හුදු විරුද්ධ ලිංගිකයකු නොවන ගැහැණිය මම යි.

pau544922_20.jpg

අවසානයේ දී ඒ මහා ප්‍රාකාරය කෞතුක වටිනාකමකට සීමා විය. බාහිර බලවේග වලක්වා චීනය අභ්‍යන්තරික වශයෙන් සුරක්ෂිත කරනු වස් ඉතිහාසය විසින් ගොඩ නැගූ චීන මහා ප්‍රකාරය තවදුරටත් ඒ කර්තව්‍යයේ දී ඉතිහාස ලියවිල්ලකට පමණක් සීමා වෙයි. ජර්මනියේ බර්ලින් නගරයේ සිට සිය බී. එම්. ඩබ්ලිව්. මොAටර් රථය අධි වේගයෙන් ෂැංහයි නගරය බලා පැදවූ මාක් ට අල්පමාත්‍රයකින්්වත් බාධාවක් වීමට ඒ මහා ප්‍රාකාරය තවදුරටත් සමත් වූයේ නැත.

ඒ ආකාරයේ මා ඕ ගේ දැවන්ත ප්‍රතිමාව පසුපසට වී මිටි මිනිසෙකු වූ සිය මුල් පෙම්වතාගේ සාම්ප්‍රදායික ආගමික දෙඩුම් වලට සවන් දීමෙන් විඩා වැටී සිටි කොකෝ තවදුරටත් එහි නො සිට නැගිට ආවා ය.

.මට ඕන වුණේ මල් වෙඩිල්ලක් වගෙ මේ නගරය මැදට කඩා පනින්න, යි ඇය එක් අවස්ථාවක දී කියා තිබුණාය. ඇගේ නම නිකී ය. එහෙත් ඇගේ මිතුරන් ඇයට කී නම කොකෝ ය.

shanghai-baby (1)

ඇහැරවන්නට එපා. චීනය කියන්නෙ නිදාගත් යෝධයෙක්. නැපෝලියන් බොනපාට් යුරෝපය චීනයෙන් ප්‍රවේශම් කරගත්තේ එසේ පවසමිනි. එහෙත් ඊට පසු කාලයක දී මා ඕ සේතුං ඒ යෝධයා ව ඇහැරවා ගත්තේ ය. මාක්ස් ලෙනින්වාදී හැදෑරීමක සිටි මා ඕ ජපන් ආක්‍රමණයට එරෙහි නිදහස් සටනක වේශයෙන් චීනය විප්ලවීය දේශපාලන ආස්ථානයක් කරා ගෙන ආවේ ය. ඒත් ඉතිහාසයේ ජයග්‍රහණ සැමදාම එකම අයුරින් පවතින්නේ නැත. නමුත්
මා ඕ ට අවශ්‍ය වුණේ ඒ ජයග්‍රහණය එකම අයුරින් පවත්වා ගැනීමට ය. චීන මහා ප්‍රාකාරයේ පැවැත්ම තුල සංස්කෘතික විප්ලවයක් ආරම්භ වන්නේ එහි ප්‍රතිඵලයක් හැටියට ය. කොකෝ ගේ කතාව වන Shanghai  Baby (දෙවිදු සෙනෙවිරත්න විසින් ෂැංහයි සොඳුරිය නමින් එය සිංහලයට නඟයි. එය විදර්ශන පොතකි.) අර කීව සංස්කෘතික විප්ලවය අතරින් මතු වූ අතුරු කතාවකි. එතැන දී කොකෝ චීනයට අලූත් චරිතාපදානයක් අවශ්‍ය යැයි කී බවක් කෘතියේ නැතත් මට සිතෙන්නේ එහෙම ය.

Zhou_Weihui_2

කොකෝ ගේ අලූත් පෙම්වතා ටියැන් ටියැන් ය. ,එයා නිතරම තමන්ගේ හිත පරික්ෂා කර බලන ප්‍රේමණීය හැඟීම් වලින් බරවෙච්ච කෙනෙක්. එයාට ජීවිතය කියල කියන්නෙ ආසනික් වලින් හදපු කේක් ගෙඩියක්. කන කටක් කටක් ගානේ එයාගේ ඇඟට ටිකෙන් ටික විස ඇතුළු වෙනවා, යි කොකෝ කීය.

එහෙත් ටියැන් ටියැන් ට අනුව ,අනාගතය අපේ මොළේ හරි මැද්දෙන් අටවලා තියෙන උගුලක්., ඊළඟට සිය අලූත් පෙම්වතා ගේ පැවැත්ම ගැන කොකෝ ගේ ප්‍රකාශය ද මග හැර යා නොහැක්කකි.

“ටියැන් ටියැන් ට මගෙත් එක්ක ලිංගිකව එක් වෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ… එයා ලිංගික ඛෙලහීනතාවෙන් පෙලෙනවාය කියා දැනගත්තම මට ඇති වුණේ පුදුම කලකිරීමක්.” එතැන දී උණුසුම් අනාගතයක් ගැන සංවේදී ලෙසින් සිතමින් සිටි කොකෝ නොදත් මං සන්ධියක දී යා යුතු අතක් නො දැන අසරණ වූ එකියක් බවට පත් වුණාය.

අනිත් අතට ටියැන් ටියැන් ගේ මිහිරි සිප ගැනීම්ල මෘදු ස්පර්ශය හරියට අයිස්ක්‍රීම් කනවා වගේ යැයි කීමට ද කොකෝ ඉදිරිපත් වුණා ය. “එයා තමයි මට ඉගැන්නුවේ හාද්දකට ඒකටම වෙන් වෙච්ච පැහැයකුත තියෙනව කියලා. ”

කොහොම වුණත් කොකෝ හංසයකු මෙන් සුුමුදු වූ නමුත් දිවි දෙනකගේ තරමට ශක්තිවන්ත ද වූවාය. බිලාලයෙකු ගේ මෙන් වූ සෑම වැතිරීමක් මල උඩ පැනීමක්මල කැරකීමක් ම ශෝභමාන තරමට ම චිත්තාකර්ෂණීය විය., ඒ නිසාම තමන් සහ ටියැන් ටියැන් අතර වූ සබඳතාව මැද ට පිටස්තරයෙකු ගේ බලපෑමක අවදානමක් නිතරම තිබුණේ යැයි පවසන්නේ වෙනින් කවුරුවත් නොවේ. කොකෝ ම වේ. එහෙම වුණත් බහු ජාතික සමාගමක ඉහලම තනතුරක් දරමින් සිය බී. එම්. ඩබ්ලිව්. මෝටර් රථයෙන් පැමිණි මාක් ගේ එම රථයට ප්‍රථම වරට නැගුණු අවස්ථාවේ දී තමාට අවදානමක් පිළිබඳ ව කිසි බියක් දැනුණේ නැතැයි කොකෝ පවසා තිබේ. එමෙන්ම බිය වෙන්න ඕනකමක් ද තමන් ට තිබුණේ නැති බවක් ද ඇය පවසයි. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් මාක් ගේ අදහස වූ තමා අතින් ඇය ලිංගිකව දූෂණය වෙනවා ය යන්න ඔහු ඉදිරියේ ම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලු ඔහු ට ඇය දුන් පිලිතුරයි මේ.

,කාටවත්් බැහැ මට එහෙම කරන්න. ඒ නිසා ඔය සමාව ඉල්ලන එක නවත්තගන්නව. ඒක හරිම කැතයි.,

කොකෝ උණුසුම් ගැහැණියක් වේ. ටියැන් ටියැන් ගේ සීතල ආත්මයට ඇය මෙසේ අ~ ගසන්නේ ද ඒ නිසාම ය.

,ඔයා ඉන්න ඕනෙ ජීවතුන් අතර. හුස්ම ගන්න මිනිස්සු අතර. ඔයා තව ඇඟ වෙහෙසලා වැඩ කරන්නෝනෙ… ඔයාට ඕනෙ ඉර එලියල නැවුම් වාතයල සතුටින් පිරුණු හීන…,

එහෙත් ටියැන් ටියැන්ගේ අතුරුදහන් වීම නොවැලැක්විය හැකි එකක් විය. මාක් ගේ මතුවීම ද එසේ ම විය.

,ඔහු සමාජය තුල දැවැන්ත ස්තම්භයක්. කඩවසම් බුද්ධිමත් ඉරිසියා හිතෙන විදිහේ හොඳ රස්සාවක් තියෙන සංකීර්ණ සබඳතාවන් හැසිරීම පිළිබඳ මනා කුසලතාවක් තිඛෙන හැම දෙයක් ම සමබරව තියාගන්නට දක්ෂ කෙනෙක්. මම දක්ෂිණ ධ්‍රැවයට ගිහිල්ල හැංගුණොත් වුවමනාවක් තියෙනව නම් ඔහුට පුළුවන් මාව හොයාගන්න.,

WeiHui13.jpg

ඒ දෙදෙනාගේ ම පැවැත්මේ ඡායාවන් තමාගේ සිරුර මතට වැටී එකිනෙකා ගේ අඩුපාඩු සම්පූර්ණ කරන සහසම්බන්ධයක් බවට පත්ව තිබුණේ යැයි ඇය පවසන්නේ එවැනි අපූර්ව ගැලපීමක් ඔස්සේ සිය ජීවිතය ඉදිරියට ගෙන යාමට බව පැහැදිලිය.

එහෙත් අවසානය දක්වාම ඇයට සිය ජීවිතයේ දි හඳුණාගත නොහැකි වූ අනන්‍යතාවක් තිබුණි. ඒ තමාගේ ම අනන්‍යතාව යි. ,මම කවුදරෑ, යන ප්‍රශ්න කිරීම කරන්නේ ද වෙනින් කවුරුවත් නොව ඇයම ය.

චීනයේ නව රැල්ලේ ලේඛිකාවක් වන ,වෙයි වෙයි, ීය්බටයස ඊ්ඉහ ලියන්නේ ඇයිරෑ

,මම හැදුණෙ වැඩුණෙ චීනය පිලිබඳ දැඩි නීති රීති සහිත පවුලක. එතකොට මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පලමු වසර වැය වුණේ හමුදා පුහුණුව වෙනුවෙන්. ඉතින් ඊට පස්සේ සිදු වුණු දේ ස්වාභාවික යි.මම කැරලි ගහන්න පටන් ගත්තා. මම වියරු වැටුණා. ඒ ගැන තමයි මම ලිව්වෙ.,

කෙසේ වුව මෙය වෙයි වෙයි ගේ කෘතිය සම්බන්ධයෙන් කල විචාරයක් නොවන බව කිව යුතුය. මෙය එම කෘතියට ප්‍රවේශයක් විය හැකිය. වීරවරියක් වීමට උණුසුම් ප්‍රයත්නයක් ගත් ගැහැණියකගේ වීරත්වයෙන් තොර අර්ධ චරිතාපදානයක් වන එහි එන සමාජ කියවීම ප්‍රතික්ෂේප කල නොහැකි ය.

– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –

you can witch video also-https://web.facebook.com/1332899760058495/videos/1342455629102908/

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s