යහපත් ග්‍රන්ථ සංවර්ධනයක් අවශ්‍යයි.

4

නිදහස ලබා ගැනීමෙන් පසු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත් සමඟ පරිවර්තන සාහිත්‍යයක අවශ්‍යතාව අපට තදින්ම දැනුණා. එතැනදි අයි. ඇම්. ආර්. ඊරියගොල්ලල එරත්න වැනි අය ඒ සම්බන්ධයෙන් හොඳ එකතු කිරීමක් සිදු කලා. අනිත් අතින් කේයස් ගේ ,සුදෝ සුදු,ල මීමන ප්‍රේමතිලක ගේ ,පාළුගම, වැනි කවි කතාත් පරිවර්තන සාහිත්‍යයට උදාහරණ සපයනවා.

මුල් කාලයේදී බොහෝ විට අපිට දකින්නට ලැඛෙන්නේ පරිවර්තනවලට වඩා අනුවර්තනයි. විදේශීය කතා වස්තුවක් දේශීය පරිසරයට ගැලපෙන අයුරින් සකස් කොට ඉදිරිපත් කිරීමයි මෙතැනදී සිද්ධ වුණේ. ඊරියගොල්ල සහ එරත්න වැනි අය ඉතා ශ+ර විදියට ඒ කටයුත්ත කළා. මේ අතර ජී. එස්. බී. සේනානායකල හේමපාල මුණිදාසල උඩකැන්දවල සරණංකර හිමිල ඌරාපොල හේමාලෝක හිමිල ජස්ටින් විජයවර්ධනල දීගොඩ පියදාස වැනි පරිවර්තකයන්ද මේ අතර සිටියා. මේ අතර ගුණසේන සහ ලේක්හවුස් යන ප්‍රධාන ප්‍රකාශන දෙක තමයි ප්‍රකාශන ක්ෂේත්‍රයේ තහවුරු වෙලා සිටියේ. ඔවුන්ගේ ළිහිණි පොත් යටතේ සරණංකර හාමුදුරුවෝ ,අම්මා, 1 සහ 2 යනුවෙන් කොටස් දෙකකින් 10622906_10203992130016944_509897531815285034_nමක්ෂීම් ගෝර්කිගේ ,අම්මා, නම් සුප්‍රකට කෘතිය පල කොට තිබුණා.

මේ ආකාරයෙන් පැවත ආ පරිවර්තන සාහිත්‍යයේ ක්‍රම විකාශය 80 දශකයේදී වෙනස් සහ වේගවත් පිම්මක් පැන්නා. එයට හේතු වෙන්නේ ජාතික ග්‍රන්ථ සංවර්ධන සහ පුස්තකාල හා ප්‍රලේඛන සේවා ආයතනයෙන් ඇති කළ ඒ ග්‍රන්ථ ව්‍යාපෘතිය යටතේ නව පරිවර්තන සහ ස්වතන්ත්‍ර මෙන්ම ශාස්ත්‍රීය කෘති ඉදිරිපත්වීමයි. ඒ ගැන විශේෂයෙන්ම කිව යුත්තක් තිඛෙනවා. ඒ තමයි සීමිත ප්‍රකාශන සමාගම් කිහිපයක් අත තිබූ අධිකාරියේ සීමාවන් පුළුල් කිරීම. වර්තමානයේ පවත්නා පොදු සාහිත්‍ය ප්‍රබෝධයට මේ ව්‍යාපෘතිය නිසා ලොකු අනුබලයක් ලැබුණා.

පරිවර්තන සාහිත්‍යය පමණක් නොව ස්වතන්ත්‍ර සාහිත්‍යයේදීත් ප්‍රමිතිය පිළිබඳ විනිශ්චය ප්‍රතික්ෂේප කරන්න බැහැ. එවැනි ප්‍රශ්න මතු වෙනවා. ඒ සඳහා නිරීක්ෂණ අධීක්ෂණ සහිත නිසි වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එවැනි නිර්මාණාත්මක වැඩ පිළිවෙලකින් තමයි ඊට විසඳුම් සෙවීමට හැකි වන්නේ.

10400782_209610539379464_5070479792352945561_n

-සේනාරත්න වීරසිංහ.

පරිවර්තකයකුට සාහිත්‍යය දැක්මක් අවශ්‍යයි.

maxresdefault.jpg

අද පරිවර්තන සාහිතයයට වෙළඳ පලක් තියෙනවා. ඒ නිසා පරිවර්තන කර්තව්‍යයට ලොකු ඉඩක් ද තියෙනවා. භාෂා 3_New_Books_from_Subhavi_Publishers_2015_Septදෙකම දන්නවනම් ඒක බොහොම පහසු වැඩක් ය කියලා අදහසක් ද තියෙනවා. ප්‍රකාශයෝත් පොත්වල අයිතිය අරගෙන තමන් තෝරා ගත් පරිවර්තකයකුට ඒ කටයුත්ත බාරදෙනවා. සමහරු කෑලි ගණනටත් පරිවර්තනය කරනවා. මේ විදිහට වෙළඳ පොල හා බැඳුණු තත්ත්වයක් මෙතැන ඇති බව පැහැදිලිවම පෙනෙනවා. නමුත් මම කියන්නේ පරිවර්තකයකුට දැක්මක් තියෙන්න ඕනෑ කියලයි. ඒ වගේම පරිවර්තකයා තුළ හොඳ සාහිත්‍යය කරුවකු ද සිටිය යුතුයි. කාර්යාලයක ලිපියක් පරිවර්තනය කිරීම වගේ නෙවෙයි. එය ඕනෑම කෙනෙකුට කළ හැකියි. නමුත් සාහිත්‍යය කටයුත්තක් වශයෙන් ගත් කළ නිර්මාණාත්මක පරිවර්තනයක් සඳහා ප්‍රාමාණීක හැදෑරීමක් අවශ්‍යමයි.

photo

චූලානන්ද සමරනායක

[Randiva 2014.12.14]

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s