මඩ සෝදාගත් අපේ ගොවිියෝ අද සදාකාලික වකුගඩු රෝගියො

201403060726190286.jpg

අද වන විට අතශයින්ම අවාසනාවත්ත ප්‍රශ්නයක් බවට පත්ව
තිඛෙන සහල් නිෂ්පාදනයේ අර්බුදය අපේ ගොවි ප්‍රජාව සිය පැවැත්මේ
කෙළවරටම තල්ලූකර දමමින් තිබේ. ඔවුන්ම ප්‍රකාශ කරන අන්දමට
ගොවිතැන තවදුරටත් හිතේ එකලාසයක් තියාගෙන කරන්න පුළුවන්
කටයුත්තක් නොවේ. කුමන ආකාරයේ වගා සංවර්ධන යෝජනා කි්‍රයාත්මක
වුණත් අදටත් අපේ රටට ගැලපෙන සහ පිලිගත හැකි ආකාරයේ
ජාතික වගා ප්‍රතිපත්තතියක් සකස් කරගන්නට මෙරට සිටි සහ සිටින
නායකකාරිකාදීන්ට පුළුවන්කමක් ලැබී නැත. ඒ අනුව එදා ගොවියා මඩ
සොදා ගත්තේ රජ ගෙදරට යන්න වුණත් අද ඔහු මට සොදා හරින්නේ
මහ ඉස්පිරිතාලයට යන්නටය. වෙනත් ලෙසකට කියනවා නම් අද සිටින්නේ
ගොවියෙක් නොවේ. ලෙඩකි. ස්වාධීන පැවැත්මක් නැති මිනිසෙකි. අද දවසේGlyphosate-Herbicides
ඔහු මුහුණ පා සිටින ප්‍රථම සහ එකම අභියෝගය ඔහුගේම වෘත්තියයි.
එනම් ගොවිතැනයි.
වත්මන් සමාජ දේශපාලන ක්ෂේත්‍රයේ ගොවිතැන හා සමග එක්ව
සාකච්ඡාවට ලක් කෙරෙන පෝර සහනාධාරය දේශපාලනඥයන් විෂයෙහි
මෙරට ගොවිතැන සඳහා ඔවුන් ලබා දෙන මහෝෂධයක් ලෙසින් ඔසවා
තබා තිබේ. ඒ නිසා ශක්තිමත් වන්නේ අපේ ගොවියා නොවේ. රසායන
පෝර නිෂ්පාදනය කරන්නාවූ සමාගම් වේ. දිගින් දිගටම රසායනික පෝර
භාවිතා කරමින් සිය වගා කටයුතු කරගෙන යන්නට එමගින් ගොවින්ව
යොමු කොට තිබේ. මේ ආකාරයෙන් දිගින් දිගටම රසායනික පෝර පසට
යෙදිම කරණ කොටගෙන ඉදිරි වසර ගණනාවකටම යළිත් ගොඩ ගන්නට
නොහැකි ආකාරයෙන් භූමිය හානියට ලක්වීම වැළැක්විය නොහැකිය. අනික්
අතින් අද වන විට රාජ්‍ය මට්ටමින්ද පිලිගෙන ඇති කාබනික පෝර
භාවිතය පිළිබඳ සාකච්ඡා මෙම ව්‍යාපෘති පලක් නැති කටයුතු බවට පත්
කිරීමට අර කී පෝර සහනාධාරය හේතුවී තිබේ. දිගින් දිගටම පෝර සහනාධාරය පවත්වාගෙන යෑම තුළින් ප්‍රකාශයට පත් වන්නේද මෙරට ගොවිතැනට අදාලව ජාතික මට්ටමින් පිළිගත් වැඩ පිලිවෙලකට යාමට
ඇති නොහැකියාවය. එහෙම නැත්නම් නුවුවමනාවය. මීට අදාලවම දැනට
අපේ රටේ එක් අයෙකුගේ දෛනික සහල් අවශ්‍යතාවය ග්‍රෑම් 250ක් ය
යන්නත් ඒ අනුව රට තුළ ඒක පුද්ගල සහල් පර්භෝජනය කිලෝ ග්‍රෑම්
ලක්ෂ 50ක් ය. යනුවෙනුත් සටහන් කර තැබිය යුතුව තිබේ. එය එසේ
පෙන්වා දුනනේද මෙවැනි පසුබිමක් තුළ කොයිතරම් දුරට විධිමත් ජාතික
වැඩ පිලිවෙලක් සහල් නිෂාපාදනය වෙනුවෙන් අවශ්‍යද යන්න අවබෝධinsuficiencia-renal.jpg
කරවිමටය.
2007 අවුරුද්දේ දී වෛද්‍ය නවරත්න කන්දේගෙදර ’ගවයයි
ගොවියයි ඔබයි මමයි¶ මැයෙන් ලියු කුඩා පෙත් පිංච කිසිවෙකුගේ
අවධානයට ලක් නොවුවත් එය ගොවියා මුහුණ පා සිටි බිහිසුනු ඉරණම
ඉතා ප්‍රබල ලෙසින් පෙන්වා දෙන්නකැයි සිතමි. ඒ අනුව ඔහු ඉතා
පැහැදිලිවම පෙන්වා දෙන්නේ රසායනික පෝර භාවිතය නිසා කිසිදු
ප්‍රගතියක් මේ වන විටත් අපේ කෘෂිකර්මාන්තයට ලැබි නැති බවයි. ඒ
වෙනුවට සිදුව ඇත්තේ අපේ ගොවීන් සදාකාලික වකුගඩු රෝගීන් බවට
පත් වීමත් ඔවුන්ගේ දරුවන් උපතේ දීම නිල් පැහැ ගැන්වී මිය යාම
හෝ ජීවිතාන්තය දක්වාම අබල දුබල තත්වයන්ට පත් වීමත් පමණක්ය.
මේ ආකාරයෙන් වෛද්‍ය කන්දේගෙදර සිය කුඩා පොත් පිංචෙන් කරන්නේ
විශාල එළිදරව්වකි. අවුරුදු 30ක් පමණ කාලයක් වෛද්‍යවරයෙක් ලෙසත්
වසර 17ක් දේශපාලන කි්‍රයාකාරිකයෙක් වශයෙනුත් දිනෙන් දිනම මෙරට
ගොවි ජනතාව රෝගීන් බවට පත් වන ආකාරය තමා නිරීක්ෂණය කළේ
යැයි ඔහු පවසයි. මේ අනුව අපේ ගොවින්ට වැළදෙන බොහෝ රෝග
ාබාධ අර කියු කෘෂිකාර්මික වස විස භාවිතයෙන් ඇති වු ඒවා බවට
වඩාත්ම ප්‍රත්‍යක්ෂ වී ඇත්තේ කෘෂිකාර්මික පරිසරයේ සිටින තාක් ඉතා
ප්‍රබල ඖෂධ වලින් පවා සුව නොවූ ඔවුහු එම පරිසරයෙන් ඉවත් කොට
ප්‍රතිකාර කරන්නට වූ තැන සිට විශ්මය ජනක ලෙස ඉක්මණින්ම සුවපත්වූ
නිසාය. මෙය වෛද්‍ය කන්දේගෙදරගේ අත්දැකීමකි. අනික් අතට මේ
රසායනික විස ගොවීන්ට තරමටම නොවුණත් ඊට මදක් අඩුවෙන් හෝ
ආහාර බෝග සමග සමස්ත ජාතියටම බලපාන විෂම ඉරණමක් වී තිබේය
යන්නද අමතක නොකළ යුත්තකි. ඒ අනුව මෙය ගොවීන්ට පමණක්
බලපාන ප්‍රශ්ණයක් වශයෙන් සලකා අයින්කොට තල්ලූ කර දැමීමට ඉඩක්
නැත. කෙසේ හෝ වේවා මෙවැනි තත්වයක් තුළ තවදුරටත් කුඹුරක් අසල
ජීවත් වීම නිරෝගි සම්පත් අත්කර ගැනමේ මාර්ගයක් ලෙසින් තවදුරටත්
සලකන්නට අද අපට පුළුවන්කමක් නැති බවත් ඉහත පොත් පිංච මතක්

1427418247319.jpg

කර දෙයි. ගමේ වෙල් යාය කායික මානසික සුවය අත් විදින පාරිසරික
කලාපයක් වශයෙන් තවදුරටත් පිලිගත නොහැක. ගැඩවිල් පණුවෙකු,
කුරඹයෙකු, බත් කූරෙකු පවා දක්නට නොලැඛෙන අද වෙල් යාය සියදිවි
නසා ගැනිමට පමණක් සුදුසුමරු මුඛයක් බවට පත් වී හමාරය.
මිනිසා දිගු කාලයක් තිස්සේ සතා සීපාවා ගහකොළ හා ඇසුරේ
ස්වාභාවය සමග බැඳුණ ජීවියක් ගත කළ සත්වයෙක් වුයේය. ඒ නිසාම
ස්වාභාව ධර්මයෙන්ම ලබාගත් නිරෝගි ශක්තිමත් දිවි පෙවෙතක් ඔහු
සතු වූයේය. එහෙත් මේ පැවැත්ම අතික් පැත්තට හරවා ගැනෙන්නේද
මිනිසා විසින්ම තමාගේ ම සුව සතුට සඳහාය කියමින් නිෂ්පාදනය කරගත්
විද්‍යාත්මක මෙවලම් නිසාය. එය කාර්මික විප්ලවය, හරිත විප්ලවය
වශයෙන් අප විසින් ම අභිවන්දනයට ලක් කරගන්නා ලද ව්‍යාපාර හරහා
සිදු විය. ඊලගට අපේ ඉතිහාසයට අනුව ගත්තත් වෛද්‍ය නවරත්න
කන්දේගෙදර පෙන්වා දෙන පහත තත්වය පවසන ඇත්ත ගැන යළි
යළිත් අවධානය යොමු කළ යුතු නෙවේද?
’පොලොන්නරුව ඉස්පිරිතාලේ මැරෙන අයගෙන් පහෙන් එකක්ම
මැරෙන්නේ වකුගඩු දියවෙලාලූ. ඒ වකුගඩු දියවන්නේ එහේ වතුරවල7663259_f496
ෆ්ලෝරයිඩ් වැඩි නිසා බව කාලයක් මේ ගැන සොයා බලන්ඩ ආණ්ඩුවෙන්
පත් කර ඉන්න මේ රටේ බොහොම උගත් මහදැනමුත්තලා කියන්ඩ පටං
ගත්තා. හැබැයි ඔය අනුරාධපුරේ තමා අපේ පුරාණ අගනුවර. අවුරුදු
එක්දාස් දෙසීයක් විතර පොලොන්නරුව අවුරුදු දෙතුන් සීයක් විතර
අගනුවර වී තිබුණා. මුළු රජරටම ගත්තොත් පරංගි ලංකාවට එන්න ඔන්න
මෙන්න කියනකම් රාජධානි තිබුණේ රජරට. ඒ කාලේ රජවරුන් ගැන
රජ පවුල් ගැන විතරක් නොවෙයි සාමාන්‍ය මහජනයා ගැනත් ලියවෙච්ච
පොත් පත් කන්දරාවක්ම තියෙනවා. හැබැයි ඒ කිසිම පොතක් වකුගඩු
ලෙඩ වී මැරුණ මිනිසුන් ගැන සඳහනක් නෑ. එපමණක් නොවේ එක්දාස්
නවසිය අසූව වෙනකල්ම මෙහෙම හෙණයක් ඒ පළාත්වල තිබිලත් නෑ.
ඉතිං කොහොමද දැන් විතරක් ඒ වතුරින් වකුගඩු දියවෙන්නේ. මේ අතර
මේ සම්බන්ධව තවත් පාර්ශවයක් කරුණු දක්වමින් කියා සිටින්නේ ගොවි
ජනපද ආරම්භ වු ඒක කාලයේ දිම ඛෙදා දුන් ඇලූමිනියම් බදුන්වල උයා
පිහා කෑමේ ප්‍රතිඵලයක් ලෙස මේ වකුගඩු රෝගය ශරීරගත වූ බවයි.
එහෙත් එතැනදී වෛද්‍ය කන්දේගෙදරගේ තර්කය වේ.
’නමුත් ලංකාවේ සමහර මුස්ලීම් පවුල් ඉන්නවා අවුරුදු 150ක්
විතර උයන්නේ ඇලූමිනියම් වළං වල. කන්නේ ඇලූමිනියම් පිඟානේ.

1427414210857.jpg

බොන්නේ ගේන්නේ ඇලූමිනියම් කලගෙඩියේ. බොන්නේ ඇලූමිනියම්
ජොගුවේ. හැබැයි ඒ අයගේ වකුගඩු අපූරුවට තියෙනවා.
මෙම වක =ගඩු ආසාදන තත්වය ගැන පර්යේෂණ පවත්වපු
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම ජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය සරත් බණ්ඩාර රජරට වකුගඩු ආසාදන තත්වය ගැනද
පර්යෝෂණයක් සිදු කොට තිබේ. එහිදී ඔහු සොයාගත් එක් වැදගත්
කාරණයක් වන්නේ රජරට ප ්‍රදේශයේ වක =ගඩු ආසාදනයට ලක්වුණ
රෝගීන්ගෙන් බොහෝ දෙනෙක් ගොවීන්වූ බවයි. එපමණක් නොව ඔවුහු
කුඹුරු අවට වාසය කරන්නෝද වූහ. එමෙන්ම මේ ගොවීන් දිය බොන
ලිං පරීක්ෂා කිරිමේදී ජලයේ කැඩ්මියම් ලෝහය මිශ්‍ර වී තිබුණ බවද
සොයාගෙන තිබේ. එමෙන්ම වැවේ මඩරොල්ල අතරේත් නෙලූම් අල වල
මෙන්ම මත්ස්‍යයන්ගේත් එකි ලෝහය ඇති බවට සහතික කරගෙන තිබේ. එතැනින් එහාට මේ කියන කැඩිමියම් ලෝහය කුඹුර ආසන්නයේ ඇති
පලා කොළ වලත් තණකොල හරහා දෙනුනගේ කිරි වලත් අන්තර්ගතවz_p-39-Unscientific
ඇති ආකාරයද නිරීක්ෂණය කොට තිබේ. දැන් මෙතැනදී පෙන්වා දිය
යුතු තවත් වැදගත් කරුණක්ද තිබේ. එම් ලෝක සෞඛ්‍ය සංවිධානයට
අනුව මිනිසෙකුට කැඩිමියම් එරොත්තු දෙන ප්‍රමාණය දිනකට මයික්‍රෝ ග්‍රෑම්
එකකි. නමුත් ඉහත ප්‍රදේශවාසී මිනිසුන්ගේ ශරීරවල එම ප්‍රමාණය මයිකෝ‍රා
ග්‍රෑම් 50ක් වන විට ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය ගැන තවදුරටත් තැබිය
හැකි බලාපොරෙතේතුව කුමක්ද? එමේනම උතුරු මැද පළාත්වල පවත්නා
වකුගඩු රෝග පිළිබඳ අධ්‍යයනයක් සිදු කොට වාර්තාවක් ඉදිරිපත් කරන
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපදේශිකා අයිෆා අෂේර් ගේ පෙන්වා
දීටම අනුවද ගොවිතැනට යොදා ගන්නා කාමි නාශක විස මේ සඳහා
හේතුවී ඇති බවයි. (බලන්න – ’ගවයියි ගොවියයි ඔබයි මමයි)
’මේ කථාව අපටත් පිලිගන්න පුළුවන්¶ යැයි වෛද්‍ය කන්දේගෙ
දර පවසන්නේ ඉහත කරුණු කාරණා ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මොකද මේ ලෙඩේ ආවේ වෙල්වලට පෝර ගහන්ඩ පටන් ගන්තට පස්සේ
හිදිදා…. අපට මතකනේ වැවි තාවුල්ලේ වෙලේ පහළ පුංචි ඇල පාරවල්
ඉස්සර ජීවත්වුන හඳයා, තිත්තයා, වෙල්වලට මැහි තෙල් ඉහින්න පටත්
ගත්ත කාලේම වඳ වි ගියා. එදා සුලබ මත්ස්‍යයෙක් වූ මඩාරාද 1980-
2000 අතර කාලයේදී සම්පූර්ණයෙන්ම වඳ වී ගියා. ඒ පෝර තට්ටු
මඩ රොල්ලට කළවම් වීම නිසා යැයි අනුමාන කළ හැකියි. ඊළඟට
මහාචාර්ය සරත් බණ්ඩාර පෙන්වා දෙන්නේ මේ ආකාරයේන කැඩ්මියම්
ලෝහය මිශ්‍ර වීම නිසා නෙළුම් අල මෙන්ම තෙපිපිලි පවා විෂ සහිත වී

Sri-Lanka-de-mine

ඇති හෙයින් ඒවා ආහාරයට ගැනීම මගින් වකුගඩු ආසාදනයට ලක්වීමට
ඉඩ ඇති බවය. එහෙම වුණත් ඒ නිරීක්ෂණ වාර්තා වලට අත්වූයේ නම්
කණගාටුදායක ඉරණමකි. එසේ වන්නේ මෙවන් හෙළිදරව්වක් කළ සෑම
අවස්ථාවකදීම අදාල පෝර මෙන්ම කෘමිනාශක නිෂ්පාදන සමාගම් විසින්
එකී පෙන්වා දීම ගැන නොමග යවන ආකාරයේ ප්‍රචාරයට මෙන්ම ජනමාධ්‍ය
සාකච්ඡා නිර්මාණය කිරීම අදටත් සිදු කිරීමය. ඒ අනුව වර්තමානයේ
ජනතාවගේ මාධ්‍ය යැයි කියාගන්නා මුදි්‍රත සහ විද්‍යුත් මාධ්‍ය කි්‍රයා කරන
ආකාරය ගැන වෙනම කථා කළ යුතුව තිබේ.
මේ ඛේදවාචකයේ අනික් පැත්ත නිල් දරුවන් වේ. වෛද්‍ය
කන්දේගෙදරගේ පෙන්වා දිමට අනුව අනුරාධපුරේ, පොලොන්නරුවේ වකුග
ඩු ප්‍රශ්න වගේම තවත් ප්‍රශ්නයක් ඇති අතර එය කල්පිටිය ප්‍රදේශයේckdu-300x259.jpg
ලූණු ගොවියන්ගේ සහ එළවළු ගොවියන්ගේ පවුල්වල උපදින දරුවන්
නිල් පැහැ ගැන්වීමයි. ඒ නිල් දරුවන් වශයෙන් හැඳින්වෙන මොවුහු
ඉපදී වැඩි කාලයක් ජිවත් නොවෙති. නිල් නොවී උපදින දරුවන් පවා
රෝගීන් විනා නිරෝගි දරුවෝ නොවෙති.
’මේ ගැන පරීක්ෂා කළේ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය
කේ.ඕ.සී.ඊ ලියනගේ මහතාය. ඒ 1995දී. එම පරීක්ෂණයෙන් එළිදරව්
වූයේ අදාල ප්‍රදේශයේ වගාව සඳහා යොදා ගන්නා නයිට්‍රජන් පෝරවල
අන්තර්ගත නයිටේ්‍රට් ගොවි පවුල්වල සාමාජිකයන්ගේ ශරීර වලට ඔරොත්තු
නොදෙන ආකාරයෙන් ඇත =ළත්ව ඇති බවයි. මේ අනුව ප ්‍රදේශයේ
ළමයින්ගේන් සියයට 65ක්ම ඒ වන විටත් රෝගයට ගොදුරු වී සිටින
බව සනාථ විය.¶
’ඒ කාලේ අපේ කුඹරු වල අස්වැන්න ගණන් බැලූවේ ලාහට
අමුණ ගානෙ. ලාහට අමුණක් නොලැබුණොත් එය නිසරු කුඹුරක් ලෙසින්
සැලකෙයි. එවිට එහි වි වගාව අතහැර වෙනත් වගාවකට යොමු කිරීම
හෝ හරකුන්ගේ පාරිභෝජනයට පොදු තණ පිටියක් වශයෙන් වෙන් කිරීම
සිදු විය. ලාහක් කියන්නේ අක්කරයකින් විස්සෙන් එකක්. අමුණක් කියන්නේ
වී බුසල් 7ක්. ලාහට අමුණයි කියන්නේ අක්කරයට වී බුසල් 140ක්.
මේක අද නම් හිතාගන්නටත් බැරි තරම් ලොකු අස්වැන්නක්. මේ මහා
අස්වැන්න කන්දරාව අපේ ගොවියන්ට එදා ගන්ඩ පුළුවන් වුනේ ඒ අය
සතුන් සමඟ සහජීවනයෙන් විශේෂයෙන්ම ගවයා එක්ක සහජීවනයෙන්
වගා කළ නිසයි. ඒ ගොවිතැන් පිළිවෙල අපේ පරණ අයට තාමත් මතකයි.
ඒ කාලේ ගොයම් කපා වී ටික අරගෙන ගොවියා ගෙදර යන්නේ වැටේ

420036-kidney.jpg

කඩුල්ලක් කඩා හරක් ටික වෙලට පන්නා හරකුන්ට කුඹුර බාර දීලමයි.
නිකිණි කාලේ හිස්දා උස්බිම්වල තණකොළ මැරෙන මේ කාල සීමාවේ
ගමේම හරක් තණ උලා කන්නේ මේ කුඹුරු ඉපනැල්ලේ ගොයම් කපන
තුරුම කුඹුරු වලට වතුර හැරවුණ නිසාත් වෙල තියෙන්නේ වැව පාමුල
නිසාත් නිකිණි කාලෙත් වෙලේ සරුවට තණකොළ වැවෙයි. මේ ඔක්කොම
හරක් රංචු වෙලට වෙලාවේ එන එන තණකොළ කකා ගොම පොහොරින්
වෙල පුරවනවා. මෙහෙම මාස තුනක් විතර හරක් වෙල පෝර කළාට
පස්සේ තමයි ඊළඟ වැහි කාලය එන්නේ දැන් වෙලේ තණකොල නෑ. ඒ
වෙනුවට වෙල පුරාම ගොම තට්ටුවයි. ඉතින් ගොවියන් ඒ ගොම පිරුණ
බුරුල් පොළව හරකුන්ගේන්ම හාලා වෙල වට්ට හොඳ හයිය තියෙන
වැටක් බඳිනවා. ඊට පස්සේ වෙල මඩ කරලා වෙලට වී ඉහිනවා. දැන්
මේ වෙන කොට වැහි කාලය හින්දා ගමේ උස්බිම් වලත් හොදට තණ
කොළ වැවෙනවා. ඒ නිසා හරකුන්ටෙත් කෑම හිඟයක් නැ. ඒ උස් බිමේ
වැවෙන තණකොළ කකා උන් උස් බිමට දමන ගොම ටික මුත්‍රා ටික
වැස්සට දියවෙලා නැවත වෙලට ගලා එනවා. ඒ නිසා කුඹුර පැහෙන
කල්ම වෙල්වලට පෝර හිගයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම වෙලට
හොද වැටක් තියෙන නිසා හරකුන්ගෙන් වෙලට හානියකුත් නෑ ඒ විතරක්
නොවේ කුඹුරු වැටට පිටින් ලියලන හැම පැලයක්ම මේ හරක් රංචු
මුලටම කන හින්දා වෙල වටේටම වල්ගොල්ලක් නෑ. ඒ නිසා වෙලට වින
කරන කෘමින්ට බෝ වෙන්ඩ හරි හැංගෙන්ඩ හරි පරිසරයක් වෙල අවට
ඉතිරි වෙන්නේ නෑ. මේකෙන් වෙලට ඇති වන කෘමි උවදුරුත් ඉතාම අඩු
වෙනවා. ඈත එපිට තණ කොළ ගහක ඉදලා හදිසියේ කෘමියෙන් වෙලට
ආවත් ප්‍රමාණය අඩු නිසා හුළු අත්තක් පත්තු කරලා පොඩි කෙමක් කරලා
ඒ කෘමීන් ටික මැඩ පවත්වන්න ගොවියාට පහසුවෙන්ම පුළුවන්¶
’දිගින් දිගටම හරක් වෙල ඇතුළේ තණකොළ උලා කාලා තියෙන
නිසා වෙල ඇතුලේ තිබුණ තණකොල වලින් ඇට හැදී කුඹුර පුරා විසිරී
නැහැ. ඒ හින්දා ගොයම් පැළ අතරේ වල්ගස් මතුවෙන්නෙත් ඉඳ හිටලා
එකක් දෙකක් විතරයි. ඒක යමින් එමින් ගොවියටම උදුරා දමන්න පුළුවන්.
ඒ නිසා ඒ කාලේ ගෙවියන්ට කුඹුරු වලට රසායනික පෝර තියා කාබනික
පෝරක්වත් දමන්න මහන්සි වෙන්ඩ ඕන වුණේ නෑ වල් නාශක, කෘමි
නාශක වලට වියදමක් ගියෙත් නෑ. හදිසියේ නියඟයක් ඇවිත් හරි කුඹුර
මැරුණොත් පාඩුව වෙන්නේ වෙලට ඉහපු වී බුසල් තුනහමාර විතරයි.
අක්කරයකට වී බුසල් හතලිහක් ලැබුණත් මේ ගොවිතැන් රටාව හින්දා
වි බුසල් තිසහයහමාරක්ම ශ=ද්ධ ලාබ, ඉතින් එහෙම තියෙද්දී වී බුසල්
එකසිය හතලිහක් අක්කරේකට ගත් ගොවියාට මොන කැම හිඟයක්ද?

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s