ඒ අමුතු දේ තුළ අවසාන අර්ථයක් නෑ. -කිවිවර ආරියවංශ රණවීර

gd.jpg

කවි ලියන අතරවාරයේදී ආකෘතිමය අත්හදා බැලීම්වලටත් ගියාදරෑ සිසිල් දිය කවිය උදාහරණයක් විදිහට ගත්තොත් එය හරි අමුතුයි?

මම හිතන්නේ මම ආකෘති හොයාගෙන ගියේ නෑ කියලයි. එය කවියක් ලියද්දී නිසඟයෙන්ම සිදුවන්නක්්. පරිකල්පනයේ අවශ්‍යතාවයන සමඟ මතුවන්නක්. අපි දන්නවා එළිසම ආකෘතිය ගැන. එළිසමයට ලියවුණු කවි මගෙත් තියෙනවා. නමුත් මම එළිසමය ගැන හිතලා කවි ලිව්වේ නෑ. ඒකයි මම කියන්නේ ආකෘතිය කියන්නේ නිසඟ සිද්ධ කාර්යයක්ය කියලා. එය අවස්ථානුකූලයි.

ඔබ කියූ ඔය කවිය ලියන්න පෙර මා කියවූ කවියක් මට මතකයි. ඒක ඕෂෝ කියන ජපන් කවියා ලියූ කවියක්. නිසල විලක් ගැනයි ඔහු කියන්නේ. එක් අවස්ථාවකදී තනි ගෙම්ඛෙක් ඒ නිසල දියට පනිනවා. ඒත් සමඟම ඇති වෙන හ~ ගැන හිතල බලන්න. ඊට කලින් හිතන්න අර නිසල විල ගැන. කාලයක් තිස්සේ රැඳුණ ඒ ජලයල පෙඳ පාසි බැඳුණ ඒ විල…. අඳුරල කාලය සහ නිහ~තාව අතරට තමයි ඒ ගෙම්බා පනින්නේ. කුඩා ගෙම්ඛෙක් විසල් විලකට පැනීමෙන් ඇතිවෙන ඒ හ~ අපට කියන්නේ මේ ලෝකය කොයිතරම් නිහ~ තැනක්ද කියන කාරණයයි. අප වටා තියෙන මේ කලි කලනය මිනිසා විසින්ම ඇති කරගත් දෙයක්. ලෝකයට අයත් නිර්මාණයක් නෙවෙයි. ඒ ආකාරයට කාලයක් තිස්සේ නිශ්ශබ්ද ව්‍රතයෙන් සිටී කෙනෙකුගේ ඒ නිහ~තාව ඒ විදිහට බිෙඳන්න පුළුවන්. සමහර විට ආගන්තුක ප්‍රේමයක් වැනි කාරණයක් ඊට හේතු වෙන්න පුළුවන්.

එක්තරා කවියෙක් කියන්නේ එක්තරා කවියක් නෙවෙයි නේදරෑ ඒ කවිය කියන්නේ කුමක්ද?

කවිය කියන්නෙ මෙවැන්නක්.
.නොකී දේ කියන්නට නොලියවූ දේ ලියන්නට
ඔහු බලාගෙන හිඳී ඈත නිම් වළලූ දෙස
ජීවිතය ගලා යයි ඒ අතර දෙපා යට
බලා හිඳ වෙහෙස වී ඉර හැරෙයි අවර ගිර .

කවියා නෙවෙයි ඒ දේ කියන්නේ. කවියයි කියන්නේ. කවියා කියන්නේ නැති දේ මවන්නෙක්. ඒ අනුව කවියකු උත්සාහ කරනව මීට කලින් කිසිම කෙනෙක් නොලියූ දෙයක් ලියන්නට. අන්න ඒ නිසා තමයි කවියා හිතන්නේ. කවියා යනු නුදුටු දෙයක් දකින්නෙක්. ඒ නිසා කවියා උත්සාහ කරනවා කවුරුත්ම නොදැක්ක දෙයක් දකින්නට. එහි තේරුම අමුතුම දෙයක් වෙනුවෙන් බලා සිටිනවාය යන්නයි. නමුත් ඒ අමුතු දේ තුළ අවසාන අර්ථයක් නෑ. හැම තැනකම තියෙන්නේ අපි කවුරත් දන්න ජීවිතයට අයත් දුක් දෝමනස්සල සතුටල සොම්නස වැනි දේ. එතකොට කවදාවත් නුදුටු අමුතුම දෙයක් දකින්න මේ බලා ඉන්න ඉදිල්ලෙ තේරුම කුමක්දරෑ ඒකයි මම කිව්වේ මේ අමුත්තේ අවසාන අර්ථයක් නැහැ කියලා. නිෂ්ඵලයි. සමර්සෙට් මෝම් කියනවා මගේ ලෝකය ගැන කියන්න අලූත් දෙයක් නෑ. ඒ අලූත් බව තියෙන්නේ කියන ආකාරය තුළයි. අපි ගමන් කරමින් ඉන්නේ අත්දැකීම් පීරමින්. හරියට තුත්තිරි ගාලක් මැදින් යනවා සේ. අපේ ඇඟ පුරාම තුත්තිරි රැදෙන්නේ කොහොමදල අන්න එහෙම තමයි ජීවිතේ පුරාම අපි අත්දැකීම් ලබන්නේ.

මම කැමතියි ඔඛෙන් බුදල් ගැන දැනගන්න?

බුදල් අපිට හමුවන්නේ සීගිරි කුරුටු ගී අතරල ඉතිහාසයේ එක් දවසක සීගිරි බලන්න ආ මිනිසුන් අතර මේ බුදල් හිටියා. සිගිරිය බැලු බොහෝ අය එහි තිබූ කැටපත් පවුරේ තමන්ගේ සීගිරි ගමනේ අත්දැකීම ගැන කුරුටු ගාලා ගියා. බුදල් දුටුවා ඛෙහෝ අය බොහෝ දේ ලියා තිඛෙනවා. ඒ නිසා ඔහු ලිව්වා. .මම කිසිවක් ලියන්නේ නෑ. කියලා. එක අතකින් එය හාස්‍යජනකයි. අනිත් අතට එතැන තියෙනවා වටහා ගත යුතු උත්ප්‍රාසයක්. ඉතිහාසයේ මුල ඉදළම අපි කළේ කුරුටු ගාන එකනේ. ඒ කුරටු ගාන ඉතිහාසයේ අර්ථාන්විතම කුරුටු ගෑම තමයි සීගිරි කුරටු ගී.
මම බුදල් ගැන ලිව්වා. ඒක වුණේ මෙහෙමයි. කන්තෝරුවෙන් ගත් ආපදා ණයකින් තුන්වන වතාවටත් හුණු ගාන ලද බිත්තියේ අතුරු කැටයකින්ල අත යන තාලයට කුඩා මුව අයමින්ල වහමින් ආයෙත් වරක් පුංචි කෝ්ච්චිය අඳිනවා පොඩි දුව.

.පිට හරහා පහරක් දී
ඇද දමනු වෙනුවට පැත්තකට වී
නෙතට උනන තුටු කඳුළක් මැද
ඔබ දෙස බලා ඉන්න සැලැස්සුයේ
දහතුන් වන සියවසේ සීගිරි කැටපත් පවුරේ
ගී කුරුටු ගෑ බුදල් ය..

ඒ දරුවා ඒ විදිහට හැසිරුනේ අර කියපු ඉතිහාසයේ පුරුද්ද නිසා. ඉතින් මම කොහොමද එතැනදී විරුද්ධ වෙන්නේ.

සාකච්ඡා කලේ – මොහාන් ශ්‍රියන්ත ආරියවංශ.

ජීවිතය දිහා බලා ගෙන ඉන්න කොට එය හරිම සංකීර්ණයි. -කිවිවර ආරියවංශ රණවීර

නැත දියණි හැමවිටම අහස තනි නිල්පාට උදාහිරු රැස් අතින් ඇඳුම් ඇන්දවූ අහස සැඳෑකල එළඹෙත්ම බොහෝ පැහැ අත් විඳින බලා දැන හැඳින පැහැ මුසු කරන් සිතුවමට චිත්‍රකලා උපදේශකයෙක් ශිෂ්‍යයකුට දීපු උපදේශයක් නෙවෙයි. තාත්ත කෙනෙක් දුවකට කියූවක්. ඒත් අවසානයේ දී එහෙමත් නෙවෙයි. මෙය ලියූ කවියා ඔබයි. ඒ ගැන කියන්න දෙයක් තියෙනව දර? ජීවිතය ඒක … CONTINUE READING

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s