සංස්කාතික කටයුතු අමාත්‍යාංශය පීලිතියස් ව දුටුවාද?

Lanka.jpg

“ලංකාව නගර පන්සියයකින් පමණ සමන්විත වූ රටකි. අගනගරය පලේසිමුණ්ඩු නම් විය. වැසියන් 200ල000 ක් පමණ දිවි ගෙවයි. ලාංකිකයන් වශයෙන් වහලූන් තබා ගැනීමක් සිදු නොකරන ලදී. උදෑසන අවදි වූ පසු දහවල් කාලයේ හෝ දවසේ මොනයම් කාලයක ඔව්හු නිදා නොගනිති. ඔවුනගේ නිවාස සාමාන්‍ය ප්‍රමාණයේ ඒවා ය. ඔවුන් අසාමාන්‍ය මිල ගණන් වලින් යුතු බඩු බාහිරාදිය පාවිච්චි කලේ නැත. අධිකරණ කටයුතු මනා ලෙස පවත්වාගෙන ගියේ ය. ඔවුනතරින් අයියකු රජු ලෙස තෝරා ගැනෙයි. ඔහු මානසික ගුණාංගයන්ගෙන් පිරුණු අයකු වීම අනිවාර්ය සාධකයකි. පවුල් පන්සල් නොවූල දරු මුණුුබුරන් නොමැතිල තනිකඩයකු වීම ද තවත් අවශ්‍යතාවයකි. යම් දිනයෙක ඔහු විවාහ දිවියකට ඇතුළු වී දරු මල්ලන් ලැබුයේ ද ඔහු රාජ්‍යත්වයෙන් නෙරපා හරිනු ලබන්නේ ය. එසේ සිදු කරන්නේ රජකම පරම්පරාවෙන් පරම්පරාවට පැවරීම වලක්වනු පිණිස ය. ජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද කමිටුවක ට අධිකාරීමය බලය හිමිවෙයි.”13565509_305902753083575_1071721805_n

ලංකාව ගැන කෙරෙන අතීත විස්තරයක් වශයෙන් හැඳින්වෙන මේ අමුතු කතාව අප කියැවූයෙ A History of Ceylon – From Earliest  Period to the Year –  1815 නමි කෘතියෙනි. එය ලියන්නේ පිලිතීයස් නමි විදේශීක සංචාරක ලේඛකයෙකි. ,ලංකා ඉතිහාසය පිළිබඳ පුළුල් වූ තොරතුරු දක්වන්්නට මම මේ තුලින් උත්සාහ දැරුවෙමි යි ඔහු එහි ලා පවසයි., නොවැදගත් හා අදාල නොවන තොරතුරු අන්තර්ගත නොකලෙමි. පිලිගත හැකි සාක්ෂි අල්ප හෙයින් ලංකාවේ ඈත ඉතිහාසය ද අමතක කලෙමි , යි ඔහු එහිලා වැඩි දුරටත් පවසයි. එහෙත් මුලින් ම ඉදිරිපත් කෙරෙන විස්තරය ඔහු ගේ ඒ කියුම් සමඟ ගැටෙයි.

කොහොම වුණත් මුලින් කල විස්තරය පිලිතීයස් ගේ ඉදිරිපත් කිරීමක් නොවේ. ඔහුගේ කෘතියට ඇතුලත් වුණත් ලංකාව ගැන ඒ විස්තරය ඉදිරිපත් කරන්නේ ලංකාවේ සිට රෝමය බලා ගිය පිරිසකි. එතැන දී භාෂා පරිවර්තකයන් අතින් සිදුවූ වැරදීම් නිසා තොරතුරු ඒ ආකාරයෙන් වාර්තාවෙන්නට ඇතැයි කියවේ.

පිලිතීයස්ගේ එම කෘතිය පිලිතීයස් දුටු ලංකාව නමින් පාලිත ජයකොඩි අතින් මේ වනවිටත් සිංහලයට නැගී තිබේ. මෙහි ඇති විශේෂත්වය අපේ ඉතිහාසය ගැන අපවත් නොදන්නා අභව්‍ය විස්තර ගණනාවක් ම කෘතියට ඇතුල් වී තිබීම යි. මුල් විස්තරයද එවැන්නකි. පහත දැක්වෙන්නේ ඊට තවත් උදාහරණයකි.

“නිසි වයස් සීමාවට ළගා වූ කල්හි ස්ව කැමත්තෙන් ම ඔවුහු මේ අපූරු මරණයට ලඟා වෙති. මේ සඳහා සුවිශේෂි වූ පැලෑටියක් එරටෙහි වගා කෙරෙයි. එය ආඝ්‍රාණය වූ කල්හි කිසිදු පීඩාවකින් හෝ දැඟලිල්ලකින් තොරව ක්ෂණික මරණයට ළඟා වෙයි. මෙරට පැවතුණා යැයි කියැවෙන බහු භාර්යා සේවනය ගැන දැක්වෙන විස්තරය ද තවත් එවැනි උදාහරණයකි. ඒ අනුව ඔහු කියන්නේ මේ රටේ බහු භාර්යා සේවනයක් මිස අද මෙන් ඒක භාර්යා සේවනයක් නො පැවතුණු බවයි. ඒ නිසා දරුවන් පොදු සංචිතයක් සේ සැලකීණි. එහි තේරුම කිසිම දරුවෙකු ට විශේෂත්වයක් නොදැක්වීය යන්න යි. දෙමාපියන් යනුවෙන් නිශ්චිත හඳුණාගැනීමක් නොවුණි. එනිසා ම කිසිම මවකට සිය දරුවා සම්බන්ධයෙන් නිශ්චිත හඳුණාගැනීමක් ද නොවිණි.”

තවද ලංකාවේ රාජාවලියට අයත් රජවරුන් ගැන කෙරෙන විස්තරවල ඇතැම් තැනක එය කතන්දරයක ස්වරූපයක් ද ගනියි. පහතින් දැක්වෙන්නේ ඊට උදාහරණයකි.

“දොන් ජුවන් මෙහිදී ඉටාගත්තේ සිය පියාණන් මරා දැමූ ද්‍රෝහියාගෙන් එහි පලිය කෙසේ හෝ ගන්න බව යි. මේ සියල්ල දැනගත්් රාජසිංහ කෝපයෙන් වියරු වැටුණේ ය. ඔහු සිතා සිටියාට වඩා දොන් ජුවන් ශක්තිමත් හා සටනට සූදානම් පුද්ගලයෙක් බව දැනගත් රාජසිංහ කලබලයට පත් විය.”

“මේ අනපේක්ෂිත හා නින්දිත පරාජය හමුවේ පසුබැස ගිය රාජසිංහ ට දෛවයේ සරදමකට මුහුණ දෙන්නට සිදුවෙයි. තියුණු කටුවක් පතුලෙහි ඇනීමෙන් ඇති වූ දරුණු තුවාලයකින් ඔහු මියැදිණි.”

පිලිතීයස් ගේ විස්තරයට අනුව ඔහු දොන් ජුවන් කෙරෙහි වැඩි ඇල්මක් දක්වා ඇති බවක් පෙනේ. දොන් ජුවන් යුරෝපියයන් ගේ ගති පැවතුම් අගය කල මිනිසෙක් වීම ඊට හේතු වෙන්න ඇත. මෙරට ප්‍රථම ලන්දේසි තානාපතිවරයා හමුවන විට ඔහුගේ පුතුත් දියැණියත් යුරෝපීය ඇඳුම්වලින් සැරසී සිටියේ යැයි පිලිතීයස් පවසන්නේ එය විශේෂත්වයක් ලෙසින් දකිමින් යැයි සිතේ. ඒ සියල්ලටමත් වඩා බුදු සිරිත සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කරන කතාව ද අප මෙතෙක් නො ඇසූ විස්තරයකි.

ඊට අනුව සිද්ධාර්ථ කුමාරෝ්ත්පත්තියේ දී කුමරු පා පිලිගැනීමට පැන නැගුනේ පියුම් සතක් නොවේ. රත් පැහැ රෝස මල් සතකි. ඒ නිසා අප දන්නා ආකාරයට සත් පියුම් මත පා තබා ගොස් කුමාරයානන්ට සිය සිහ නාද පවත්වන්නට පිලිතීයස් ඉඩක් නොදෙයි. ඒ වෙනුවට රෝස පඳුරකින් තවත් රෝස පඳුරකට ඇවිද ගොස් සිය සිහ නද පතුරුවන්නට පිලිතියස් ගේ කෘතියේ එන සිද්ධාර්ථ කුමාරයානණ්ට සිදු වේ.

Battle_of_Waterloo_1815.PNG

කෙසේ වුවත් මේ ආඛ්‍යායනය අපූරු කතා රසයක් පාඨකයාට ගෙන දෙන බව කිව යුතුය. උදාහරණයක් ලෙස අප හොඳින් දන්නා ගන්නොරුව සටන ගැනත්ල ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය ගැනත් ඔහු කරන්නා වූ ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. ඒ අනුව ගන්නොරුව සටනේ දී තම හමුදා පෘතුගීසි හමුදාවලට එල්ල කල මාරාන්තික ප්‍රහාරය ට රාජසිංහ රජු සහභාගි වී නැත. ඒ වෙනුවට ඔහු සිදු කොට ඇත්තේ උස් ගසක පැනවූ අසුනක හිඳ ගෙන එය නැරඹීම ය.13566254_305902553083595_1036197637_n

ඊළඟට ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන ඔහු කරන විස්තරයට අනුව රජු සිය ක්‍ර්‍රෑරකම් තුලින් වින්දනයක් ලබා තිබේ. බ්‍රිතාන්‍යයන්ගේ අත් අඩංගුවට පත් වූ තැන දී ඔහු ඒ බව නොසඟවා ම පවසා තිබේ. අත් අඩංගුවේ දී ඔහුගෙන් විමසන ලද සෑම ප්‍රශ්නයකට ම වාගේ රජු ඉතා මිත්‍රශීලි ලෙසින් පිලිතුරු දුන්නේ යැයි ද පිලිතීයස් පවසයි. විශේෂයෙන්ම තම පාලන කාලය තුළ දී සිදු කෙරුණා වූ ක්‍රෑරකම් ඔහු විස්තර කොට ඇත්තේ කිසිදු පසුතැවීමකින් තොරවය. තවත් අවස්ථාවක දී ඔහු මේජර් හුක් සමඟ කියූවක් මේය.

,අපේ උඩරට රජවරුන්ට වඩා ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන්ට එක වාසියක් තියෙනවා. කිසිම වෙලාවක හැඟීම් වලට වහල්වෙන්න ඉඩ නොදෙන උපදේශකයන් ඔවුන් ට ඉන්නවා. ඒත් අවාසනාවකට වගේ අපට… අපේ හැඟීම් ආවේග නිවෙන කොට වරදකාරයා මැරිලත් ඉවරයි.

විදේශිකයන් අප ගැන කියූ ලියූ මෙවැනි සටහන්ල වාර්තාල විස්තරල කියවීම් අලූත් සාහිත්‍ය අත්දැකීමක් වේ. අද දවසේ කියවීමෙන් ඈතට යන පාඨකයාව නැවත කැඳවා ගැනීමට ද මෙවැනි කෘති උපකාරයක් වේ. ඒ නිසාම ඒ වෙනුවෙන් වෙහෙසෙන පරිවර්තකයන් විශේෂ ඇගැයීමකට ලක් කිරීම අවශ්‍ය ම බව පැහැදිලි නමුත් අපැහැදිලි කාරණාව වන්නේ ඒ දේ ඉටු කිරීමට අපේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට සූදානමක් කෙසේ වෙතත් හැඟීමක් වත් තිඛෙනවාද යන්නයි.

– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –

13553391_305903279750189_942607921_n
Palitha Jayakody
Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s