වික්ටෝරියානු සුචරිතවාදය පිපිරවූ මිනිත්තු 11 ප්‍රහාරය.

Paulo-Coelho-quotes

ලෝකයේ ඉතාම හොඳ ශිෂ්ටාචාරය කුමක්දැයි කිසිවකු තව අයකුගෙන් ප්‍රශ්න කරයි නම් ඒ සඳහා දිය හැකි නිර්වචනය හෝ පිළිතුර එක්කෝ ඉතාම අපැහැදිලි එකක් විය යුතුය. එසේත් නැත්නම් අතිශයින් සාහසික වූවක්ම විය යුතුය. ඒ කුමන තත්වයක් තුළ වුවත් එහිදී මානව පැවැත්ම ද්වන්දනාත්මක අභියෝගයකට මුහුණ පෑවේය යන්න ඉතිහාසගත ඇත්තක් වේ. යුරෝපයේ සුප්‍රකටවූත් අතිශයින් මානුෂිකවාදීවූත් යැයි පිළිගැනෙන සුචරිතවාදය තුළ පවා මේ මානව ඛේදවාචකය තිබුණේය යන්න ඇත්තම තත්වයයි. මාරියෝ වර්ගාස් යෝසාගෙ The Bad Girl හි එන (සිංහල පරිවර්තනය – .විසේකාරි.) එක්තරා ඉංග්‍රීසි ගැහැනියකගේ පාපොච්චාරණයකට අනුව ඇය තම ස්වාමිපුරුෂයා සමඟ ලිංගිකව නැතහොත් අඹුසැමියන් ලෙස හැසිරී ඇත්තේ තිත්ත කළුවරේය. එවැනි අතිශය කළුවරක් තුළ ඒ ආකාරයෙන් හැසිරීම වික්ටෝරියානු සුචරිතය විසින් අනුදත් මහා ශිෂ්ටාචාරවත් හැසිරීමක් විය. කෙසේ වුවත් මානව පැවැත්මේ ශිෂ්ටාචාරය විසින් අනුදත් මිනිසාගේ ලිංගික පරිසමාප්තිය එකී වික්ටෝරියානු සමාජ දේශපාලනය විසින් සිරකළ ආකාරය ඇගේ ඒ පාපොච්චාරණය තුළ මුළුමනින්ම අන්තර්ගතව ඇතැයි සිතේ. එහෙත් ඔවුන් එය අර්ථ Paulo_Coelhoනිරූපණය කළේ අතිශය සුවිනීත හැසිරීමක් ලෙසිනි. නමුත් අවසානයේදී සිද්ධ වූයේ මානව අයිතියක් ලෙසින් කොන්දේසි විරහිතව පිළිගත යුතු ලිංගික පරිසමාප්තිය අඳුරු කාමරයක් තුළ ඉතාමත් අසම්පූර්ණ ආකාරයෙන් සිදුවෙන (ආගමික අර්ථයේදී මිත්‍යා අපචාරයක් ලෙසින්ද අර්ථ නිරූපණය වීමේ අවදානමද සහිතව) අසභ්‍ය කටයුත්තක් බවට පත්වීමය. කුමන ආකාරයකින් මානව ශක්තිය ඛෙලහීනත්වයෙන් පවත්වා පවත්වා ගෙන යෑම ලෝක සම්මත දේශපාලන පංතියේ අභිප්‍රාය වේ. එවැනි පසුබිමක් තුළ ලිංගික වූව අතෘප්තිමත් මර්දනයකට මානව පැවැත්ම ගොනු කර ගැනීමද එක්තරා ආකාරයක ජයග්‍රහණයක් ලෙසින් පාලක පන්තිය සැලකු බව පැහැදිලිය.

නමුත් ඕනෑම ගොනු කිරීමක් නියමාර්ථයෙන් පුපුරා යෑමක් නිර්මාණය කිරීම ලෝක ඉතිහාසයේ නියමයයි. එය සිදුවන්නේ දේශපාලන ක්ෂේත්‍රයේදල එසේත් නැත්නම් දාර්ශනික අර්ථයෙන්ද යන්න අදාළ කාලය විසින් තීරණය කරනු ලබන්නකි. එංගලන්ත සුචරිතවාදී සමයේ ඩී. එච්. ලොරන්ස් විසින් ප්‍රකාශයට පත්කළ අර කියන ලද සුචරිතය අභියෝගයට ලක්කරන සාහිත්‍ය ෆැන්ටසියල .ගැහැනු කවුරුද වරදෙ නොබැෙඳන. යන සම්ප්‍රදායික මෙන්ම නියෝගාත්මක ප්‍රකාශයෙන් යටපත් කරන්නට තැත් කළද ඉතිහාසගමනය තුළ එය සාර්ථකත්වයක් දුටුවේ නැත. ඔහු විසින් නිර්මිත ඒ විවාහක ස්ත්‍රිය සිය සැමියාගේ ලිංගික ඛෙලහීනත්වය හා බැඳුණු පුද්ගල ආත්මාර්ථය හමුවේ උයන්පල්ලා සමඟ සංවාසයට එකඟවීම යුරෝපීය සුචරිතය මධ්‍යයේ තැබූ පරමාණු බෝම්බයක් හා සමාන විය. එතැනදි ඇගේ ඒ හැසිරීමේ සාධාරණත්වයල පුරුෂයාගේ අංගවිකලත්වය ඉස්මතු කරමින්ල දුබල වූ අවස්ථාවේදී සැමියා අත් නොහළ යුතුය යන ඉංග්‍රීසි නෛතික අර්ථ නිරූපණයද මතුකරමින් යටපත් කිරීමට ගත් විචාරක තැත කාලය විසින්ම පරාජයට පත්කරන ලදී.

Paulo-Coelho-Wallpaper-paulo-coelho-6913991-1024-768.jpg

කෙසේ වුව පසුකාලීනව මේ තත්වය සංවිධානාත්මක ව්‍යාපාරයක් වශයෙන් සාහිත්‍ය සමාජ මතු නොව සංස්කෘතික ව්‍යාපාරයක් වශයෙන්ද මතුවීම ඉතිහාසයීය නියමයක් ලෙසින් වටහා ගතයුතු යැයි මම සිතමි. එය පශ්චාත් නූතනවාදය නමින් ප්‍රකට වූයේය. එමෙන්ම එය ඇතැම් තැන්හි සාවද්‍ය ලෙසින් අර්ථ නිරූපණයද වූයේය. නීට්ෂේගේ පුරුෂෝත්තමවාදී නිදර්ශනයක් සමග අලූත් සමාජ පෞරුෂත්වයක් වෙනුවෙන් මේ සමාජ සංවාදය හ~නැඟ=වේය.

ඒ මානව පෞරුෂත්වය කොයි ආකාරයෙන්වත් ඇමෙරිකන් ලිබර්ටි ප්‍රතිමාව මෙන් එක් ඉලක්කයක් හෝ ව්‍යාජයක් වෙනුවෙන් නිර්මාණය වූවක් නොවීය. එය මුලින්මත් අවසානාත්මකවත් සමාජ දේශපාලන සංවාදයක්ම වුණි.

පාවුලෝ කොයියෝ මරියා හරහා ගෙනයන මිනිත්තු එකොළහේ කතාව ඒ සමාජ සංවාදය පශ්චාත් නූතනවාදයේ නූතන නිදර්ශනයක් යැයි සිතේ. මරියාට වුවමනා වන්නේ නූතනවාදී සමාජ ආර්ථීක ෆැන්ටසිය මධ්‍යයේ තමාගේ LRG_Participant_061ස්ථානගත වීම සපුරා ගන්නටය.

එතැනදී කන්‍යාවක් වශයෙන් ඇය සිය මවුපියන් හැර දමන්නේ රැකියාවක් සඳහාය. ඒ වෙළඳසලක සේවිකාවක් වශයෙනි.

අදාළ වෙළඳසලේ අයිතිකරු ඇය හා බැෙඳන්නේ ආදරයෙනි. පසුව එය ගේහසිත පැවැත්මක් දක්වා ගෙනයන අටියෙනි. නමුත් ඇය සිතන ආකාරයට ඇයට ඇත්තේ වෙනම ගමනකි. ඒ ගමන තුළම නිර්මාණය කරගත් සිහිනයක් ඉලක්කයක් ඇයට තිබුණත් අවදානමක් සහිත භාරගැනීමක්ද ඒ තුළ ඇත්තේය යන්න ප්‍රතික්ෂේප කිරීමට හෝ අමතක කිරීමට හෝ ඇයට ඒ සිිහින ඉලක්ක ප්‍රමාණවත් වන්නේ නැත. කොහොම වුණත් ඒ නිසාම ඒ වෙනුවෙන් අඩියක්වත් පස්සට තබන්නට ඇය නොගත් තීරණය ගැහැණියක සතු සුවිශේෂත්වයයි.

මුලින්ම ඇයට හමුවන විදේශික සුදු මිනිසා තැරැව්කාරයෙක් හරහා ඇයව රාත්‍රියකට තමා වෙනුවෙන් වෙන්කර ගැනීමත් ඒ වෙනුවෙන්ම ඇය කොයි ආකාරයෙන්වත් බලාපොරොත්තු නොවූ මිලක් ගෙවන්නට ඔහු ඉදිරිපත් වීමත් සිය ගමන වෙනුවෙන් ඇය ලබාගත් ප්‍රබෝධයක් යැයි කිවහැකි වේ. කෙසේ හෝ වේවා ඒ රාත්‍රියෙන් පසු කිසිදාක ඒසා මුදලක් ඒ එක් රාත්‍රියක් වෙනුවෙන් ලබාගන්නට අවස්ථාවක් ලැඛෙන්නේ නැත. නමුත් ඔහු හරහා ඇගේ ප්‍රාර්ථනීය නාගරික සංස්කෘතියේ ෆැන්ටසියට ළඟාවීමට ලබන අවසරය තුළ .මිනිත්තු 11. ඇය වෙනුවෙන් විශාල සමාජ මානසික නිර්මිතයක් ජනනය කළේය යන්න අපේ් කල්පනාවයි.

මේ ලිපියේ මුලින්ම සාකච්ඡාවට ගත් වර්ගාස් යෝසාගේ ,විසේකාරී, හි නිරූපිත එංගලන්ත සුචරිතයේ අවශේෂ අතරින් පැමිණෙන සුදු ජාතිකයා මරියාව තමා වෙනුවෙන් වෙන්කර ගන්නේ එකී උදාසීන මානව විරෝධි සුචරිත ලිංගිකත්වයෙන් උපන් වෛරය පිට කරගැනිමේ හැඟීමෙන් මුළුමනින්ම වියුක්තව නොවේ. ඔහු ඇයට අතිශය හිංසනීය අයුරින් කස පහර දෙන්නේත් පරපීඩක අයුරින් ලිංගික චර්යා කරා යොමුවන්නේත් අවසානයේදී කසයේ මිට උපයෝගීකොට ගෙන ඇගේ ලිංගික උත්තේජනය පරිසමාප්තිය කරා ගෙන යන්නේත් ඒ වැඩවසම්වාදී සිරගතවීම මුළුමනින්ම පරාජයට පත්කිරීමේ එක්තරා ආකාරයක විප්ලවීය හැසිරීමක් ලෙසිනි. වඩාත් නිවැරැදිව කියනවා නම් දේශපාලන න්‍යායකින් හෝ කැරැල්ලකින් තොර විප්ලවීය සංසිද්ධියක් ලෙසින් එය ගත හැකිය.

Paulo_Coelho_2007-04-07_001.jpg

මේ තත්වය වඩාත් පැහැදිලි වන්නේ මරියා විසින්මත් ඒ ලිංගික පරිසමාප්තිය තමන් මෙතෙක් කිසිදු පුරුෂයකුගෙන් නොලද එමෙන්ම තමන්ට එතෙක් අහිමිව පැවති මානව අයිතියක් ලබාගැනීමක් ලෙසින් සිතන්නට යොමුවීම තුළය. ඒ යොමුවීමට ඇයව ගොනුකරන්නේද සුචරිත ආධිපත්‍යයේම දේශයක් වන එංගලන්තයෙන් පැමිණෙන පුරුෂයෙකි. දුඹුරුපැහැ සමකින් යුත් ගැහැනියක් සමඟ ඔහු ඒ විප්ලවීය සංවාසය සිදුකරන්නේ අර කියන ලද ඛෙලහීන සමාජ දේශපාලන සදාචාරය යළිත් ඉස්මතු නොවන ආකාරයෙන් පරාජය කිරීමට ද යන්න වෙනම විමසිය යුත්තකි.

කෙසේ වුව පශ්චාත් නූතන වාදයේ ඒ විප්ලවීය වෙනස තුල වඩාත් හෘදයාංගම නිමාවක් වෙනුවෙන් මරියා හමුවට එන්නේ චිත්‍ර ශිල්පියාය. ඔහු ඒ විප්ලවීය එහෙත් හෘද අභිලාසයකින් තොර ලිංගික පරිසමාප්තිය අනුවේදනීය හැඟීමෙන්ද සංවේදී මානසිකත්වයෙන්ද සම්පූර්ණ කරයි. පෞද්ගලිකවම මා සිතන ආකාරයට චිත්‍ර ශිල්පියා ඒ අයුරින් සිය දායකත්වය සපයන්නට ඉදිරිපත් නොවූයේ නම් අර කියන ලද මානව අයිතියෙන් මෙන්ම ලිංගික පරිසමාප්තියෙන් පමණක්ම මරියා තෘප්තියට පත් නොවීමේ අවදානම පාවුලෝ කොයියෝ දැක තිබේ.

කෙසේ වුව. මිනිත්තු 11. ක මානව සංසර්ගය අවසානයේදී ජීවිතයේ පරිසමාප්තියත් නිරමාණය කරන්නේ කෙසේද යන්න කොයියෝ ප්‍රකාශයට පත් කරන්නේ හුදෙක් එය ඒ තත්වයටම සීමා කරමින් නොවේ.

දේශපාලන සමාජ ප්‍රකාශනයක් ලෙසින්ද එය ප්‍රකාශයට පත්වන්නට ඉඩ හැරීමක් ඒ තුළ තිබේ. එය ලේඛකයෙක් වශයෙන් ඔහුගේ ප්‍රතිභාව පෙන්වා දෙන්නක්ය යන්නද ඒත් සමඟම කිව යුතුව තිබේ. සැබැවින්ම පාවුලෝ කොයියෝ ඒ මතු කිරිම සිදුකොට තිබේ. මරියා මුහුණපාන ඒ අත්දැකීම ඇය විසින් ඉස්මතු කරනු ලබන සමාජ දැක්මල අර ආගමික සුචරිතයේ මරියා නම් කන්‍යාභාවය සෘජුව ප්‍රශ්න කරන්නක් වීම මෙහි එන උත්ප්‍රාසාත්මකම තත්්ත්වයයි.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

1013427.jpg

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s