අශ්වයෝ උපදිති එහෙත් මිනිස්සු නූපදිති. (SOPHIE’S WORLD)

SophiesWorld.jpg

අශ්වයෝ උපදිති. එහෙත් මනුෂ්‍යයෝ උපදින්නේ නැත. ඔවුහු සකස් කරනු ලබති. කියා කියමනක් තියෙනවා. එහෙම කියන්නේ ඇල්බටෝ නොක්ස්. ඔහුව අපට හමුවන්නේ යූස්ටයින් ගෝඩර් ලියූ Sophie’s World නමි කෘතියෙනුයි. රාණි සේනාරත්න රාජපක්ෂගේ භාෂා පරිවර්තනයෙන් සිංහල පෘඨකයා අතට පත්වන මේ විශිෂ්ට කෘතිය නවකතාවක වේශයෙන් ඉදිරිපත් වූ බටහිර දර්ශනවාදයේ ඉතිහාසයයි. මෙහිදී ඔහු සිත්ගන්නා අයුරින් මතු කරන පරිච්ඡේදයක් තමයි බටහිර ලෝකයේ ඇති වූ පුනරුද සමය. අශ්වයෝ ඉපදුණත් මිනිස්සු කියන්නේ සකස් කරනු ලබන සත්ව විශේෂයක් කියලා ඔහු කීවේ පුනරුදයේ විශේෂත්වය පැහැදිලි කරන්නයි.14202501_1277045268995860_4279310902330866432_n

පුනරුදය නිර්මාණය කරන්නේ ප්‍රධාන පෙළේ සොයාගැනීම් තුනකින්. එකක් තමයි මාලිමා යන්ත්‍රයල දෙක තුවක්කුවල තුන්වැනි සොයාගැනීම තමයි මුද්‍රණ යන්ත්‍රය. මාලිමාව භාවිතයෙන් යුරෝපියයෝ දේශ ගවේෂණයේ යෙදෙනවා. රටවල් සොයාගැනීම සිදුවන්නේ ඒ නිසයි. ඒ සොයාගත් රටවල් අලලා ගන්න ඔවුන් තුවක්කුව පාවිච්චි කරනවා. බටහිර ලොව ආසියානුවන්ට එරෙහිව යුද ශක්තිය ලබාගන්නේ ඒ නිසයි. එත් පුනරුදය නිර්මාණය කළ ප්‍රධාන මතවාදය තමයි මානවවාදය. එතකොට අර විදිහට කටයුතු කරන අතරම ඔවුන් මානවවාදය පිළිබඳ අදහස් ලෝකය පුරා ප්‍රචලිත කරන්නේ මුද්‍රණ යන්ත්‍රය වහල් කරගෙනයි. ඒ වගේම ඒ මුද්‍රණය වූ අක්ෂර තමයි එතෙක් ලෝකයේ දැනුම් මධ්‍යස්ථානය වශයෙන් පැවති පල්ලිය සතු ඒ අවිවාදිත බලය ඊට අහිමි කරන්නෙත්.

pg-31-sophies-world-1-cover-getty.jpg

දුරේක්ෂය සොයා ගැනීමල එයින් අභ්‍යවකාශය නිරික්ෂණය කිරීම ඒත් සමඟ ඇතිවන විද්‍යාත්මක දියුණුව තමයි මිනිසාව අභ්‍යවකාශයට ගෙනියන්නේ. ඒ වගේම චර්නෝබිල් සහ හිරෝෂිමා ඛේදවාචකයන් නිර්මාණය කරන්නෙත්.

.ඒ සේරම පටන්ගන්නේ සංස්කෘතික හා ආර්ථීක අංශවල වෙනස්විම් එක්කයි. අවශ්‍ය වැදගත් සාධකයක් වූයේ යැපුම් අර්ථ ක්‍රමයක ඉඳලා මූල්‍යමය අර්ථ ක්‍රමයක මාරුවීමයි.9272659_orig

ඒත් සමඟම පුනරුදය මනුෂ්‍ය වර්ගයා වෙතට අලූත් දැක්මක් අරගෙන එනවා. විශේෂයෙන්ම මානවවාදයේ බලපෑමෙන් මනුෂ්‍යයාගේ වටිනාකම ගැන අලූත් විශ්වාසයක් ඇති වුණු බවත් කියන්න ඕනේ. පුනරුදයේ ශ්‍රේෂ්ඨ චරිතයක් වන මාසිලියෝ ෆිසිනෝගේම වචනවලින් කියනවා නම්ල

,නුඹ දැනගන්න. අහෝ දිව්‍යමය පරම්පරාව මනුෂ්‍ය වෙස් වලාවකින , ඒ අනුව මධ්‍යතන යුගයේ මලුසුන හෙබවූ දෙවියෝ එතැනින් බිමට බස්වා මානවවාදයේ රතු පලස මැදින් පැමිණි පුනරුදයේ මිනිසා ඒ මුලසුනෙහි හිද ගන්නවා.

.පුනරුද සමයේ මානවවාදය ඊටත් වඩා විශාල මට්ටමකින් පුද්ගලාර්ථවාදය ප්‍රධාන කොට ගත්තක්. අපි මනුෂ්‍යයන් විතරක් නෙවෙයි. අපි අසහාය පුද්ගලයො. මේ අදහස ශ්‍රෙෂ්ඨ බුද්ධිමතාට වන්දනා කිරීම දක්වාම දියුණු විය හැකිව තිබුණා.

sophies_world3_large (1).jpg

ඇල්බටො කියනවා ඉතා පැහැදිලිවම මානවවාදයෙ පරමාදර්ශය ලෙසින් සැලකෙන්නෙ අපිල ඒ කියන්නෙ .පුනරුදයෙ මිනිසා. ලෙසින් හඳුන්වන ජීවිතයේ සියලූ අංශදල කලාව හා විද්‍යාව පිළිබඳ පරිපූර්ණ ඥානයක් ඇති විශ්වමය ශ්‍රේෂ්ඨ බුද්ධිමතාය කියලා. එතකොට මිනිසා ගැන ඇති වූ අලූත් උනන්දුවම තමයි මිනිසාගේ ව්‍යුහය පිළිබඳ සොයා බලන්නත් අපව යොමු කරවන්නේ.

මිනිස් ශරීරයේ ව්‍යුහය නිරීක්ෂණය කරන්න මළ මිනී කපත්ම කපත්ම එය වෛද්‍ය වද්‍යාවට පමණක් නොවෙයි කලාවටත් අවශ්‍යම අශයක් වෙන්න පටන්ගත්තා. කලා කෘතීන්හි නිරුවත සාමාන්‍ය දෙයක් බවට පත් වෙද්දි නිරුවත සමඟ වසර දහස් ගණනක් පුරා පැවත ආ විලිබිය නොවැදගත දෙයක් වූ ආකාරය අපිට දකින්න තියෙනවා.

පුරාතන යුගයේත් මානවවාදීන් සිටියා. ඔවුන්ගේ පෙන්වාදීම වුණේ සන්සුන් බවල මධ්‍යස්ථ සහ සංයමයල හැබැයි පුනරුදයෙ මිනිසාගේ මානවවාදය තුළ නම් මධ්‍යස්ථ බව තිබුණෙ නෑ. ඔවුන්ට පුරාණ ලෝකයක් තිබුණාය කියන හැඟීමවත් තිබුණෙ නෑ කියලත් හිතන්න පුළුවන්. වෙන එකක් තියා පුරාතන යුගයෙන් පසු දීර්ඝ කාලයක් මධ්‍යතන යුගය වශයෙන් ඔවුන් නම් කරන්නෙත් තමන්ගෙ පුනරුද විප්ලවය සුවිශේෂ කරගන්නයි කියලයි ඇල්බටොල සොෆීට කියන්නෙ. ඔබ දන්නවා සොෆීගේ දර්ශනයේ ගුරුවරයා තමයි ඇල්බටො නොක්ස්.

Linda-recommends-Sophies-World-Movie1-750x750.jpg

 

කොහොම හරි පුනරුද සමයත් සමඟම චිත්‍ර කලාවල මූර්ති කලාවල සාහිත්‍යයල සංගීතයල දර්ශනය සහ විද්‍යාව ප්‍රබල දියුණුවක් ලබනවා.

ඒ වගේම තමයි ස්වභාව ධර්මය පිළිබඳ ඇති වූ අලූත් දෘෂ්ටිය. තමා අවට භෞතික ලෝකය පිළිබඳ ඇති වූ අලුත්ම දෘෂ්ටිය නිසා ස්වභාව ධර්මය එහෙම පිටින්ම ධනාත්මක ප්‍රවාහයක වශයෙනුයි ඔවුන් පිළිගත්තෙ.

කොහොම වුණත් මේ පුනරුදයෙ මිනිසා දෙවියන් මූලික පල්ලියේ පැවත්ම සමඟ සෘජු ගැටුම් ඇති කරගන්නවා. ඒ ද්වන්ධනාත්මක ගැටුම් නිසා පල්ලියේ ද~ුවමට ලක්වී මරා දැමෙන බුද්ධිමතුන්ගේ ජීවන ප්‍රවෘත්ති යුරෝපා ඉතිහාසය තුළ කනගාටුදායක මෙන්ම ධෛර්යය සම්පන්න විචිත්‍රත්වයක් ඇති කරලා තියෙනවා. සොෆීගේ ලෝකය කියවද්දී මට දැනුණෙ මෙයයි. අඩුපාඩුකම් මැද වුණත් ප්‍රගතිශීලීත්වය කියන්නේ හැමදාම අලූත් දෙයක්.

– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s