එය දේශපාලනික යි. එය ප්‍රතික්ෂේප කල නොහැකි යි.

DSC_0044

විචාරකයා සහ විචාරය නව ලෝක සාහිත්‍ය කලා ප්‍රවණතා ඉදිරියේ් වෙනස් වීම් සමඟ විචාරකයා තවදුරටත් යම් කෘතියක ඇති දෑ පාඨකයාට වටහා දෙන යටිතල පහසුකම් සපයා දෙන අයෙක ගේ තත්වයෙන් මිදී නිදහස් අදීන මතවාදියෙකු වීම ගැන නව කතිකාවතක අවශ්‍යතාවය මතු වෙමින් තිබේ. විශේෂයෙන්ම අද වන විට විචාරයද ඥාති සංග්‍රහයක් වෙමින් පැවතීම තුළ එසේ නැත්නම් එවැනි පටු ආත්මාර්ථවාදයක් කරා තල්ලූ වීමක් පවතින තත්වයක් මත වියත් විචාරවාදයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමකට යාම ට අපි තීරණය කළෙමු. ඒ සමන් වික්‍රමාරච්චි සමඟ ය.

ප්‍රශ්නය – ලංකාවේ විචාර සංස්කෘතිය ගුරු කුල සහ පුද්ගල කේන්ද්‍රීය තත්වයෙන් ගොඩ නැගුණේ අතිතයේ සිටමයි. උදාහරණයක් හැටියට හෙල හවුල පේරාදෙණිය ගුරුකුල වශයෙනුත් ඩබ්ලියු ඒ සිල්වා මාර්ටින් වික්‍රමසිංහ පුද්ගල මට්ටමිනුත් විචාරවාද ගොඩ නැගීමට හවුල් වුණා. දේශපාලන පසුබිමකින් සහ ප්‍රාචීන ශාස්ත්‍රෝද්ග්‍රහණයක් සහිත මහාචාර්ය ගම්ලත් ඒ අතර වෙනස් ම උදාහරණයක්. ඒත් මම අහන්නේ ඊට පස්සේ අපේ සාහිත්‍ය විචාරයට මොකද වුණේ කියන එක යි. නිසි අයුරින් යෂ්ටිය ලබා ගැනිමක් සිදු වෙලා තියෙනවාද?

පිළිතුර – මා හිතනවා ඊට පස්සෙ වෙනසක් වුණා කියලා. වෙනසක අවශ්‍යතාවයක් දැනුණ නිසා එහෙම වුණාය කියලා.

ප්‍රශ්නය – අපේ විචාර සංස්කෘතිය ඇතුලේ මීට පෙර කීර්තිමත් උදාහරණ තිබියදීත් ඔබ කියන ආකාරයට වෙනසක අවශ්‍යතාවයක් දැනුණ ද එහෙම නැත්නම් ඒක මවාගත්ත තත්වයක්ද?

පිළිතුර – මෙහෙමයි පැවැති සාහිත්‍ය විචාරය විසින්ම තමයි ඒ වෙනසක අවශ්‍යතාව මතු කලේ. මහචාර්ය ගම්ලත් කියන උදාහරණයට සමහරු දේශපාලනිකයි කියලා චෝදනා කලාට ඔහු යථාර්තයක් එහෙම නැත්නම් පිලිගත් ඇත්තක් ඇතැයි කියන තැන ඉදලා තමන්ගේ විිචාරය ගොඩ නැගුවා. එතැනදී ට්‍රොට්ස්කිවාදය වැනි දේශපාලන දර්ශනයක් පාදක කර ගැනීම නිසා දේශපාලනික විචාරකයෙක් වශයෙන් හදුණාගත්තත් ගම්ලත් ගේ විචාරය ගොඩ නැගුණේ”එලියේ යථාර්තයක් තිබේ”

යන ආස්ථානය මතයි. එක්තරා අතකින් බැලූවම එය දේශපාලනික යි. එය ප්‍රතික්ෂේප කල නොහැකි යි. අනිත් අතට මේ රටේ ඕනෑම විචාරයක් තුළ දේශපාලන කියවීමක් තියෙන බව තේරුම් ගත යුතුයි. පැවති පේරාදෙණි ගුරු කුල විිචාරයේ සම්ප්‍රදායිකත්වට එරෙහිව වෙනස් ආකාරයක විචාරයක් ගම්ලත් හරහා එළියට ආවා. ඒක ඇත්තක්. නමුත් අද වන විට ලෝකය ආර්ථීක හා සංස්කෘතික වශායන් දැනෙන සුළු පෙරලි ගණනාවකට මුහුණ දෙමින් සිටිනවා. ඒ වෙනස්කම් හමුවේ වෙනස් කියවිමක අවශ්‍යතාව ද තදින් ම දැනෙනවා. ඒ ආකාරයට අලූත් තත්වයක අලූත් පසුතලයක අවශ්‍යතාවය අද ලෝකයට දැනෙන්න පටන් අරගෙන තියෙනවා.

බටහිර ධනේෂ්වරයත් සමඟ බැදෙන නූතනවාදය කාර්මික විප්ලවය හේතු කොට ගෙන ඇති වූ තත්වයක් යන්න කවුරුත් දන්නවා. ඒ සමාජ වෙනස විසින් ඒ දවසAවල අලූත් සාහිත්‍යයක් ද ලෝකයට ගෙන ආවා. කොහොම වුණත් කාලයක් එක්ක ඒ තුලින් ම ඊට එරෙහි ප්‍රතිවිරෝධි තත්වයක් ද ඇති වුණා. ඒ විදිහට ඇති වුණක් තමයි රොමැන්ටිසිසම් කියලා කියන්නෙ. ඒක ඇත්තටම අර මුලින් කී නූතනවාදයට එරෙහි ව ඇති වූ කැරැල්ලක්. ඒත් සමඟම ප්‍රංශයේ පෙරටුගාමී මතවාද සහිත සාහිත්‍යයකුත් ඇති වෙනවා. ඩාඩා වාදය වැනි වෙනස් නිර්මාණ ප්‍රවාහයක් බිහි වෙන්නේ ඒ අනුවයි. එතැනදි ඇත්තටම සිදු වන්නේ පැවති නූතනවාදයෙන් පෝෂණය වූ එහෙත් ඊට එරෙහි වූ කැරලිකාර මතවාදීන්ගේ බිහිවීමක්. ඒ වගේම වෙනසක ආරම්භයක්.

ප්‍රශ්නය – එය වෙනසක් පැවැති තත්වය ට එරෙහි ව ඇති වූ වෙනසක්. මොකක්ද විශේෂත්වයරෑ

පිළිතුර – මම මුලදීත් පැහැදිලි කල ආකාරය ට ධනේෂ්වරය තහවුරුවන්නේ කාර්මික විප්ලවයත් සමඟයි. එය වෙනසක්. ඒ වෙනස තමයි නූතනවාදය බිහි කරන්නෙ. නමුත් ඒ වෙනස තුළ ම නැවත වෙනස් විප්ලවයක් සිදු වෙනවා. ඒ තමයි තොරතුරු තාක්ෂණයේ විප්ලවය. තොරතුරු තාක්ෂණයේ විප්ලවය අද වෙනකොට ලෝකය යලිත් වෙනස් කරමින් සිිිටිනවා. ඒ නිසාම එතෙක් ලෝක පැවැත්ම විග්‍රහ කල මතවාද දර්ශනවාදල ප්‍රවාද ප්‍රශ්න කිරීමට ලක් වෙනවා. ඒ නව වෙනස සමාජ සම්බන්ධකම් පවුල් සබඳතාවල පවා වෙනස කම් ඇති කරමින් තිඛෙනවා. එතෙක් පැවැති සම්ප්‍රදායික වෙනස්කම් නොවැලක්විය හැකි අයුරින් වෙනස් වෙන්න පටන් ගෙන තිඛෙනවා. ලෝ්ක ආර්ථීකයේ හැසිරීම් පවා වෙනස වෙනවා. අපි පශ්චාත් නූතනවාදය වශයෙන් හඳුනාගන්නේ මේ තත්වය යි.

12998753_10153548049028683_1706304001400292797_n.jpg

ප්‍රශ්නය – පශ්චාත් නූතනවාදය ගැන අද බොහෝ අය බොහෝ අවස්ථාවල දැන හෝ නොදැන සමහර විට පුරුද්දට වගේත් කතා කරනවා. ඒ නිසා පශ්චාත් නූතනවාදයේ හැසිරීම් පිළිබඳව මෙහිදී ඔඛෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි.

පිළිතුර – ඇත්තටම ඒ අනුව සිද්ද වෙන්නෙ සියල්ලම සංස්කෘතිකකරණයට ලක් වීමක්. මේ සංස්කෘතිකකරණය විසින් යම් අවකාශමය තත්වයක් ද නිර්මාණය කරනවා. ඒ තුළ සියලූ දේවල තීරක බලය සංස්කාතිය විසින් අත්පත් කර ගන්නවා. කොටින්ම දේශපාලනය පවා සංස්කෘතිකකරණය වෙනවා.

ප්‍රශ්නය – සංස්කෘතිකකරණය යන්න මෙතැන දී ඔබ ගන්නෙ කුමන අර්ථයෙන් ද කියන එකක් ප්‍රශ්නයක්. ඒ මොකදල සාම්ප්‍රදායිකත්වය තුළත් සංස්කෘතිකකරණය යන සංසිද්ධිය ආගන්තුක දෙයක් නෙවෙයි.

පිළිතුර – මෙතැනදී සංස්කෘතිය අපි ගන්නේ සාම්ප්‍රදායික අර්ථයෙන් නෙවෙයි. උදාහරණයක් හැටියට පැහැදිලි කිරීමක් තියෙනවා. Nature and Culture කියලා. මෙතැන දී Nature කියන්නේ ස්වභාවිකත්වය එහෙම නැත්නම් ප්‍රකෘතිය. ඒ තුළම සංස්කෘතියත් කියවෙනවා. ඒ පිලිගැනීමට අනුව ඉහලින්ම තියෙන්නෙ ස්වභාවය හෙවත් ප්‍රකෘතියයි. ඊට සාපේක්ෂව සංස්කෘතිය තිඛෙන්නේ පහලිනුයි. මෙන්න මේ තත්වය පසුකාලීනව වෙනස් වෙලා පහලින් තිබුණු සංස්කෘතියෙ නැගී සිටීමක් දකින්න ලැඛෙනවා. ඒ අනුව සංස්කෘතිය දෙවැනි ස්වභාවයක් Second Nature වශයෙන් විග්‍රහ වෙනවා. ඒ බව පශ්චාත් නුූතනවාදය විසින් පෙන්වා දී තිඛෙනවා.

මේක අලූත් තත්වයක්. ඒ අලූත් තත්වය ඇතුලෙ නව සාහිත්‍යයක්ල නව විචාර විධියක් ද ගොඩ නැගෙනවා. මේ ලෝකය හරියට කොහොම ද දකින්නෙල කොහොමද හරියට විග්‍රහ කරන්නෙ යන මේ ප්‍රශ්න කිරීම් හරහා තමයි අර කීව නව සාහිත්‍ය නව විචාර විධි බිහි වෙන්නේ. ඒ වගේ ලෝක පසුබිමක් තුල අපේ සාහිත්‍ය විචාරය පවතින්නෙ බොහොම පටු තැනකයි. නව තත්වයන් හඳුනාගෙන ඒ නව කියවීම් හමුවේ වෙනස් නොවීම තමයි ඊට හේතුවෙලා තියෙන්නේ. ඒ නව ප්‍රවණතා සමඟ ගනුදෙනු කරන්නෙ කොහොම ද කියන කාරණයත් සමඟ තමයි අද අපි ගැටෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ විශ්වාස කරනවද විචාරකයාට හැදෑරීමක් අවශ්‍යයයි කියලා. ඔබ ද විචාරකයෙක් වශයෙන් කටයුතු කරන පසුබිමක විචාරකයකුට හැදෑරීමක් අවශ්‍ය යැයි කියා මා කීවොත්….?

පිළිතුර – විචාරකයන් හැටියට අපිට නව වෙනස්වීම් නව ප්‍රවණතා ප්‍රතික්ෂේ්ප කරන්න බැහැ. ඒවා සමඟ ගමන් කරන්න වෙනවා. ඒ විදියට තමයි හැදෑරීම් සිදුවෙන්නෙත්.

මේ ආකාරයට පසු ගිය කාලය තුල අපේ රටේත් වෙනස් කතිකාවන්ලවෙනස් තත්වයන් ගොඩ නැගුණා. එවැනි වෙනසක් සමඟ සිටි පිරිසක් හැටියට X කණ්ඩායම දකින්න පුළුවන්. එහි තේරුම පවත්නා සාම්ප්‍රදායික දැනුමට එරෙහිව ඔවුන් වෙනස් ආකාරයක දැනුමක් ගෙන ආවාය කියන එකයි. පශ්චාත් නූතනවාදය කියන වචනය පවා ගෙන එන්නෙ ඔවුන්. පසු කාලීනව ඒ කණ්ඩායම ඇතුලෙ යම් ගැටුම් හැල හැප්පීම් ඇති වුණා. නමුත් ඒ නිසා ම අර වෙනස් මතවාදය ප්‍රතික්ෂේප වුණේ නෑ. ඔවුන් සාම්ප්‍රදායික විචාර විධි බරපතල ආකාරයට විවේචනය කලා. ඒ විවේචනය ඇතුලේ පුද්ගල වන්දනාව වැනි සාම්ප්‍රදායික ව්‍යාජයන් පැහැදිලිවම ප්‍රතික්ෂේප වුණා. ඔතන දීී මෙහෙම දෙයක් ද සිද්ද වුණා. X කණ්ඩායමේ .හෙජමොනිය. කියන පොත එකල මගේ විචාර ක්‍රමය ට අනුව විවේචනය ට ලක්වුණා. පසුව මගේ මේ විවේචනයල විචාරයට ලක් කරමින් එකල වූ ,මාතොට සඟරාව, ට ලිපියක් ලියූ දීප්ති කුමාර ගුණරත්න ,හදාරමු ද වැනසෙමු දරෑ , මැයෙන් මගේ දැනුම ප්‍රශ්න කොට තිබුණා. ඔවුන් ගේ ඒ කෘතිය පශ්චාත් නූතනවාදි මතවාද ගැන කල විමසීමක්. මම ප්‍රශ්න කලේ එයයි. කොහොම වූණත් ඔවුන් මාව පෙරලා ප්‍රශ්න කරන විට මට තේරුම් ගියා ඇත්තටම මම දැන ගෙන නෙවෙයි ඔවුන්ගෙ .හෙජමොනිය. විවේචනය කරලා තියෙන්නෙ කියලා. ඒ වගේම මට වැටහුණා මම ඉන්නෙ හරි සරල තැනකය කියලා. ඒ අනුව හැදෑරීමේ අවශ්‍යතාවය මට තදින්ම දැනුණා. ඒ හැදෑරීමත් සමඟ ම මම වෙනස්ම තැනකට ගමන් කලා යැයි කියන්න පුලූවන්.

ප්‍රශ්නය – නමුත් ඔබේ විචාරය සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. නිර්දය විචාරයක් වශයෙන් එය දකිනවා. ඇතමුන් ට අනුව ඔබ විචාරයෙ යෙදෙන්නෙ හරියට විනිශ්චයක් ලබා දෙන නඩුකාරයෙක් වගෙයි. මේ සම්බන්ධයෙන් කතා කලොත්….?

12932853_10153548088488683_5913001066050131385_n

පිළිතුර – මගේ විචාරය අදියර දෙකකින් යුක්තයි. පළමු අදියරය ගෙවී යෑමෙන් පසුව දෙවැනි අදියරය ඇරඹෙනවා. ඒ පුළුල් කියවීමක් සමඟයි. ,උම්බටෝ එකෝ Umberto Eco  නම් නවකතාකරුගෙ The Misterious  Flame of Queen Lona නම් කෘතිය මේ දිනවල මම කියවමින් සිටිනවා. එහි කතානායකයා දුර්ලභ පොත පත සොයා ගෙන ඇවිත් අලෙවි කරන් නෙක්. ඒ වගේම බොහෝ පොත පත කියවූ අයෙක්. මේ පුද්ගලයාට මානසික රෝගයක් හැදෙනවා ඒ තමයි තමන් පිළිබඳ මතකය අහිමිවීම. තමන් ගේ නමල පවුලේ අය ගැන මතකය නැති වෙනවා. හැබැයි ඔහුට තමන් කියවූ පොත් පත්වල සියලූ දේ මතකයි. සංකේතීය ලෝකයේ ඒ සියල්ල ඔහුට මතකයි. අමතක වෙන්නෙ තමන් ව පමණයි. වරක් ඔහුගෙ අමතක වූ මතකය ආපහු ගන්න වෛද්‍යවරයා මීදුම ගැන කතා කරනවා. එතකොට ඔහු කරන්නෙ ආතර් කොනන් ඩොයිල් ගේ හවුන්ඩ් ඔෆ් බැස්කවිල් කෘතියෙ එන මීදුම ගැන ලියවුණු සියල්ල උපුටා දැක්වීමයි. එවිට වෛද්‍යවරයා තමන් වෛද්‍යවරයෙක් පමණක් බව පවසනවා. ඔහු මෙන් බොහෝ පොත පත කියවා නැති බවත් කියනවා. මේ දෙසැම්බරයවත් වුණානම් මට ඔබට මීදුම පෙන්වන්නවත් තිබුණායැයි ද කියන ඒ වෛද්‍යවරයා මේ ගත වෙන්නෙ අප්‍රේල් මාසය බව සඳහන් කරනවා. එවිට රෝගියා එකපාරටම කියන්නෙ ,අප්‍රේල් මාසය ලොව කෘෘරතම මාසය වේ., කියළයි. එය ටී එස් එලියට් නම් ඉංග්‍රීසි ජාතික කවියා ගේ වේස්ට් ලෑන්ඩ් නම් කාව්‍ය කෘතියේ පළමු වැනි කවිපදයයි.

මම මේ කියන්න උත්සාහ කරන්නෙ මිනිසුන් ගේ ආත්මය සහ අනන්‍යතාව ගොඩනැගෙන්නෙ බාහිර ලෝකයත් සමඟය කියන කාරණයයි. ඒ බාහිර ලෝකය ඔහුගෙන් ඉවත් කලොත් ඔහු හිස් මිනිහෙක් බවට පත්වෙනවා. අර නවකතාවේ ප්‍රධාන චරිතය අවසානයේදී තමන්ම සොයා ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා පරණ පත්තරත් කියවන්න පටන් ගන්නවා. තමන්ව සොයායෑමේ ඒ සංසිදAධිය තමයි මගේ විචාරයටත් පාදක වෙන්නේ. සාම්ප්‍රදායික සාහිත්‍ය විචාරයේ යථාර්තය එළියෙ තියෙන ස්ථාපිතයක් කියල තමයි බොහෝ අය හිතන්නෙ. නමුත් එහෙම නෑ. යථාර්තය කියන්නෙ අපි හදාගත්ත දෙයක්. එය සාපේක්ෂයි. ඒ වගේම විචාරය විචාරයක් වශයෙන් හැඳින්වීම ගැනත මගේ එතරම් කැමැත්තක් නෑ. එතනදී වෙන්නෙ නැවත කියවීමක්. ඒ කියවීම විසින් නැවත ලිවීමක් ද ඇති කරනවා. ඒ තුලම නැවත ගොඩනැගීම් ද සිදු වෙනවා. ඇතැම් විට ලේඛකයා නොසිතූ තැනකින් ඔහුගේ කෘතිය මතු කරන්නට හෝ විමසන්නට විචාරකයා සමත් වෙනවා.

සාම්ප්‍රදායික විචාරය කියන ආකාරයට එය පාඨකයාට අත්වැලක්. එහෙම නැත්නම් ලේඛකයා කී දේ පාඨකයාට වටහාදීමක් යන්න මෙහිදී තවදුරටත් වැදගත් වෙන්නෙ නෑ. එවැනි යටිතල පහසුකම් සපයාදීමේ තත්වයෙන් එහාට විචාරය ගමන් කල යුතුයි. එය ස්වාධීන නිර්මානශීලි කටයුත්තක්. එතැනදී මගේ විචාරය නිර්දය දල විනිශ්චයක් ද වශයෙන් නැගෙන චෝදනා මට වැදගත් නෑ. මම ඉටු කරන්නෙ වගකීමක්.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s