‘අප්පා උඹ ඛෙර ගැහුවොත් එහෙනම් මාදනයා පරදී’

 

මහනුවර නගරයේ හාරිස්පත්තුව කොට්ඨාශයට අයත් පූජාපිටිය අද ප්‍රාදේශීය නගරයකි. ඊට ආසන්නයේ ඇත්තේ පලිපාන නම් ගම යි. ඇතමුන්ට අනුව පලීපාන වලව්ව නිසා එය ප්‍රසිද්ධියට පත් ව තිබේ. අපට හමුවූ වෘද්ධ ගම් වැසියෙකු පැවසුවේ පලීපාන ඒ නම ලබන්නේ පලිඟ=පාන යන නම කටවහරට අනුව බිදී යාමෙනි. ඒ කොහොම වුණත් සුප්‍රකට නර්තන ශිල්පී ෙජ්. ඊ. සේදරමන් උපන් ගම පලීපාන යි. සාම්ප්‍රදායික උඩරට නැටුම් කලාවේ නිජබිමක් ලෙසින් අදටත් එය සැලකෙයි. අර මුලින් කී මාදනයා ගැන කතාව මේ ග්‍රාමයට අයත් සැබෑ පුරාවෘත්තයක් කියාදෙයි.

මාදනයා නම් මාදන මහ යද්දෙස්සා බොහෝ සුරු විරුකම් ඇත්තෙක් ලෙස සැලකේ. වෙන එකක් තියා කොහොඹ කංකාරියේ .ආවැන්දුම. හි එන සිව් තිතට අයත් ඛෙර මාත්‍රය පළමු වතාවට ගැසූ ඛෙර වාදන ශිල්පියා ඔහු යැයි සැලකේ.

මාදන මහ යද්දෙහි ගුරුන්නාන්සේටත් ගුරුන් වූ අය වෙති. ඒල ත්‍රි සිංහල රාජාංගන පණික්කිලෑ ගෙදර උක්කුවා ඛෙරකාර ගුරුන්නාන්සේල කම්මල්ගොඩ මහ යද්දෙස්සා යන අය යි. මුලින්ම උක්කුවා ඛෙරකාර ගුරන්නාන්සේගෙන් ශිල්ප ලැබූ මේ තරුණ ඛෙර වාදකයා නිත්තවෙලට පැමිණල නිත්තවෙල මුල් යද්දෙහි ගුරුන්නාන්සේගෙන් ද ශීලAප ලබයි. මාදනයා පලීපානේ හීන් උක්කු ව සහේ ට ගන්නේ මේ අතරවාරයේදී ය. ඔහු පලීපානේම බින්න බහියි. පලීපාන ග්‍රාමය සාම්ප්‍රදායික උඩරට නැටුමේ මුල් ලක්ෂණ තමන් තුලට උකහාගන්නේ ඒ ආකාරයට ය.

majestic-esala-perahera.jpg

කොහොම වුණත් අවසානයේ දී සිය නැටුම් කලාවේ පරප්‍රාප්තිය ලබමින් සිටි මාදන මහ යද්දෙහි ගුරුන්නාන්සේ වස් වැදීමෙන් මිය යයි. ගමේ පැරන්නන් ගේ මතකය එහෙමයි. ඒ සිවිලිය බැද නැටීමෙන් හටගත් වස් දෝෂයකිනි. ඒ සා ප්‍රවීණයෙකුත් මිය පරලොව යැවූ සිවිලිය බැඳ නැටීම වලි යක් නැටුමට අයත් වූවකි. එසේ නටන වලි යක් නැටුමේ දී වලි යක් දෙවියන් උදෙසා පබැදුණු කෝල්මුර කවි ද ගැයෙයි. එහි විශේෂ ම අවස්ථාව සිවිලිය බැඳ නැටීමයි. සිවිලිය වලි යක් දෙවියන්ගේ ආභරණයකි.එනිසාම ප්‍රවේශමින් නොකලොත් සිවිලිය බැඳ නැටීම වස් වදින දෝෂයකි. මාදන මහ යද්දෙහි ගුරුන්නාන්සේට හරහට හිිටියේත් ඒ කිව්ව දෝෂය යි. අද උඩරට නැටුම් සම්ප්‍රදායේ සිවිලිය බැඳ නැටීමක් සිදු නොවෙන තරම් ය.Kandyan-Drummer

මාදන මහ යද්දෙහි ගුරුන්නාන්සෙලා ශිල්ප ප්‍රාගුණ්‍යයක් ලෙසින් ඔසවා තැබූ ඛෙරවාදනය හා ඒ හා බැඳුණු නැටුම් ශිල්පය ඒ ශිල්ප ප්‍රාගුණ්‍යය යන තැනින් ඔබ්බට ගෙන ගොස් නූතන අධ්‍යයනයට සහ ශාස්ත්‍රීය හැදෑරීමට පමුණුවන්නේ ෙජ්. ඊ. සේදරමන් ය. අනිත් අතට සේදරමන් කියන්නේ ද අර කීව ශිල්ප ප්‍රාගුණ්‍යයේ ම ප්‍රතිඵලයකි. ඒ බව අපට කීවේ පලීපාන ගනිතරත්න ය.

පුංචා නැකැති ඩී. ජි. ගනිතසාර සෙව්රංග ගනිත ගුරුන්නාන්සේ සේදරමන්ගේ මව් පාර්ශවයට අයත් ප්‍රබල ශිල්පියෙකි. ඔහු ගේ ශිල්ප ඥානය අගය කරමින් එවකට උඩරට රාජ්‍ය පාලකයා වූ කීර්ති ශ්‍රී රාජසිංහ ,පඨා ඛෙරය, සම්මානය ද ඔහු ට ලබා දී තිබේ. විශේෂයෙන් ම මඟ=ල් ඛෙර වාදනයේ දී එකැස් ඛෙර වාදනය ට ඔහු හා සම වීම ට අනෙකෙකු එදා සිට නැත. අපට දැනගන්න ලැබුණු ආකාරයට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු මහ දවුල සාදා දී ඇත්තේ ද පලීපාන ග්‍රාමයේ එදා විසූ ඒ ශිල්පීන් ය. ඉහතින් කියවුණු පඨා ඛෙරය අදටත් මේ ගමේ දී දැකගත හැකි ය. එය සාම්ප්‍රදායික ඛෙරයට සමාන නොවන ඇහැල ලීයෙන් තනා ගනු ලබන්නකි.

5207016865_fab2370f46_z.jpg

පඨා ඛෙරය සාම්ප්‍රදායික ඛෙරයකට සමාන නොවන්නේ ඛෙරයකට වඩා තූර්ය භාණ්ඩයකට සම වන නිසා ය. ඒ අනුව එයින් නැෙඟන හ~ සමාන කල හැක්කේ සුරල් හ~කටය. එය සියුම් හ~ින් යුත් සුරල් වැයීමේ හැකියාව ඇති තූර්ය භාණ්ඩයක් යැයි කීමේ වරදක් නැත.

අප පලීපාන ග්‍රාමයට යන විට සේදරමන් මහතා ඒ ගම පමණක් නොව මෙලොව ද අත්හැර ගොසිනි. එහෙත් ඔහුගේ සොයුරු ඉලංගගේ කීර්තිසේන වයෝවාද්ධව සිටියේ ය. ඒ වන විට ඒ විශිෂ්ට නර්තන සම්ප්‍රදායේ හැඩරුව ශිල්ප ප්‍රාගුණ්‍යයේ හෙබි ශිල්ප පරපුරක් ඔස්සේ ගොඩ නැගුණු ඒ මහා නැටුම් සම්ප්‍රදාය තවදුරටත් යාවත්කාලීන නොවෙමින් ජන සමාජය තුල පිරිහෙමින් නටබුන් ව යන අයුරු ඔහු සිය දෑසින් ම දකිමින් සිටියේ ය. අද ඒ ගමේ ඛෙර වාදන මෙන් ම නැටුම් ශිල්පීන් සිය දිවි රැක ගන්නට සමත් ව සිටින්නේ ආණ්ඩුවෙන් ලැබුණු ගුරු පත්වීම් නිසා ය. ඉන් එහාට යන පැවත්මක් ඔවුන්ට මතු නොව ඒ මහා ශිල්ප සම්ප්‍රදායට ම අද දවසේ ඉතිරි වී නැත. මේ ඒ අයගේ ඇත්ත කතාව යි.

13567019_1226082954092092_6544379034192166275_n.jpgගමනට සහභාගි වූ අපි.
දකුණේ සිට – ප්‍රීති බණ්ඩාර ධනපාලල මොහාන් ශ්‍රියන්ත ආරියවංශල එල්. ඩබ්. කරුණාරත්න.

(1996 ජූලි 07 – රාවය පුවත්පත)

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s