ජීවන භාවිතයක් විදිහට කියවීම අප අතර නැහැ. – ගාමිනි වියන්ගොඩ.

gamini-viyangoda-int-on-sinhala-translations-rmh1.jpg

කියවීමේ මාසය නමින් මාසයක් නම් කරල තියෙනවා. මම කැමති කියවීම නම් මේ ක්‍රියාකාරකම අවුරුද්ද පුරාම පවතිනවා නම් තමයි. හැමදාම කියවීමේ පුරුද්දක් ඇති කර ගැනීමයි වැදගත්් වෙන්නේ. හැබැයි ඉතින් කියවීමෙ රුචිය ඇති වන්නේ සමාජ සංස්කෘතියේ භාවිතයත් සමඟයි. දැන් අපේ රට ගත්තොත් සාක්ෂරතාවෙන් ඉහලයි කියනවනේ. ඒත් සාක්ෂරතාව තිබුණාට මිනිස්සු කියවන්නෙ නෑනේ.

උදාහරණයක් විදිහට බටහිර දියුණු රටවල් ගත්තොත් ඔවුන්ගේ ජීවිතයේ එක අංගයක් තමයි කියවීම. ඒත් අපේ එහෙම එකක් නෑ. ඒ කොහොම වුණත් කියවීමට මාසයක් නම් කිරීම එක් අතකින් හොඳයි. මොකද එමගින් කියවීමට යම් පෙළඹවීමක් ඇති වෙනවා. නමුත් අපි උත්සාහ ගන්න ඕනේ කියවීම භාවිතයක් හැටියට සිරිතක් විදිහට තහවුරු කරගන්න.

 

නමුත් අප මෙහිදී පහැදිලිව තේරුම්ගත යුතුයි ජීවන භාවිතයක් විදිහට කියවීම අපි අතර නැහැයි කියන කාරණය. 138බොහෝ වැඩිහිටියෝ තොරතුරු දැන ගැනීම සඳහා සීමිත කියවීමක යෙදෙනවා තමයි. ඒත් ඒක අර අපි කියපු කියවීම නෙවෙයි. ඒ අනුව තමයි මම කියන්නේ කියවීම අපේ දෛනික භාවිතයක් නොවෙයි කියලා. ඒ නිසා දැන උගත් සමාජයක් අප අවට නෑ. ඒත් අපි ඉන්නේ කියවීමේ මෙවලම් වැඩිවන යුගයක. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ සංවර්ධනයත් සමඟ අන්තර් ජාලය හරහා කියවීමකුත් අද අප හමුවේ තියෙනවා. නමුත් එAකෙන් අදහස් වෙන්නේ නෑ අන්තර්ජාලය යන හැමෝම කියවීමෙ යෙදෙනවාය කියලා. නමුත් එහෙම කියවන පිරිසක් අද ඉන්නවා. සමාජයකට කියවීම අවශ්‍යයි. අප ජීවිත පරිඥානය ලබා ගන්නේ කියවීමෙන්. නමුත් එහෙම සිරිතක් අදටත් අපි ලඟ නෑ.

අනිත් එක තමයි අපේ ලේඛකයො වුණත් ලොකු කියවීමක් තියෙන අය නොවෙයි. එහෙම පුරුද්දක් තියෙන අය අඩුයි. ඔවුන් ලියනවා. ඒත් කියවන්නෙ නෑ. කොටසක් ඉන්නවා තමන්ගේ අතීත කියවීමත් සමඟ සිටිමින් වර්තමානයේ දකින අහන දේ ලියන අය. ඔය අතරින් සුළුතරයක් තමයි ඥාන ගවේෂණයේ යෙදෙන්නට කියවන්නේ.

කියවීම නැමැති මේ සංස්කෘතික භාවිතය වැඩි දියුණු වන්නේ සමස්ත සමාජයේ ම ප්‍රවර්ධනය මතයි. ඒ අනුව සාහිත්‍ය ක්ෂේත්‍රයේ වැඩි දියුණුවකින් පමණක් අපට කියවීම ඉහළට ඔසවා තැබිය නොහැකිය. සමාජ ආර්ථීක තාක්ෂණ විද්‍යා යන ක්ෂේ්‍රත්‍ර ද දියුණුු වීම මේ සඳහා අවශ්‍ය කරන කොන්දේසියක් වෙනවා. ඒ අනුව කියවීම වැඩි දියුණු කිරීමට විසඳුමක් වශයෙන් මගේ යෝජනාව වෙන්නේ අර කියපු ආකාරයට සමස්ත ක්ෂේ්‍රත්‍රවලම දියුණුවක් සමඟ කියවීම සංස්කෘතික භාවිතයත් වශයෙන් නගා සිටුවීමයි.

[රන්දිව – සංවිත – 2012 සැප්තැම්බර් 30]

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s