මේක සමාජ ගනුදෙනුවක් – සේනාරත්න වීරසිංහ

8
Senarathna Weerasinghe

ප්‍රවීන ලේඛක සේනාරත්න වීරසිංහ විසින් මෑත දී ලියා පල කළ ,මැද මිදුල අද්‍යතන සාහිත්‍ය හා කලා ආවර්ජනා, කෘතිය ගැන ඔහු හා පැවැත්වූ සංවාදය -සාකච්ඡා කලේ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –

අද්‍යතන සාහිත්‍ය කලා ආවර්ජනයක් වශයෙන් ඉදිරිපත් කෙරෙන ඔබ ගේ අලූත් කලා සංස්කෘතික විවරණය ,මැද මිදුල, සංස්කෘතිය විෂයයික සංවේදි හැදෑරීමක් ලෙසින් ද ගත හැකියි. උදාහරණයක් හැටියට ,සායිගාල්, නම් ඉන්දීය ගායකයා සම්බන්ධයෙන් කෙරෙන ඉදිරිපත් කිරීම ඒ බව පවසනවා. රාගවා මෙනන් ඔහු සම්බන්ධයෙන් කරන ,එකල සිටි එකම ස්වභාවික ගායකයා වූයේ සායිගාල්යල, යන ප්‍රකාශය ඔබත් අනුමත කරන බවක් පෙනෙනවා. 

මෙහෙමයිල කලාව පැන නගින්නේ කොහොමදැයි කල්පනා කොට බැලූවොත් ගායනාල නාද රටාල වචන යන මුලිකාංග එක්කහු වෙලා තමයි ගීතයක් වුණත් නිර්මාණය වෙන්නෙ. නාට්‍ය කලාව ගත්තොත් අංග චලනය. එතකොට මේ මූලික අංග මුලින්ම උපදින්නෙ මිනිසා තුළ යි. එතැන ඉදලා තමයි එලියට ගමන් කරන්නෙ. එය දෙවියන් ගෙ නිෂ්පාදනයක් විදිහට මිනිසා ට ලැඛෙනවා ය කියන මතයක් ද තියෙනවා. නමුත් එහෙම හිතෙනවා ට වඩා අපිට පැහැදිලි ව දකින්න පුළුවන්කම තිඛෙනවා සයිගාල්ගේ ඒ නිසඟල ස්වභාවික හැකියාව. නමුත් ඔහු තුළම හෙුදකලා නොවී සමාජගත වුණොත් තමයි මොන හැකියාවක් වුණත් පොදු ප්‍රකාශයක් බවට පත් වෙන්නෙ. ඒ නිසා සමාජ යථාර්තය කියන පෑහීම මෙතැන දී වැදගත් වෙනවා. මේක සමාජ ගනුදෙනුවක්.

unnamed
Alberto Morevia

ලෝක සත්වයන් අතරින් ස්වභාව ධර්මය සමඟ ගනුදෙනු කරන පාලනීය හැකියාවකින් යුතු නිර්මාණශීලි එකම සත්වයා තමයි මිනිසා. කලාව ගත්තමත් එහි සියුම් භාව අරුත් නිර්මාණය කරමින් ඔහු සෞන්දර්ය චාරිකාවක යෙදෙනවා. ඒ වගේම එය සමාජ ගනුදෙනුවක් වශයෙන් ද පවත්වා ගන්නවා. සායිගාල් වුණත් හුදකලා පැවැත්මක් වුණා නං ඔහු ගේ අද්භූත ප්‍රාතිහාර්යන් ගැන අපට ලියන්නට තිබුණා. නමුත් අර කියපු ඔහු ගේ ගායනා ශෛල්‍යය එවැනි අද්භූතයක් නෙවෙයි ඒක සමාජ ගනුදෙනුවක්. ඒ තුලින් ඔහු ගොඩ නැඟ=වා පොදු රසිකත්වයක්. රටක රාජ්‍ය මට්ටමේ සංස්කෘතික බලධාරින් මෙන්න මෙවැනි මතුවීම් ගැන සොයා බලාල ඒ වටිනාකම් වටහාගෙන සංවර්ධනීය ආකාරයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුයි. ඒක ඔවුන් ගේ රාජකාරියට අයිති යි. සායිගාල් කියන්නේ තමන් තුළින් ම මතු කරගත්් ස්වභාවික හඩක් තිබුණු විශේෂයෙන් ම ජන ගායනාල ජන සංගීතය බොහෝ උස් තැනකට ස්ථානගත කළ ප්‍රබල ඉස්මතු වීමක්

moravia-da-iltempo

චිත්‍රපටයේ දක්නට ලැඛෙන සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ පණිවිඩය සමග ස්වදේශානු රාගය පිළිබඳ හැඟීමක් ද දක්නා ලැබේ., ඔබ මේ පවසන්නේ රාජ් කපූර් ගේ සිනමාව පිළිබඳවයි.මේ කියන සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටීම ගැන පැහැදිලි කළ හැකි දර?

දීර්ග කාලීන යටත් විජිත ක්‍රමයකට එරෙහිව ඉන්දියාව එක් කාලයකදී නිදහස් අරගලයක් වෙනුවෙන් එකතු වෙනවා. යටපත් වූ ස්වදේශය ගැන සංවේදීව සිතන තැනකට ඔවුන් එතැන දී පත් වෙනවා. ඒ වගේම ඉන්දීය නිදහස් සටනට එකතු වූ මේ සෑම අයෙකු ම වගේ කලා රස වින්දනයක් තිබූ කලාවට හිතැති පිරිසක් ද වුණා. ඒ නිදහසට අනුබල දුන් චිත්‍රපට පෙන් වූ චිත්‍රපට ශාලා පවා ගිනි තියන මර්දනයක් ද ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණා. මෙවැනි පසුබිමක රාජ් කපූර් පමණක් නෙවෙයි ඔහු ගේ සමකාලීන සිනමාකරුවන් ද ඉතා පැහැදිලිව ම සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින අයුරු අපිට දකින්න පුුළුවන්. ජනප්‍රිය හින්දි සිනමාංගවලට අවනත වෙමින් වුව ද ඔහු සමාජයේ එවකට පැවතුණු දුප්පත්කමල කුලවාදයල සති පූජාව වැනි ආගමික විශ්වාස වගේ ම සමාජ විෂමත්වයට එරෙහිව ත් අර කියපු සමාජ ප්‍රතිසංස්කරණ සිනමාව ඇතුලේ පලල් සංවාදයක් ඇති කරගත්තා.

9780143800095

ඔහු ගේ ,ජිස් දේස් මේන් ගංගා ඛෙති හෙයි, චිත්‍රපටය ගත්තොත් සොරුන් වෙසෙන ගමකට පිවිසෙන රාජු නම් අහිංසක චරිතයක් ඒ චෞර මිනිසුන් ව යහපත් මිනිසුන් කිරීම කෙරෙහි විශ්වාස තබනවා. මෙතැන දී ඔහු කියන්න උත්සාහ කරන්නේ මනුෂ්‍යත්වය නගා සිටුවිය හැකිය යන්නයි. කුමන අයහපත් ජන සමාජයකට වුණත් යහපත හඳුන්වා දිය හැකි බව රාජ් කපූර් පවසන්නේ අධිරාජ්‍යවාදීන් ට එරෙහිව රටක් වශයෙන් ඉන්දියාව නිදහසල සමාජ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි පසුබිමක යි. ඒ නිසා කිසිදු ස්වදේශීය මනුෂ්‍ය කොටසක් ප්‍රතික්ෂේප නොකර ඔවුන් ව මනුෂ්‍යයන් වශයෙන්් නඟා සිටුවීමේ වුවමනාව සමාජ දේශපාලනික වශයෙන් ඒ කාලයේ තිබුණා. එහෙම බැලූවම එතැන තිබුණේ සමාජ වගකීමක්් වටහාගත් තත්වයක් බව පෙනී යනවා. මේ තත්වය ම තමයි නිදහසින් පසු බිහිවුණු නේරු ගේ ආණ්ඩුව ඉදිරියට අරගෙන ගියේ.

තවත් අවස්ථාවක දී ඔබ ඉතාලෝ කැල්විනෝ ගේ කෘතියක් කියවන්න ගොස් බලවත් අපහසුතාවයක ට පත් වෙනවා. සියුම් උපහාසයකින් තමයි ඔබ ඒ ගැන සඳහන් කරන්නේ. ඒ සම්බන්ධයෙන් විචාරාත්මකව පැහැදිලි කිරීමක් කළ හැකි ද?

කැල්විනෝ ගැන කතා කරනවා නම් අපට සාහිත්‍ය විචාරය ගැනත් කතා කරනන වෙනවා. අපේ රට ඇතුළෙ නං සාහිත්‍ය විචාරයක් තියෙනවා ද කරුණ ගැටළු සහගතයි. නමුත් එංගලන්තය ගත්තොත් ඒ රටේ සාහිත්‍ය විවිධ පැතිකඩ වලින් වර්ධනය වෙලා තියෙනවා. ඔවූන්ට විශාල සාහිත්‍යයක් තියෙනවා. සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියෙන්ල මනෝ විශ්ලේෂණ වශයෙන් ඔවුන් ගේ සාහිත්‍ය නිර්මාණ ගැන විවිධ විවරණ තිඛෙනවා. හැබැයි ඔවුන් කවදාවත් පුද්ගලයෙක් වශයෙන් සාහිත්‍යකරුවකු ව එහෙම නැත්නම් කෘතියක් හුදෙකලා කොට පහර දෙන්නේ නෑ. එවැනි පටු ආකල්පයකින් ඔවුන් සාහිත්‍යයේ හැසිරෙන්නේ නෑ. ඒ වගෙ ම පටු දුර්වලතා පෙන්වමින් කෘති ඉවත් කර දැමීමක් සිදු කරන්නේ නෑ.එහෙම විචාර සංස්කෘතියක් ගැන ඔවුන් පිලිගන්නේ නෑ.374233

 

නමුත් අපි අදටත් නවකතාව කියන සාහිත්‍ය ගැන නිවැරදි වැටහීමකින් ද ඉන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. එහෙම පොදු නිර්වචනයක් අපට තියෙනව දරෑ තවමත් ඒ සම්බන්ධයෙන් ලේඛකයෝ වගේ ම විචාරකයෝ වචන හොයමින් සිටිනවා වගේ තත්වයක් තමයි දකින්න තියෙන්නේ.

දැන් අපි කැල්විනෝ ගැන කතා කලොත් ඔහු වැන්නෙක්= ගේ බිහි වීම අර වගේ පුළුල් සාහිත්‍යයක් ඇතුලේ සිදු විය හැකියි. පශ්චාත් නූතනවාදි නවකතාකරුවකු වන කැල්විනෝ කියන ආකාරයට ඔහු ගේ නවකතාවක් කියවන්න පූර්ව සූදානමක් තිබිය යුතුයි මෙන්න මේ වගේ.

,දැන් ඔබ කියවීමට සූදානම් වන්නේ ඉතාලෝ කැල්විනෝ ගේ අළුත් ම නවකතාව වන If on a winter’s night a traveler නැමැති කෘතිය යි. සැහැල්ලූ වන්න. සිත ඒකාග්‍රතාවට පත් කර ගන්න…, ඔය ආදි වශයෙන් පාඨකයා සිටිය යුතු ඉරියව්ව ගැන පවා දීර්ග විස්තරයක් ඉදිරිපත් කෙරෙනවා. නමුත් ඔහුගේ මේ සමාජ සංස්කාතිය අපට කොයිතරම් ගැලපෙනවා දැයි සිතා බැලිය යුතුයි. එවැනි නිස්කාන්සුවෙන් යුත් සුඛෝපබෝගි සමාජ වටපිටාවක ඉඳ ගෙන නෙවෙයි අපි පොත් කියවන්නෙ. ඒ නිසා කැල්විනෝ ගිය මග යමින් නවකතා ලියන්න ගියොත් එවැනි කියවීමක් වෙනුවෙන් බලා හිටියොත් ආයේ දෙකක් නෑ අපේ නවකතාව ඇද ගෙන වැටෙනවා. බටහිර රටවල ට අදාලව සුඛෝපබෝගි විනෝදාංශයක් ද වන නවකතා කියවීම අපේ රටවල ට අදාල වන්නේ නෑ. අපේ සමාජ සංස්කෘතිය එසේ හැඩ ගැහිලා නැහැ. කොටින් ම කියනවා නම් විනෝදාංශයක් වශයෙන් නවකතා කියවීම අපි සම්බන්ධයෙන් බරපතල අවශ්‍යතාවයක් නෙවෙයි. ලැබුනොත් කියවනවා නැත්නම් නිකම් ඉන්නවා වගේ තත්වයකයි ඊට අදාලව අපි ඉන්නේ. ඒ නිසා කැල්විනෝ ගේ පෙර සූදානම අනුව යමින් පොත් කියවනවා තබා ඒ ගැන සිතන්නට වත් අපට පුළුවන්කමක් නැහැ. පොතක වටිනාකම අපට දැනෙන්නේ යම් අවශ්‍යතාවයක් මතයි එයින් කියවෙන පණිවිඩයක් වේදැයි අපි සිතනවා.

Mo Yan
Mo Yan

චීන නවකතාව ගැන ඔබ විශේෂ වැදගත්කමකින් යුතුව කතා කරලා තියෙනවා. ඒ ගැන වැඩි දුරටත් පැහැදිලි කළ හැකි ද?

එක්තරා කාලයක දී චීනය ලෝකයෙන් සැඟවුණු කිසිවෙක් හෝ නොදන්නා දේශයක් විදිහටයි පැවතුණේ. ඔය කියන කාලයේ දී මාක්ස්වාදී අදහස් තිබුුණු ලේඛකයකු වන ඇල්බටෝ මොරේවියා චීනයට යනවා. ඇත්තම කිව්වොත් චීනය ඔහුට ආරාධනා කරනවා. 1968 දී ඔහු සිය අත්දැකීම් අළලා ලියූ කෘතියේ චිනය දුප්පත් රටක් යැයි පවසනවා. ඒත් බටහිර රටවල මෙන් දුප්පත් පොහොසත් කියා මිනිසුන් කොටස් දෙකක් එහි නැති බවත් චීනයේ සිිටින්නේ දුප්පත් මිනිසුන් විතරක් ම බවත් පෙන්වා දෙමින්ල ඒත් කිසියම් දිනක මිනිස් හැකියාවේ සුවිශේෂත්වය උපයෝගි කොට ගෙන චීනය සිය යුටෝපියානු සිහිනය ජය ගන්නා බව ඔහු පවසන්නේ ලොකු විශ්වාසයකින්ග මොරේවියා දුටු ඒ අධිෂ්ටානය ඒ හැටියෙන්ම චීන සාහිත්‍යකරුවා තුළත් තිබුණා. ඔවුන් වඩාත් සමීපව රුසියානු සාහිත්‍යයෙන් ආභාෂය ලැබුවා. සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව් වැන්නවුන් ගේ කෘතීන් කියවූ ඔවුන් තමන් ගේ සාහිත්‍යය වර්ධනීය තත්වයකට රැගෙන ගියා. අවසානයේ දී 2012 වසරේ නොඛෙල් සම්මානයත්් ලැබුවා. එවැනි ලොකු පිම්මක් පනින්න ඔවුන්ට උපකාර වුණේ අර කියපු ජාතික අධිෂ්ඨානය යි. ඒ වන විට මාඕ සේතුං ගේ සංස්කෘතික විප්ලවය නිසා චීනය තුල ඇතිවෙමින් තිබුණු සමාජ දේශපාලන වෙනස්කම් ගැන නොබියව කතා කරන තැනකත් මේ සාහිත්‍යකරුවන් සිටියා.

උදාහරණයක් හැටියට මෝ යංග් ගේ frog නවකතාව ගැන කතා කළොත් ?

Calvino Italo (2)
Italyo Calvino

2009 වර්ෂයේ දී ලියවෙන මෙම නවකතාව නවසිය හැට ගණන්වල චීනයේ පැවැති අධිපතිවාදයට යටපත් වූ සමාජ පැවැත්ම නිර්දය ආකාරයෙන් එළිදරව් කරනවා. මෙහි කතානායිකාව 1934 දී උපත ලද දූර්භීක්ෂයේ පීඩනය හොඳින් ම අත්වින්ද වින්නඹු අම්මා කෙනෙක්. දරු උපත්වල දී එකළ චීන ගැහැණුන් නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. පුහුණුවක් නැතිව වින්නඹුකම් කළ වැඩිහිටි ගැහැණුන් නිසා දරුවන් අංගවිකල වුණා. ඊට සාපේක්ෂව ගු නැන්දා නමින් හැඳින්වෙන මේ වින්නඹු මව පුහුණු වින්නඹු සේවාවක් ලබා දුන්නා. එකල චීනය වැඩිවන ජනගහනය සැලකුවේ ආශීර්වාදයක් හැටියටයි. චීන ජාතිකයන් කී ආකාරයට අළුතෙන් කටක් වැඩි වුණාට ඒත් එක්කම අත් දෙකකුත් ලැඛෙනවා. ඒ නිසා වැඩියෙන් වැඩ කල හැකියි. මුලදී ජනගහනය වැඩිවීම මිනිස් බලය වැඩිවීමක් ලෙසත් ඒ අනුව නිශ්පාදන ශක්තිය වැඩිවන බවත් එය මානව ජයග්‍රහණයට හේතු වන බවතA මාඕ සේතුං කී බව මේ කෘතියේ එනවා. එහෙම කිව්ව චීනය එක්වනම ඒ ප්‍රතිපත්තිය ඉවත ලා පවුල් සංවිධාන සැලසුම් ගැන උපදෙස් දෙන්න පටන් ගන්නවා. දරු උපත් සම්පතක් වශයෙන් සැලකූ මානුෂීය අර වින්නඹුවටම වඳ සැත්කම් කරන්නත් සිද්ධ වෙනවා. නවකතාව පුරාම අපට දකින්න ලැඛෙන්නේ ඒ තත්වයයි. ඒ නිසා ඇය කම්පනයටත් පීඩනයටත් පත් වන ආකාරය යි.

ඔබ පවසන ආකාරයට මෙම නවකතාව ඉතිහාසයේ සිද්ධි නිරූපණයක් පමණක් යැයි මෙය කියවන අයකුට සිතුණොත් ඊට එකඟ වෙනව ද?

නැහැ. මේ නවකතාව ප්‍රබල සිද්ධි නිරූපණයක් වන තරමටම ප්‍රශ්න කිරීමක් ද වෙනවා. ඒ ප්‍රශ්න කිරීම තුළ අර කීව යහපත් වින්නඹු මාතාව මෙසේ කටයුතු කරන්නේ උමතුවෙන් දල ගැහැණුන් ගේ ජිවිත බිලි ගැනීමේ යෙදී සිටින සැතිරියක් වශයෙන් දල එහෙම නැතිනම් මිතුරියක් ද මේ ආකාරයට ගැබිණි මව්වරුන් කරා යමින් ඔවුන්ව ගොදුරු කර ගනනේ මන්දල ඒ දරුවන් ට චීන පුරවැසියන් ලෙසින් බිහිවීමේ අයිතිය නැද්ද යන ප්‍රශ්න කිරීම් එහි එන බව බටහිර විචාරකයන් ද පෙන්වා දී තිඛෙනවා.

එහි තේරුම මේ නවකතාව ඓතිහාසික ප්‍රශ්න කිරීමක සිටිනවා ය කියන එක ද?

ඔව්. මෙය ඉතිහාසය ප්‍රශ්න කිරීමක්. හැබැයි අපේ නවකතා කරුවන් වගේ ඉතිහාස කතාව එහෙම ම අරගෙන තමන් ගේ බසින් ලිවීමක් නෙවෙයි මෙතැන කරලා තියෙන්නේ. සාමාන්‍ය පාඨකයකුට වඩා සාහිත්‍යකරුවෙක් ඉතිහාසය දැකීමේ දී විචක්ෂණ බවක සිටිනවා. උදාහරණයක් ලෙස බැල්සැක් නම් ලේඛකයා සාම්ප්‍රදායික වැඩවසම් සමාජය ගැන ලියූ විශිෂ්ට ආකාරය පෙන්වා දෙන්න පුළුවන්. එහිදී එAවා වැඩවසම්වාදී ලියවිලි යැයි විවේචනාත්මකව බැහැර කිරීමට කාල්මාක්ස්ල ලෙනින් යන මේ කිසි කෙනෙක් ඉදිරිපත් වුණෙ නෑ. තොල්ස්තෝයි වුණත් ලිව්වේ රදළ පෙළපත් සහිත ප්‍රභූ සමාජයක් ගැනයි. ඔවුන් ඒ වැඩවසම් ඉතිහාසය මැනවින් හෙළිදරව් කරනවා. රුසියාවල ඉන්දියාවල චීනය වැනි රටවල් සිය සංවර්ධනීය ඉලක්කයන් වෙනුවෙන් සාහිත්‍ය භාවිතාවක් හැටියට යොදා ගත් සඵලදායක ආකාරය අපට ආදර්ශයක් විය යුතුයි. අපි උගත යුත්තේ එවැනි තැන් වලිනුයි.

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ

img0063

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s