නූතන පරිසර කළමනාකරණයට සාම්ප්‍රදායික දැනුම භාවිතා කළ යුතුය.

EN20130509_9889c.jpg

මිනිස් ජීවිතයේ පැවැත්ම ගලා යන ගංගාවක් හා සමාන බවක්
එය කලින් ගලා නොගිය අලූත් අලූත් දිශාවලට ගලා බසින්නේ සිතාගත
නොහැකි ආකාරයටය යනුවෙනුත් මහා කවි රවිද්‍රනාත් තාගෝර් පවසා
තිබේ. එහිදී ඔහු තවදුරටත් මෙසේද පෙන්වා දෙයි.
’මේ තමයි පැවැත්මක විවිධත්වය. සිතින් සිතන්නන් නොහැකි
ආකාරයට ඒ දේ එසේ යොමු කිරීමයි මැවුම්කාරයාගේ බලාපොරොත්තුව.Lyrakopfagame.Hump-nosed Lizard.Lyriocephalus scutatus_thumb
එහෙත් එය සකස් කරන ලද මගක් දිගේ ගමන් කරන්නට කපා තිඛෙන
ඇලක් නම් නොවේ.
තාගෝර්ගේ ඒ වචන වාක්‍ය ආකාරයට අලූතින් යමක් එකතු
කරමින් මේ සාකච්ඡාව ආරම්භ කිරීම සුදුසු යැයි අපට සිතෙයි. ඒ අනුව
ජීවිතයේ ගංගාව ගලා යන මග දෙපස ඉවුරු නොබිදී ශක්තිමත් ඇසුරින්
පවත්වා ගැනීමට මානව ඥානය සෑම අතකින්ම වැදගත් වේ නමුත් මේ
ඥානය පවතින සමාජාර්ථීක දේශපාලනය තුළ විවිධය. ඒ සියලූ අර්ථ
යන්ගෙන් හැඩතල කුමක් වූණත් රටක් තම ඉලක්කය ජයග්‍රහණය අත්පත්
කරගැනීමට නම් එහිලා ඥානය වන දේශීය චින්තනය සොයා යැම ගැන
අමුතුවෙන් අවශ්‍යතා පෙන්වා දිය යුත්තක් නැත.
දේශීය දැනුම වශයෙන් අප හදුන්වන්නේ ක =මක්ද? සරලම
අර්ථයෙන් ගත්තත් කාලාන්තරයක් තිස්සේ ජනතාව දත් දෙයක් වේද
අවබෝධයට ගත් දෙයක් වේද එය දේශීය දැනුම වශයෙන් හඳුන්වා
දීය හැකිය. එය පරම්පරාවක් විසින් අනික් ජරම්පරාවකට දානය කිරීමේ
ස්වභාවයකින්ද යුක්තය. අනිත් අතින් ඒ නිසාම එය මානව සමාජය තුළ
පෝෂණය වෙමින් විවිධ හැඩතලද ගනියි. ඇතැම් විට මේ කියන දැනුම සහ ඥානය එක් සුවිශේෂ කණ්ඩායමක් තුලට ගොනුවී තිඛෙන්නට ද පුළුවන
කොයි ආකාරයෙන් ගත්තත් කාලයට සාපේක්ෂව මේ කියන සාම්ප්‍රදායික
දැනුමට නව අරුත්ද එකතු වේ.
නමුත් අද එනම් මේ මොහොතේ අප ජීවත්වන සමාජ පරිසරය
තුළ මේ කියන සාම්ප්‍රදායික දැනුම වෙළද සංකල්පයක්/ ඵ්රනැඑසබට ක‍දබජැචඑ
බවට පත්ව ඇති ආකාරයද වටහාගත යුතුය. ඇතැම් අවස්ථාවලදී එය
ඩොලර් හෝ යුරෝ මුදලින් ගණනය කොට විකුණා දමන තැන දක්වාම
හෑල්ලූ වී ගොස් තිබේ. මේ නිසාම අපගේ මෙම දැනුම නිසි ලෙස
කළමනාකරණය වීමේ පාලනය කිරීමේ මෙන්ම වඩාත් අර්ථවත් ලෙසින්20100608-132
භාවිතයට ගැනිම මේ කි්‍රයා පිළිවෙලකට නොයා යුතේ මන්ද යන්න
තිරණාත්මක ලෙසින්ම ප්‍රශ්ණ නළ යුතුව තිබේ. තවදුරටත් පැහැදිල් කරනවා
නම් දේහීය දැනුම යනුවෙන් නිසැකවම අදහස් කරන්නේ කුමක්ද යන්න
ගැන පැහැදිලි නිර්වචනයක් වෙනුවෙන් බලා සිටිය යුතු නොවේ.
එය එසේ කරනවා නම් දේශීය හෙවත් සාම්ප්‍රදායික දැනුමට
එල්ලවූ ප්‍රහාරය කුමක්ද යන්න ගැනද දැනුමක් ලබා ගැනීම අවශ්‍යම වේ.
ඒ වනාහි නූතන විද්‍යාවට, පර්යේෂණයන්ට හා සංවර්ධනය නම් ආකල්පමය
නිර්මාණවාදයට අනුව විද්‍යාත්මක ලෙසින් විශ්ලේෂණය කළ නොහැකි
දැනුම් විශේෂයක් වශයෙන් සැලකමේ ප්‍රහාරයයි.. තවද එම ප්‍රහාරය තුළම
සාම්ප්‍රදායික දැනුම මත පිහිටා ගොඩ නැගුණ කර්මාන්ත හෝ නිෂ්පාදන
මෙන්ම එහි අයිතිය ප්‍රතිලාභ උරුම කර ගන්නවුන් එහිලා මූලික දැනුම
සැපයු මෙන්ම ස්වදේශීය ජනතාව නිසි තැන තබා නොසැලකීමද මේ
කියන ප්‍රහාරයේම දිගුවක් වෙයි. බොහෝ විට ඒ ආකාරයේ ශිල්පීන් මෙන්ම
විද්‍යාර්ථීන්ට ෂලකන ලද්දේ අමුද්‍රව්‍ය තත්වයෙන්ය. අනික් අතින් නවීන
විද්‍යා දැනුම නම් ජාතික නොවූ ශීල්පීන් වේවා විද්‍යාර්ථීන් වේවා අර කිවූ
දේශීය දැනුම ගැන දක්වන්නා වූ අවතක්සේරුව හුදෙන් නොදැනුවත්කම
නිසාම සිදුවන්නක් යැයි සීතීම මුලාවකි. දේශීය දැනුම නව විද්‍යාත්මක
දැනුමේ දියුණුවට දායක කරගැනීමේ අවශ්‍යතාවය හුවා දක්වන ඔවුන්
ඒ අතරම එය නව විද්‍යාත්මක දැනුමක් ලෙසින් පිලිගැනීමට දක්වන
අකමැත්ත කොයි ආකාරයෙන් බැලූවත් ප්‍රහේලිකාවකි. මේ නිසාම අපේ
ඒ සාම්ප්‍රදායික ඥාන සම්භාරය දේශීය නිර්මාණ වෙළදපොල ආර්ථීකය
තුළ බරපතල ආකාරයේ සූරා කෑමකටද ගොදුරු වී තිබේ. අනිත් අතින්
කොතරම් විධිමත් නෛතික පැවැත්මක් තුළ වූණත් අදටත් දේශජ ඥනය
කිසිදු නීතිමය අවහිරයකින් තොරව පෞද්ගලික මට්ටමෙන් අත්පත්
කරගැනිමේ හැකියාව ඕනෑම කෙනෙකුට තිබේ.

Sri-Lanka-2014-717_web-lrg.jpg

කොහොම වූණත් අද වන විට දේශීය ජන කොටස් සතුව ඇති
සාම්ප්‍රදායික දැනුම රැස් කිරීම, ලේඛනගත කිරීම මෙන්ම පර්යේෂණ කිරීම
සම්බන්ධයෙන් ජාතික සහ ලෝක මට්ටමින් ඇති වී තිඛෙන උනන්දුව දෙස
උනන්දුවෙන් බැලීම අවශ්‍යම වේ. එහෙත් ඒ උනන්දුවම කඩතුරාවක් බවට
පත් කොටගෙන ඊට මුවා වෙමින් බහු ජාතික සමාගම් විවිධ ආකාරයෙන්
සහ උපාය මාර්ගවලින් තෙවන ලෝකයේ ප්‍රජාව සතු මේ දැනුම සොරකම්
කර ඒවායින් ඉහළම ආකාරයේ වෙළඳ ලාබ ලැබීම ගැන එම දිළිදු
හෙවත් තෙවන ලොව රටවල කනස්සල්ල මෙන්ම දැඩි විරෝධය ද එල්ල
කොට තිබේ. ඒ පැවැත්මට සාපේක්ෂව යහ පැවැත්මක්ද අර කියූ උනන්දුව
නිසාම ඇතිවී තිඛෙන අතර ඒ අනුව මෙම සාම්ප්‍රදායික හෙවත් දේශීය
දැනුම ලේඛණගත කිරීම සඳහා පරිගනක දත්ත ගබඩා සහ සංඛ්‍යාංක
පුස්තකාල බහුල වශයෙන් යොදා ගන්නට ඒ රටවල ආණ්ඩු මට්ටමින්
මෙන්ම ආයතනික මට්ටමින් ඇති වී තිඛෙන උනන්දුව එවැනි ධනාත්මක
ප්‍රතිඵලයක් වේ. නමුත් ඒ ධනාත්මක ප්‍රතිඵලය තුළම පවතින සෘණාත්මක13227227_10154177168407241_1553516522709885668_n
තත්වය වන්නේ ඒ ආකාරයෙන් ගබඩා කෙරෙන සාම්ප්‍රදායික දැනුම අඩංගු
නූතන තාක්ෂණික ගබඩා සංකීර්ණ වෙන පහසුවෙන් ළඟාවීමට අර කියු
දැනුමේ සැබෑ උරුමකරුවන් වන ග්‍රාමීය ජනයාට අදටත් පුළුවන් කමක්
නැත. තවද එවැන්නක් වෙනුවෙන් විශේෂයෙන්ම රාජ්‍ය මට්ටමින් කිසිදු
සූදානමක්ද නැත.
කොයි තරම් විද්‍යාත්මක ජයග්‍රහණ ගැන කථා කලත් අදටත් අපේ
බොහෝ ග්‍රාමීය පවුල්වල ජීවනෝපායන් ගැට ගැසී ඇත්තේ සාම්ප්‍රදායික
දැනුම් පද්ධතිය නම් මුල් වලටය. කිතුල් මලකින් ලබාගන්නා තෙලිජ්ජ
පොද පැණී හකුරු බවට පත් කරන්නට කඳුකර සහ පහතරට තෙත්
කාලාපීය පවුල්වලට ඇති දැනුම පන්, වේවැල් භාවිතයෙන් විවිධ අලංකාර
නිර්මාණ මෙන්ම පාරිභෝජන භාණ්ඩ සාදාගන්නට, දේශජ ද්‍රව්‍ය යොදාග
ැනීම ආහාර හා ඖෂධ නිෂ්පාදනයට මෙන්ම ගොවිතැන් සඳහා මෙවලම්
තනාගන්නට සහ සොබා දහම සමග ගොවිතැන් කිරීමේ ශිල්පීය හැකියාව
යන සෑම දෙයක්ම දේශීය දැනුම් අංග ලෙසින්ම සලකන්නට පුළුවන.
අනික් අතින් බටහිරින් ලබාගත් නූතන සංවර්ධන දර්ශක මත සහ ජාතික
සංවර්ධනයේ බාලගිරි දෝෂය සමඟ කි්‍රයාකිරීම නිසා නොසලකා හරින
ලද දේශජ දැනුම එසේත් නැත්නම් සාම්ප්‍රදායික ඥානය නිසා ග්‍රාමිය
මට්ටමින් දුප්පත්කම වර්ධනය වූණේය. එය පිලිගත යුතු එහෙත් අදටත්
පිලිනොගත් ආර්ථීක යථාර්තයක්ද වේ. ඒ ආකාරයෙන් දේශජ දැනුමෙන්
ගොඩ නැගුණ සාම්ප්‍රදායික සමාජය පෝෂණය නොවීම එක් අතකින සිදු වෙද්දී ඊට ආදේශකයක් වශයෙන් වත් නූතන සංවර්ධනයේ අවම ප්‍රතිලාබයක් හෝ ඒ ගම් කරා ගලා යෑමට නොම සැලැස්වීම නිසිද ඒ
දේ එසේ සිදුවිය. නගර කේන්ද්‍රීය සංවර්ධන සැලසුම් අවසානයේදී ග්‍රාම
සමාජ පැවැත්මෙන් තොර තත්වයකට පත් කළ අතර එතැනදී ගැමි ශ්‍රමය
ගම හැරපියා නාගරික මුඩුක්කු(බෝඩිං) සමාජ ක්ෂේත්‍රය පුළුල් කරන්නට
පටන් ගැනීම එහි අනිවාර්ය ප්‍රතිඵලය විය.
කෙසේ වෙතත් සාම්ප්‍රදායික හෙවත් දේශජ දැනුම ආරක්ෂා
කරනවාය යනුවෙන් අප මෙහිදී අදහස් කරන්නේ කිසියම් ආකාරයක
මුරකරු කටයුත්තක් නොවන බවද කිව යුතුය. ප්‍රධානම කාරණය විය
යුත්තේ මේ ආකාරයෙන් ගැලවි යන අප සතු ඒ දැනුම් පද්ධතිය ගැන
ප්‍රජාව දැනුවත් කිරීමේ කි්‍රයාකාරී සැලැසුමකට යාමය. එහි වටිනාකම ගැනRilkes-Bayon-copy
අවබෝධය ලැඛෙන ආකාරයේ වැඩ පිළිවෙලවල් සකස් කර ගැනීමය. එය
නැවත භාවිතයට ගැනීම මෙන්ම කාලයක් සමග ඉදිරියට ගෙන යාමට
හැකි වන ආකාරයේ ජන සහභාගිත්වයක් නැගීමද එම කි්‍රයාකාරි සැලසුම්
වලට ඇතුලත් විය යුතුය.
ඒ පිළිබඳව දේශීය හා ආදිවාසි ජනතාවගේ දායකත්වයේ
වටිනාකම ඔවුන්ට පෙන්වා දිය යුතුය. එතැනදී සිය උරුමය ගැන මෙන්ම
එහි හිමිකම් අහිමි වෙමින් ගිලිහෙමින් යන ආකාරය තේරුම් කර දීම
නිවැරදිව සිදුවූනහොත් වහා පෙරට විත් ඒවා රැක ගැනීමේ කටයුත්ත
ඔවුන් අතින්ම සිදු වෙනු ඇත. මේ ආකාරයෙන් පාරම්පරික විශ්වාස
දැනුම හා චාරිත්‍ර කෙරෙහි ඔවුන්ගේ ඒ කැපවීම නැවත ඇති කොට ප්‍රජාව
අතර ඇතිවන දැනුම් හුවමාරුව සාම්ප්‍රදායික උත්සව පැවැත්වීම ආදී
කටයුතු නිසා එම දැනුම හා සංස්කෘතිය අතර සම්බන්ධතාවය ප්‍රමාණවත්
ආකාරයකින් පවත්වා ගෙන යාමද සිදු වෙනු ඇත.
ඇත්ත වශයෙන්ම මිනිසුන්ට සැබෑ ජීවන මාර්ග සලසාදෙන අතර
සම්පත් තිරසාර ලෙසින් භාවිතයට දිරි ගැන්වීමෙන් පරිසර සංරක්ෂණය
සහ ආර්ථීක දියුණුව යන්න තවදුරටත් ද්වත්දනාත්මක උපතෝකෝටිකයක්
නොවනු ඇත. ගම්වල මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත වීම යන්නෙහි සැබෑ
අර්ථය උත්පාදනය වන්නේ එවිටය. මේ අනුව දේශීය දැනුම ආරක්ෂා
කරනවාය කියන තැනට අප ආ යුත්තේ ඒවා යළි භාවිතයට ගැනීම සහ
ඒ නිසා දේශයට ඇති වන ප්‍රයෝජන ගැන අවධානය කිරීම යන මාර්ග
ඔස්සේය.

IMG_3880.jpg

සෑම ජීවියෙකුටම පරිසරයට ඇති අයිතියට අදාලව පරිසරය
පිළිබඳව පුළුල්ම නිර්වචනයක් සපයන්නේ නම් අපට ඒ ගැන මෙසේ
පැවසීය හැකිය. ’පරිසරය යනු අපේ මනසේ සිට අනන්තවූ විශ්වය
තෙක් කුදු මහත් වූ ජීවි අජීවි සියල්ලත් ඒවා අතර පවත්නා අන්තර්
සම්බන්ධයත් ඇතුලත් වන්නාවූ සමස්තය වේ.¶ අද වන විට මිනිසුන්
වශයෙන් අපි මේ සමස්තය මතම යැපෙන්නන් බවට පත්ව සිටිමු. අනික්
අතින් එසේ යැපෙන්නේ පරිසරයට අසීමිත ලෙස බලපෑම් කරන එකම
සත්වයා බවටද පත්වෙමිනුයි. මේ අනුව මිනිසාගේ අසිමිත වූ කි්‍රයාකරකම්
හේතුවෙන් පරිසරයට බරපතල පීඩනයක් එල්ල වෙමින් පවතින අතර
ඇතැම් පරිසර පද්ධති මුළුමනින්ම අකි්‍රය කිරීමට ඔහුගේ ඒ ආකාරවූ
කි්‍රයාකාරකම් හේතු වී ඇත.
මුලික වශයෙන් ආයතනික දුර්වලතා ඇතැම් ප ්‍රතිපත්ති හා
බලහත්කාර තීන්දු නිසාද පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පනවා
ඇති නෛතික විධි විධාන කි ්‍රයාත්මක නොවනවා පමණක් නොවේ.7f89f36c301467c1e70722346bb8d75f
උල්ලංඝනයද වේ. මේ අතරට වගකිව යුතු නිලධාරීන් සිය රාජකාරියේ
උදාසීන වීම, මහජනයා මේ කිසිත් නොදන්නේය යන තක්සේරුව
දේශපාලනඥයන්ගේ අනිසි මැදිහත්වීම් හා කි්‍රයා කාලාපයන් අපේ රටේ
පාරිසරික ගැටලූ උත්සන්නම තැනකට ගෙන ඒමට හේතු වී තිබේ. ඒ
හැරුණ කළ නිසි සැලසුම් නොමැතිකම නව විකල්ප කෙරෙහි දක්වන
උදාසීන ප්‍රතිචාර පාරිසරික ගැටලූ තවදුරටත් උග්‍ර කොට තිබේ.
මේ සියලූ කටයුතු මෙසේ සිදුවන්නේ ජනතාවගේ යහපත තකා
රජය විසින් පරිසරය ආරක්ෂා කොට වැඩි දියුණු කළ යුතුව තිබියදී
ස්වාභාවික සම්පත් රැක ගැනීම ශී්‍ර ලංකාවාසි සෑම තැනැත්තෙකුගේම
යුතුකමක් බවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින්ම පෙන්වා දෙනු ලැබූ නෛතික
පසුබිමක් තුළ සිටින අතරවාරයේදීය එක් අතකින් සුවදායි පරිසරයක
ජිවත්වීමේ අයිතිය නෛතික අයිතියක් වශයෙන් පුරවැසියන්ට ලැබී ඇති
අතර අනික් අතින් පෙරලා එය රැක බලා ගැනීමේ යුතුකමක්ද ඔබ වෙතම
පැවරෙන බවද මෙහිදී අමතක නොකළ යුතුය. ඒ කාරණයම තවදුරටත්
විස්තර කරනවා නම් මෙරට ජිවත් වෙන සෑම පුද්ගලයෙකුටම පිරිසිදු
නිරෝගි පරිසරයක ජීවත් විමට අයිතියක් තිබේ. එමෙන්ම පාරිසරික
වශයෙන්(භාණ්ඩ හා සේවා) සාධාරණ ලෙසින් ප්‍රතිලාභ ලැබීමේ අයිතියක්ද
තිබේ. අනික් අතින් තමන් එසේ ප්‍රතිලාභ ලබන ඒ පාරිසරික වටිනාකම්
සුරක්ෂිත කොට පවත්වා ගැනීමේ යුතුකම සමග වගකීමද එත් සමගම
ඔහුට පැවරේ පුද්ගල පාරිසරික අයිතිවාසිකම් ගැන කථා කිරිමේදී දණ්ඩ නීති
සංග්‍රහය හා අනාදරය පිළිබඳ ආපදා පනතින් පරිසරය විනාශ කරන
ඕනෑම කි්‍රයාවක් දඩුවම් ලැබිය හැකි වරදක් වෙයි. රජයට අයත් ඉඩම්
හා ස්වාභාවික සම්පත් ඇතුළු සියලූම ආකාරයේ පොදු දේපලවලට හානි
සිදු කරන පුද්ගලයින්ට එරෙහිව කි්‍රයාත්මක වීමේ හැකියාව පොදු දේපල
පිළිබඳ පනතෙහි ඇතුළත්ව තිබේ. අපරාධ කරනයකදි ද පාරිසරික
ගැටළු නිරාකරණය කළ හැකි බව අපරාධ නඩු විධාන සංග්‍රහය පෙන්වා
දෙයි. ඒ අනුව පාරිසරික කටයුතුද ඇතුළත්ව පොලිස් නිලධාරියෙකුගේ
කාර්යභාරයද අපරාධ නඩු විධාන සංග්‍රහයට ඇතුළත් කොට තිබේ. තවද
අල්ලස් පනතින් ඊට අදාලව අල්ලස් ගැනීම හා දූෂිත කි්‍රයා නීති විරෝධි
ලෙසින් දක්වා තිබේ. මෙසේ ගත් කළ පොලිසිය, උසාවි පද්ධතිය රාජ්‍ය
නියෝජිතයින්, පුද්ගලික ආයතන හෝ පුද්ගලයින් පරිසරයට අදාලව
පොදු යහපත උදෙසා කි්‍රයා කරනු ඇතැයි අපේක්ෂා කිරිමේ අයිතියක්ද
අපට තිබේ.

16703030894_62aed414fd_b.jpg

හිත ගත හිත සවිමත් මිනිස්සු

අපේ මුතුන් මිත්තන් ගල් ලිපි වල ලිය ගිය වැදගත් ලේඛණ
සම්ප්‍රදායක් අප සතුය. ඉතිහාසය ඒවාට කියන්නේ සෙල්ලිපි කියාය. එමගින්
ඔවුහු සමහර ආකල්පද ප්‍රකාශ කළහ. අණ පනත් පැනවූහ. අනික් අතින්
මහා ස්මාරක අද නටබුන්ව ඇති ප්‍රාසාද යනමේ සියල්ල ඔවුන් සතුව
පැවැති ජීවන හැකියාව සහ නිර්මාණශීලිත්වයද පෙන්වා දෙන්නේය. ඒ
නිසාම අපේ ඉතිහාසය අපට අභිමානයක් වීම ජතත්‍යෝත්වාදයක් ලෙසින්
ගත යුතු නොවේ.නමුත් ඒ ආකාරයෙන් අපට තව බොහෝ දුරක් යා යුතුව ඇති
බවද මතක තබා ගත යුතුය. අනික් අතින් යා යුතු ඒ ගමන ගැන
නොදැනුවත්කමක්ද තිබේ. ඉතිහාසයට අයත් වූ අපේ ජීවත දර්ශනය,
තාක්ෂණය උපාය මාර්ග අද වන විට අප නොදත් දෑ බවට පත්ව තිබේ.
මේ තාක් කාලයකට අනුන් ලූහුබැඳ යාම පමණක් අප විසින් සිදු කරනු
ලැබ තිබේ. අවසාන ප්‍රතිඵලය වූයේ සනාථ භාවය නොවේ. අනාථභාවයම
වේි. හරියට බැලූවොත් අද අප ජීවත්වන්නේ පූර්ණ මිනිසුන් වශයෙන්
නොව අර්ධ මිනිසුන් වශයෙනි. අප ජීවත් විය යුත්තේ කෙසේද? අපේ
ජීවන විලාසය කෙසේ සකස් විය යුතුද? සමාජ ජීවිතයක මුලිකම ප්‍රශ්න
ගැන තීන්දු තිරණ ගන්නට අපට හැකියාවක් නැත. ඒ දේ වෙනත් සමාජ, දේශපාලන මෙන්ම වාණිජ බලවේග ඵීසින් සිදු කරනු ලබන තත්වයක් ඇති වී තිබේ. කොටින්ම කියනවා නම් අද අපි ජීවත් වෙන්නේ නිදහස්
ආකල්ප හෝ හැසිරීම් නැති අසම්පූර්ණ මිනිස් කොටසක් විදිහටය.
අපේ ජීවන පැවැත්මේ බොහෝ අක් මුල් අද නැත. අනන්‍යතාවයක්
නැති සංස්කෘතිය ගෝලීයකරණය තුළ විසිර යෑමේ අවදානම ආසන්නයටමCOW8612
පැමිණ ඇත. අපේ සංස්කෘතිය පෝෂණය කළ දැනුම, කලා ශිල්ප, ඇදහිලි,
විශ්වාස, අභිචාර විධි, හරි හැටි නොදත් නූතන සංවර්ධනය නම් මිරිඟ=
කෙම් බිමක් වෙනුවෙන් ඉවතට විසි කොට හමාරය. ඒ අනුව අවසානයේදී
ජාතියක් වශයෙන් අපව ලෝකයට හඳුන්වා දීමට අවශ්‍යම කෙරෙන අපේ
ජාතික වටිනාකම් නිමාව ගියේය. හිස්ව ගියේය. ලෝක වෙළඳ බලවේග
වලට අසු වෙමින් ඒවායින්ම යැපෙමින් අද අප ගත කරන්නේ අපටම
අහිමි වූ ජීවිතයක්ය යන්න දැන්වත් අවබෝධ කරගත යුතුය. ඒත් සමගම
ශිෂ්ඨාචාරයක් වශයෙන් ගත් කළ ඉකුත් ඉතිහාසය පුරාම ඇත්තේ අපේ
ඇත්තෝ ලොවට දානය කළ දෑය. එමෙන්ම ඔව්හු එමගින් සිය ජීවන
පැවැත්මද සුඛිත මුදිත කොටගෙන ඇත්තාහ. එසේ ගත් කළ ඒ යුගයක්
කාලයත් අතර ඇත්තේ විශාල හිස් තැනක් බව පැහැදිලිය.
මේ හිස් අවකාශය නැති කළ හැක්කේ හිස, ගත, සිත සවිමත්
මිනිසුන් වශයෙන් කටයුතු කිරීමෙනි. අප විසින් අපටම අහිමි කරගත්
අවශ්‍යම දෑ මානව පවුල තුළ යළිත් තහවුරු කර ගැනීමට වැනි ශක්තියක්
සහ වීර්්‍යයක් අවශ්‍යමය. අද අප සිටින්නේ එවැනි තැනකය.
(ගුරුගොඩ, හොරණ ගමගෙදර ආයතනයේ පියසෝම ඛෙන්තොට මහතා
සමග එක්ව කළ කථා බහකින් පසු මේ ලිපිය ලියන්නට යෙදුණි)

– මොහාන් ශ්‍රියන්ත ආරියවංශ –

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s