ජීවිතය දිහා බලා ගෙන ඉන්න කොට එය හරිම සංකීර්ණයි. -කිවිවර ආරියවංශ රණවීර

vlcsnap-2016-07-07-07h49m20s59

නැත දියණි හැමවිටම අහස තනි නිල්පාට
උදාහිරු රැස් අතින් ඇඳුම් ඇන්දවූ අහස
සැඳෑකල එළඹෙත්ම බොහෝ පැහැ අත් විඳින
බලා දැන හැඳින පැහැ මුසු කරන් සිතුවමට

චිත්‍රකලා උපදේශකයෙක් ශිෂ්‍යයකුට දීපු උපදේශයක් නෙවෙයි. තාත්ත කෙනෙක් දුවකට කියූවක්. ඒත් අවසානයේ දී එහෙමත් නෙවෙයි. මෙය ලියූ කවියා ඔබයි. ඒ ගැන කියන්න දෙයක් තියෙනව දර?

ජීවිතය ඒක රේඛීය නෑ කවදාවත්ම. කවියක් විදිහට ගත්තොත් මෙය එහෙම පිටින්ම සංකල්ප රූපයක්. ඒ තමයි අහස. අහස ජීවිතයට සදෘශ්‍ය වෙනවා. ඒකයි ,නැත දියණි සැමවිටම අහස තනි නිල්පාට, කියල කියන්නෙ. ජීවිතයත් එහෙම තමයි. ඊළඟට කවියල කවිය කියන්නේ වචනයේ හාස්කමක්. බොහෝ විට කවියක යෙදෙන වචන එදිනෙදා අහන අර්ථ විහීන පද වුනත් කවිය තුලදී එය හැසිරෙන ආකාරයෙන් විස්මයක් ඇතිවෙනවා. කවියක් කියන්නේ කවි සිතක් 13438953_809536535848301_783890671441132689_n.jpgඇතුලාන්තයේ ඇති වන විපර්යාසයකටයි. එවැනි විපර්යාසයක ප්‍රතිඵලයක් තමයි කවිය. ඒත් එය පැහැදිලි කරන්න අමාරුයි. ඇත්තම කතාව ඒකයි. ඔතනදී සිද්ද වෙන්නේ කල්පනාවකින් ආවේශ වීම. එවැනි ආවේශයකින් මෙවැනි ප්‍රතිඵලයක් ලැඛෙන්න පුළුවන්. ජීවිතය දිහා බලා ගෙන ඉන්න කොට එය හරිම සංකීර්ණයි. ඒ වගේම බහුවිධයි. මෙතනදී අදහස් වෙන්නෙ නෑ කවි ලිවීම අතිශය අමාරු වධ බන්ධනයක්ය කියලා. එහෙම කිසිම බරක් දැනෙන්නෙ නෑ. නිරායාසයෙන්ම ලියවෙනවා. ඒ තමයි නිසඟ බව. මා හිතන්නේ එදා මෙදා තුර මා ලියූ හැම කවියකම ඒ නිසඟ බව තියෙනව කියලයි.

මම ඔබේ කවි ගැන ඔඛෙන් ප්‍රශ්න කරන්නෙ නෑ. ඒත් ඒ කවි අපිව ප්‍රශ්න කරනවා. ඒ නිසා ඔබේ ,නම් තැබීම, ගැන ප්‍රශන කරන්න වෙනවා.

ඈත් වී වෙන්වන්නද ඉදි කරගෙන වැටක්
නම නියම කොට වෙන් කල

ඇයි ඔබ මේ විදිහට හිතන්නෙ කෙනෙකුට නමක් තැබීම ගැන…?

කවියක් කියවන විට අපටම දැනෙනවා ඒ තුළ යම් දාර්ශනික චින්තාවක් ඇති බව. ඒ දාර්ශනික හරය කවිය හා මුසු වෙන්නේ වතුරයි තෙලූයි වගේ නෙවෙයි. කිරියි වතුරයි වගේ. හංසයකු වැනි සහෘදයකු තමයි ඒ කිරිල දියෙන් වෙන් කර ගන්නෙ. රොබට් ප්‍රොස්ට් යන ඇමෙරිකන් කවියා මෙහෙම කියනවා. .හොඳ කවියක් හැමවිටම දියවෙන හිම කැටයක් වගේ. එසේ එය දියවෙන අතරම තම කාර්යභාරය ඉටු කරනවා..

දැන් ඔබ කියනවා ,නම් තැබීම, ගැන. ඇත්ත. දරුවෙක් ඉපදුනාම නමක් තියෙනවා. මෙතැනදීත් ඒ පියා හිතනව දුවට නමක් තියන්න ඕනය කියලා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා.

තොටිල්ල මත පිපී තිඛෙන
මේ මොලකැටි සිරුරය
නුඹ සිරුරය. මා සිරුරය.
අප සිරුරය.

මෙතැන තියෙන්නෙ සමානාත්මතාවය. මේ කියන සමානාත්මතාවය ගැන පියා හිතනවා. ඒ සමාන බව නමක් තියල වෙන් කරන්න පුළුවන්දරෑ අනිත් අතට මනුෂ්‍යත්වයේදී මිනිසුන් සමානයි. මනුෂ්‍යත්වය නම් ඒ විශ්ව ධර්මය ඉදිරියේ මිනිසුන්ට වෙන් වෙන්ව හිතන්න බෑ. එතකොට නමක් කියන්නේ හැමවිටම ආස්මිමානය නෙවෙයිදරෑ එය නමක් සමඟම පවතින දෙයක්. කෙනෙක් හැමවෙලේම තමන්ගේ නමක් සමඟ ආස්මිමානය ඇති කරගන්නවා. ඒකයි අර පියා අහන්නේල නමක් ඉල්ලන්නෙ වැටක් ගහගෙන අපෙන් වෙන්වෙන්නද කියලා.

සාකච්ඡාව අවසන් නැත.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

[රන්දිව 2012 අප්‍රේල් 29]

ඒ අමුතු දේ තුළ අවසාන අර්ථයක් නෑ.

කවි ලියන අතරවාරයේදී ආකෘතිමය අත්හදා බැලීම්වලටත් ගියාදරෑ සිසිල් දිය කවිය උදාහරණයක් විදිහට ගත්තොත් එය හරි අමුතුයි? මම හිතන්නේ මම ආකෘති හොයාගෙන ගියේ නෑ කියලයි. එය කවියක් ලියද්දී නිසඟයෙන්ම සිදුවන්නක්්. පරිකල්පනයේ අවශ්‍යතාවයන සමඟ මතුවන්නක්. අපි දන්නවා එළිසම ආකෘතිය ගැන. එළිසමයට ලියවුණු කවි මගෙත් තියෙනවා. නමුත් මම එළිසමය ගැන හිතලා කවි ලිව්වේ නෑ. ඒකයි …CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s