ගොළු හදවත බොළඳ නවකතාවක්ද?

uo

ඇත්ත මෙම ලිවීමට ප්‍රසතුත වන්නේ මොහාන් ශ්‍රියන්ත ආරියවංශ ලියූ මඟහැරුණු නවකතවේ පසුවදන නම් කෘතිය තමයි. එහෙත් මෙය කිසිසේත් එම පොත පිළිබඳ චිචාරයකවත් එම පොතට ප්‍රස්තුත වූ කැත්ලින් ජයවර්ධනගේ නවකතා පිළිබඳ විවරණයක්වත් නොවේ.

මේ ලිවීමට ගොදුරු වන්නේ මොහාන් ලියන කලියුගයේ නන්දා සහ ගොළු හදවතේ දම්මි නමැති ලිපියේ එන ක්ෂුද්‍ර වූ කොටසක්. ලේඛකයා එම ලිපිය මගින් වෑයම් කරන්නේ කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත නවකතාව බොළඳ ප්‍රේම කතාවකට වඩා වූ සාහිත්‍ය නිර්මාණයක් බව පෙන්වා සිටීමට. බොහෝ අය පවසන පරිදි යොවුන් ප්‍රේමය ප්‍රස්තුත වූ නිසාම ගොළු හදවත බොළඳ නවකතාවක් ලෙස ගැරහීම ලේඛකයා පිළිගන්නේ නැහැ.

කරුණාසේන ජයලත්ගේ නවකතාවලට අපේ රටේ සාහිත්‍ය විචාරය සාධාරණය ඉටු කර නැති බව අපට පිළිගන්න වෙනවා. එහෙත් ජයලත්ගේ ගොළු හදවත නවකතාව තුළ තොරොම්බල් වන ප්‍රේමය බොළඳයි තමයි. හැබැයි බොලඳයන වචනය මා අර්ථ ගන්වන්නේ භාවාතිෂය වීමක් විදියට.

ප්‍රේමය බොළඳ වන්නේ භාවාතිෂය වීම නිසායි. ගැටලූව නම් භාවාතිෂය :ීැබඑසපැබඒක- යන්නෙන් අදහස් කරන්නේ කුමක් දරෑ යන්නයි. ප්‍රේමයල ප්‍රේමයට වඩා වූ දෙයක් ලෙස ගැනීම අප විග්‍රහ කරන්නේ භාවාතිෂය වීමක් ලෙස. එපරිද්දෙන්ම ප්‍රේමයට ආවේණික ලක්ෂණය තමයි ප්‍රේමය සහ වෛරය නැත්නම් ආක්‍රමණශීලි බව (Aggressivity) අතර පවතින සම්බන්ධය. ප්‍රේමය පවතින තැනක ආක්‍රමණශීලි බවත් පවතිනවා.

කෙසේ වෙතත් ප්‍රේමය යනු පරිකල්පනීය ප්‍රපංචයක් (Imaginary phenomenon) බව බැහැර කළ නොහැකි කරුණක්. එසේම එහි ඇති ස්වයං සරාගී බව (Autoerotic) නිසාම ප්‍රේමය මූලික වශයෙන්ම නාසිස්මික නැතහොත් ආත්මරාග (Narcissistic) ව්‍යුහයක්. කිසිවෙකු ගොළු හදවත නවකතාව ගැඹුරින් කියවුවහොත් ප්‍රේමයේ පවතින මේ සංකීර්ණ බව ගවේෂණය කරන්න පිළිවන්.

සැබැවින්ම මනෝ විශ්ලේෂණීය කියවීමකදී ප්‍රෙමය හඳුනාගන්නේ මෝහනීය ෆැන්ටසියක (Illusory Fantasy) ලෙස. විශේෂයෙන්ම ලිංගික සබඳතාවක් නැති තැනෙක පෙම්වතුන්ගේ සම්පර්කය (Fusion) සිදුවන්නෙ එබඳු මායාකාරි ෆැන්ටසිමය සන්දර්භයක් තුළ ගොළු හදවත නවකතාව පුරාම පෙම්වතුන් දෙදෙනා සිටින්නේ එබඳු ෆැන්ටසිමය මායාවක ගැලෙමින්. එහිදී ප්‍රේමය මිරිඟ=වක් මෙන් මායාකාරී රංගනයක යෙදෙනවා. සැබැවින්ම ප්‍රේමය රැවටිලිකාර (Deceptive) වන්නේ අන් කිසිවක් නිසා නොව එය සම්බන්ධ වන්නේ අනෙකා තුළ තිඛෙන කිසිවකට නොව ඔහු හෝ ඇය තුළ නොමැති කිසිවකට නිසා වන හෙයින්.

ගොළු හදවත ඉවසිල්ලෙන් කියවන කිසිවකුට පෙනී යා යුතු දේ තමයි දමයන්ති දිගින් දිගටම කියමින් සිටින්නේ මෙවැන්නක් බව. මා ඔබට ආදරෙයි. එය එසේ වන්නේ ඔබ තුල ඇති ඔබට වඩා වූ කිසිවක් නිසාය. ඒ ආදරය මට දරාගත නොහැකි බැවින් මම ඔබව අංග ඡේදනය කරමි. සැබැවින්ම එබඳු ආදරයක පැවැත්ම ආශාව සහ ප්‍රේමය පිලිබඳ විග්‍රහයකට තුඩු දෙන්නක්.

රෙනෙටා සැකල් නම් ලේඛිකාව ඇය ලියන (Per) Versions of Love and hate නම් වියමනෙහි ලා නඟන ප්‍රශ්නයක් නම් කෙනෙකුට මහත් සේ පෙම් කරන කෙනෙක් තමාගේ ආදර වස්තුව (Love Object) සමඟ එකතුවීමට බාධා පමුණුවගන්නේ මක්නිසාදරෑ මනෝ විශ්ලේෂණීය කියවීමකදී පෙනී යන දේ නම් ආශාව (Desire) කියන දේ හැමවිටම අතෘප්තිය සමඟ ගැට ගැසෙන බව. අප යම් දෙයකට ආශා කරන්නේ එම දෙය අප සතුව නැති බැවින්. එබැවින් ආශාව නොනැසී පවතින්නට නම් එම අහිමි වීම දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. එබැවින් ආශාව පවත්වාගෙන යාම උදෙසා විෂයයා කරන්නේ එය තෘප්ත වීමට ඉඩනොදීමයි. දමයන්තිගේ හැසිරීම එබඳු සන්දර්හයක කියවන කිසිවකු අපගේ ඊනියා සාහිත්‍ය විචාරකයන්් අතර සිටින්නේදර?

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ තම ලිපියේ ගොළු හදවත නවකතාවෙන් උපුටා දක්වන්නේ ප්‍රේමය පිළිබඳ මෙම මනෝ විශ්ලේෂණීය කියවීම සමර්ථනය වන කොටසක්.

හෙට එළිවෙනතුරු සුගත්ට ඉස්පාසුවක් නැත. පාසලට ගිය විගස දමයන්ති මුණගැසුණ විගස ඇය සමඟ කතා කළ යුතුය.

උදේ දුන් වෙරළුවලින් එක ගෙඩියක් සාක්කුවේ දමා ගත් බව ඔුට මතක් විය. ඇෙඳන් නැඟිට අඳුරේම අතපත ගාමින් බෝල කූඩුවේ එල්ලා තිබුණ කලිසම ගෙනල එහි සාක්කුවෙන් වෙරළු රැගත් ඔහු යළි ඇඳ වෙත පැමිණ වාඩි විය. පෙනෙන කිසිම හේතුවක් නැතිවල ඉබේම කරන දෙයක් මෙන් සුගත් වෙරළු ගෙඩිය නැහැයට ළං කළේය. අහෝසි වෙමින් යන .කියුටිකිරා. පියරු සුවඳක් නික්මිණ.

.අනුමානයක් නෑ මේ සුවඳ පියරුත් වෙරළුත් එකට පෙට්ටියේ දමාගෙන ඒම නිසා විය යුතුය.. පියරු සුවඳ නැහැයට දැනෙත්ම ඒ සුවඳ මෙන්ම මුදු මොලොක් ආස්වාදයක් ඔහුගේ හදවත පුරා උතුරා යන්නට විය..
(ගොළු හදවත 29 පිටුව)

ගත් මේ හැසිරීම තුල ප්‍රකට කරන්නේ අර්වනකාමී (Fetishtic) ප්‍රවේශයක්. එබඳු අවස්ථාවක ප්‍රේමය දේවල් අතර සබඳතාවක් බවට විපරිතකරණය වන සැටි අපට කියවන්න පිළිවන්. එතැනදි වෙරළු යනු තමා තුළ දමයන්තිය කෙරේ වන ප්‍රේමය ඉක්මවා යන දෙයක් බවට පත්වෙනවා. එපමණක් නොව වෙරළු ඔවුන්ගේ ආදරයට මැදිහත් වන හැඟවුම්කාරයක් :ීසටබසසෙැර- ලෙස කි්‍රයා කරන බවත් පැැදිලිියි.

මෙතැනදි මට මොහාන් ශ්‍රියන්ත සමඟ එකඟ වන්නට සිදුවෙනවා. ඒ තමයි ගොළු හදවත යළි කියවිය යුතු නවකතාවක් බව. එහි ප්‍රස්තුතය ප්‍රේමය බැවින් මෙය මනෝ විශ්ලේෂණීය කියැවීමකට අපූරු වැඩබිමක්. ජයලත්ට සිදුවී ඇති අසාධාරණය කවරකු විසින් හෝ පියවිය යුතුයි.

[රන්දිව පුවත්පත – 2015 පෙබරවාරි 15]

12193816_1024415787603377_7302005301424456047_n

සමන් වික්‍රමාරච්චි.[සින්ඩරෙල්ලාගේ සපත්තුව]

 

see move-කලියුගයේනන්∞ සහ ගොΩ හදවතේදම්මි

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s