නිල්වලාවේ කිඹුලන් වැඩිවෙලාද? කොටු වෙලාද?

adventure-holiday-sri-lanka-crocodile.jpg

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සහකාර ඉංජිනේ?

– රංජිත් ප්‍රියලාල්.

289124_10151057150157955_1531532971_o

මහවැලිල කළුල කැලණිල වලවේ යන ගංගා නම් ප්‍රසිද්ධ කවියේ රට තුල ගලා යන ගංගාවන් සතරක් නම් කරයි. එහෙත් ඒ අතරට නිල්වලා ගංගාව අයත් නොවුණේ එය මේ රටේ ප්‍රසිද්ධ ජල මූලාශ්‍රයක් නොවූ නිසා නොවේ. ඒ එය සමනල කන්ද මුදුනේ සිට පැන නො නැංග නිසා ය. නිල්වලාව පැන නගින්නේ රක්වාන කඳු වැටියෙනි. එය සිය ගමන අවසන් කරන්නේ මාතර තොටමුන යන ස්ථානයෙනි.

Crocodile-415x260.jpg

කි. මී. 75 ක් තරම් දුරක් ගලා යන ජල මූලාශ්‍රයක් වන නිල්වලාව ආශ්‍රිතව ජනාවාස බිහිවීම අවුරුදු 35000 ක් තරම් ඈතට විහිද යතැයි පැවසේ්. 70 දශකයේ දී නිල්වලාව ඇසුරු කරන නාදුගල ගම්මානයේ මෙගලිතික යුගයට අයත් සුසාන භූමියක පුරා තොරතුරු ද හමු වී ඇත. අවට පාරිසරික කලාපය ගත් කල පෘංශ= ස්වභාවය ලවණ සහිත ය. ඒ නිසාම ලවණ පසට ඔරොත්තු දෙන ‘පච්ච පෙරුමාල්’ නම් වී වර්ගයට ප්‍රාදේශීය කෘෂිකර්මාන්තයේ දී ප්‍රධාන තැනක් ලැබේ. එවැනි ලවණ සහිත පාංශ= පාරිසරික පසුබිමක නිල්වලාව එම කලාපයේ ජනතාවගෙන් සියයට 50 කගේ පමණ පානීය ජල අවශ්‍යතා සපුරන නිරෝගි ජල මූලාශ්‍රයක් වේ.

ඒ අනුව 2010 වර්ෂයේ දී දිනකට කියුබ් ජල මීටර 5400 ක් (ලීටර් ලක්ෂ 54ක්) පුද්ගලයන් 2ල50ල000 කගේ පමණ ජල අවශ්‍යතාව සම්පූර්ණ කොට තිබේ. එහි වර්තමාන සංඛ්‍යාව ලක්ෂ 5 කට ආසන්න බව ජාතික ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලයේ වාර්තා පෙන්වා දෙයි.

Portfolio_Mitigating-the-Human-Crocodile-Conflict-in-the-Nilwala-River1.jpg

එවැනි ජල පොෂණයක් සපයන නිල්වලාව අද වන විට කෘෂිකාර්මික ක්ෂේ්‍රතයේ අවිධිමත රසායන පෝර සහ කෘමි නාශක භාවිතාවන් හමුවේ විනාශයකට යමින් තිබේ. අද වන විට ගංගාව ආශ්‍රිතව කිඹුල් උවදුර ඉහළ යෑමට වැදගත් මට්ටමේ වගුරු බිම් බොහොමයක් නගර සභාව කසල පිරවුම් බිම් වශයෙන් තෝරා ගැනීම ද හේතුවක් වී ඇත. මේ නිසා කිඹුලන් ගඟ මැදට කොටු වීමක් සිදු වෙමින් පවතී. ඒ නිසා මිස මෙතැන සිදු ව ඇත්තේ කිඹුල්ගහනය ඉහල යෑමක් නොවේ. සිය වාස භූමි අහිමි වන තැන දී ගංගාව තුල ම සැරිසරනවා විනා වෙනත් විකල්පයක් කිඹුලන් ට ඉතිරි වී නැත.

 

කිඹුලන් මේ ආකාරයට ගංඟාව මැදට කොටු වෙන්න පටන් ගත්තේ 1983 වර්ෂයේ සිට යැයි පැවසේ. ඒ නිල්වලා ව්‍යාපාරයත් සමඟ ය. එතැන දී නිල්වලා ගඟ සහ කිරල කැලේ වගුරු බිම් කලාපය අතර තිබූ සම්බන්ධතාව අහෝසි විය. ගං වතුර තර්ජනය වලක්වනු වස් ගඟ දෙපසින් ඉඳි කල වේලි දෙක නිසා කිඹුලෝ ගඟ තුල කොටු වූහ. එසේ කොටු වෙමින් බෝ වූහ. මේ ආකාරයට පාරිසරික පැවැත්මේ සමබර බව නොසලකා සිදු කරන්නා වූ සංවර්ධන ව්‍යාපෘති අවසානයේ දී පාරිසරික සහ මානව පැවැත්මට එල්ල කරන්නා වූ තර්ජනය කොතරම් ද යන්න නිල්වලාවේ කිඹුල් – මිනිස් ගැටුමින් මොනවට පැහැදිලි වේ.

z_p-38-Co-01

කිඹුලා සිය පැවැත්මේ මුල් කාලයේ සිට ම ප්‍රිය කරනුයේ කරදිය ද මුසු වූ ජල පරිසරයකට ය. කිරල කැලේ ආශ්‍රිත වගුරු බිම ඔවුන් ගේ ප්‍රියතම වාසස්ථාන භූමියක් බවට පත් වන්නේ ඒ අනුව ය. නමුත් යට කී සංවර්ධන ව්‍යාපෘති හේතු කොට ගෙන අද එම ප්‍රදේශය කිඹුලන්ට තහනම් කලාපයක් බවට පත්ව තිබේ.

කිරල කැලේ සහ නිල්වලාව අතර වූ සම්බන්ධය ගිලිහී යෑම තුල මෙතෙක් එහි වූ කරදිය මිශ්‍ර වූ ජල සහ පාංශ+ පරිසරය ක්‍රමයෙන් පිරිහී යමින් පවතී. මෙවැනි පසුබිමක නිල්වලාවේ කිඹුලන් අල්ලා නැවත කිරල කැලේට අතහැර එය කිඹුල් සංරක්ෂණාගාරයක් ලෙසින් කටයුතු කරන්නට සිතීම ම අප රටේ පාරිසරික සැලසුම් වල පවත්නා අසාර්ථකත්වය පෙන්වා දෙන්නක් වේ.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

(මෙම අදහස් දැක්වීම මුල්වරට පලවුණේ 2012 ජූලි ඉරිදා රන්දිව පුවත්පතේ ය.)

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s