පරිසර අධ්‍යයනය සහ සිංහරාජ වනාන්තරය

සිංහරාජයේ ගැමි දිවි පෙවෙත

සිංහරාජ වනාන්තරය පාරිසරික දායාදයක් ලෙසින් වර්තමානයේ සැලකුණත් අතීතයේදී ජනාවාස සඳහා කෘෂි වගා සඳහා වනාන්තර භූමිය එළි පෙහෙළි කිරීම අපරාධයක් ලෙසින් සැලකුණේ නැත. මේ අනුව වරින්වර පැමිණි වනාන්තර භුමියෙන් කැමති ඉසව්වක් එළි පෙහෙලි කරගෙන පවුල් වශයෙන් හෝ පෞද්ගලික මට්ටමින් හෝ පදිංචි වීම නෛයිතික බාධාවකින් තොරව සිදුකර ගැනීමට හැකි විය. එවැනි සමාජ ඉතිහාස පසුබිමක් තුළ ඇති වූ ජනාවාස නිසා ඇති වූ අහිතකර ප්‍රතිඵලයක් ලෙසින් පරිසර විද්‍යාර්ථීන්ගේ විවේචනයට ලක්ව ඇත්තේ කුඩා තේ වතු ව්‍යාපෘතියයි. මේ ආකාරයට කුඩා තේ වතු සිය ප්‍රමුඛ ව්‍යාපාරික පැවැත්ම කරගත් මධ්‍යම පාංතික පවුල් සහිත ජනාවාසයක් ලෙසින් ප්‍රකටව කැපී පෙනෙන්නේ ලංකා ගමයි. එය වනය ආශ්‍රිත ජනාවාසයක්් ලෙසින් සෘජුවම හැඳින්විය නොහැකි වුණත් ලංකා ගමේ ප්‍රධානම ආර්ථීක බෝගය වන තේ වගාවෙන් එයට සිදුවන බලපෑම දුරස්ථව තබා තක්සේරු කළ හැකි නොවේ. වනාන්තරය තුළම පිිහිටි ගම්මාන අතර ප්‍රධාන මට්ටමේ සැලකිය හැකි ගම් 2 ක් වශයෙන් වාරුකන්දෙණිය සහ කොලොන්තොටුව නම් කල හැකි වේ. ඒ හැරුණු කල සෙසු ගම්මාන පිහිටා ඇත්තේ වනයට මායිම්වය.

[64 පිටුව]

13095941_237625763261051_5638311293645276500_n.jpg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s