පරිණාමවාදයේ පියාටත් හසු නොවු මකර මත්ස්‍යයා

arapaima_taxidermy.jpg

මිනිසෙකුගේ ශරීර ප්‍රමාණයෙන් යුත් ඇරපයිමා හෙවත් මකර මත්ස්‍යයකුට ඇත්තේ බල්ලෙකුගේ ආයු කාලයකි. ඒ අනුව ඇරපයිමා වසර 15 ක් 20 ක් අතර කාලයක් ජීවත් වෙයි. මිරිදියේ ජීවත්වන පොදු මත්ස්‍යයන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ කරමල්වලිනි. ඒ අනුව ඔවුන්ගේ ජීව පැවැත්ම සඳහා ජලයේ අම්ලකර වායුව දිය වී තිබීම අවශ්‍යය. එහෙත් ඇරපයිමාට එසේ අවශ්‍ය නැත. ඌ ආශ්වාස කරන්නේ අප මෙන් වායුගෝලයේ ඇති අම්ලකර වායුවයි.

චාල්ස් ඩාවින් ලෝකයට ජෛව පරිණාමවාදය පැහැදිලි කළේය. මූලික වශයෙන් ගතහොත් ජෛව පැවැත්මේ යාවත්කාලීන වීම් එහි ඇතුළත් විය. එහෙත් පසුකාලීනව සත්ත්ව විද්‍යාඥයින්ට ඩාවින්ගේ පරිණාමවාදය නැවත නැවත ප්‍රශ්න කරන්නට සිදු වූයේ පරිණාමවාදයේ පියාට මඟ හැරී ගිය ඇතැම් ජෛව විශේෂ නිසාය. ඔස්ට්‍රේලියාවට පහළින් ඇති ටැස්මේනියාවේ දී හමුවන අර්ධ ක්ෂිරපායී මෙන්ම අර්ධ උරග සත්ත්ව විශේෂයක් වන ‘ප්ලැටිපස්’ යනු එවැනි උදාහරණයකි. ඒ හැරුණු කල අද දවසේ තවත් එවැන්නෙක් ඩාවින්ගේ පරිණාමවාදයට අසු නොවූ දුරකින් මතු වී සිටියි. ඒ මිරිදියේ වෙසෙන පෙණහැල්ලක් සහිත මත්ස්‍යයකු වන දැවැන්ත ඇරපයිමා ය.

ඇමර්සන් ගංගා ඇසුරේ වෙසෙන මේ මත්ස්‍යයා අඳුරු කොළ පැහැ කොරපොතුවලින් වැසුණු ශරීරයක් ඇත්තෙකි. සිරුර මතුපිට තලයේ ගිනි දළුවක් මෙන් රත් පැහැ තීරයක් පසුපස වාලධියේ අග දක්වාම විහිද ගොස් තිබේ.

උතුරු ඇමෙරිකාවේ ස්වදේශිකයන් ‘මකර මත්ස්‍යයා’ යැයි හඳුනාගන්නා මේ සත්වයාගේ බෝවීම සිදු වන්නේ බිජුවලිනි. ඒ බිජු ලන්නේ කැදලිවලය. ගංගාවේ මඩ සහිත භූමියක සාදන මේ කැදැල්ල සෙ. මී. 15 ක පමණ ගැඹුරක් ඇති එකකි. උතුරු ඇමෙරිකානු කලාපයේ ගංගාවල ජලය මැයි සහ අගෝස්තු අතර කාලයේ දී ක්‍රමයෙන් ඉහළ නඟියි. ඇරපයිමාවන් බිජු ලන්නේ ද මේ කාල වකවානුවේදීමය.

MINOLTA DIGITAL CAMERA

බිජුවලින් බිහිවන මේ මත්ස්‍ය පැටවුන් පෝෂණය වන්නේ කෙසේ ද? පරිසරවේදී ජෙරාඩ් ඩැර්රේල් සිය WHISPERING LAND කෘතියෙන් ඒ ගැන විස්තරයක් ඉදිරිපත් කරයි. ඒ අනුව මත්ස්‍ය ගැහැනු සත්වයාගේ හිසෙහි ඇති ග්‍රන්ථියකින් වැගිරෙන දියරයක් නිසා පැටවු පෝෂණය වෙති. එසේ පෝෂණය වෙන මේ පැටවුන්ව අනතුරක දී ආරක්ෂා කරගන්නේ පියා ය. ඒ සිය මුඛය තුළ වූ පැසකට ඇතුළු කර ගැනීමෙනි. එතැන දී මවු මත්ස්‍යයා ද ඔවුන්ව අත් නොහැර යමින් ඒ අසල ම ගැවසෙමින් ඒ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට කටයුතු කරනු ද දැකිය හැකිය.

උතුරු ඇමෙරිකානු ස්වදේශී වැසියන් සිය මාංශ පාරිභෝජනය වෙනුවෙන් ඇරපයිමාවන් දඩයම් කළේ උල් කොට සාදාගත් ලී හෙල්ලවලිනි. මුල් කාලයේ දී එසේ හුදෙකලාව දඩයම් කෙරුණු මේ මසුන් අද මහා පරිමාණයෙන් දඩයම් කෙරෙන්නේ ඉහළ ආදායමක් ලැබෙන මත්ස්‍ය මාංශයක් බවට එය පත් ව ඇති නිසාය.

එනිසාම අද මේ අපූර්ව මත්ස්‍යයා වඳ වීමේ මුවදොරට ම පැමිණ සිටින්නේ යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

හොඳින් වැඩුණු ඇරපයිමා මත්ස්‍යයකුත් හොඳින් වැඩුණු මිනිසෙකුත් අතර ලොකු වෙනසක් නැත. ඒ අනුව හොඳින් වැඩුණු කල එවැනි මත්ස්‍යයකු අඩි 6 ක්වත් දිගය. මාංශ භක්ෂයකු වන මේ දැවැන්ත මිරිදිය මත්ස්‍යයා පොදුවේ ආහාරයට ගන්නේ ක්‍රස්ටේසියා විශේෂයට අයත් ජීවින් වුණත් ගං ඉවුර ආසන්නයේ වෙසෙන කුඩා සත්ව විශේෂයන් ද ගසා කෑමේ දඩයක්කාර හැකියාවක් ද මොහුට තිබේ.

arapaima.jpg.638x0_q80_crop-smart

මිනිසෙකුගේ ශරීර ප්‍රමාණයෙන් යුත් ඇරපයිමා හෙවත් මකර මත්ස්‍යයකුට ඇත්තේ බල්ලෙකුගේ ආයු කාලයකි. ඒ අනුව ඇරපයිමා වසර 15 ක් 20 ක් අතර කාලයක් ජීවත් වෙයි. මිරිදියේ ජීවත්වන පොදු මත්ස්‍යයන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ කරමල් වලිනි. ඒ අනුව ඔවුන්ගේ ජීව පැවැත්ම සඳහා ජලයේ අම්ලකර වායුව දිය වී තිබීම අවශ්‍යය. එහෙත් ඇරපයිමාට එසේ අවශ්‍ය නැත. ඌ ආශ්වාස කරන්නේ අප මෙන් වායුගෝලයේ ඇති අම්ලකර වායුවයි. ඒ, ඌ පෙණහැලි මත්ස්‍යයකු ද නිසාය. සත්ව විද්‍යාඥයින් නිරීක්ෂණය කොට ඇති ආකාරයට ඒ පෙණහැල්ල සව් කඩදාසියකට සමානය. එහෙත් ශක්තිමත්ය.

වායුගෝලයේ වාතයෙන් ජීවත්වෙන මේ මිරිදිය මත්ස්‍යයාට ඒ නිසාම ජලයේ මතුපිට තලයට පැමිණීම නිතර නිතර සිදුව තිබේ. සත්ව නිරීක්ෂණ වාර්තාවලට අනුව විනාඩි 5 – 15 ක් අතර කාලයක් තුළ දී එසේ ජලය මතුපිට සීමාවට පැමිණ අම්ලකර වායුව ලබා ගැනීමට ඌට සිදුවේ. මේ බව හොඳින් දන්නා ධීවරයෝ එසේ පැමිණෙන මේ මසුන් ඒ අවසරයෙන් මරා දැමීමට කටයුතු කරති.5673772408_66b605a3d8

ඇරපයිමාවන් අද දවසේ ලෝකයෙන් වඳ වෙන තැනට ම මරා දැමෙන තත්ත්වයක් නිර්මාණය වීමට උගේ ඒ ස්වාභාවික පැවැත්ම ද හේතු වී ඇත. කෙසේ වෙතත් අතීතයේ ස්වදේශිකයන් එසේ පැමිණෙන මත්ස්‍යයන් එකෙක් දෙන්නෙක් එසේ හෙල්ලවලින් ඇන මරා ගත්තේ සිය පෞද්ගලික පරිභෝජනය වෙනුවෙනි.

එහෙත් අද එය කෙරෙන්නේ මහා පරිමාණයේ අපනයන ආදායම් වෙනුවෙනි. ඒ අනුව ඉදිරි අනාගතයේ දී, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට ද අභියෝග කළ ඇරපයිමා මත්ස්‍යයන් ගේ පැවැත්ම බරපතළ අස්ථාවර තැනකට තල්ලු වීම නියතියක් බවට පත් වෙමින් තිබේ.

img_48953-234426.jpg

ස්වදේශික උතුරු ඇමෙරිකානුවන් විශ්වාස කරන අන්දමට මේ මත්ස්‍යයාගේ දිව ආයුර්වේදීය ප්‍රතිකර්මයකි. ඒ අනුව සීන් පොත්තක් තරමට වියළා ගන්නා ඇරපයිමා මත්ස්‍යයාගේ දිව පසුව සූරා කුඩු වශයෙන් ගෙන ජලයේ දිය කර ගනියි. එසේ සකස් කර ගන්නා පානය බඩවැල් ආශ්‍රිත ව ඇතිවන රෝගී තත්ත්වයන් සුව කරන බවට ඔව්හු පවසති.

ඇමර්සන් කලාපයට යන අයට ‘ඇමර්සන් කෝඩ්’ නමින් විශේෂ ආහාරයක් ගැන අසන්නට පුළුවන්කමක් තිබේ. එහි කෝඩ් යනු වෙනත් ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වුණත් ඇමර්සන් කෝඩ් යනුවෙන් හඳුන්වන්නේ ඇරපයිමාවන්ගේ වියළා ගත් මාංශයයි. එය සකස් කෙරෙන්නේ ද අපූරු ආකාරයකිනි. ඒ අනුව හොඳින් වියළා ගන්නා මත්ස්‍ය මාංශය සුරුට්ටුවක ආකාරයට ඔතා ගැනෙයි. එසේ සකස් කර ගැනීමෙන් පසු ශීතකරණයක නොදමා සැලකිය යුතු කාලයක් එය තබා ගත හැකිය. එසේ බලන කල ඇමර්සන් කෝඩ් යන නමින් හැඳින්වුණ ද එය අප දන්නා ජාඩි, කරවල වැනි ආහාර කල්තබා ගැනීමේ ක්‍රමවේදයක් බවට පැහැදිලිය.arapaima4

ඒ කරුණු කොයි හැටි වුණත් ඇමර්සන් කලාපයේ වෙසෙන මේ සුවිශේෂ මත්ස්‍යයන් වාණිජ ඉල්ලුම මත පිහිටා වඳ වෙන තරමට මරා දැමීම පරිසරවේදීන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ. මුල් කාලයේ දී කාර්මික සංවර්ධනයත් සමඟ උතුරු ඇමෙරිකාවට ආ සුදු මිනිසා කොයි ආකාරයෙන්වත් පරිසරයට සංවේදී වූවෙක් නොවීය. ඔහුට අවශ්‍ය වූයේ ධනයයි. ඔහුට වැදගත් වූයේ ධනය උපයන ක්‍රමවේදයි. ඒ වෙනුවෙන් ඇරපයිමා මසුන් ගොදුරු වූයේ අසීමිත අයුරිනි. ඒ අනුව 1918 සිට 1924 අතර කාලය තුළ දී පමණක් වාර්ෂිකව මේ මත්ස්‍ය මාංශය ටොන් 7000 ක් බැගින් ලබාගෙන ඇති බවට වාර්තා වේ. අද තිබෙන්නේ මීටත් එහා ගිය තත්ත්වයකි.

කටු රහිත ප්‍රණීත මසක් ලෙසින් ලෝක මට්ටමේ වාණිජ ඉල්ලුමක් නිර්මාණය කොට ඇති ඇරපයිමා මාංශය වෙනුවෙන් පරිසර නීති පවා උල්ලංඝනය කෙරෙන්නේ අතිශය කනගාටුදායක ආකාරයෙනි. කෙසේ වුව මේ තත්ත්වය ප්‍රායෝගිකව වටහාගත් බ්‍රසීලය වාණිජ වශයෙන් මේ මසුන් දඩයම් කිරීම පොදුවේ තහනම් කොට ඇති අතර තෝරාගත් ප්‍රදේශ තුළ පමණක් මසුන් දඩයම් කිරීමට අවසර ලබා දී තිබේ. ඒ හැරුණු කල තායිලන්තය, මාලදිවයින වැනි රටවල් මස් පිණිසම මේ සතුන් ජලාශවල ඇති කෙරෙන තත්ත්වයක් ද අද ඇති වී තිබේ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s