ගේ කුරුල්ලා ගැන පාඨකයෝ මෙසේ කියති.

4222070002_c986155c1b_o.jpg

ගේ කුරුල්ලා ගන පසුගිය දින කිහිපය පුරාම දිගු සංවාදයක් ඇති වුණා. ඒකට හේතු වුණේ ජ්‍යෙෂ්ඨ නීතිවේදී පක්ෂි නිරීක්ෂක ජගත් ගුණවර්ධන විසින් සිදු කරන ලද පක්ෂි නිරීක්ෂණ වාර්තාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියක් Green Journal හි පල කිරීමයි. මෙහිදී විශ්‍රාමික රජයේ නිලධාරියෙකු ඒ සම්බන්ධයෙන් සිය අත්දැකීම් හෙලිකලේ මෙහෙමයි.

ඉස්සර වරායේ බඩු භාණ්ඩ ගෙන ගියේ අද වගේ කන්ටේනර්වල අසුරලා නෙවෙයි. විශෙAෂයෙන්ම ධාන්‍ය සහල් වැනි දෑ ගෝනි වැනි අසුරන වල යි දමා තිබුණේ. මේ නිසා ඒ ආශ්‍රිතව බොහෝ සෙයින් සහල් සහ ධාන්‍ය විසිර තිබුණා. කුරුල්ලෝ විශේෂයෙන් ම ගේ කුරුල්ලා ඒ අවට ලයිට් කනුවල වයර් වල වගේම ගොඩනැගිලි පියසිවල වසා සිටමින් බිම විසිරුණු ධාන්‍ය අනුභව කරන අයුරු සුලබ දර්ශනයක වුණා. නමුත් අද එහෙම පරිසරයක් නෑ. පරෙවියන් හැරුණම ඒ කාලේ සුලබව හිටපු ගේ කුරුල්ලන් දකින්නත් නෑ.

එම විශ්‍රාමික නිලධාරියාගේ ඒ කතාවත් වැදගත් යයි අප සිතනවා. මේ අතර එය කියවූ පාඨකයෙක් කියා තිබුණා Rubber paint නමින් අප හඳන්වන තීන්ත විශේෂයේ බාහිර බලපෑමක් ගේ කුරුල්ලන් ගේ වඳ වීමට හේතු වුණ බවක් තමන් අහල තියෙනවය කියලා.ඒ අදහසත් මේ අවස්ථාවේ දී වැදගත් මතු කිරීමක් හැටියට ගැනීම සාධාරණ යැයි අපි සිතනවා.

558083_116965701783473_695682464_n
Dr Nandana Atapattu

මේ අතර හිටපු සහකාර වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු වන වෛද්‍ය නන්දන අතපත්තූ මහතා ද ගේ කුරුල්ලන්ගේ් වඳවීමට අදාලව තමන්ගේ මතය මෙසේ පැවසුවා.

වෛද්‍ය නන්දන අතපත්තු මුලින් ම කිව්වේ ඔහු වරිපනම් බදු ගෙවන්නට කොළඹ නගර සභා කාර්යාලයට ගිය අවස්ථාවේ දී ගේ කුරුල්ලන් දෙදෙනෙකු දුටුවාය කියලයි. එය තමාගේ විශ්මයට ත් සතුටටත් හේතුවක් වුණාය කියලත් ඔහු පැවසුවා.

ඊළඟට ඔහුල ගේ කුරුල්ලන්ගේ වඳ වීමට හේතුව ලෙසින් දුටුවේ ඒ සතුන් ගේ මස වාජීකරණ ඖෂධයක් හැටියට පැතිර ගිය දුර්මතය යි. වැහි ලිහිණි කූඩු එක් රැස් කරමින් රහසිගත ජාවාරමක් හැටියට අපනයනය කරන්නේත් ඒවා වාජිකරණ ඖෂධයක යැයි පැතිර ඇති දුර්මතය නිසා යැයි ද ඔහු තවදුරටත් පැවසුවා.

ඉතිං මේ ආකාරයට ඉතා කුඩා පක්ෂියෙකු වූ ගේ කුරුළු මසට එකතු කල අර කියපු වාජිකරණ මිථ්‍යාව නිසා වැඩි මස් ප්‍රමාණයක් ලබාගන්න විශාල වශයෙන් ගේ කුරුල්ලන් මරන්න කටයුතු කලා යැයි වෛද්‍ය නන්දන අතපත්තු පවසනවා.

තමන්ගේ නිවස ආසන්නයේ ගේ කුරුල්ලකු වසන බවත් ඌ හුදකලා වූ පක්ෂියකු ගැනත් පාඨකයකු දන්වා තිබුණා. තමන් ඌට ආහාර පාන ලබා දෙන බවත් ඔහු කියා තිබුණා. ඒක හරිම හොඳ දෙයක්.

මේ වගේ තමන් අවට පරිසරය ගැන හිතන පරිසරයට හිතවත් සහෘද මිනිසුන් අද අපට අවශ්‍යයි. ඒ නිසා දිගට ම අපිත් එක්ක ඉන්න. අපෙන් පසුව එන පරම්පරාවලට මේ පොලොවත් නැති වූ එහි පරිසරයත් තිබූ හැටියට ම ලබා දීලා අපි මේ ගමන අවසන් කරමු. ස්තුතියි.

– සංස්කාරක –

Green Journal    

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s