ඒ වන විට ස්තාලින් ජීවත් වී නොසිටියේ ය

Sobachye-serdtse-Vladimir-Bortko-1988-2

විසිවැනි සියවසේ බිහි වූ සාහිත්‍යකරුවන් එක පෙළට සිටුවුවහොත් ඔවුන් අතරින් විශිෂ්ටතමයා මොහු යැයි තෝරා ගත නොහැකි වුණත් විශිෂ්ට විශේෂත්වයක් ඇති අයෙකු තෝරා ගැනීම නම් නොකල හැක්කක් නොවේ. මිකායෙල් බුල්ගකොව් යනු එවැන්නෙකි. එහෙත් 1891 – 1940 අතර කාලය පුරාවටම ඔහු ලියූ එකදු කාතියක් හෝ අත් පිටපතකින් එහාට නොගියේ ය. ඔහුගේ කෘති ප්‍රකාශයට පත් කිරීම සෝවියට් රුසියාව තුල තහනම් කටයුත්තක් කොට තිබිණි. ඒ අත් පිටපත් අතරිනුත් ඇතැම් ඒවා තිබුණේ සෝවියට් රහස් පොලිසිය ලඟ ය. අවසානයේ දී ඔහු මිය ගියේ ය. ඒ ද නිශ්ශබ්ද මරණයක් ම විය.

bulgakovdrawing.jpg
Mikhail Bulgakov

කෙසේ වෙතත් මිකායල් බුල්ගකොව් ගේ මරණය නිහ~ කරන්න ට ඒ වන විට ස්තාලින් ජීවත් වී නොසිටියේ ය. බලයේ සිටියේ ස්තාලින්ගෙන් පසු කැත ම සාහිත්‍ය වාරණයක් පවත්වා ගෙන ගිය ලියොනිද් බ්‍රෙෂ්නෙෆ් ය. බුල්ගකොව් ගේ සාහිත්‍ය කෘති ප්‍රකාශයට පත් කිරීම ට කෘෘෂෙව් යුගයේ දී ලැබුණු අවසරය යලිත් වාරණයක් බවට පත් කරන්නේ බ්‍රෙෂ්නෙෆ් ය.

රුසියානු ශෝකාන්තය නිර්මාණය කල එකම නායකයා ගොර්බචොෆ් නොවුණත් කැපී පෙනෙන අයුරින් ඒ දේ කල නායකයා ඔහු යැයි කීවේ රුසියානු සමාජ විචාරකයෙක් වන අලෙක්සන්දාර් සිනෙවියෙෆ් ය. එහෙම වුණත් ඔහු ගේ ග්ලාස්සනොට් ව්‍යාපාරය විසින් එතෙක් සෝවියට් රහස් පොලිසියේ ගබඩාවල සඟවා තිබූ සාහිත්‍යකරුවන් ගේ අත් පිටපත් සියල්ල නිදහස් විය. බුල්ගකොව් ද ඒ අතර විය. එහෙත් ඒවා ප්‍රකාශයට පත්වීද නොවීද යන්න ඔහුගේ දැනීම් සීමාවට අයත් වූවක් නොවේ. විශේෂයෙන් ම ඔහුගෙ “බල්ලෙකුගේ හදවත” (Heart of the Dog) “දෛවයේ බිත්තර” වැනි විවාදාත්මක කෘති ලෝක සාහිත්‍ය තිගස්සවමින් ඉදිරියට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

මෙහිදී බල්ලෙකුගේ හදවත [සිංහල පරිවර්තනය – ගාමිනි වියන්ගොඩ]– කෘතිය පාදක කරගෙන ‘රුසියානු ශෝකාන්තය’ නිර්මාණය වන තැනට සෝවියට් රුසියාව ඇද වැටුණු අයුරු ගැන කෙටියෙන් විමසා බැලීමක් වශයෙන් මේ සටහන සැලකිය යුතුය.

“කිසියම් හේතුවක් නිසා මුල් කාලීන සිය තරුණ විය පිළිබඳ මතකයේ පැහැදිලි කොටසක් උගේ මතකයට නැගුණේ ය. ප්‍රියෝ බ්‍රෙෂ්න්ස්කි මං සන්දියට යාබදල හිරු එළියෙන් නෑවුණු විශාල ගෙවත්තක්. හිරු රැස් කීරි වැටුණු වීදුරු බෝතල්ල ඉරි තැලූණු ගඩොල් කැටල නිදහස්කාමී නන්නත්තාර බල්ලන්.”

“ඔන්න ඉතිං ඇයි මේ තමන්වම රවට්ටගන්නෙ. උඹ මෙතන දාලා කවදාවත්ම යනව ද? ඔය කියන නිදහස හොයාගෙන උඹ කවදාවත් ම යන්නේ නැහැ. සංවේගයෙන් හාත්පස ඉව අල්ලමින් බල්ලා තමාට ම කියාගත්තේ ය. මං ප්‍රභූවරයෙකු ගේ බල්ලෙක්. ප්‍රභූ සත්වයෙක්. මං රස බලා ඇති ජීවිතය උත්තම ගණයේ එකක්. ඇරත් නිදහස කියන්නේ මොකක් දරෑ හිතළුවක්. දුම් රොදක්. මිරිඟ=වක්. ප්‍රබන්ධයක්. කාලකණ්ණි ප්‍රජාතන්ත්‍රවාදීන් ගේ උන සන්නිපාත සිහිනයක්.”

බුල්ගකොව් එලෙසින් නිර්මාණශීලි විස්තරයක් ඉදිරිපත් කරන්නේ හුදෙක් පාඨකයාට විස්මයාවහ අත්දැකීමක් ලබාදීමට යැයි නොසිතිය යුතුය. ඒ විස්තරය මුළුමනින් ම දේශපාලන විග්‍රහයක් වේ. එය ඉදිරිපත් වෙන්නේ පිලිප් පිලිප්පෝච්චි නම් විද්‍යාඥයා හරහා ය. ඔහු බල්ලෙකු මනුෂ්‍යයකු කිරීමේ පර්යේෂණයක නිරත වෙයි. බුල්ගතොව් ගේ දේශපාලන විග්‍රහය තියෙන්නේ විද්‍යාඥයාගේ ඒ පර්යේෂණය තුලය. කෙසේ වුවද විද්‍යාඥයා දේශපාලන විචාරකයෙකු වශයෙන් නොවුණත්ල (ඒ දේශපාලන විචාරකයා සිටියේ බුල්ගකොව් ගේ හදවත තුලය.) විද්‍යාඥයෙකු වශයෙන් ඉදිරිපත් කරන නිගමනය ද වැදගත් එකකි. එහෙත් එය සෝවියට් රුසියාව ට පමණක් අදාල යැයි කියන්නේ යමෙක් ද හෙතෙම සීමිත කල්පනා ශක්තියක් ඇත්තෙකි. ඒ වනාහි ජගත් දේශපාලනය යි.

vlcsnap-486941.png

“ඒ උනාට මිනිහා කතා කලා නෙ.”
“තවමත් කතා කරනවා. ඒත් ඒත් එන්න ම කතා කරනව අඩු යි. ඒක නිසා අහගන්න තියෙන දෙයක් දැන්ම අහගත්තොත් හොඳ යි. මොකද තව ටික දවසක් යන කොට මිනිහ මුළුමනින් ම ගොළු වෙන්න පුළුවන්.”

‘ඒ ඇයිර? ‘ කළු මිනිසා හීන් හඩින් විමසී ය.

සත්තුන් ව මිනිස්සු බවට හරවන නොවරදින ක්‍රමයක් තවම විද්‍යාවේ හොයාගෙන නැහැ. මම උත්සාහ කලා. ඒත් ඔබට ම පේනවා. ඒක දැන් අසාර්ථක වෙලා. ටික කාලයක් මිනිහා කතා කලා. ඒත් පස්සෙ ආයෙමත් මුල් තත්වෙට ම ගියා. ,

Joseph Stalin
Russian leader Joseph Stalin

කාල්මාක්ස්ගේ නිර්ධන පාංතික ආඥාදායකත්වය ලෙනින් ව අමාරුවේ දැම්මා යැයි කියන්නට අපට පුළුවන්කමක් නැත. එත් 1921 සිවිල් යුද්ධය අවසානයේදී සෝවියට් සමාජ දේශපාලන විපර්යාසය ආර්ථීක වශයෙන් බරපතල විදිහට අසීරු අඩියකට පත් කලේ ය යන්න බොරුවක් නොවේ. ලෙනින් ද එය පිලිගත්් බව පැහැදිලි ය. යම්තාක් දුරකට පෞද්ගලික ව්‍යවසායික අයිතියක් පිිලිගැනීමට සෝවියට් රුසියාවට සිදුව ඇති බව ප්‍රත්‍යක්ෂ වෙමින් තිබුණි. එහිදී සුළු පරිමාණ ව්‍යවසායකයින් හරහා එම වෙනස සෝවියට් රුසියාවට හඳුන්වා දීමේ සූදානමක් ද නොතිබුණා නොවේ. එවැනි ව්‍යවසායික වෙනසකින් තොරව පවත්නා ආර්ථීක අර්බුදයට විසඳුම් සෙවීමේ අසීරුතාව ලෙනින් ප්‍රමුඛ බුඛාරින් වැනි මධ්‍යස්තවාදී උගත්තු වටහා ගනිමින් සිටියහ. නමුත් එය එසේ වුණේ නැත. ගෞරවනීය ලෙසින් එහෙත් නිශ්ශබ්දවම ජීවිතයෙන් සමුගැනීමට ලෙනින් ට සිදු විය. කෘෘප්ස්කයා :ලෙනින් ගේ බිරිඳ- නිහ~ වූවා ය. ට්‍රොට්ස්කි අවතැන් වුණේ ය. බුඛාරින් ලා ප්‍රතිවිප්ලවවාදීන් ලෙසින් අත්අඩංගුවට ගැනිණි. බුල්ගකොව් ගේ සාහිත්‍ය ප්‍රකාශන රහස් පොලිසිය පැමිණ රැගෙන ගියේ ය. මේ සියල්ලම එකම ඉතිහාසයක සිද්ධි පෙලක් වේ. පුද්ගල කේන්ද්‍රිය බල ස්ථාපිතයක් වෙනුුවෙන් දේහපාලනීකරණයක් රට තුල ක්‍රියාත්මක වෙමින් තිබිණි. එහෙම බලන කොට බුල්ගකොව් කියන්නේ ඓතිහාසික සාක්ෂිකරුවෙකු වේ. ඒ නිසාම නිහ~ල අත් හිටුවන ලද ජීවිතයක් ඔහුට හිමි කර දී තිබිණි. හෘද සාක්ෂිය නො හඳුණන බල්ලෙකුගේ හදවතක් ඉතිහාසයේ පිටු මත තැන්පත් කොට තිබිණි.

ඉතිහාසය යනු විචාරයට ලක් විය යුත්තකි. නිර්මාණ සාහිත්‍ය මෙන්ම ඉතිහාසය ද නිරන්තර සංවාදයට ලක් විය යුතු වේ. එහෙත් බොහෝ දුරට එය එසේ සිදු නොවේ. එනිසාම බුල්ගකොව් ලාගේ බිහි වීම ඓතිහාසික අවශ්‍යතාවයක් ම වේ.

13528929_1377571252258012_8589229310779162392_n


1996 දී මුද්‍රණය වූ කර්තෘ ප්‍රකාශනයක් වන මෙහි කවර නිර්මාණය ශාන්ත කේ. හේරත් ගෙනි.

 මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s