කැලණි  ගඟ ගංගාව පිරිසුදු කිරීමේ මහා ව්‍යාපෘතියක්

5405_1024x1024_2013-07-25-11-59-16.jpg

 ජලයේ දූෂණ කාරක හඳුනාගෙන යළි යළිත් දූෂණය වීම වැළැක්වීම මූලික අරමුණයි අවට කම්හල් වෙනත් ප්‍රදේශවලට

කැලණි මිටියාවත පසුගිය දා ජලයෙන් යට වුණේ මුහුද ගොඩ ගැලීමෙන් නොවේ. අධික වර්ෂාව නිසාය. අනිත් අතට එවැනි හානියක් සිදුවීමට මහ වැස්සම හේතු වුණා යැයි කීම සාධාරණ නොවේ. කාලයක් තිස්සේ ප්‍රදේශයේ සිදු වූ මානව ක්‍රියාකාරකම් නිසා උපන් දූෂිත ප්‍රතිඵල ද ඉහත තත්ත්වයට හේතු වූ බව මේ වන විට පැහැදිලි වෙමින් තිබේ. එවැනි අවධානයක් සහ අධ්‍යයනයක් අදාළ ප්‍රදේශයට යොමු වුණු එක හොඳය. අප දන්නා තරමින් කැලණි මිටියාවත යනු උස් කඳුකර වර්ෂාපතනයේ ජල අතිරික්තය ස්වාභාවිකව ගලා බැස යෑමට නිර්මාණය වූ ජලය බැස යන පහත් බිමක් වේ. එවැනි පහත් බිම් ගොඩ කර නිවාස ඉදිකර ගැනීම විනාශයට අත වනා ගැනීමක් ය යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක් නොවේ. එසේ බලන විට එවැනි ඉදි කිරීම් සඳහා අනුමැතිය ලබා දුන්නේ කුමන පළාත් පාලන නීතිය යටතේ දැයි ප්‍රශ්න කළ යුතුය. කෙසේ වුව මේ තත්ත්වය නිවැරැදි කළ යුතු ය යන තැනට මේ වන විට අදාළ බලධාරීන් පැමිණ ඇති බවක් පසුගිය දා අපට දැනගන්නට ලැබිණි.

BUP_DFT_DFT-11-5.jpg

බරපතළ අන්දමේ මානව කටයුතු හේතු කොටගෙන එක් අතකින් ආශ්‍රිත ප්‍රදේශත් අනිත් අතින් කැලණි ගංගාවත් අද පවතින්නේ පහසුවෙන් ප්‍රතිසංස්කරණය කළ නොහැකි විනාශයකය. මේ නිසා කැලණි මිටියාවත බහු මූල්‍ය සහයෝගිතා ව්‍යාපෘතියක් මඟින් ප්‍රතිසංස්කරණය කරමින් දියුණු පාරිසරික සංවර්ධනීය අවස්ථාවක් කරා ගෙන යෑමට වැඩ පිළිවෙළක් සකස් වෙමින් තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ එහි එක් පාර්ශ්වයක් වශයෙන් IUCN යන නමින් කවුරුත් හඳුනන ජාත්‍යන්තර ස්වභාව සංරක්ෂණ සංගමය කටයුතු කිරීමයි. එහි අධීක්ෂණ කටයුතු පැවරී ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියටය. යුනිසෙ‍ෆ් හි අනුග්‍රහය ද ඊට හිමි ය. අරමුණ, මේ වන විට බරපතළ අගයක් කරා ඉහළ නැඟ ඇති කැලණි ගංගාධරය සහ එහි ජලය දූෂණය වීම අවම අගයක් කරා ගෙන ඒම ය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාල පරාසය 2016 – 2020 අතර කාල වකවානුවයි. තිරසාර සංවර්ධනය අනුව යමින් එක් අතකින් වැසි ජලය එක් රැස් කෙරෙන ජල මූලාශ්‍රයක් හැටියටත්, අනිත් අතින් පිරිසුදු පානීය ජල මූලාශ්‍රයක් ලෙසිනුත් ගං ජලය සංරක්ෂණය කිරීම සැලසුම් ප්‍රකාරව සිදුවිය යුතුව තිබේ.

කැලණි මිටියාවත පවත්නා තත්ත්වයෙන් දූෂණය වීමට විනාශකාරී දායකත්වයක් අවට පිහිටි කර්මාන්ත ශාලාවලින් ලැබෙන බවට පැහැදිලිවම හඳුනාගෙන ඇත. ඒ අනුව ඒවා පවත්නා ස්ථානවලින් ඉවත් කොට වෙනත් ප්‍රදේශවලට ගෙන යෑමේ යෝජනාවක් ද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබේ. ඊට පසුව සුරක්ෂිත සංරක්ෂණ කලාපයක් වශයෙන් රූ දෙස් හෙවත් පාරිසරික සංචරණ කලාපයක් වශයෙන් පවත්වා ගැනීමටත් අපේක්ෂා කෙරේ. ඒ අනුව ප්‍රදේශවාසීන්ට ආදායම් උපදවන කර්මාන්තයක් හැටියට සංචාරක කර්මාන්තය හඳුන්වා දීමක් ද මේ ව්‍යාපෘතිය යටතේ සිදු වෙනු ඇත.

BUP_DFT_DFT-11-6.jpg

අදාළ කටයුත්ත වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ ගංගා නිම්න සංවර්ධන යෝජනා ක්‍රමයන්හි ආදර්ශ ලබා ගැනීමක් සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබේ. ඒත් සමඟම රටේ සමාජාර්ථික, දේශපාලන, සංස්කෘතික හැසිරීම් හඳුනාගෙන ඊට උචිත එසේ නැත්නම් ඒවාට එරෙහිව නොයන අන්දමින් කටයුතු කිරීමේ සූදානමක් අදාළ ව්‍යාපෘතියට ඇති බවක් ද දැනගැනීමට තිබේ.

කැලණි ගංගාව අද වන විට බරපතළ අන්දමින් ජලය බොරවීමටත්, ඉවුරු මෙන්ම පොදුවේ ජල ඛාදනයටත් ගොදුරු වී තිබේ. ඊට අදාළව සිදු කෙරෙන කෘෂිකාර්මික කටයුතු මෙන්ම ප්‍රදේශවාසී ජනයාගේ වෙනත් ක්‍රියාකාරකම් DSC_2374.jpgසම්බන්ධයෙන් පුළුල් නිරීක්ෂණයක් කළ යුතු යැයි ව්‍යාපෘතිය හඳුනාගෙන ඇත. එවැනි ක්‍රියා හේතු කොටගෙන E Coil බැක්ටීරියාවන්ගේ ව්‍යාප්තිය, ප්‍රදේශයේ සනීපාරක්ෂක පහසුකම් බරපතළ අවදානමකට ලක්වීම මේ වන විටත් සිද්ධ වෙමින් පවතින්නේ සුළු පරිමාණයකින් නොවේ.

අදාළ ව්‍යාපෘති කටයුත්ත සඳහා සුදුසු ආදර්ශයක් වශයෙන් කැනඩාවේ ඔන්ටාරියෝහි තේම්ස් – සයිඩෙන්හැම් ජල මූලාශ්‍රය සංවර්ධන වැඩ සටහන හඳුනාගෙන තිබේ. එහි අරමුණ වන්නේ පානීය ජලයෙහි පවත්නා දූෂණ කාරක ඉවත් කිරීමයි. එමෙන්ම යළි යළිත් දූෂණය වීමෙන් වළක්වා ගැනීමයි. ඒ වන විට එකී ජල මූලාශ්‍රත්, ජලාපවහනයත් අතිශයින්ම දූෂිත ව තිබිණි. ඒ නිසා දිගින් දිගට ම එය දූෂණය වීමෙන් වළක්වා ගැනීමත් ජල මූලාශ්‍රය සංවර්ධනාත්මක තලයකට ගෙන ඒමත්, සෙසු පහසුකම් නංවාලීමත් යන අවශ්‍යතා උක්ත කාර්ය සැලසුමේ වැදගත් තැනක් ගෙන තිබිණි.

maxresdefault.jpg

ආදර්ශයක් වශයෙන් ඉහත සැලැස්ම කැලණි ගංගාව පවිත්‍ර කිරීමේ වැඩ සටහනට ද අදාළ කර ගැනීමේ හැකියාව ගැන සලකා බැලෙමින් තිබේ. ඒ අනුව යමින් මේ වන විටත් මානව ක්‍රියාකාරකම් හමුවේ අඩුවක් නැතිව දූෂණය වෙමින් පවතින කැලණි ගංගාවේ එම දූෂ්‍ය කාරක ජල මූලාශ්‍රයෙන් ඉවතට තල්ලු කොට දැමීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.

කැලණි ගංගාව ප්‍රධාන වශයෙන් මෙන් ම බරපතළ අන්දමින් දූෂණය වීමට ඒ ආශ්‍රිතව ඇති කර්මාන්ත ශාලා ප්‍රබල සාධකයක් බව හඳුනාගෙන තිබේ. ලෝක මට්ටමින් ගත්තත් කර්මාන්තකරණය විසින් සිදු කරන්නා වූ පාරිසරික දූෂණය පවතින්නේ ඒ හා සමානම තලයකය. මෙහිදී උදාහරණයක් ලෙස එක්සත් ජනපදයේChesapeake bay නම් වැඩ සටහන හඳුනාගෙන තිබේ. ඊට අනුව කර්මාන්ත මෙන් ම ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් හරහා බැහැර කෙරෙන අපද්‍රව්‍ය පාරිසරික හායනයක් නිර්මාණය නොකරන තැනට වග බලා ගැනීමට එම වැඩ සටහනට හැකි වී තිබේ. අදාළ වැඩ සටහන ක්‍රියාත්මක වන ප්‍රදේශය කර්මාන්ත ශාලා සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් බහුලව සිදු කෙරෙන කලාපයක් වේ. නමුත් එම වැඩ සටහනේ සාර්ථකත්වය හේතු කොටගෙන ප්‍රදේශයේ කිසිදු ජල මූලාශ්‍රයක් දූෂිත වී නැති බවට ඊට අදාළව සිදු කෙරුණු නිරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එමෙන් ම ඉතා සාර්ථක අන්දමින් සාගර ආහාර නිෂ්පාදනය කෙරෙන කලාපයක් වශයෙන් එය ප්‍රසිද්ධියට ද පත්ව තිබේ.

40429224.jpg

ඉහත තත්ත්වයට සාපේක්ෂව කැලණි ගංගාවේ වර්තමාන තත්ත්වය ගැන සැලකුවොත් එය ඊට සමාන කරනවා තබා ඒ ආසන්නයටවත් ගෙන ඒමට අපට පුළුවන්කමක් නැත. අධික ලෙස බැර ලෝහ සහිත අපද්‍රව්‍ය මිශ්‍ර වීම හේතු කොටගෙන ගංගාව අද පවතින්නේ අතිශයින්ම දූෂිත පාරිසරික හායනයක්ය. ඉදින් එය නිවැරැදි කිරීමට තවත් බලා සිටීම වනාහි කොයි ආකාරයෙන්වත් මනුෂ්‍ය හැසිරීමක් ‍නම් නොවේ.

ඒ නිසා මුලින්ම කළ යුතුව ඇත්තේ කර්මාන්ත ශාලා මගින් දිගින් දිගටම සිදු වෙමින් පවතින වගකීමකින් තොරව අපද්‍රව්‍ය බැහැර කිරීම අත්හිටුවීමය. එහිලා මධ්‍යම පරිසර අධිකාරියේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන z_p13-Paying-01.jpgමණ්ඩලයේ අධීක්ෂණය අවශ්‍ය වේ. ඒ ජලයේ ප්‍රමිතිය සම්බන්ධයෙනි.

ජලයේ ප්‍රමිතියට අදාළ මිනුම් දර්ශකය ලෙස ඇමෙරිකානු මහජන සෞඛ්‍ය සංවිධානයේ (APHA) තක්සේරු අගය සුදුසු යැයි යෝජනා වී තිබේ. ඒ අගය තෙක් ජලය පවිත්‍ර කිරීමක් මෙහිදී සිදුවන අතර පසුව ඇමෙරිකානු පරිසර ආරක්ෂණ ඒජන්සිය (USEPA) අනුව යමින් ජලයේ එම ප්‍රමිතිය ආරක්ෂා වන අයුරින් අවශ්‍ය කරන කළමනාකරණයක් ද පවත්වා ගැනීමට ද කටයුතු කෙරෙනු ඇත. ඒ සඳහා ප්‍රවේශයක් වශයෙන් ද එම ආයතනික ව්‍යුහයේ උපදේශනය කෙරෙහි බලාපොරොත්තු තබා ඇති බවක් දැනගන්නට තිබේ.

ඒත් සමඟම මේ සැලසුම්සහගත ව්‍යාපෘතිය ප්‍රතිඵලදායි ආයෝජනයක් ලෙසින් ද හඳුනාගෙන තිබේ. අනිත් අතට දූෂිත ජල පරිහරණය නිසා හටගෙන ඇති මනුෂ්‍ය ඛේදවාචකයන් වන වකුගඩු ආසාදන මෙන් ම තවත් රෝග ආසාදන හමුවේ යථෝක්ත ජල පිරිපහදුව තිරසාර, දිගු කාලීන විසඳුමක් වෙයි.

OLYMPUS DIGITAL CAMERA

Advertisements

2 thoughts on “කැලණි  ගඟ ගංගාව පිරිසුදු කිරීමේ මහා ව්‍යාපෘතියක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s