආකාරයට ඩෝසර්
කරලා පාරවල් හදලා තියෙන්නේ. සොහොන් කිහිපයක් පමණයි දැනට
කැනීම් කටයුතුවලට බදුන් කරලා තියෙන්නේ. මේ පුරා විද්‍යා ගවේෂණ
සම්බන්ධයෙන් අප මතක තබාගත යුතුයි දැන් අද ගත්තාම තවත් වසර
50කින් එහාට එනම් වසර 50ක් පමණ එහායින් ඇති කාලයකදී අදට වඩා
දියුණු දැනිමක් ඇතිව මේ කටයුතුවල යෙදීමේ හැකියාව ලැඛෙනවාය යන
කාරණය පුරා විද්‍යඥයින් ඒ ගැන දැනුවත් වි සිටිනවා. ඒ නිසාම ඔවුන්
සම්පූර්ණයෙන් මේ කැනීම් කටයුතු නොකරන තත්ත්වයක් ද තියෙනවා.
කොහොම නමුත් සංවර්ධන කටයුතුයි කියළා මේ ආකාරයට පුරා බිම්
ඩෝසර් කරන්න ගියොත් ඉතිරි වෙන පුරා විද්‍යාත්මක සාක්ෂි ඉදිරි
අනාගතයට ඉතිරි වෙන එකක් නෑ. යළි ඇති කරන්න බැරි විදිහට ඒවා
වැනසෙනවා. දැන් පාරිසරික හානියකදී යම් සත්ව හෝ ශාක විශේෂයක්
වඳ වී ගියොත් අප අයත් වන දකුණු ආසියානු කාලාපයෙන්ම ඒ සත්වයා
හෝ ශාක බෝ කරගන්න අපට පුළුවන්. ඒ සඳහා ජාන තාක්ෂණයෙන්
පවා උපකාර ලබාගන්න පුළුවන්කම තියෙනවා නමුත් අහිමි වන පුරා
සාක්ෂි පිළිබඳව අපිට එහෙම කටයුතු කරන්න බෑ. ඒ දේ නැති වූණොත්නැති වුණාමයි.
රුක්ෂාන් ජයවර්ධනගෙන් මට නැවතත් ප ්‍රශ්නයක් අසන්න
සිදුවූණා. ඒ තමයි පූර්ව ඵෙතිහාසික සුසාන භූමි පාදක කරගෙන අපේ
ශිෂ්ඨාචාරය මොහෙන්ජෝදාරෝ සහ හරප්පා සමඟ මුල් සබඳතා ඇති
බවට පර්යේෂණ ලිපි ඉදිරිපත් කරන්නෙක් පෙන්වා දෙන්න උත්සාහාකරනවා මේ ගැන ඔබේ අදහස කුමක්ද?
’ඒ ඔහුගේ මතය විය හැකියි. නමුත් අපි අමතක කරන්න හොඳ
නෑ ද්‍රවිඩයෝත් ඔය මොහෙන්ජොදාරෝ-හරප්පා ශිෂ්ඨාචාර වලට උරුම
අයිතිවාසිකම් කියනවා. දැනට ඉන්දියාවේ ද්‍රවිධ භාෂා ගත්තත් කිහිපයක්ම
තියෙනවා. ඒ නිසා ඒ භාෂා පිළිබදව නිසි හැදෑරීමකින් තොරව අපට
ඒ ගැන නිශ්චිත නිගමනයකට එන්න බෑ. ඒ නිසා එය මතයක් විතරයි.
මොහෙන්ජොදාරෝ – හරප්පා ශිෂ්ඨාචාරය අවුරුදු දහසක් පමණක් කාලයක්

dpp_5_copy3.jpg

පැවැතීමෙන් ම පසුව මුළුමනින්ම විනාශයට පත් වූණා. මේ විනාශය ගැනත්
විවිධ මත තියෙනවා. ඒ අතරින් පාරිසරික ව්‍යසනය එකි විනාශයට හේතු
වුණාය කියන කාරණයක් වැදගත්. දියුණුවේ හිනිපෙත්තටම ඒමෙන් පසු
මේ අය නෞකා කර්මාන්තයට අත ගහලා තියෙනවා. නෞකා හදන්න
අවශ්‍ය කරන දැව ලබාගෙන තියෙන්නේ තමන්සතු විශාල වනපෙත්
කපා හෙලීමෙනුයි. මේ දැවැන්ත පාරිසරික විනාශය ත =ළම හටගත්
ස්වාභාවික ව්‍යසන පවා අවසානයේදී ඔවුනේගේ අවසානය තීරණය කරලා
තියෙනවා.
’අනික් හේතුව තමයි ආර්ය ආක්‍රමණය. ආර්යයන් කියන්නේ
රණකාමි ජාතියක්. ඒ විනා දියුණු සංස්කෘතික පැවැත්මක් තිබූ ජාතියක්
නොවේ. තමන් සතු දියුණු යුද ශක්තියේ බලයෙන් ඔවුන්ට පුළුවන්කම
තිබුණා ඕනෑම දියුණු සංස්කෘතියක්, ජාතියක්, දේශයක්, බිමට සමතලා
කරලා දාන්න මොහෙන්ෙජ්ාදාරෝ – හරප්පා ශිෂ්ඨාචාරයේ ඇද වැටීමට
එයද හේතු වුයේය යන්න පෙන්වා දි තිඛෙනවා.
කොහොම වුණත් පුරා විද්‍යාවක් රටකට අවශ්‍ය වන්නේ පුරා
සාක්ෂි මත ඉතිහාසය ගොඩ නගන්නයි. එවැනි ඉතිහාසයක් ඉතිහාස
උපකල්පන මත ගොඩ නගන ඉතිහාසයකට වඩා විශ්වසනීයයි.

මොහාන් ශ්‍රියන්ත ආරිවංශ.


පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන 68කින් සමන්විත විල්පත්තු වන උයන

කැලය හරහා නීති විරෝධී මාර්ග * කැලෑව පුරා ආක්‍රමණික ශාක * දඩ මස් ජාවාරම ජයටම * එදා තිබූ විල්ලු අද ගොඩවෙලා සැබෑ සතුට‍ තැන්පත් ය. සන්සුන් ය. එය ඝෝෂාව සහ සෝබනය ප්‍රතික්ෂේප කරයි.– ජෝසප් ඇඩිසන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය අද වන විට මානව ක්‍රියාකාරකම් හමුවේ මුහුණ පා සිටින තත්ත්වය ආන්දෝලනාත්මක ය. පසුගිය කාලයේ දීත් එය … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s