දිනෙන් දින වැනසෙන අපේ වන වැස්ම

stop-destroying-forest-wilderness-area-guido-montanes-castillo.jpg

2009 ඔක්තෝබර් 1දා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව 60
වන වියට පැමිණියේය. මිනිසෙකු නම් 60 වියේදී සිය ජීවිත කාලයේ
බොහෝ කටයුතු සම්පූර්ණ කරගත් අයෙකි. උගත් පාඩම් ඇසුරින් ආදර්ශ
සැපයිය හැකි අයෙකි. එහෙත් අපේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත්
එය එසේම යැයි තමන් සම්බන්ධයෙනුත් කිව හැකිද?
කෙසේ හෝ වේවා අප සතුව පැවැති මහා වන වැස්ම සිතා
මතාම විනාශ කිරීමට පටන් ගත්තේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහුය. කෝපි සහ
තේ වගා කිරීමට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා ඔවුන් එසේ කටයුතු
කළ බව, තවදුරටත් අලූත් කරුණු නොවේ. ඒ ආකාරයෙන් ඔවුන්ගේ
වාණිජ වතු ව්‍යාපාරය දිවයින පුරා ව්‍යාප්ත වෙත්ම ඊට සමානව බොහෝae27354af7f11a092c916b20c0365b17
නොඉදුල් වනාන්තර විනාශ වීමද නොවැළික්විය හැකි දෙයක් බවට පත්
විය. ඒ සමයේ මෙරට පුරා විද්‍යා ක්ෂේත්‍රයේ උප අධ්‍යක්ෂ ජනරාල්
ධූරය දැරූ ජොන් ස්ටීල් පසුකාලීනව සිය අත්දැකීම් එක් රැස් කරමින්
ලියූ ඔයැ න‍මබට්කැ ඔසාැ (සිංහලයට නැගුණේ වන ප්‍රවාහය නමිනි). ඒ
පිළිබඳව මෙසේ සටහන් කොට තිබේ.
’පළමුවෙන්ම කෝපි වගාව නිසාත් දෙවනුව තේ වගාව නිසාත්
පැරණි ඝන වනාන්තර එලි පෙහෙලි විය. එසේ එලි පෙහෙලි නොවු
තැනක් වී නම් ඒ මඩ වගුරක්, ගිරි කඳුරු මෙන්ම වතු වගාවට නුසුදුසුවූ
දිය සිරාවක්ය. එහිවූ පඳුරු මුගටීන්ටත,් කබල්ලෑවුන්ටත්, ඉත්තෑවුන් හා
සිවලූන්ටත් වාසස්ථාන වූයේය. මේ අතර දුර හිතන්න පුළුවන්කමක් තිබූ
ඇතැම් වැවිලිකරුවෝ කඳු මුදුන්හි නොකපා ඉතිරි කළ පැරණි ළඳු
කැලැ ඒ ඒ තැන්වල ඉතිරි වූයේය. එවැනි කැලෑ විශාල වන වාසස්ථ
ාන ඇවැසි වූ වන සතුන්ට අභය බිම්වූ අතර වල් ඌරන්, වඳුරු රංචු,
වැලි මුවන්ගේ සිට මුව විශේෂද, අස් පැටවුන් තරම් වන ගෝන්නු ද ඒ වන පෙතේහි සුලබ වූහ.
කෙසේ වූව මෙරට වන විනාශය ගැන ලියූ එකම ඉංගී්‍රසී ජාතිකයා
ජෝන් ස්ටීල් පමණක් නොවේ. ඩග්ලස් රැනල්ද එවැන්නෙකි. ඔහු ලියූ
කෘතිය ෂබ ඍමයමබම න‍මබටකැ නම් වේ. ඒ 1958දීය. එකල ගොවි
ජනපද නිසා ඇතිවූ නව ආර්ථීක සමාජ විපර්යාසය සියැසින් දුටු ඔහු ඒ
ගැන මෙසේ ලියුවේය. ’අද සිදු කෙරෙන නොයෙක් ජනපද යෝජනා ක්‍රමz_jun-p04-Effects.jpg
නිසා වනාන්තර විශාල වශයෙන් එලි පෙහෙලි වෙමින් පවතී. මේ ජනපද
වලට අලූතෙන් පැමිණෙන අයවලූන්ගේ ගතිගුණ පාරම්පාරිකව කැලෑ
වල වෙසෙන්නවුනගේ හැසිරීම වලට වෙනස් බව පෙනේ. ඔවුහු රණ්ඩු
සරුවල් වලට පැටලෙන්නට බලා සිටිති. වන සෞන්දර්යය හඳුණන සිත්
මේ අයට නැත. නාගරික ගති සිරිත් ඇති මේ අය වනය ආරක්ෂා කර
ගනිමින් කටයුතු කරතැයි සිතන්නට පුළුවන් කමක්ද නැත.¶
එහිදී ඔහු තව දුරටත් පවසන ආකාරයට ලෙනාඩ් වුල්ෆ් එදා
කිට්ටුවෙන්ම ඇසුරු කළ ’බැද්දේගම¶ අද තවදුරටත් බැද්දේගමක් නොවේ.

අද එය කහ පැහැති වී කරල් සුලඟින් සැලෙන කුඹුරු සහිත බිමකි.
අද ඒ ගමට වුල්ෆ් ආවහොත් ඔහුට වත් ඔහු දුටු බැද්දේගම සොයාග
න්නට පුළුවන් නොවෙනු ඇත.
එමෙන්ම වියලි කලාපිය වනාන්තර හා වර්ෂාපතනය ගැනද
සටහන් කළ ඔහු එහිලා පවසන්නේ මෙවැන්නකි. ’වියළි කලාපය යැයි
හඳුන්වන ප්‍රදේශයට කාලයට අනුව සෑහෙන වර්ෂාපතනයක් වරින් වර
අදටත් පතිත වන්නේ ඉතිරි වි ඇති වනාන්තර නියාය. ඒ වැහි පොළව
ගොඩ නගයි……ගංගා ආශී්‍රතව ඇති වන රේඛා නිසා ඒ ආශී්‍රත ප්‍රදේශවලටදsin1
වැස්ස එක්තරා ප්‍රමාණයකට හෝ ලැඛෙන අතර පොළව සරු වීමද ඒ
නිසා සිදු වේ. එහෙත් මෑතකදී ගංගා ආශි්‍රත එවැනි වනපෙත්ද විනාශයට
ගොදුරු වෙමින් තිබේ. එසේ වනාන්තර එලි පෙහෙලි කළ ප්‍රදේශවලට ඇද
හැලෙන වැස්ස එදා වනාන්තර වශයෙන් තිබු කාලයේදී වැටුණ වැස්සට
වඩා ඛෙහෙවින් අඩු බව ගම් වැසියෝ පවසති. මේ ආකාරයෙන් සිදු වන
වනාන්තර විනාශය ගංගා වියළා දැමීමේ අනතුරද ළඟා කරවයි.¶
තවද අප සතු වන වැස්ම විනාශයට පැවැති රාජ්‍ය ප්‍රතිපත්තිද
ඉවහල් වූ ආකාරය ගැන රැනල්ගේ පෙන්වාදිම මෙබඳුය.
’කොළඹ ක්‍රමය යටතේ මෙරටට පැමිණෙන විදේශීය විශේෂඥයන් මෙන්ම මේ රටේ බලධාරිීන්ද ඒ ඒ පළාත් වල ප්‍රාදේශීය බුද්ධිමතුන්ගේත්20-images-that-prove-we-are-destroying-the-world-13.jpg
සහ ඒ පිළිබඳ දැනුමැත්තන්ගේ උපදෙස් ලබාගන්නට කැමති නෙවෙති.
වනය යනු කෙතරම් අගනා සම්පතක්ද, ප්‍රාදේශීය වර්ෂාපතනය සඳහා
වන ගහනයෙන් ලැඛෙන උපකාරය කවරාකාරද? යන මේ කාරණා ගැන
සොයා බලන්නට ඔව්හු උත්සාහා නොකරති. මේ සඳහා හොඳ නිදර්ශනයක්
වශයෙන් අලූත් වගාවන් ඇති කිරීම සඳහා මොරොක්කෝවේ එතෙක්
පැවැති ඉපැරණි වනාන්තර එලි කිරීම නිසා සිඳු වූ ව්‍යසනය පෙන්වා
දිය හැකිය. එවැනිදෑ තුළින් ආදර්ශයක් ගන්නට අප උත්සාහ නොග
න්නේ මන්ද? ජනපද පිහිටුවීම සඳහා මෙන්ම එමගින් සාර්ථක ප්‍රතිඵල
ලබා ගැනීම සඳහා සුදුසු ප්‍රදේශ මෙරට තිබේ. ඒත් හුදෙක් වාසනාව මත
පිහිටා ජනපද යෝජනා ක්‍රම බිහි කිරීම යෝග්‍ය නොවේ. විශාල ධනයක්ද
වැය කරමින් ඉදි කරන ජනපද යෝජනා ක්‍රම නිසා සිදු වියාහැකි අනිටු
ව්‍යසන ගැනද විධිමත් අයුරාන් සලකා බැලීම අවශ්‍යම දෙයකි¶.
’ඩග්ලස් රැනල් මේ ආකාරයෙන් සිය කෘතියෙන් විස්තර කරන
මෙරට සිඳුවන වනාන්තර විනාශයේ තවත් පැත්තක් මෙසේය.¶
’උෂ්ණ කලාපයේ වනාන්තර ප්‍රධාන වශයෙන් කොටස් 2කට
ඛෙදෙන අතර ඉන් මුකලාන යනුවෙන් හැඳින්වෙන්නේ මහා වනාන්තර
ප්‍රදේශයයි. කුඩා ළඳු කැලෑ වලට කියන්නේ ලන්ද කියායි. මහා වනාන්තර
දිගු කාලයක් මුළුල්ලේ හැදී වැඩී තිබේ. මේ වනාන්තර ප්‍රදේශයට තදින්
වර්ෂාවද ලැඛෙන අතර ඒ අනුව තෙත් කලාපයක් සෑදී ඇත. කොහොම
වුණත් වියලි කලාපයේද මහා වනාන්තර හෙවත් මූකලන් නිර්මාණය වී
ඇත. ඒත් මේ වනාන්තරවල යටි වගාවන් ඒ තරම් සරුසාරෙට වර්ධනය වී
නැති බවද කිව යුතුය. ඉංගී්‍රසි භාෂාවට අනුව අදදා නමින් හැඳින්වෙන්නේ
මෙවැනි වනාන්තර වේ. යටි වගාව දුර්වල මෙවැනි වන පෙත් ඔස්සේ
පහසුවෙන් ඇවිද යන්නට හැකිය. ලන්ද යනුද වනගත ප්‍රදේශ විශේෂයක්
වන අතර ඒවා ඇති වන්නේ මහා වනයක රූස්ස ගස් කපා පුළුස්සා
දැමීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒවා එසේ කපා හෙලන්නේ කෘෂිකාර්මික
කටයුතු වෙනුවෙනි.

Sarawak_logging_resize.2e16d0ba.fill-1024x576.jpg
මේ ආකාරයෙන් සිදුවන වන විනාශය නිසා මේ සියවස ගෙවෙන්නට
සෑහෙන කාලයකට පෙරම සුන්දර වන පෙත් ලක් පොළවෙන් අතුරුදහන්
වෙනු ඇති බවටත් අවසානයේදී ඉතිරි වෙනු ඇත්තේ ජාතික වනෝද්‍යාන
පමණක් යනුවෙන් රැෆල් එදා ඒ කී දේ අද වන විට සම්පූර්ණ සත්‍යයක්
වී හමාරය. එමෙන්ම ලංකාව උත්තරීතර බෞද්ධ රාජ්‍යයක් මෙන්ම සතුන් දඩයම පාපතර කි්‍රයාවක් වශයෙන් පිළිගනිද්දීත් මෙරට මිනිසුන් සතුන්
මරා දමන ආකාරයට හෙට දවසේ ද සැබෑ සහජ වන සතුන් දැකගන්නට
අපට පුළුවන්කමක් නොලැඛෙනු ඇතැයි යනුවෙනුත් ඔහු පෙන්වාදී ඇත. ඒ
විතරක් නෙවෙයි. සැබෑ සහජ වන සතුන් දැකගන්නට අපට පුළුවන්කමක්
නොලැඛෙනු ඇතැයි යනුවෙනුත් ඔහු පෙන්වාදී ඇත. ඒ විතරක් නොවෙයි.
සැබෑ මිනිසුන්ද ඒ ආකාරයෙන්ම දැකිය නොහැකි වෙනු ඇතැයිද ඔහු වැඩි
දුරටත් පවසා ඇත. එමෙන්ම ඒ සියල්ලමත් අද වන විටත් ඇත්තක්ම වී
තිඛෙනවා නොවේද යන්න කල්පනා කර බැලිය යුත්තකි.
පරිසර විද්‍යාවට අනුව ගත් කළ වැඩි අවධානයක් හිමි විය යුතු
වනාන්තර වශයෙන් සැලකෙන්නේ පහතරට තෙත් කලාපීය වනාන්තර
යැයි පැවසේ. සියලූ පරිසර පද්ධති අතර ශාක සම්බන්ධයෙන් වැඩිම
ආවේණිකත්වයක් දරන්නේ මෙම වනාන්තර වීම ඊට හේතුව වී තිබේ.
තවද ආවේණික සත්ව විශේෂ සම්බන්ධවද තත්වය එසේමය. මෙකී
වනපෙත් අතරින් වැඩි කොටසක් අදටත් ප්‍රාථමික තත්වයෙන්ම පවතියි.
මානව කි්‍රයාකාරකම් වලට කිසිදා අසු නොවූ ඒ නිසාම නොඉඳුල් තත්වයෙන්
පවතින්නා වූ වනාන්තර කිහිපයක්මත් මේ අතර දකින්නට පුළුවන්කමක්
තිබේ.rainforest.jpg
පසුගිය කාලය පුරාම ප්‍රමාණවත් සැලකිල්ලක් නොලැබුණ කඳුකරයේ
වනාන්තර පද්ධතිවල වටිනාකමද අති මහත්ය. පරිසර විද්‍යාර්ථීන් චෝදනා
කරන අන්දමට අපේ රටේ අදාල බලාධාරීන් වනාන්තරයක් හඳුණාගැනීමට
අසමත් වීමද බරපතල ප්‍රශ්නයක් වී තිබේ. නිදසුනක් ලෙස මේ වන විට
සැලකිය යුතු ආරක්ෂාවක් ලබන සිංහරාජය හැරුණ කළ ආරක්ෂිත වන
පෙත් ලෙසින් නම් කර ඇත්තේ ජීව විද්‍යාත්මක අතින් අඩු වටිනාකමක්
සහිත යාල, විල්පත්තු වැනි වනාන්තරයි. වනාන්තරයක වටිනාකම තක්සේරු
කළ යුත්තේ හුදෙක් එහි ජනපි්‍රයත්වය මත පිහිටා නොවේ. එහි ජෛව
විද්‍යාත්මක අගය ගැන සලකාය. ඒ නිසාම අර කියු ජනපි්‍රය වනෝද්‍යාන
කෙරෙහි අතිශයින්ම සැලකිලිමත් වී ඉහළ ජෛව විද්‍යාත්මක වටිනාකමක්
සහිත තෙත් කලාපීය වනාන්තර පද්ධති රැසක් අමතක කර දැමීම නිවැරදි
වන නළමනාකරණයක් ලෙසින් හඳුන්වා දීමට නොහැකිය.
මේ අතර පහත රට තෙත් කලාපීය වනාන්තර ද්විතියික වනාන්තර
වශයෙන් නම් කෙරෙන්නේ ඒවා එක්තරා කාලයකදී එලි පෙහෙලි වී තිබීම
නිසාය. 13 වෙනි ශත වර්ෂයේදී සිදුවූ ඉන්දීය ආක්‍රමණද ඇතුළත් වෙනත්
වෙනත් හේතූන් නිසා වියලි කලාපයේ එතෙක් පැවැති ශිෂ්ටාචාරය බිඳ

වැටී ගියේය. වනය නැවතත් ලියලා ආවේය. ශිෂ්ටාචාරයේ නටබුන් වනය
තුළ ගිලී ගියේය. එතැන් සිට වසර 500-800 අතර කාලයක් පුරා මේ
වනාන්තර ඒ ආකාරයෙන් වැඩී ගියේය. කෙසේ වුණත් එසේ වැඩෙමින්
ආ ඒ වනාන්තර 1872 අවුරුද්දක් සමඟම යළිත් එලි පෙහෙලි වෙන්නට
පටන් ගත්තේය. ඒ වියලි කලාපය කේන්ද්‍ර කොටගෙන ආරම්භ වූ වාරිමාර්ග
ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රම නිසාය. ඒ සමඟම ඇතිවූ ගොවි ජනපද
ව්‍යාපාරයද විනාශය තවදුරටත් ඉදිරියට ගෙන යාමට උපකාරි වූණේය.
මෙවැනි වන විනාශයකින් පසු වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව
අද කල්පනා කරන්නේ නැවත වන වගා ආරම්භ කිරිමටය. විනාශ කළ
වනාන්තර නැවත වගා කිරීමටත් අලූතින්ම වනාන්තර ඇති කිරීමටත්
ඔවුන් උත්සාහා කරන බවත්ද අසන්නට ලැබේ. කොහොම වුණත් පසුගිය
කාලයේදී මෙවැනි වන රෝපණ ව්‍යාපෘති නිසා මෙරටට පැමිණි විදේශීය
ශාක විශේෂ පාරිසරික වශයෙන් ඇති කළාවූ තර්ජනයද සුළුපටු වූවක්
නොවේ. ෆයිනස්, යුකැලිප්ටස් වැනි විදේශීය ශාක ප්‍රභේද පසුකාලීනව අපේ
පරිසරයට කළ අහිතකර බලපෑම ගැන වෙනම කථා කළ යුතුව තිබේ.
වන රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය පිළිබඳව ජගත් සංරක්ෂණ
සංගමය පවසන ආකාරයට ඉහත කී කටයුත්ත සිදු කළ යුතුව ඇත්තේ
ජෛව විවිධත්වය, ස්වභාවික සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා නෛතික
හෝ ප්‍රතිඵලදායි ආකාරයෙන් ගොඩබිම හෝ සාගරයේ යම් ප්‍රදේශයක්
කළමනාකරණය කිරීමෙනි. එය රක්ෂිත ප්‍රදේශ කළමනාකරණය නමි වේ.
ඒ ආකාරයෙන් රක්ෂිත ප්‍රදේශයක් කළමනාකරණය කිරීම තවදුරටත්
කොටස් 6ක් යටතේ දක්වා තිබේ.
1. විද්‍යාත්මකව සහ වනාන්තරවල ආරක්ෂාව සම්බන්ධයෙන් රක්ෂිත
කළමනාකරණය කිරීම.
2. පරිසර පද්ධතිවල ආරක්ෂාව සහ විනෝදය ලබා ගැනීම
වෙනුවෙන් රක්ෂිත කළමනාකරණය කිරීම.
3. විශේෂ ස්වාභාවික ලක්ෂණ සංරක්ෂණය සඳහා රක්ෂිත
කළමනාකරණය කිරීම.
4. ප්‍රධාන වශයෙන් සංරක්ෂණය උදෙසාම කළමනාකරණ පදනමක්
මත පිහිටා රක්ෂිත කළමනාකරණය කිරීම
5. භූමි දර්ශන ලක්ෂණ සහ මුහුදු දර්ශන ලක්ෂණ සංරක්ෂණයටත්

BBVA-Fig8

හුදු විනෝදයටත් රක්ෂිත කළමනාකරණය කිරිම.
6. ස්වාභාවික පරිසර පද්ධතීන්හි තිරසාර භාවිතය උදෙසා රක්ෂිත
කළමනාකරණය කිරිම.
මේ කියන කරුණු සයම අදටත් අපේ රට තුළ ප්‍රකාශයට පත්වී
නැති බවද මේත් සමගම කිව යුතුය. එසේ වුවත් වන ජීවි රක්ෂිත
කළමනාකරණය අපේ රට තුළද සිදු වන අතර එය වන ජිවි සංරක්ෂණ
ප්‍රතිපත්තියේ මග පෙන්වීම යටතේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා
පණතට අනුකූලව සිදු කෙරෙන්නකි.
රක්ෂිත කළමනාකරණය හුදෙකලාව කළ හැකි කර්තව්‍යයක්ද
නොවේ. තවද එහිදී වැදගත් වන්නේ රක්ෂිතයේ මායිම් සීමා ගැන
සැලකිලිමත් වීම පමණක්ද නොවේ. මෙහිදී මුලික සහ පුළුල් වශයෙන්
අවධානය යොමු කළ යුතු කරුණු අතර ඒ වනය ඇසුරේ දිවි ගෙවන
ප ්‍රජාව, ඔවුන්ගේ ජීවිත පැවැත්ම සහ වනයේ පැවැත්ම මෙන්ම
ඔවුන්ගේ සංස්කෘතිය යන මේ දෑ එහිලා අතිශයින්ම වැදගත් වේ. ඉනුත්
වනය ඇසුරු කරමින් දිවි ගෙවන්නා වූ ගැමි ප්‍රජාව වන සංරක්ෂණ
කළමනාකරණයකදී අතිශයින්ම වැදගත් සාධකයක්ය යන්නත් විශේෂයෙන්ම
පෙන්වා දිය යුත්තකි. මොවුහු පරිසරවේදිහු නොවෙති. ඊට අදාල විශ්ව
විද්‍යාල අධ්‍යාපනයෙන් සන්නද්ධ වූවෝද නොවෙති. එහෙත් තමා අවට
ඇති වනය ගැන එහි වෙනස් වීම් ගැන මෙන්ම මිනිසා සම්බන්ධයෙන්
ගහකොළ, සතා සීපාවා(ජෛව විවිධත්වය) ඇති කරන බලපෑම් ගැන
පිරුණ අත්දැකීම් ඥානයක් ඔවුන්ට තිබේ. ඇත්තම කියනවා නම් වන
සංරක්ෂණ අණ පනත් සම්මත කරගන්නටත් කලින් කාලයේ සිටම
ඔව්හු වනය රැක ගත්තෝ වෙති. ඒ අතර සියවැල් වැනි මිනිසුන්ද හමු
නොවෙනවා ම නොවේ.
නමුත් නූතන සමාජාර්ථීක වෙනස්කම් හමුවේ මේ ගම්මාන හිස්
වෙන්නට පටන් ගැනීම මේ වන විට නොවැළැක්විය හැකි කරුණක් බවටද
පත්ව තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කරන පරිසර විද්‍යාර්ථීන් පෙන්වා
දෙන්නේ වනාශී්‍රත මෙවැනි ගම්මාන මෙසේ ජනශ+න්‍ය විමට පටන්ගතහොත්
එනම් වනයේ ඇසුරේ දිවි ගෙවමින් පෙරලා වනය ආරක්ෂා කර ගනිමින්
පැවැත ආ පරම්පරාවන් මෙසේ නැතිව ගියහොත් වනාන්තර සීමාවන්
හුදෙකලා වීම සිදුවේ.
තවද ඒ හුදෙකලාව වනාන්තරවල ආරක්ෂාවට තර්ජනයක් වීමටද
පහසු ඉඩක් සපයනු ඇත. ඒ නිසා මේ කාරණයද අද දින රක්ෂිත

big_thumb_541c116655c97153e536aec1b200539e.jpg

කළමනාකරණයට අදාලව සලකා බැලිය යුතුම කරුණක් වේ. මේ අනුව
රක්ෂිත කළමනාකරණය යන විෂය මුළුමනින්ම වනාන්තර හෝ එහි
වෙසෙන ජෛව ප්‍රජාවට හෝ සීමා විය යු=තු විෂය අන්තර්ගතයක් නෙවේය
යන්න ගැන දැනුම්වත් වී සිටීම තුළින් මිට අදාලව වඩාත් ප්‍රතිඵලදායි
අවසානයක් කරා ගමන් කිරීමට ඉවහල් වෙනු ඇත. එහි ඉතිහාසය යළි
ගොඩනැගිමක් බවටද පත් වෙනු ඇත.

මොහාන් ශ්‍රියන්ත ආරියවංශ

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s